19 August 2017
RSS Facebook Twitter   

අවසන් Dambusters නියමුවා සමුගනී

les munroදෙවන ලෝක යුද සමයේ ජර්මන් හමුදා පාලනයට යටතේ තිබූ ප්‍රදේශවල විශාල ජලාශවල වේලි බිඳදැමීම සඳහා මිත්‍ර හමුදා මගින් පිහිටවූ විශේෂ ඒකකය හෙවත් Dambusters ඒකකයේ අවසන් නියමුවා මියගොස් ඇති බව වාර්තා වේ. ඔහු නවසීලන්ත ජාතික ජෝන් ලෙස්ලි මුන්රෝ හෙවත් ලෙස් මුන්රෝය. මියයන විට ඔහු 96 හැවිරිදි වියේ පසුවිය. 
 
හදවත් රෝගයක් හේතුවෙන් ඔහු නවසීලන්ත රෝහලකදී මියගොස් තිබේ. 
1943 දී ජර්මනියට අයත් ප්‍රදේශවල විශාල ජලාශ බිඳදැමීම සඳහා විශේෂ Dambusters මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක කළ අතර ලින්කොල්න් නගරයේ සිට එය ක්‍රියාත්මක විය. මෙම මෙහෙයුම සඳහා විශේෂ ගුවන් නියමුවන් පිරිසක් තෝරාගත් අතර මුන්රෝ ද ඒ සඳහා සහභාගි වී තිබේ. මේ සඳහා bouncing bombs නැමැති බෝම්බ විශේෂය ගුවනින් ජලාශ වේලි මත හෙළා තිබේ.
 
මෙම මෙහෙයුම් සඳහා කණ්ඩායම් 133 ක් ගොස් ඇති අතර නැවත පැමිණ ඇත්තේ මුන්රෝ ඇතුළු කණ්ඩායම් 77 ක් පමණි. 
 
මුන්රෝ මියයන තෙක්ම යහපත් ශරීර සෞඛ්‍යයෙන් දිවිගෙවා ඇති අතර ඔහු පසුගිය ජනවාරියේදී ඇව්රෝ ඇන්සන් යානයක නියමුවෙකු ලෙසද කටයුතු කර තිබේ. නවසීලන්ත අගමැති ජෝන් කී මහතා සිය ට්විටර් ගිණුමෙහි මුන්රෝගෙ මරණය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ. ඔහු සඳහන් කරන්නේ මුන්රෝගේ මරණය විශිෂ්ට ජීවිතයක් ගතකළ විශිෂ්ට මිනිසෙකු තම රටට අහිමි කළ බවයි. 
 
මෙම ප්‍රහාරයේ 70 වන සමරුවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා එම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු විටෙක කණගාටුවට පත් නොවන බවයි. 
 
les munro2

 

 

විදෙස්