19 August 2017
RSS Facebook Twitter   

ඉන්දියාවේ ගංවතුරින් මියගිය ගණන 100 පනී

india flooding001ඉන්දියාවට මේ දිනවල බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය මේ වනවට 100 කට අධික පිරිසක් මියගොස් තිබේ. ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් මේ වනවිට අවතැන් කඳවුරුවල සිටින බව ද වාර්තා වේ. 
 
මෝසම් වැසි තත්ත්වය බෙහෙවින් බලපා ඇත්තේ බටහිර බෙංගාල ප්‍රාන්තයටයි. එම ප්‍රාන්තයේ පමණක් මියගිය පුද්ගලයන් ගණන 48 ක් වන අතර විශාල පිරිසක් තම නිවාස ගංවතුරට යටවීම නිසා අවතැන්ව සිටිති. 
උතුරු රාජස්ථාන ප්‍රාන්තයෙන් මරණ 28 ක් හා ඔරිස්සා ප්‍රාන්තයෙන් මරණ 05 ක් වාර්තා වී ඇති අතර මනිපූර් ප්‍රාන්තයේ පුද්ගලයන් 20 කට අධික සංඛ්‍යාවක් නායයෑම් හේතුවෙන් මියගොස් තිබේ. 
 
මෙ අතර මෙම වර්ෂා තත්ත්වය බංග්ලාදේශයට සහ මියන්මාරයට ද බලපා ඇති අතර මියන්මාරයේ ලක්ෂ එකහමාරකට අධික පිරිසක් අවතැන් කඳවුරුවල දැනට වාසය කරයි. ඔවුන්ගෙන් බහුතරය රොහින්ග්යා මුස්ලිම් ජනතාව වේ. බංග්ලාදේශයේද සැලකිය යුතු පිරිසක් අවතැන්ව සිටිති.
 
india flooding002
india flooding003
india flooding004
india flooding005
india flooding006

 

 

විදෙස්