25 April 2017
RSS Facebook Twitter   

පුළුල් බලය බෙදීමකට මේ ආණ්ඩුව සූදානම් නැහැ - සුචරිත ගම්ලත්


sucharitha 1පූර්විකාව

ජූලි මාසය යනු ලංකාවේ ඓතිහාසික සංසිද්ධීන් කිහිපයක් සනිටුහන් කළ මාසයකි. ඒ අතුරින් නිරන්තරයෙන් මතකයට නැගෙන්නෙ 80 ජූලි වර්ජනය සහ 83 කළු ජූලිය යි. මෙම සිද්ධීන් දෙක අතුරින් වඩාත් අවධානය යොමු වන්නේ 83 කළු ජූලිය වෙත බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.

Read more...

අධිපති - විකල්ප මතවාද, තහංචි හා වාරණ - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

 

sunanda mahendraපූර්විකාව

‘මතවාදය, අධිපති මතවාදය’ මෙම වදන්වල සැබෑ අරුත කුමක්ද යන්න මේ වන විට ලාංකිය පාඨකයාට වෙසෙසින් හඳුන්වා දිය යුතු නැත. නමුත් අප අවධානය යොමු කළ යුත්තේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මෙම සාකච්ඡාවට සහභාගි වන අවධියේ මෙරට පැවති අධිපති මතවාදය, ඊට එරෙහිව පෙළගැසුණු ව්‍යාපාර සහ එම ව්‍යාපාරවල සහයෝගයෙන් බලයට පැමිණි පාලකයෝ වර්තමානයේ තමන්ගේ අධිපති මතවාදය දියත් කරන්නේ කෙසේ ද යන්න ය. මෙම සකච්ඡාවේ දක්නට ලැබෙන අනෙක් විශේෂත්වය නම් අද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගෙන් මෙම ප්‍රශ්නාවලිය ම ඇසුවොත් ඔහු කුමනාකාරයේ පිළිතුරක් පවසාවිද යන්න ය. Read more...

සකල කොලම - කව්ඩං කන්නෝ

cowdongපූර්විකාව

සිරිමාවෝ බණ්ඩාරණායක වරක් කීවේ ‘හඳෙන් හරි හාල් ගෙනත් දෙන්නම්’ කියා ය. නමුත් සිදු වුයේ සතියකට දින දෙකක් හෝටලයක, ගෙදරක පමණක් නොව මළ ගෙදරක වුව ද බත් පිසීම තහනම් කිරීම ය. එතෙකින් නොනැවතී හාල් ප්‍රවාහනය කරන්නෝ ද මිරිස් ප්‍රවාහනය කරන්නෝ ද අත්අඩංගුවට ගත්හ. එතරම් දුක් ගැහැට වින්ද ද ‘ඇතැම්හු පෙළපාලි ගියේ සීනි නැතුව තේ බොන්නම් මිරිස් නැතුව හොදි කන්නම්’ කියා ය. අවසානයේ ජනතාවට සිදු වුයේ හබරල, කෙහෙල් අල සහ ලාවලු අනුභව කොට තම සුදහගින්න නිවාගැනීමට ය. Read more...

ආණ්ඩුවට විපක්ෂවීම සහ ජනතාවට විපක්ෂවීම

 

court slපූර්විකාව
‘දාහත් වසරක සාපය’ නමින් විරුදාවලි ලත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1994 දී පරාජයට පත්විය. ඒ අහඹු ලෙස නොව එවකට විපක්ෂය ගෙන ගිය විවිධ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ක්‍රියාමාර්ග හේතුවෙනි. එදා විපක්ෂයට ජනතාව වෙතින් විවිධ චෝදනා  එල්ල වූහ. ඒ විපක්ෂයේ අක්‍රීය භාවය හේතුවෙනි. කෙසේ වෙතත් ජනාධිපති ආර්. ප්‍රේමදාස ඝාතනය වීමෙන් පසු පරණ පිනකින් බලයට පත් වූ ඩී. බී. විජේතුංග පසු වුයේ බලයේ සිටිනවාට වඩා බලය අතහැර යාමේ උද්යෝගයෙනි. එසේ නොවන්නට 1994 පොදු පෙරමුණු ආණ්ඩුවක් බිහි නොවන්නට බොහෝ දුරට ඉඩ-කඩ තිබිණි. එමෙන් ම මෙය හේතු කොට ගෙන දිගින් දිගට ම එක්සත් ජාතික පක්ෂය බලයේ රැඳි සිටී යැයි ද මින් ගම්‍ය නොකෙරේ.

Read more...

ජුනි 20: අපි සිරස නමමු !

student heroපූර්විකාව

පාලකයෝ කොමියුනිස්ට්වාදි වුව ද, සමාජවාදි වුව ද, ධනවාදි වුව ද තමන්ගේ බලය පවත්වා ගැනීම සඳහා ඕනැම පුද්ගලයකු හෝ කණ්ඩායමක් මර්දනය කිරීමට පසුබට නොවෙති. එය බියගැන්වීම, පහරදීම හෝ මරා දැමීම විය හැකිය. Read more...

විපක්ෂය ගැන ජනතාව

sl parliament insideපූර්විකාව

‘‘එදා කී කතා’’ තීරය යටතේ පසුගිය සතියේ අප පළ කළේ 1992 සිටි විපක්ෂය පිළිබඳ එදා ‘‘ලක්දිව’’ කළ සටහනකි. ඒ, එදා සිදුවීම් කිසිඳු වෙනසක් නොමැතිව ම එදිනටත් වඩා ප්‍රබල අන්දමින් වර්තමානයේ ද සිදුවෙමින් පවතින බව සහ ඉදිරියට ද සිදුවන බව පසක් කරලීම සඳහා ය. අද අප පළ කරන්නේ එදා ‘‘ලක්දිව’’ විපක්ෂය පිළිබඳ කළ මහජන මත විමසුමකි. Read more...

විපක්ෂය ඉල්ලා අස්වෙනු!

sl parliamentපූර්විකාව

ඕනෑම රටක ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයක් ද සිටිති. විපක්ෂයේ වගකීම සහ යුතුකම වන්නේ පවතින ආණ්ඩුවේ සියලු ක්‍රියාදාමයන්වලට විරුද්ධ වීම, පක්ෂ වීම හෝ නෑසූකන්ව සිටීම නොව දේශපාලනික වශයෙන් තමන්ට අවාසි වුව ද ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කෙරෙන වැඩකටයුතු සඳහා සහයෝගය ලබා දීම ය; ජනතාවට අහිතකර යෝජනා සහ ක්‍රියාදාමයන් වැළැක්වීම ය. එහෙත් අවාසනාවකට ඊනියා නිදහසින් පසු පැවති කිසිඳු ආණ්ඩුවක් ජනතාවට යමක් ලබා දුන්නාට වඩා කළේ ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමය; මුලිනුපුටා දැමී ම ය. Read more...

කූට බුද්ධිමතුන්ගේ යුගයක් - මහාචාර්ය ජේ. බී. දිසානායක

 

jb-dissanayakeපූර්විකාව

මහාචාර්ය ජේ. බී දිසානායක මහතා ඉහත ප්‍රකාශය කර තිබෙන්නේ මීට විසි දෙවසරකට පෙර දී ය. එම ප්‍රකාශය එදාට සාපේක්ෂව සත්‍යය ම ය. මහාචාර්යවරයාගේ අදහස ප්‍රකාරව එදා පැවති ආණ්ඩුව සහ එවකට සිටි බුද්ධිමතුන්ගේ ක්‍රියාකලාපය එසේ වූ හෙයින් ඉන් දෙවසරක් ඇවෑමෙන් එකී දුර්ධාන්ත පාලනය පලවා හරිමින් නව පාලකවරියක් පත්කරගත්තේ ද මහාචාර්ය ජේ. බී. දිසානායක සහ තවත් එවැනි ම වියත්, උගත්, බුද්ධිමත් පිරිසකගේ අනුග්‍රහය සහ ආශිර්වාද මධ්‍යයේ ය. ඉක්බිතිව සිදු වූයේ කුමක් ද? ජේ. බී දිසානායක මහතා ඇතුළු බොහෝ පිරිස් දුටු දිවා සිහින සඵල වූවා ද...?

Read more...

හෙනහුරාගේ කොලම - වන්ධ්‍යාධිකරණය

law symbolපූර්විකාව

ලොව නීතියක් ස්ථාපිත වූයේ පෘතග්ජන මානවයාගේ නොහික්මුණු ගති සොබා යම් පමණකට හෝ හික්මවා ගැනීම සඳහා ය. ආගම දහම තුළින් පෘතග්ජනයා හික්මෙනවා යැයි නන් දෙඩවුව ද කිසිඳු ආගමක් තුළින් මානවයා හික්මී නැත. බුදුන් ධරමාන යුගයේ වුව ද එකල විසු පෘතග්ජනයා හික්මුණේ බුදුන්ගේ දර්ශනය නිවැරදිව වටහාගැනීමෙන් මිස එය ඇදහීමෙන් නොවේ. එකල ද මෙකල ද නීතිය යනුවෙන් යමක් පවතින්නේ මිනිසා හික්මවිය හැක්කේ නීතියෙන් ම පමණක් වන බැවිනි. Read more...

සකල කොලම - ගැඩවිල් වර්ගයා ද නැගී සිටි වගයි!!!

 

 

soil wormපූර්විකාව

ගම් කුකුලාගේ ඉරණමට වඩා බ්‍රොයිලර් කුකුලාගේ ඉරණම බෙහෙවින් වෙනස් ය. මන් ද ගම් කුකුළා මසට ම ඇති නොකරන හෙයිනි. කුස පිරෙන්නට අහර නොලැබුණ ද උගේ ජීවිතයේ පැවැත්ම බ්‍රොයිලර් කුකුලාට වඩා යහපත් ය. හොඳින් කුස පිරෙන්නට අහර දී ඇති-දැඩි කරන බ්‍රොයිලර් කුකුළා නිසි කල වයස පැමිණි මොහොතේ මසට මරන්නේ ම ය. අපේ දේශපාලන ක්ෂේත්‍රයේ ද මේ කුකුළු වර්ග දෙක ම සිටිති. එහෙත් මේ කිසිඳු කුකුළෙකුට වැඩි දුරක් පියඹා යාමට නොහැකි වීම ජනතාවගේ ජයග්‍රහණයකි. මන් ද කෙදිනක හෝ උන් මරා මසට ගත හැකි හෙයිනි. මේ කුකුළු නඩය අතරේ ඌරන් ද හරකුන් ද නැතුවා නොවේ. එවුන් නොසිතූ නොපැතූ මොහොතක දඩයක්කාරයාට ගොදුරු වන්නේ එබැවිනි. Read more...

සකල කොලම - මෝඩයින්ට නොපෙනෙන සෙලුව

 

padithumaපූර්විකාව

රට ගමන් කරමින් සිටින්නේ ආපස්සට ය; මතුපිට දක්නට ලැබෙන්නේ සරුවපිත්තල සැරසිලි ය. මේ සැරසිල්ලට යටින් පවතින්නේ හොරකම, වංචාව, දූෂණය, අවනීතිය සහ බලහත්කාරය යි. රටක යහපැවැත්මට වුවමනා නොවන්නේ කුමක් ද ඒ සියල්ල රට තුළ ක්‍රියාත්මක ය.
සංවර්ධනය නාමයෙන් කෙරෙන්නේ නැව් නොපැමිණෙන වරායවල් සහ ගුවන් යානා ගොඩ නො බස්සවන ගුවන් තොටුපළවල් නිර්මාණය වීමය. ආගමික සහජීවනය මුවාවෙන් සිදුවන්නේ ප්‍රධාන ආගමේ නායකකාරාදීන් ගේ බලහත්කාරයට අන්‍යාගමික නායකයන් සහ අන්‍යාගමිකයෝ යටපත් කර ලීම ය. ජාතිවාදය දුරලීමේ මුවාවෙන් කෙරෙන්නේ සුළු ජාතීන් යැයි හඳුන්වන ලබන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා දූරින්භූත කිරීම ය.

Read more...

 

 

එදා කී කතා