19 December 2018
RSS Facebook Twitter   

බදුරලියේ එජාපෙ අපේකෂක නිශාන්ත වර්ණසිංහ ගේ කාර්යාලයට ප්‍රහාර

nishantha warnaඑක්සත් ජාතික පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත වර්ණසිංහ මහතා ගේ අගලවත්ත බදුරලිය පක්ෂ කාර්යාලයට අද (ජූලි 26) අලුයම ප්‍රහාරයන් දෙකක් එල්ල වී ඇත. රාත්‍රීයේ අවස්ථා දෙකක දී ගිණි අවි සහිතව ජීප් රථයකින් පැමිණි මැර කණ්ඩායමක් මෙම ප්‍රහාර එල්ල කොට ඇත.

Read more...

"මෛත්‍රී - රනිල් සුසංයෝගය මඟින් ඉදිරි වසර 05 රට ස්ථාවරත්වයකට ගෙනයනවා"

champika 26 1'මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය බොල් හීනයක්. මහින්ද රාජපක්ෂ යුග පුරුෂයෙක් කියන එක පුස් වෙඩිල්ලක් බවට පත් කරනවා. මෛත්‍රී - රනිල් සුසංයෝගය මඟින් ඉදිරි වසර 05 රට ස්ථාවරත්වයකට ගෙනයනවා' යනුවෙන් අමාත්‍ය චම්පික රණවක මහතා ක්සත් යහපාලන ජාතික පෙරමුණේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද (26) පෙරවරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිය මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read more...

ජාතික බුද්ධිඅංශ ප්‍රධානියා ලෙස සිසිර මෙන්ඩිස් !

sisira mendisමේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා ඉවත්ව යාමෙන් පසු හිස්ව පැවති ජාතික බුද්ධිඅංශ (National Intelligence) ප්‍රධානී ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාව
Read more...

‘මහින්දගේ මුද්දක් නිසා මට වෙච්ච කරුමයක්' - ග්‍රාමසේවකවරයෙක් අඳෝනා නගයි!

mahinda guti‘මං එදා පොලේ ගියේ ගෙදරට මාළු ගේන්ඩ. මහින්ද රාජපක්ෂ මහත්තය එනව කිව්ව නිසා රැස්සීම තිබිච්ච තැනට පොඩ්ඩක් ගොඩවුනා. මහින්ද මහත්තය එන වෙලාවෙ කවුදෝ එකෙක් මගේ කරට උඩින් අතදාලා මහින්ද මහත්තයගෙ දකුණු අතේ තිබිච්ච මුද්ද ඇද්දා. මහින්ද මහත්තයා හිතුවෙ මුද්ද ගලෝගන්ඩ හදනව කියල. මහින්දට තදවෙච්ච පාර වමතින් හෙන කදයා වගේ කෙලල ඇරියා. හොඳ වෙලාවට ආරක්ෂක අංශයේ කට්ටිය මහින්ද මහත්තයව පස්සට ඇද්දා. නැත්තන් මම තාම ඉස්පිරිතාලෙ. තව ඩිංගෙදි මට ඉස්පිරිතාලෙ ලගින්න වෙන්නෙ මහින්ද මහත්තයගෙ වමතෙ බැඳලා තිබිච්ච ඔරලෝසුව මූනෙ වැදිලා. මට කවුදෝ කියනව ඇහුණා ඒ අත් ඔරලෝසුව රුපියල් ලක්ෂ සීයක් වටින පිටරට ඔරලෝසුවක් කියල. මාර බේරිල්ලක් මං බේරුනේ' යනුවෙන් මහින්දගේ අකුරැස්සේ සිද්දියට මැදිවූ වෙලදගොඩ ග්‍රාමසේවක මහතා සඳහන් කර සිටී. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ලංකාවේ සතිපතා පලවන පුවත්පතකටය. Read more...

'මහින්දගෙන් පස්සෙ ලොකුම හොරු දෙන්නා අනුර යාපයි සුසිල් ප්‍රේම්ජයන්තයි' - චන්ද්‍රිකා කියයි !

chandrika 07 09 2015'අනුර යාපයි සුසිල් ප්‍රේමජයන්තයි මහින්ද රාජපක්ෂට ඔච්චර ආදරේ කරන්නෙ ඒ දෙන්නගෙ හොරකම් වහගන්න. මගේ කාලෙ කිසිම චෝදනාවක් නැතිව හිටපු ඒ දෙන්නට පෙට්‍රෝලියම් ඇමතිකම දීල හොරකම් කරන්න පුරුදු කරල ඒ විස්තර අතේ තියාගෙන රාජපක්ෂ ඒ දෙන්නව නටවනවා. පක්ෂයේ මහලේකම්කමයි සන්ධානයේ මහලේකම්කමයි මහින්ද ඒ දෙන්නට දුන්නෙ ඒ අයව රූකඩ වගේ නටවන්න පුලුවන් නිසා.
Read more...

රාජිතලා දොට්ට දානවාට මෛත්‍රී එරෙහිවේ

maithripala sirisena 123එක්සත් ජාතික පෙරමුණේ 'අලියා' ලකුණ යටතේ මහමැතිවරණයට තරග කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් පස්දෙනාගේ ශ්‍රීලනිප සාමාජිකත්වය වහාම අත්හිටුවීමට දරන උත්සාහයට එම පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරෝධය පළකර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි. Read more...

අලූත්ම බුද්ධි අංශ වාර්තාව අනුව දිස්ත්‍රික්ක 10 unp, 9 upfa, 3 tna

election 25 2015ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.

Read more...

මහ මැතිවරණය ජනවාරියේ ගත් ජයග්‍රහණයන් තහවුරු කර ගැනීමට ඇති අවස්ථාවක්!

aaggslශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ 'යහ පාලනය' ස්ථාපිත කිරීම සඳහා කරනු ලබන අරගලය, තව මසකටත් වඩා අඩු කාළයකදී ප්‍රධාන පරීක්ෂණයකට භාජනය වනවා ඇත. ඡන්ද දායකයන් විසින් ඔවුන්ගේ නියෝජිතයන්, රටේ ඉරණම තීරණය කරනු ලබන නීති සම්පාදකයන් ලෙස ඊළඟ වසර පහක කාලය සඳහා පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නවා ඇත. ජාතික රජයක් බිහි කර, තුන් වැනි ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම තුලින්, යුද්ධයෙන් විනාශයට ලක් වු බහු වාර්ගික, බහු ආගමික රට, සංහිඳියාවට පත් කරන ලද සසිරිමත් ජාතියක් කරා ඉදිරියට ගෙනයෑම කෙරෙහි සියළු බලාපොරොත්තු දැල්වී ඇත. ගැටළුව වනුයේ මෙම බලාපොරොත්තු සහගත ගමන අමිහිරි අතීතයට ඉඩ දෙමින් අනපේක්ෂිත ලෙස අවසන් කරනවාද, නැතහොත් අතීතයෙන් වෙනස්වීමට ඉඩ දෙන සුසමාදර්ශ (පැරඩයිම) වෙනසක් දරා ගැනීමට තරම් ජනතාව සුදානම් ද යන්නයි.   Read more...

ගෝල්ඩන් කී තැන්පතු යළි ගෙවීම ඇරැඹෙයි!

maithripala 1 25ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට සිය තැන්පතු යළි ගෙවීම අද ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයනේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක දීයි. Read more...

අයි. එස්‌. සාමාජිකයාගේ පවුලම රටින් පැන ගිහින්

7e302c66ad0e25380fef5e8c702අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට බැඳී සිටියදී ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වූ බව කියන ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයාගේ පවුලේ සාමාජිකයන් මීට වසර කීපයකට පෙර රට හැර ගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. Read more...

සාධාරණව කටයුතු කරන ලෙස මාධ්‍ය ආයතනවලින් ඉල්ලනවා - එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ

mediaකුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරාපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා රැස්වීමකදී පවසා ඇත්තේ සමහර මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහීව කටයුතු කරන බවත්, ඔවුන් තමාට වරදින තැන් අල්ලාගෙන අනවශ්‍ය ප්‍රචාරයක් ලබදෙන බවත් පවසා තිබේ. එනිසා සාධාරණව, සමබරව කටයුතු කරන ලෙස සියලු මාධ්‍ය ආයතනවලින් තමා ඉල්ලා සිටින බව එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය. 
 
මහින්ද රාජපක්ෂ මහතාට, සමබරව - සාධාරණව කටයුතු කරන්නැයි මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටීමට ශුද්ධ අයිතියක් තිබේ. ඒ ඉතිහාසයේ කිසිදු රජයකින් නොලැබූ තරම් මාධ්‍ය නිදහසක් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් හුගේ පාලන කාලය තුළදී භුක්ති විඳි නිසාවෙනි. 
 
ඔහු සතිපතා නොව කිසිදු දිනෙක අරලියගහ මන්දිරයට මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා ඔවුන්ට කෑමබීම ආදී අල්ලස් ලබාදුන්නේ නැත. ඔවුන්ට මංච ලෙවල් එකෙන් කතාකොට තමන්ට අවශ්‍ය පරිදි මාධ්‍ය ආයතන හැසිරවීමට උත්සාහ දැරුවේ නැතිවාක් මෙන්ම එසේ හැසිරවිය නොහැකි නම් තග දමා හෝ එම මාධ්‍ය ආයතන පාලන කළේ ද නැත. 
 
පෝද්දල ජයන්තට, කීත් නොයාර්ට පහර දුන්නේ නැත. ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් ඝාතනය සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ලවූයේ ද නැත. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූයේද නැත. රජයට ප්‍රතිවිරුද්ධ මත දරන මාධ්‍යවේදීන් පිටුපස සුදුවෑන් හෝ මෝටර් සයිකල් ගියේ ද නැත. රූපවාහිනී සංස්ථාවේ මාධ්‍යවේදීන් හා සේවකයන් දැලිපිහි පාරවල් කෑවේ ද නැත. මාධ්‍යවේදීන්ගේ නිවාසවලට පුද්ගලයන් පැමිණ තර්ජණය කළේද නැත.
 
රජයේ තර්ජණ හමුවේ තම පනනල රැකගැනීම සඳහා සුනන්ද දේශප්‍රිය, පෝද්දල ජයන්ත වැනි මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් තම ඇඳිවත පමණක් රැගෙන සරණාගතයන් සේ විදෙස් රටවල රැකවරණය පතා ගියේද නැත.
 
උතුරේ හෝ දකුණේ හෝ පුවත්පත් මුද්‍රණය කරන මුද්‍රණාල ගිනිගත්තේ ද නැත. පුවත්පත්වලට බාධා එල්ලවූයේද නැත.
 
මහින්ද රාජපක්ෂ තම පාලන කාලයේදී වෙබ් මාධ්‍යවේදීන් හා විකල්ප මාධ්‍යවේදීන් ඉතා විශාල සැලකීම් ලැබීය. කිසිදු වෙබ් අඩවියක් තහනම් කළේ හෝ බාධා කළේ හෝ නැත. කිසිදු වෙබ් අඩවියක කාර්යාලයකට ගිනි තැබුවේද නැත. කිසිදු වෙබ් අඩවියක මාධ්‍යවේදීන් බොරු චෝදනා නගා අත්අඩංගුවට ගෙන නඩු දැම්මේද නැත. රජයේ තර්ජණ හේතුවෙන් වෙබ් මාධ්‍යවේදීන් කිසිවෙක් හෝ එංගලන්තය, ස්විට්සර්ලන්තය තබා ඉන්දියාව හෝ නේපාලයටවත් පලා නොගියේය. 
 
ජාත්‍යන්තර සංවිධාන සහ මෙරට මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවිධාන විසින් සිදුකළ මාධ්‍ය වැඩමුළුවලට අවහිර බාධා සිදුකළේ නැත. ඒ සඳහා හැකි සෑමවිටම ඔවුන්ගේ සමීපයෙහි සිටිමින්ම ඔවුන්ට ආරක්ෂාව ලබාදුන්නේය. 
 
ඔහුගේ කාලයේදී කිසිම මාධ්‍ය සංවිධානයක් හෝ වෘත්තීය සමිතියක් 'මාධ්‍ය නිදහස දියව්, මාධ්‍යවේදීන්ට අත නොතබනු' කියමින් කොටුව දුම්රියපොල ඉදිරියේ හෝ ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණය කළේ නැත. වෙනත් කාරණා සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන උද්ඝෝෂනය කරනවිට ඔවුන්ට තිරිසනුන්ට මෙන් පහරදීමට තබා නියපිටින් පහරක් හෝ ගැසුවේ නැත. 
 
මේ මහින්ද රාජපක්ෂ යුගයේ මෙරට මාධ්‍යවේදීන් අත්විඳි සුවිශිෂ්ට මාධ්‍ය නිදහසයි. මෙවැනි මාධ්‍ය නිදහසක් ලබාදුන් මහින්දට හැර, සාධාරණව කටයුතු කරන්නැයි මාධ්‍ය ආයතවලින් ඉල්ලා සිටිය හැක්කේ වෙන කවරෙකුටද ?

 

 

නවතම පුවත්