19 December 2018
RSS Facebook Twitter   

මහින්ද කැඳවීමේ කුමන්ත්‍රණය පිටුපස ජගත් බාලපටබැඳි!

 

bala mrහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 24 වන දා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීම මගින් ඔහුට එරෙහිව පවතින මහා පරිමාණ මූල්‍ය චෝදනා යටපත් කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා විසින්ම එම ධූරයට පත්කරන ලද අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා වේ.

Read more...

ආමි එකේ පැන්ෂන් එකෙන් සහ ආරක්ෂක ලේකම් වැටුපෙන් ගෝඨාභය අලි පැටවුන් නඩත්තු කළේ කෙසේද

gotaaහිටපු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ තමාට ඇති එකම ආදායම හමුදාවෙන් ලැබෙන විශ්‍රාම වැටුප පමණක් බවයි. ඒ අනුව සමාජයේ බොහෝ දෙනා මෙන් ඔහු තම පවුලේ සාමාජිකයන් සමග ඉතා අරපරෙස්සමෙන් එදාවේල සරි කරගෙන ජීවත් වන සාමාන්‍ය පංතියේ මිනිසෙකි.

Read more...

අල්ලස් කොමසාරිස්වරිගේ නිවස වැටලීමට ගෝඨාභයගෙන් මෙහෙයුමක්

gotaඅල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස්වරියගේ නිවස වැටලීමේ උත්සාහයක් පිළිබඳව ලංකා නිවුස් වෙබ් වෙත වාර්තා වේ. මෙහි පිටුපස සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයායි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත

Read more...

උද්ඝෝෂණ කරුවන්ගෙන් පාර්ලිමේන්තුව අවට උණුසුම් වේ!

 

6da4961fc61හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස්‌ කොමිසම හමුවට කැඳවීමට ගෙන ඇති තීරණය වෙනස්‌ කරගන්නා තුරු උපවාසයේ නිරත විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහාය පළකිරීමට පාර්ලිමේන්තු වටරවුම අසලට එක්වූ පිරිසක් මේවන විට පාර්ලිමෙන්තුව දක්වා ගමන් කිරීමේ පාගමනක් ආරම්භ කර තිබේ.

Read more...

අද එකුන් හැටවිය (59) සපුරන ‘මාතර මංගල'

 

mangala 21ඒ පසුගිය වසරේ ගිම්හානයයි. ලන්ඩනයේ A 40 අධිවේගී මගේ පවනට බදු වේගයෙන් ධාවනය වන අතිසුඛෝපභෝගී මර්සිඩීස් බෙන්ස් රථයක ඉදිරිපස අසුනේ වාඩිවී සිටින්නේ එවක විපක්ෂයේ  මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරය.

Read more...

අගමැතිතුමනි, පර්ස් එක බලාගෙනයි!

 

ranil madawaඅද (20) අගමැති කාර්යාලය වන අරලියගහ මන්දිරයේ පැවති අවුරුදු උත්සවයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිටුපසින් මේ සිට ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ කුප්‍රකට චරිතයක් වන මාධව වත්තෙගෙදර නැමැති අයෙකි. මෙම පුද්ගලයා මෙම ස්ථානයට කෙසේ පැමිණියේද යන්න පිළිබඳව අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ඔහු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා සමග උත්සවයට සහභාගි වීමට පැමිණි බවයි. මෙවන් පුද්ගලයන් පිළිබඳව අගමැති ඇතුළු ආණ්ඩුවේ දේශපාලඥයන් දැනුවත් විය යුතු නිසා මෙම මාධව වත්තෙගෙදර නැමැත්තා පිළිබඳව කෙටි සටහනක් තබන්නෙමු.

Read more...

මහින්ද අල්ලස් කොමිසමට කැඳවීම කුමන්ත්‍රණයක්!

 

mr sad 1හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 24 වෙනිදා ප්‍රශ්න කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට කැඳවීම පැහැදිලිවම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව හදුනා ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more...

රොහාන් වැලිවිට ඒ.එස්.පී. ලියනගේව හංගලා!

 

rohan aspහිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශක යනුවෙන් බලෙන් තනතුරක් අටවාගෙන ව්‍යාජ රංගනයක යෙදෙන රොහාන් වැලිවිට නැමැත්තා ඔහුගේ අතිජාත මිත්‍රයා වන ප්‍රසිද්ධ ‘පීකොක් මන්දිරයේ'  හිමිකරු ඒ.එස්.පී ලියනගේ නැමැත්තාව සඟවා මාධ්‍ය නිවේදන නිකුත් කරමින් නාඩගමක් නටන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට  සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more...

අගමැති ලේකම් ‘හොරාගෙ අම්මගෙන් පේන අහයි'

 

prime office right to replyඅග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා තවත් ඊ - මේල් පණිවිඩයක් එවමින් පහත ප්‍රකාශය සිදුකොට තිබේ.

‘මාගේ ඊ-මේල් පණිවිඩය අවශ්‍ය ආකාරයට ප්‍රමුඛතාවයකින් යුතුව පලකිරීම පිළිබඳව ස්තූතිවන්ත වන අතර ඔබ ලබාදුන් ඉඟිය ඔස්සේ ඡායාරූපයේ සිටි පුද්ගලයා කවුදැයි ගූගල් සෙවුම් යන්ත්‍ර ඔස්සේ සොයා බැලූ විට පැහැදිලි වූයේ ඔහු SMS Holdings ආයතනය හිමි ෂෙහාන් සෙනෙවිරත්න බවයි. ඉන් අනතුරුව මා ඔහුට කතා කලෙමි. මගේ කාර්යාලයේ කිසිදු නිලධාරියෙකුට කිසිම මුදලක් ගෙවූ බව ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලදී. ඔබ දන්නා පරිදි මෙවන් ප්‍රවෘත්ති පලවීම තුලින් අගමැති කාර්යාලයේ තරුණ නිලධාරීන්ගේ උනන්දුවට හා උද්යෝගයට බාධා වේ. අගමැති කාර්යාලයේ බහුතරයක් නිලධාරීන් මගේ තේරීම් වන අතර ඔවුන් එවැනි කටයුත්තක නොනියැලෙන බවට මම විශ්වාස කරමි'

Read more...

ටිරාන් ජනාධිපතිව විකුණයි!

 

tiran ms ‘‘ටිරාන් බය වෙන්න එපා ඔය කවුරු මොන පැමිණිලි කලත්. අවසාන තීරණේ තියෙන්නෙ මගේ අතේ. ආරක්ෂක අමාත්‍යංශය අයිති මට. චම්පික ගැන මං බලාගන්නම්'' යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට පැවසූ බව ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මේ දිනවල ප්‍රසිද්ධියේ පවසමින් සිටී. පසුගියදා රහස් පොලීසියට කටඋත්තරයක් දීම සඳහා ගිය ටිරාන්ගෙන් ඒ පිළිබඳව විපක්ෂයේත් ආණ්ඩුපක්ෂයේත් දේශපාලඥයින් විමසන විට ඔහු එසේ දක්වන ප්‍රතිචාර දක්වා තිබේ.

Read more...

 

 

නවතම පුවත්