20 June 2018
RSS Facebook Twitter   

මහින්දගේ ජාතිවාදී බළලා බොදු බල සේනා මල්ලට පනී!

bjp 1කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ යටිනුවර ඡන්ද ප්‍රචාරක රැස්වීමක 'සිංහලේ කොඩි' ඔසවා තිබූ අතර, ඒවායේ ඡායාරූප ගැනීමට ගිය ලංකාදීප පුවත්පතේ ඡායාරූප ශිල්පියා මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයන්ගේ  'අත්අඩංගුවට' පත්වීමේ සිද්ධියක් වාර්තා වේ.

Read more...

UPFA මැතිවරණ ප්‍රකාශය එලිදැක්වීමට නිමල් සිරිපාල නෑ

upf 1එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කිරීමේ උත්සවය කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එයට හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මහතා සහභාගි නොවුනු බව වාර්තා වේ.

Read more...

නාමල්ගේ තවත් මගඩියක් හෙළිවෙයි!

namal 23හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හම්බන්තොට දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහා පරිමාණයේ සමාගම් මිලදී ගැනීමට මුදල් උපයා ඇති ආකාරය පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන වත්කම් බැරකම් ප්‍රකාශවල සඳහන් කර තිබේද යන්න විමර්ශනය කළ යුතු බවට දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය වෙත දූෂණ විරෝධී හඬ සංවිධානයෙන් පැමිණිල්ලක් බාර දී තිබේ. Read more...

පානම ඉඩම් අහිමිවූවන්ගෙන් පැමිණිල්ලක්

panama land grabඅම්පාර, පානම ඉඩම් අහිමි වූ ජනතාව නියෝජනය කරන ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

Read more...

තජුඩීන් ඝාතනයේ සුළමුල හෙලි වෙමින් පවතී!

thajudeenරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුනොවූවක් බවත් එය ඝාතනයක් බවත් රහස් පොලිසිය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ පැවසීය. ඒ අනුව අප කලින් වාර්තා කළ ආකාරයට  තාජුඩීන් මිය ගියා නොව මරා දමා ඇති බව අද වන විට ඔප්පු වී හමාරය. Read more...

අපේ නම හොරකම් කළ පරයන්ගේ තවත් පර වැඩක් !

sathhandaදෙස් විදෙස් පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය අපගේ වෙබ් අඩවියට සමාන අයුරින් lankanewsweb.today නමින් හොර වෙබ් අඩවියක් පවත්වාගෙන යන මාධ්‍ය හොරුන්ගේ තවත් අමන වැඩක් වාර්තා වේ.
Read more...

කරපුව ගැන කියන්න උසාවි එන්න - අනුරගෙන් මහින්දට අභියෝගයක්!

anura kumara 27හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කලැයි කියමින් තමා ඇතුළු පස්දෙනෙකුට එන්තරවාසි එවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ තමාට එරෙහිව නඩු පවරන්නේ නම් එය ඉතා සතුටින් එය භාර ගන්නා බවයි.   Read more...

ජනතා මුදලින් නිල් චිත්‍රපට බැලූ සජින් වාස්

sajin vasමැදමුලන මැර මහින්ද පාලන සමයේ ජනතා මුදල්වලින් විනෝද වූ, ජනතා මුදල් රිසිසේ තම පෞද්ගලික ලාබ ප්‍රයෝජන වෙනුවෙන් වියදම් කළ රාජපක්ෂ හෙංචයියන් අතර අංක එකේ වැජඹෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනය. විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී පදවිය දැරූ අතර ඒ සමයෙහි අමාත්‍යංශයේ ඇමතිවරයා නාමික පුද්ගලයෙකු බවට පත්කොට සජින් වාස් ගුණවර්ධනට අවශ්‍ය පරිදි අමාත්‍යංශය පාලනය කළේය. එම කාලයෙහි තමන්ට රිසිසේ විදේශ රටවල සංචාරය කළ අතර එම
Read more...

මහපොළ 6000 යි! අලුතින් බඳින අයට ලක්ෂ ‍2 යි! උසස් අධ්‍යාපනයට 50000 යි!

mr 45 27මේ කුරුණෑගල ඡන්ද අපේක්ෂකයකු තමා සමාජ වෙබ් අඩවිවල බලයට යටත් වූ බව දැක්වෙන ප්‍රකාශ තුනක්.. අවුරුදු 10 ක් තිස්සේ උතුර සහ දකුණ තරුණ පරපුරට නිදහස් අදහස් දැරීමේ ඉඩ ඇහිරූ විධායක බලයේ සුපිරි තත්ත්වයක් ඉසිලු හිටපු පාලකයකු නිකම්ම නිකං පාර්ලිමේන්තු මන්ත්‍රීකමකට තරඟ වදිමින් දෙන පොරොන්දු අහද්දි හිනායන්නේ කටින් නෙමේ ය. ඒ උත්තමයගෙ අත භක්තියෙන් අල්ලා ගත් කෙසඟ මිනිසකුගේ ග්‍රහණය ඉවසනු නොහැකිව ඇසෙන් පමණක් නොව අසවල් තැනින්ද කදුළු පැන්න මිනිසා වන්නේ ද මොහුය.. තවත් වසර හයකට මේ රටේ විධායකයේ යතුර දරණ පාලකයකු සිටින බව නොදැන කරන කතා නොවේ මේ.. ඡන්ද දායකයින් මෝඩයන් ය.. උන්ට කිසි දෙයක් ගැන ඒ හැටි මතකයක් නැත.. මුන් මඤ්ඤං ය.. යනුවෙන් තවම සිතන බව මේ කතා තහවුරු කරයි.. Read more...

ශ‍්‍රී ලංකාවට හිමි භූමියෙන් 1/3 ක් පාංශු ඛාදනයට ලක්වෙලා - චම්පික

champika 27 1ශ‍්‍රී ලංකාවට හිමි භූමියෙන් 1/3 ක් පාංශු ඛාදනයට ලක්වී ඇති බවට තක්සේරු කර ඇතැයිද, ලොව පුරා ගත්කළ පාංශු සහ ජල මූලාශ‍්‍ර සංරක්ෂණය කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතු බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ ගලධාරි හෝටලයේදී අද (27) පැවති "පාංශු ඛාදනය අවම කිරීම සඳහා පාංශු සංරක්ෂණ ක‍්‍රියාදාමයන් යොදා ගැනීම සහ න්‍යෂ්ටික ක‍්‍රමවේදයන්ගේ කාර්යභාරය" යන්නෙන් ජාතික පරමාණුක බලශක්ති අධිකාරිය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් ප‍්‍රකාශ කළේය.

Read more...

මේ කතා දේශපාලනිකද, අනේ මන්දා...?

rallyමං දේශපාලනය ගැන උනන්දුවක් තිබුණු කෙනෙක් නෙවෙයි කවදාවත්ම. කොරේ පිටට මරේ කියල විවෘත ආර්ථිකයයි, විධායක ජනාධිපතිකමයි එකපාර කඩන් පාත්වෙච්ච අවුරුද්දෙ උපන් හින්දමද මන්දා ‘මට ඔය දේශපාලනය අරහං‘ කියල නිතර දෙවේලේ මතුර මතුරා කිව්වත් මට සිද්දවුණේම දේශපාලන කයිකතන්දර අස්සෙම ගැවසි ගැවසී, දැවටි දැවටී, රැවටි රැවටී, ඇවිළි ඇවිළී ඉන්න... Read more...

 

 

නවතම පුවත්