19 December 2018
RSS Facebook Twitter   

රවී කරුණානායක මහතාගේ අධාර කරුවන් පිරිසකට වෙඩි ප්‍රහාරයක්!

shooting 1මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා ප‍ළාගොස් ඇත.

Read more...

මහින්දගේ අලුත්ම ගේම හෙළිවෙයි!

mahinda hootingමහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ කල්ලිය සන්ධානය තුළ සිටින රාජපක්ෂ විරෝධීන් මර්දනය කිරීමේ අලුත්ම ක්‍රමය මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටින බව හෙළි වේ. Read more...

රතුපස්වල හමුදා මිනීමැරුම් ගැන වාර්තාව එළියට

rathupaswalaධම්මික පෙරේරාට අයත් රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් බැහැර කළ අපද්‍රව්‍ය නිසා ප්‍රදේශයේ ජලය අපවිතවූ බව කියමින් කම්හල වසා දමන ලෙස හා පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමට වෙඩි තැබීම් හා පහර දීම සිදු කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බැවින් එහි දී යුද හමුදාව බලය අයුතු ලෙස යොදවා ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයෙන් හෙළි කර ඇත. Read more...

ප‍්‍රචණ්ඩත්වයට වැට බඳිමු - නිදහස් හා සාධාරණ මැතිවරණයක පැවැත්ම සුරක්ෂිත කරමු - පැෆ්රල්

paffrel2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී මනුෂ්‍ය ඝාතන 01 ක්, ගිනි අවි භාවිතාකිරීම් 03 ක් සහ පහරදීම් 72 ක් වාර්තා විය. ඊට සාපේක්ෂව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භයේ සිටම මේ දක්වා කාලය තුළ පක්ෂ කාර්යාලවලට පහරදීම් 22 ක්, පුද්ගල පහරදීම් 16 ක් වාර්තාවී තිබුණද ඒ අතර මැතිවරණයේ සාමකාමීත්වයට බරපතල ලෙස බලපාන ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තාව නොතිබුණි. විශේෂයෙන්, ගිනි අවි භාවිතාකිරීම් හෝ වෙඩි තැබීම් සිද්ධීන් මේ දක්වාත් වාර්තාවී නොතිබුණි.

Read more...

මරා පාලනය මත්කුඩු උවදුර රටින් තුරන් කළ හැටි

gota mohammed2005 වසරේ එළිදැක්වූ මහින්ද චින්තන ප්‍රකාශනයෙන් මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු තුනකින් මත් උවදුර මෙරටින් තුරන් කරන බවට පොරොන්දු වුවද සිදුවූයේ මත් උවදුර තවදුරටත් උත්සන්න වීම බව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය ගරු කරු ජයසූරිය මහතා පවසයි. අමාත්‍යවරයා අද (30) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
 
පසුගිය දස වසරක කාලසීමාව තුළ මත් උවදුර මැඩලීමේ වගකීම දැරුවේ හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් එහෙත් මේ වනවිට ඔහු එම වගකීම ඉටුකළ ආකාරය සම්බන්ධයෙන් රටම දැනුවත් වී ඇති බවත් කරු ජයසූරිය අමාත්‍යවරයා පෙන්වා දෙයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා මත්කුඩු ආනයනය සම්බන්ධයෙන් සෘජුව වගකිවයුතු පුද්ගලයෙක් තම අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කරගත් බවත් ජාත්‍යන්තර මත්කුඩු ජාලයේ ප්‍රධානියා වන මොහමඩ් මුබාරක් මොහමඩ් ගෝඨාභයගේ සමීපතමයෙකු ලෙස කටයුතු කරඇති ආකාරය දැන් මුළු රටම හොඳින් දන්නා බවත් අමාත්‍යවරයා පවසයි. 
 
කරු ජයසූරිය අමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් පළවේ.
 
karu 1
karu 2

ජාතික රූපවාහිනියට හොඳ කලක්

somarathna dissanayakaලබන මස 03 වැනිදා සිට තම ආයතනයට හොඳ කලක් උදාවන බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවකයෝ පවසති. පසුගිය මරා පාලන සමයේ රූපවාහිනී සංස්ථාව අන්තයටම පිරිහී ගිය බවත් මේ වනවිටත් එම තත්ත්වයෙහි සැලකිය යුතු වෙනසක් නොමැති බව පවසන ඔවුන් ලබන 03 වැනිදා වත්මන්
Read more...

දෙවන පාසල් වාරය අද අවසන්

studentsරජයේ පාසල්වල දෙවන පාසල් වාරය අද (30) අවසන් වේ. තුන්වන පාසල් වාරය අගෝස්තු 31 වැනිදා ආරම්භ වීමට නියමිතය. එහෙත් උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන පාසල් නැවත ආරම්භ වන්නේ සැප්තැම්බර් 09 වැනිදා බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
Read more...

මැකො සහ දිස්ත්‍රික් මැතිවරණ නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

mahinda deshapriyaමැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (30) උදෑසන පැවැත්වීමට නියමිතය. මේ සඳහා දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීවරුන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහභාගිවීමට නියමිතය. 
Read more...

ශාන්ත බණ්ඩාර ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙයි

shantha bandaraයහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි. අද (30) උදෑසන දඹදෙණිය සිය පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 
Read more...

රවී මාරුව අවලංගුයි!

policeපසුගිය සතියේ සිදුවීමට නියමිතව තිබූ ‘රවි මාරුව' අවලංගු වූ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රහස් පොලීසිය භාර නියෝජ්‍ය පොලිස්පති  රවී සෙනෙවිරත්න සබරගමුව පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව පොලිස්පතිවරයා විසින් නීති විරෝධී ආකාරයට මාරු කරන ලදී. Read more...

ටෝනි බ්ලෙයාර් අගෝස්තු 11 වන දා ශ්‍රී ලංකාවට!

tony cheryබ්‍රිතාන්‍ය යේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇන්තනී බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ චෙරී බ්ලෙයාර් සහ පුතුන් දෙදෙනා අගෝස්තු මස 11 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යංශයේ සන්ධාන අංශයේ (Protocol Division) ආරංචි මාර්ග සඳහන් කර සිටී.

Read more...

 

 

නවතම පුවත්