14 December 2017
RSS Facebook Twitter   

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තනතුර මේජර් ජනරාල් උභය මැදවලට !

ubaya medawalaඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර සඳහා මේජර් ජනරාල් උභය මැදවල මහතා පත්කොට ඇත. 
 
ජනවාරි 08 වැනිදා ජනතා විජයග්‍රහණයේ ප්‍රතිඵල ශ්‍රී ලංකාවට භුක්තිවිඳීමට හැකිවූයේ මේජර් ජනරාල් උභය මැදවල මහතාට පිංසිද්ධ වන්නටය. 09 වැනිදා අළුයම සිදුවීමට නියමිතව තිබූ හමුදා කුමන්ත්‍රණය ව්‍යවර්ථ වූයේ මේජර් ජනරාල් උභය
මැදවලගේ මැදිහත්වීමෙනි. 09 වැනිදා අළුයම කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රාශියක ස්ථානගත කර තිබූ යුද හමුදා බළඇණි බැරැක්ක තුළට නැවත කැඳවූයේ මේජර් ජනරාල් උභය මැදවලයි. එදින අළුයම කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරියා ලෙස වැඩ භාරගත් පසු ඔහු විසින් සිදුකළේ නීත්‍යනුකූල නොවන අයුරින් ස්ථානගත කර තිබූ යුද හමුදාවේ සියලු  මාර්ග බාධක වහාම ඉවත් කිරීමයි. එසේ ස්ථානගත කර තිබූ යුද හමුදා බළඇණි බලාපොරොත්තුව සිටියේ ඔවුන්ට ඊළඟ විධානය ලැබෙන තෙක්ය. එම විධානය ලැබුනේ නම් දිවයිනේ සියලුම ප්‍රධාන ස්ථාන හමුදා පාලනයට යටත් වන අතර සියලුම විපක්ෂ ප්‍රධාන දේශපාලනඥයන් හමුදා අත්අඩංගුවට පත්වීමට නියමිතව තිබිණි. නමුත් එම සියලු කුමන්ත්‍රණ පියවර ව්‍යවර්ථ වූයේ උභය මැදවල මහතා ඉහත කී හමුදා ඛණ්ඩ නැවත කැඳවීමත් සමගය. ඒ සඳහා ඔහුට මගපෙන්වා ඇත්තේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාය. 
 
මේජර් ජනරාල් උභය මැදවල හිටපු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වේ. 
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තනතුර සඳහා යැවිය යුත්තේ මේජර් ජනරාල්වරයෙකු නොව බ්‍රිගේඩියර්වරයෙකු බව කියමින් ගෝඨාභය රාජපක්ෂ හිතවාදී හමුදා නිළධාරීන් උභය මැදවල මහතාව කපාදැමීමට පසුගිය මාස හය පුරා විශාල උත්සාහයක් ගත් අතර වත්මන් යුද හමුදාපති ක්‍රිශාන්ත සිල්වා මහතා සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එම කිසිදු බලපෑමකට යටනොවී මෙම පත්වීම සිදුකොට ඇත. 

 

 

නවතම පුවත්