19 August 2017
RSS Facebook Twitter   

හො.රා. ට එරෙහිව හලාවත ජනතාව වීදිබසී

mr surpriseකුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂට එරෙහිව හලාවත ජනතාව වීදිබැස විරෝධය දක්වමින් සිටින බව වාර්තා වේ. අද (06) හලාවත ප්‍රදේශයේ පැවැත්වීම නියමිත රැස්වීම්වලට සහභාගිවීම සඳහා මහින්ද රාජපක්ෂ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක මිල්රෝයි ප්‍රනාන්දුගේ නිවසට පැමිණි අවස්ථාවේදී මෙම විරෝධය එල්ල වී තිබේ.
විරෝධතාවට එක්වී සිටින ජනතාව හොරා (හොඳම රාජ්‍ය නායකයා) එළවමු ආදී වශයෙන් සඳහන් බැනර්, පෝස්ටර් ආදිය ප්‍රදර්ශනය කරමින් සිටී. එම ජනතාව ප්‍රකාශ කරන්නේ ජනවාරි අටවැනිදා මෙරට ජනතාව බහුතරයක් මහින්ද රාජපක්ෂ පරාජයට පත්කළ හෙයින් දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ගෙදරට වී සිටිය යුතු බවයි. බලයෙන් උමතුව සිටි මහින්ද බලය නොමැතිව සිටිය නොහැකි නිසා නැවතත් බලයට කෑදරකමේ ඡන්දයට ඉදිරිපත් වී සිටින බවත් එහෙත් ඔහු නැවතත් පරාජයට පත්කිරීමට තමන සූදානම් බවත් ඔවුන් පවසයි. 
 
මහින්ද රාජපක්ෂ පරාජයට පත්වන බව දන්නා නිසා දැන් විශාල ලෙස බොරු පොරොන්දු දෙන බවත් අවුරුදු දහයක් බලයේ සිටිමින් සිදු නොකළ දේවල් ගැන දැන් පොරොන්දු දෙමින් සිටින බවත් උද්ඝෝෂකයන් පවසයි. ඒ නිසා ඉටු කළ නොහැකි පොරොන්දු දී ජනතාව රැවටීම සිදු නොකරන ලෙසත් දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ගෙදරට වී සිටින ලෙසත් එම ජනතාව මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.
 
දැඩි ජනතා විරෝධය හේතුවෙන් මහින්ද රාජපක්ෂ ජනතාවට මුහුණ නොදී එතැනින් පළාගොස් තිබේ. ඔහු හලාවතට ගොස් ඇත්තේ මිල්රෝයි ප්‍රනාන්දු, අරුන්දික ප්‍රනාන්දු, දයාශ්‍රිත තිසේරා යන එජනිස පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයන් සංවිධානය කර ඇති රැස්වීම්වලට යෑමටයි. එහෙත් මෙම ජනතා විරෝධය හේතුවෙන් මහින්ද රාජපක්ෂ අදාල රැස්වීම්වලට නොයෑමට තීරණය කර තිබේ. මේ නිසා එම අපේක්ෂකයන් දැඩි ගැටලුවකට මුහුණ දී තිබේ. අපවෙත වාර්තා වන්නේ තවදුරටත් මෙවැනි ජනතා විරෝධතා එල්ලවිය හැකි හෙයින් බොහෝදුරට රැස්වීම් අවලංගු වියහැකි බවයි. 

 

 

නවතම පුවත්