19 August 2017
RSS Facebook Twitter   

සිසුන්ට ජල ප්‍රහාර එල්ල කලේ අත්වැරදීමකින් - පොලීසිය

picketingඊයේ (05) කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් පවත්වන ලද විරෝධතාවයට ජල ප්‍රහාර එල්ලකරනු ලැබුවේ අත්වැරදීමකින් බව පොලීසිය පවසයි. ඒ සම්බන්ධයෙන් පොලීසිය සිසුන්ගෙන් සමාව ගෙන තිබේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් පිටවන සිසුන්ට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය පුහුණුව ලබාදීමට විරෝධය පළ කරමින් එම විරෝධතාවය පැවැත්වීය.

ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී පොලීසිය මාර්ග බාධක සහ ජල ප්‍රහාරක රථ හරස් කර ඔවුන්ගේ පා ගමන නැවැත්වූ අතර, සිසුන් ඉල්ලා සිටින්නේ තම නියෝජිතයන්ට ජනාධිපති ලේකම්වරයා හමුවීමට අවශ්‍ය බවයි.

එහිදී අත්‍ වැරදීමකින් ජල ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ අදාළ ජල ප්‍රහාරක රථයේ රියදුරුට නින්දයාමක් හේතුවෙන් ජල ප්‍රහාර පාලන පුවරුවට අතවැදීමෙන් බව පොලීසිය පවසයි.

 

 

නවතම පුවත්