22 May 2017
RSS Facebook Twitter   

Four Wheel රැළියට එරෙහිව පරිසරවේදීන් මානව හිමිකම් කොමිසම හමුවට

four wheelhr1යුද හමුදා කමාන්ඩෝ බලකාය විසින් පවත්වාගෙන යනු ලබන සිව්බල මෝටර් රථ (Four Wheel Vehicle) ක්‍රීඩා සමාජය විසින් සිදුකරන දැවැන්ත පරිසර විනාශයට එරෙහිව අද පරිසරවෙදීන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ඇතුළු පරිසර සංවිධාන කිහිපයක් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. 
එහිදී අදහස් දැක්වූ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා,
 
'කොමාන්ඩෝ බලකායේ සංවිධානයෙන් මෙම සිව්බල මෝටර් රථ රැළිය පරිසරවේදීන්ගේ විරෝධය නොසලකා පසුගිය දෙවැනිදා ආරම්භ කරල තියෙනවා. ලංකාවේ උතුරු, නැගෙනහිර, ඌව පළාත්වල වටිනා වනාන්තර හරහා තමයි සංවිධායකයන් මෙම රැළියේ මාර්ගය සකස් කරල තියෙන්නෙ. එම ප්‍රදේශවල වෙරළ තීර, කළපු, ළඳුකැලෑ, රක්ෂිත අභයභූමි හරහා පරිසරයට දැවැන්ත විනාශයක් සිදුකරමින් ඔවුන් කිලෝමීටර් 775 ක දුරක් ගමන් කරනවා. ක්‍රීඩා සංචාරක කර්මාන්තයට මුවාවෙමින් පරිසරයට හානි කිරීම ලංකාවෙ දැන් අලුත් සම්ප්‍රදායක් බවට පත්වෙලා තියනවා. කොමාන්ඩෝ රෙජිමේන්තුව පරිසරය ගැන නොසලකා දෙවන වරටත් මෙය සිදුකිරීමට ලැජ්ජා සහගත ක්‍රියාවක්. පරිසරවේදීන් විදියට අපි අද මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අපි අවධානයෙන් ඉන්නවා බලධාරීන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන්'
 
four wheel2

 

 

නවතම පුවත්