19 August 2017
RSS Facebook Twitter   

රාඩා මුල්‍ය අධ්‍යක්ෂක ජයන්ත සමරසිංහට පිස්සු හැදිලා

court hammerරාඩා මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රාඩා ආයතනයේ හිටපු මුල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂක ආචාර්ය ජයන්ත සමරසිංහ අංගොඩ මානසික රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. ඔහුගේ නීතීඥ අනිල් ද සිල්වා මහතා මේ බව අද (05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණට දැනුම් දී තිබේ. ඒ අදාල මුල්‍ය වංචාව සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේදීය. 
 
කොටුව මහේස්ත්‍රාත් ගිහාල් පිලපිටිය මහතා ලබන 12
වැනිදා දක්වා නඩුව කල්තැබූ අතර සැකකාර ජයන්ත සමසිංහගේ මානසික රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අංගොඩ මානසික රෝහලේ අධ්‍යක්ෂකවරයාට නියෝග කොට තිබේ.
 
මීට පෙර මෙම වංචාවට සම්බන්ධ සාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වනවිට ඇපමත නිදහස් කොට තිබේ.
 
රාඩා මුල්‍ය වංචාව සම්බන්ධයෙන් වගකිවයුතු ප්‍රධාන පුද්ගලයන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මෙන්ම රාජපක්ෂ බෑයන් ද මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් සෘජුව වගකිවයුතු වුවද මේ වනවිටත් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත. එසේ තිබියදී රාඩා ආයතනයේ සේවකයන් වැනි හාල්මැස්සන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිට වරද පටවා තෝරුන් මෝරුන් බේරීමේ උත්සාහයක් ක්‍රියාත්මකවෙමින් පවතී.

 

 

නවතම පුවත්