19 August 2017
RSS Facebook Twitter   

එක්නැලිගොඩ අතුරුදහන් කළ කර්නල්වරුන් 2 ක් අත්අඩංගුවට?

prageeth eknaligoda2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදී හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

 

සන්නද්ධ දෙමල ජාතිකයින් දෙදෙනෙකු විසින් කොළඹදී පැහැරගෙන යනු ලැබූ එක්නැලිගොඩ මහතා මින්නේරිය යුධ හමුදා කඳවුරට බාරදී ඇති බවට මේ වන විට තොරතුරු හෙලිවී ඇත.

රාජපක්ෂ පාලන සමයේදී 'අතුරුදහන් වූ' මාධ්‍යවේදීන් සම්බන්ධ පරීක්ෂණවල ලිපිගොනු යළි විවෘත කොට, එම පරීක්ෂණ යළි ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවසීය.

 

 

නවතම පුවත්