26 June 2017
RSS Facebook Twitter   

දෙමළ සන්ධානයට ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කරන්න අපි ඉඩතියන්නේ නැහැ...- චම්පික රණවක

champika lolonnaරට බෙදන යෝජනා ගෙන එන බවට රාජපක්ෂ පාර්ශවකරුවන් ප‍්‍රකාශ කළත්, රට බෙදන දේශපාලන යෝජනාවක් ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතා ලඟම සිටින ජී.එල් පීරිස් මහතා බවත්, එම යෝජනාව අප විසින් පරාජය කළ නිසා ඉදිරියට රට තුළ එවැනි අනතුරක් නැතැයි එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක, පාඨලී චම්පික රණවක මහතා, 03 වෙනිදා කොලොන්නාව ප‍්‍රදේශයේ පැවති ජන රැලියකදී ප‍්‍රකාශ කළේය.

"අද ඒකීය භාවය ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද පිළිගෙන තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා පවා පිළිගෙන තිබෙනවා. දෙමළ සන්ධානය ෆෙඩරල් ක‍්‍රමයක් අවශ්‍යයැයි ප‍්‍රකාශ කළේ 1949 සිට. මේවා සිහින මාළිගා විතරයි. ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කරන්නනම් ජනමත විචාරණයක් අවශ්‍යයි. රටේ පාර්ලිමේන්තුවෙන් 2/3 ක බලයක් අවශ්‍යයි. දෙමළ සන්ධානයේ ආසන 10 කින් 15 කින් එය සිදුකරන්න බැහැ. අපි ඉන්නකන් රට බෙදන්න ඉඩ තියන්නේ නැහැ. අපි ශක්තිමත්ව රට ඒකීයභාවයෙන් ඒකීයභාවයට ගෙනියනවා.

අපේ ඊලඟ වැඩපිළිවෙල වෙන්නේ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් කිරීම. කොට්ඨාශයට මන්ත‍්‍රී කෙනෙක් ලැබෙන මනාප ක‍්‍රමය අහෝසි කරන, 20 සංශෝධනය ගෙනඑනවා. එය ගියවර පාර්ලිමේන්තුවට ගෙනඒමේදී සමහර පිරිස් වලට පාර්ලිමේන්තුව විසුරවීමට අවශ්‍ය වුණා. ඒ නිසා ඒ වැදගත් ප‍්‍රතිසංස්කරණය කළ නොහැකි වුණා. ලබන පාර්ලිමේන්තුවේදී රටේ නිදහස තවදුරටත් ශක්තිමත් කරන්න කටයුතු කරනවා. එහි ව්‍යවස්ථාදායක සභාවේ මමත් කටයුතු කරනවා. ඉදිරියේදී රටේ විනිශ්චයකාරවරුන්. ජනාධිපතිගේ දුරකතන ඇමතුමකින් පත්කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. විනිසුරුවරුන් බවට පත්වන්නේ අපක්ෂපාති පුද්ගලයින්. අද මැතිවරණයත් අපක්ෂපාති වෙලා තියෙන්නේ. එහෙත් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කළානම්, මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. ඉදිරියේදී තවදුරටත් නීතියේ සාධාරණත්වය ඇතිකර පොලීසිය ශක්තිමත් කර ඔවුන් ස්වාධීන පිරිසක් බවට පත්කරනවා. රාජ්‍ය සේවය ශක්තිමත් කර රාජ්‍ය සේවකයින් ස්වාධීන පිරිසක් බවට පත්කරනවා" යැයි පැවසීය.

 

 

නවතම පුවත්