27 March 2017
RSS Facebook Twitter   

උසස්පෙළ විභාගය අද ඇරඹේ

al student2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය අද (04) ආරම්භ වේ. අදින් ආරම්භ වන විභාගය සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා පැවැත්වේ. 
 
මෙවර උසස්පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 309,069 ක් ඉදිරිපත්වීමට නියමිතය. ඉන් 236,072 ක් පාසල් අයදුම්කරුවන් වන අතර 72,997 ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරන්නේ විභාග මධ්‍යස්ථාන තුළ හෝ ඉන් පිටත
සිදුවන විභාග වංචා සම්බන්ධයෙන් තදින් ක්‍රියාකරන බවයි. මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් විභාග දෙපාර්තමේන්තුව හෝ පොලීසිය දැනුවත් කරන ලෙස ඔහු දන්වා සිටී.
 
මේ අතර විභාගය පැවැත්වෙන අතරතුර 17 වැනි දින මහමැතිවරණය පැවැත්වීමට නියමිත අතර මේ වනවිට අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු සිදුකරමින් පවතී. මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලන පක්ෂවලට සහ අපේක්ෂකයන්ට දැනුම් දෙන්නේ විභාග කටයුතුවලට බාධා වන පරිදි විභාග මධ්‍යස්ථාන අසල ප්‍රචාරක කටයුතු සිදු නොකරන ලෙසයි. මේ සම්බන්ධයෙන් ඊයේ (03) පැවති දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ හමුවේදී ඔවුන් දැනුවත් කළ බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහමඩ් මහතා පැවසීය.

 

 

නවතම පුවත්