22 May 2017
RSS Facebook Twitter   

තජුඩින්ගේ සොහොනට පොලිස් ආරක්ෂාව !

thajudeenඝාතනය කර ඇති බවට සැක කෙරෙන රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ සිරුර මිහිදන් කර ඇති දෙහිවල මුස්ලිම් පල්ලියට පොලිස් ආරක්ෂාව යොදා තිබේ. අදාල ප්‍රදේශය මේ වනවිට සාමාන්‍ය ජනතාවට මෙන්ම මාධ්‍යවේදීන්ට ද තහනම් කලාපයක් බවට පත්කර තිබේ. 
 
රිය අනතුරකින් මියගිය බවට මුලින් විශ්වාස කළද මේ වනවිට පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ තජුඩීන්ට පහර දී ඔහු ඝාතනය කර ඇති බවයි. සංවිධානාත්මක පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර ඉන්පසු එය හදිසි අනතුරක් බව නිර්මාණය කර තිබේ. 
 
මේ දිනවල ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර නුදුරේදීම ඔහුගේ සිරුර නැවත ගොඩගැනීමට නියමිතය. 
 

 

 

නවතම පුවත්