26 June 2017
RSS Facebook Twitter   

ශ්‍රීලනිප සුරැකීමේ සභාපතිට කප්පම්කරුගෙන් මරණ තර්ජන

thusitha madawa

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති වන තුසිත හල්ලොලුව මහතාට ව්‍යාපාරික, කුප්‍රකට කප්පම්කරු මාධව වත්තේගම ගෙන් මරණ තර්ජන එල්ලවී ඇතැයි වාර්තා වේ.

වත්තේගම වෙන්ව සිටින ඔහුගේ බිරියට අකටයුතුකම් නොකරන ලෙස ඉල්ලීමට ගිය තමාට මාධව මරණ තර්ජන සිදු කළ බව තුසිත මහතා සිය මිතුරන් සමඟ පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් තුසිත මහතා ශ්‍රීලනිප උපදේශිකා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පැමිණිලි කරන බවද පවසා ඇතැයි වාර්තා වේ.

සිද්ධියෙන් පසුව තුසිත මහතා සිය රැකවල් වැඩිකරගෙන ඇති බවත්, මේවන විට ඔහු කොළඹින් ඈත්ව මාතර ප්‍රදේශයට වී සිටින බවද වාර්තා වේ.

අගමැතිවරයාගේ නම විකුණා මෙරට හා ඉන්දීය ව්‍යාපාරිකයන්ගෙන් එකතුකරගන්නා ලද කප්පම් මුදලින් රුපියල් ලක්ෂ 200ක ප්‍රමාණයක් කොළඹ සුප්‍රකට කැසිනෝ ශාලාවකදී පැය බාගයක් ඇතුළත පරාජයට පත්වී ඇති බවද ඔහුගේ බිරිඳ විසින් තුසිත හලුලොලුව මහතාට පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී මාධව හලුලොලුවට මෙසේ මරණ තර්ජන එල්ලකර ඇතැයි වාර්තා වේ.

වත්තෙගම මහතා මීට සති කිහිපයකට පෙර ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සොයුරු එතනෝල් ව්‍යාපාරික මුත්තයියා සෂිදරන් සමඟ ඉන්දියාවේ සංචාරය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නම් විකුණමින් විශාල මුදලක් ඉන්දීය ව්‍යාපාරිකයන්ගෙන් එකතුකරගෙන ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් තුසිත හල්ලොලුව මහතා රහස් පොලිසියට පැමිණිලි කිරීමට සූදානම්වන බවද වාර්තා වේ.

සබැඳි සටහන්

අගමැතිගේ හා අර්ජුනගේ නම විකුණා කප්පම් කල්ලි වැඩට බහී!

අගමැතිතුමනි, පර්ස් එක බලාගෙනයි!

 

 

නවතම පුවත්