22 May 2017
RSS Facebook Twitter   

බ්ලූමැන්ඩල් වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයෙක් මියයයි

shooting 1පසුගිය 31 වැනිදා කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ, එජාපෙ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතාගේ ආධාරකරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටි බුලත්සිංහලලාගේ නිරෝෂන් සම්පත් නැමැති 30 හැවිරිදි තරුණයෙකි. 
 
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.  අද පෙරවරු 4.00 ට පමණ ඔහු මියගොස්
ඇති බව වාර්තා වේ. 
 
රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටි පිරිසකට පසුගිය 31 වැනිදා බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල විය. මෙම වෙඩිතැබීම හේතුවෙන් මීට පෙර රවී කරුණානායක මහතාගේ එක් ආධාරකරුවෙක්  මියගිය අතර මේ වනවිටත් තවත් ආධාරකරුවන් පස්දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. 
 
සබැඳි පුවත් - 

 

 

නවතම පුවත්