25 April 2017
RSS Facebook Twitter   

ලක්ෂ්මන් වසන්ත පෙරේරා පොලිස් අත්අඩංගුවට

lakshman wasanthaහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එජනිස මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා අද (03) උදෑසන මාතලේ පොලීසිය විසින අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 26 වන දින මාතලේ නගරයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඔහුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මීට පෙර ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ආධාරකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හිටපු මන්ත්‍රීවරයා අද උදෑසන මාතලේ පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

 

නවතම පුවත්