27 March 2017
RSS Facebook Twitter   

කළුතර වස්කඩුව ඝාතන 05

 

murderපූර්විකාව
අද අප ඔබට ඉදිරිපත් කරන්නේ කළුතර වස්කඩුව ඝාතන රැල්ලේ 05 වන කොටස ය. එය එම ඝාතන රැල්ලේ අවසාන කොටස ද වේ.

මෙම ඝාතන රැල්ල හොර රහසේ සිදු කළ ඝාතනයන් නොව: ප්‍රසිද්ධියේ ම පැමිණ, ප්‍රසිද්ධියේ ම පහර දී ප්‍රසිද්ධියේ ම පැහරගෙන ගොස්, ප්‍රසිද්ධියේ ම වද බන්ධනයට ලක්කොට, ප්‍රසිද්ධියේ ම ඝාතනය කොට, ප්‍රසිද්ධියේ ම සිරුරු පුළුස්සා දැමීමකි.

Read more...

කළුතර වස්කඩුව ඝාතන 04

police tortureදෙවන තරුණ නැගිටීම මර්දනය කොට වසර 25 ක් පිරීම නිමිත්තෙන් ඉදිරිපත් කරන ඝාතන ලැයිස්තුවට අද ඉදිරිපත් කරන්නේ ‘කළුතර වස්කඩුව ඝාතන’ රැල්ලේ 04 වන කොටස ය. මෙම ඝාතන පෙළ සිදු කොට ඇත්තේ අප්‍රසිද්ධියේ නොව ප්‍රසිද්ධියේ ය. එයට වගකිව යුතු පුද්ගලයෝ වර්තමානයේ ද ජිවතුන් අතර සිටින්නට පිළිවන... Read more...

[Video]‘අම්මලාට දරුවන් ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ නීතියෙන්'

 

mother protestපහරදී අහිංසකයින් මරා දමන, පොලීසියක් ඇති රටකට හෙටක් තිබිය හැකිද?

පොලිස් පහරදීමකින් 2014 මැයි 09වන දින මිය ගිය බදුල්ල, කන්දේකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංගගේ මරණයට පොලීසිය වගකිව යුතු බවත්, ලංකාවේ නීතියේ අධිපත්‍ය නැවත ස්ථාපිත කරන ලෙසටත් බල කරමින් පසුගිය ජූලි 06 වන ඉරිදා බදුල්ල බස්නැවතුම්පළ අසලදී විරෝධතාවයක් පැවැත්විය.

Read more...

කළුතර වස්කඩුව ඝාතන 03

police dogදෙවන තරුණ නැගිටීම මර්දනය කොට වසර 25 ක් පිරීම නිමිත්තෙන් ඉදිරිපත් කරන ඝාතන ලැයිස්තුවට අද ඉදිරිපත් කරන්නේ ‘කළුතර වස්කඩුව ඝාතන’ රැල්ලේ 03 වන කොටස ය. මෙම ඝාතන ලැයිස්තුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විශේෂ සටහනක් තබන්නට අප බලාපොරොත්තුවන අතර ඒ හරහා මතු දිනක දි හෝ එවන් ඝාතන රැල්ලක් සිදුවීමට ඇති ඉඩ-කඩ අහුරාලීම අපේ ඒකායන අරමුණ යි. මන් ද එදාට සාපේක්ෂව වර්තමාන තත්ත්වය කිසිසේත් ම යහපත් නොවන බැවිනි. අනාගතය ද යහපත් යැයි විශ්වාස කළ නොහැකි බැවිනි. Read more...

කළුතර වස්කඩුව ඝාතන 02

catchඅද අප ඉදිරිපත් කරන්නේ කළුතර වස්කඩුව ඝාතන රැල්ලේ දෙවන කොටස යි. මෙම ලිපි පෙළ සාවධානව කියවද්දී හැඟී යන්නේ එදා හිට්ලර්ගේ පන්නයේ භීෂණයක් ක්‍රියාත්මක වු බව යි. අනෙක් කරුණ නම් මේ ඝාතන සියල්ල සිදු කොට ඇත්තේ ‘හඳුනාගත නොහැකි තුවක්කුකරුවන්’ නොව හොඳින් හඳුනන තුවක්කුකරුවන්’ වීම ය. තුවක්කුකරුවන් හඳුනා ගත්ත ද දා ඔවුන්ට එරෙහිව කිසිඳු නිතිමය පියවරක් ගන්නට එවකට සිටි පාලකයේ උත්සාහ කොට නොමැත. Read more...

කළුතර වස්කඩුව ප්‍රදේශයේ ඝාතනයන් 01

 

darga 0පූර්විකාව

අද ඉදිරිපත් කරන්නේ 87- 89 භීෂණ සමයේ 25 වන වසර සමරනු වස් අප විසින් ඉදිරිපත් කරන, එකල භීෂණයට ගොදුරු වුවන්ගේ විස්තර ඇතුළත් තෙවන අදියර යි. අද සිට සති තුනක් හෝ හතරක් පමණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ වස්කඩුව ප්‍රදේශයේ සිදු වූ පැහැරගැනීම්, අතුරුදන් කිරිම් සහ ඝාතනය කිරිම් සම්බන්ධව ය.

Read more...

අනුරාධපුර ශුද්ධ භූමිය ලේ විලක්

 

anuradhapuraනිදසන් පසු ශ්‍රී ලාංකීය රාජ්‍ය පාලනය බාරගත් කළු සුද්දන්ට එරෙහි දෙවන අරගලයට මේ වසරේ දී විසිපස් වසරක් සපිරේ. එය නිමිති කොට ගෙන ආණ්ඩුවේ මෙන්ම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වූ මිනිස් ජිවිත පිළිබඳ සටහනක් තබන්නට අප ගිය සතියේ මුල පිරුවෙමු. අද පළ වන්නේ එහි දෙවන පියවර යි.

Read more...

තවත් බොරු නඩු දැමීමක්.

nilangaබොරු නඩු දැමීම අපරාදයකි. නමුත් රාජපක්ෂ ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනය වන පොලිසිය මෙම ක්‍රියාවේ අකණ්ඩව නිරත වේ. නමුත් ගමේ පන්සලේ හාමුදුරුවෝ හෝ පල්ලියේ පියතුමා හෝ වෙනත් ආගමික පැවිද්දන් මේ ගැන කතා කරන්නේ නැත. බුද්දිමතුන් හෝ උගතුන්ගෙන් බහුතරයද මේ සම්බන්දයෙන් නිහඩය. එවන් වාතාවරණයක් තුල වදහිංසාව මෙන්ම වියාජ නඩු පැවරීම අවම කිරීමද දුෂ්කර කර්තව්‍යකි. නමුත් යම් බලාපොරොත්තුවක් ඇත. ඒ පිඩාවට පත් ජනතාව බියෙන් සැකයෙන් තොරව ඒවා ගැන පැමිණිලි කිරීමයි. තම කතාව ප්‍රසිද්දියට පත් කිරීමට දක්වන කැමැත්තයි. අපි මානව හිමිකම් ආරක්ෂකයින් ක්රියදරයින් හැටියට ඔවුන්ව බල ගන්වමු. Read more...

ඩයලොග් සමාගම. ජාතික හැදුනුම් පත බලයි. මුහුණ නොබලයි

police tortureඔහු උපතින්ම අබාදිතය. පොලිසිය සහ ඩයලොග් සමාගම දිගින් දිගටම පිඩාවට පත් කරනු ලබන්නේ එවැනි පුද්ගලයෙකි. මිට හේතුව ඔහුගේ ජාතික හැදුනුම් පත උපයෝගී කරගෙන සිම් කාඩ් ලබා ගන්නා පුද්ගලයින් ඔහුගේ නම උපයෝගී කරගෙන නොයෙකුත් වංචාවන් සහ අපරාධ සිදු කිරීමයි. රටක් දිනන්නේ බලවතුන්ට සලකන ආකාරයෙන් නොව අසරණයින්ට සලකන ආකාරයෙනි. Read more...

මේවා කාට කියමු ද ?

 

police arrestමේ තවත් සාමාන්‍ය ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගේ දුක්ගැනවිල්ලකි. තමන්ගේ රට තුළ නීතියෙන් සාධාරණයක් ඉටු නොවේනම් මේ දුක්ගැවිල්ල කියමුද? ජාත්‍යන්තරයට කියමුද? දේශද්‍රෝහී ලේබලය ඇලවුනත් මේවා හෙළිදරවු කල යුතුය. මෙවන් පුරවැසියන්ගේ හඩට බොහෝදේ කල හැක.

Read more...

ඉන්දීය ලේඛිකාව ඇෆ්ගනිස්තානයේ දී වෙඩි තබා මරුට

Indian Sumishthaතාලිබාන් වරුන්ගෙන් ගැලවී ආ ආකාරය පිලිබඳව ජනප්‍රිය පොතක් ලියූ ඉන්දීය ලේඛිකාවක් ගිනිකොන දිග පක්ටිකා ප්‍රාන්තයේදී වෙඩිතබා මරා දමා ඇතැයි ඇෆ්ගන් පොලිසිය පවසයි.

Read more...

 

 

මානව හිමිකම්