23 September 2018
RSS Facebook Twitter   

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමා අතට ගැනීමත්, දින 100 වැඩ සටහනේ තිබූ එක් පොරොන්දුවක්ද?

 

ms 11තමා ජනාධිපතිවරණයෙන් බලයට පත්වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමා අතට ගැනීම තමාගේ අරමුණක් වන බව, දින 100 වැඩ සටහන තුළ ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සඳහන් කොට තිබූ බවක් අප දැක නැත. ජනාධිපතිවරණ වේදිකාවේ කිසි අවස්ථාවක මෛත‍්‍රීපාල සිරිසේන එවැන්නක් කියනු අප අසා ඇත්තේද නැත. මැතිවරණ ව්‍යාපාරයේ වෙන කිසි ලියවිල්ලක එවැන්නක් ලියැවී ඇත්තේද නැත. කොටින්ම, මහින්ද රාජපක්ෂ වෙනුවට, මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයම තමා යටතේ නැවත බලයට පත්කැරැුවීම තම අපේක්ෂාව වන්නේ යැයි එදා මෛත‍්‍රීපාල සිරිසේන ජනතාවට කීවේ නම්, අදත් රටේ ජනාධිපති වශයෙන් සිටිනු ඇත්තේ මහින්ද රාජපක්ෂයි.

Read more...

‘‘විශ්වාස භංගත්වයට’’ පත් පාර්ලිමේන්තුවේ සිටින ‘‘මඬේ ලගින තාරාවන් නාවන්නද දැන්?’’

parliment20 වැනි සංශෝධනය හරහා පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස් කර ගැනීම පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී දුන් එක් ප‍්‍රධාන පොරොන්දුවකි. ඒ පොරොන්දුව නොතිබුණත්, පවතින මැතිවරණ ක‍්‍රමය විසින් ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියක් බිහි කොට
Read more...

විශාලතම වෙනස ඇති වන්නේ මැතිවරණ තුළිනි - ජෙහාන් පෙරේරා

r-s20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම මේ අවස්ථාවේ ප‍්‍රමුඛත්වයක් කොට සළකන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කොට තිබේ. මේ සංශෝධනය හරහා අපේක්ෂා කරන්නේ, පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් කේවල මැතිවරණ කොට්ඨාශ ක‍්‍රමය යටතේ තෝරා පත්කර ගන්නා අතරේ, පොදුවේ සමානුපාතික නියෝජන ක‍්‍රමයක්ද පවත්වා ගැනෙන නව ඡන්ද ක‍්‍රමයක් ඇති කර ගැනීමයි. දැනට පවතින මනාප ක‍්‍රමය සහිත සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ පවත්වන ලද මැතිවරණවල අත්දැකීම් ඉතා නීරස ය. දිස්ත‍්‍රික්කයක් තරම් විශාල වන ප‍්‍රදේශයක ඡන්ද කටයුතු කිරීම සඳහා විශාල ධනයක් වැය කිරීමට එම ක‍්‍රමය යටතේ අපේක්ෂකයන්ට සිදුවන අතරේ, වැඩිම මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට පත්වීම සඳහා එකම පක්ෂය ඇතුළේ කුලල් කා ගැනීමටත් අපේක්ෂකයන්ට සිදුවිය. Read more...

ද්විත්ව බලයේ දේශපාලනය - ජයතිලක ද සිල්වා

mr ms chandrikaජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ පුද්ගලයන් කුමන හෝ පක්ෂයක නායකයෙකු හෝ නායිකාවක් වුණි. එහෙත් මෛත‍්‍රීපාල
Read more...

ජවිපෙ පිළිබඳ සරල කියවීමක්.

 

AnuraKumara

ජනතා විමුක්ති පෙරමුණ යනු ශ්‍රීලාංකික දේශපාලනයේ වඩාත් කතාබහට ලක්වූ, වඩාත් අවධානයට ලක්වූ දේශපාලන සංවිධානයයි. රැකියා විරහිතභාවයෙන්, සමාජ පීඩනයෙන්, දේශපාලන ආන්තිකකරනයෙන්, ආර්ථික නොසලකාහැරීමෙන් හුදලකා වූ තරුණ කොටස් වල සංයුතියෙන් මේ සංවිධානය බිහිවූ බව ඒ පිළිබඳ කරන ලද හැදෑරීම් වලින් පැහැදිලිවේ. ඔවුන්ගේ පළමු දේශපාලන සම්ප්‍රාප්තිය මෙරට සමාජ දේශපාලන දේහය දෙදුරුම් කවන පන්නයේ එකක් විය. පොලීසිවල ඉබියතුරු ලා තිබූ රයිපල් බට එළියට ගැණුනු, උත්සව සඳහා පාවිච්චිකල හමුදාවෝ බැරැක්ක වලින් එළියට ගැණුනු එකක් විය. මර්ධනයෙන්, පුනරුත්ථාපනයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ තැබූවන්ට මෙවැනි තරුණ නැගිටීමක් සඳහා දිය පොහොර සැපයූ භූ දේශපාලනය අවබෝදයක් නොවීය. 10,000 - 20,000 කට අධික සංඛ්‍යාවක මරණයෙන් වුව ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන දේහයට එය අමතක කර දැමිය හැකි සරළ සංසිද්ධියක් බවට නොබෝ දිනකින් පත්විය.


තවත් දශක දෙකකින් එවැනිම තරුණ නැගිටීමක් එතැයි රට කරවන්නෝ නොසිතන නියාවෙන් ඉවත බලා සිටියෝය. පළමු නැගීටීමට වඩා හාත්පසින්ම වෙනස් බරපතල, දරුණු නැගිටීමක් ලෙසින් එය ශ්‍රී ලාංකික සමාජ දේහයට කඩා වැදුනේ උතුරේ තරුණයින්ද තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එවැනිම අරගලයකට පිවිස සිටි 1988 - 89 වකවානුවකය. අවසානය වූයේ 40,000 - 50,000 ක් අතර තරුණයින් ප්‍රමාණයක් නිළ හා නොනිළ හමුදා අතින් ඝාතනයට පත්වීමයි. දෙවන නැගිටීම 1971 නැගිටීමට වඩා බොහෝ ස්වරූපයන්ගෙන් වෙනස් විය. මේ තරුණ නැගිටීමෙන් ආස්වාදය ලත් කොල්ලාද බල්ලාද සංවිධානය තුලට රිංගා සිටියේ කිසිවෙකුගේ වග විභාගයකින් තොරවය. මේ නිසා අවසානයේ එය කිසිදු මෙහෙයවීමකින් තොරව අයාලේ යන තත්ත්වයකට පත්ව තිබුණි. දේශපාලන සංවිධානයක් ලෙස 1971 තිබූ විධිමත්, බුද්ධිමත්, ක්‍රමානුකූල ස්වරූපය වෙනුවට අවිධිමත්, නොදැමුණු ප්‍රතිචාරයන් සංවිධානය තුලින් එලියට ආවේය. ලියවුන කවියේ, පෝස්ටරයේ සිට මේ ස්වරූපය දැකිය හැකි විය.

ඉන්පසු සිදුවූ සියල්ල දැන් ජීවත් වන පරම්පරාවට යළි පුනරුච්චාරණය කළ යුතු නොවේ. දැන් එළඹ ඇත්තේ වෙනස් සමාජ, දේශපාලන, ආර්ථික සන්දර්භයක් තුල ජනතා විමුක්ති පෙරමුණ කියවා ගැනීමේ කාලයයි. ලෙයින් යකඩින් මඩින ලද තරුණ නැගිටීම් දෙකක් සහිත ඉතිහාසයක් පසුකොට පාර්ලිමේන්තුවාදී දේශපාලන ගමනකට එය එළඹ ඇති අතර යළි අවි අතට ගැනීමක් සිදුනොවන බව පැවසේ. කෙසේ වෙතත් ජවිපෙ වර්තමානයේ ශ්‍රී ලංකාවේ 3 වන තනි දේශපාලන පක්ෂය බවට පත්ව තිබේ. නූතන මෙම දේශපාලන ගමනේදී ඔවුන් අවස්ථා 4කදී දේශපාලන අත්හදා බැලීම් කර තිබේ


01. චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග,
02. මහින්ද රාජපක්ෂ සමග,
03. ජෙනරල් සරත් ෆොන්සේකා සමග,
04. මෛත්‍රීපාල සිරිසේන සමග,

මේ හැම දේශපාලන අත්හදා බැලීමක්ම ගැටළු සහගතය. මෙයින් වඩාත් හානිකර අත්දැකීම් දෙකකට ජවිපෙ මුහුණ දෙන්නේ මහින්ද රාජපක්ෂ දේශපාලන අත්හදා බැලීම හා සරත් ෆොන්සේකා දේශපාලන අත්හදා බැලීම තුලිනි. මහින්ද, ජයග්‍රහණයෙන් පසු පක්ෂය කෑලි 3කට කඩා ගොඩ නැගෙන බලය දුර්වල කරවීය. 71 හා 88,89 තම කාඩර්වරුන් 60,000 කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කල හමුදාවක ජෙනරාල් වරයෙක් බලයට ගෙනෙන්නට උර දී පක්ෂය පිළිබඳ විශ්වාසය පලුදු කරගත්තේය. මෙවර අත්හදා බැලීම පිළිබඳව කියන්නට තවම උදෑසන වැඩිය.

පක්ෂය තුල නව නායකත්වයක් යටතේ ඇතිවූ නව පිබිදීමත් සමග තරුණ හා මැදිවියට පැමිණ සිටින විශාල පිරිසක් ජවිපෙ සමග සිටින බව බැලූ බැල්මට පෙනේ. ඔවුන් සැබෑ ලෙසම පක්ෂය පිළිබඳ හැදෑරීමක් සහිත පිරිසක් දැයි විටෙක සිතෙන තරමට ඔවුන්ගේ භාවාතිශය හැසිරීම ප්‍රශ්නකාරීය. විශේෂයෙන් මෙහි හරස්කඩක් වන්නේ ෆේස්බුක් සමාජ ජාලයයි. දිගුකලක් පුරා මෙය නිරීක්ෂණය කල කෙනෙකු ලෙස අපගේ කියවීම වන්නේ පක්ෂයේ ඉතිහාසයේ නොවූ විරූ භාවාතිශය දේශපාලනයකට, පක්ෂයට ආදරේය, හිතවත්ය, අපේ පක්ෂය යැයි කියන, කියන්නාවූ මේ පිරිස් විසින් පක්ෂය ඇදගෙන යන බවයි. එය අනෙක් පක්ෂවල භාවාතිශය දේශපාලනයෙන් වෙනස් වන්නේ රතුපාට වර්ණයෙන් පමණි.

අපගේ කියවීමට අනුව පහත සඳහන් කරණ ලක්ෂණ පසුගිය වසර 30 ක කාලය පුරා ජවිපෙ හා ඔවුන්ගේ කාඩර්වරුන් යැයි කියා ගන්නා පිරිස් විසින් පක්ෂයට අවාසිදායක ලෙස භාවිතා කර තිබේ.


01. ධනේශ්වර දේශපාලන පක්ෂ සමග කල අත්හදාබැලීම
02. ලැබුණු අවස්ථාවන් වාසි දායක ලෙස කළමනාකරණය නොකරගැනීම ( අමාත්‍ය තනතුරු )
03. ජාතික ගැටළුව සම්බන්දව දැරූ ප්‍රතිගාමි මතවාදයන්,
04. තමන්ගේ කාඩර්වරුන් ඝාතනය කල හමුදාවක නිළධාරියෙකු වෙනුවෙන් පෙනී සිටීම
05. හැදෑරීමක් සහිත දේශපාලනයක් වෙනුවට ජනප්‍රියවාදී දේශපාලනයකට නතුවීම
06. දේශපාලන ගැලරියේ විසිල් හඬට ප්‍රතිචාර දැක්වීම,
07. කාඩර්වරුන් ගේ (එසේ නොවී එසේ යැයි පෙන්වන අය වියහැක.) භාවාතිශය දේශපාලන භාවිතාවන් සිනාමුසු මුහුණින් බලා සිටීම, ( අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීම, 2020 ජවිපෙ රජයක් වැනි ... )


තවමත් ජවිපෙ පිළිබඳ අපගේ මේ මොහොතේ කියවීම වන්නේ එය ශ්‍රී ලංකාවේ ජරාජීර්ණ පක්ෂ දේශපාලනයට වඩා දියුණු දේශපාලන භාවිතාවක් විය යුතුය යන්නයි. එය මුල් අවදියේදී එසේ විය. නමුත් එය හුදෙක් ගැලරියේ විසිල් හඬට උත්තේජනය වන්නේ නම්, අන්ධ දේශපාලන අත්හදාබැලීම් වලට යන්නේ නම් අපේ දරුවන්ට දේශපාලනය කිරීමට තිබූ අපේ වේදිකාව වර්තමානය විසින් කොල්ලකෑ බව පමණක් අනාගතයේ ලියැවෙනු ඇති.

කපිල එම්. ගමගේ | ඡායාරෑපය  - JVP Media

 

වගවීමෙන් ඔබ්බට ‐ සහජීවනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවතින අරගලය

Kadirgamarසිංහල හා දමිළ ප්‍රජාවගේ සැබෑ ස්වයං විග්‍රහයක් නොමැතිව පොරොත්තු එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාව මගින් සාක්ෂාත් කරගත හැක්කේ අල්ප කාර්යයකි. Read more...

‘නීති භීතිකාව’ ජලභීතිකාවටත් වඩා භයානකය - රංජිත් හේනායකආරච්චි

mr ms chandrikaපසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉතා පුංචි අතලොස්සක් හැරුණු විට අනෙක් බහුතරය තම දෑතම ඔසවා වැඩ කලේ මහින්ද කල්ලියේ රට කාබාසිනියා කරන චෞර දේශපාලනය නැවත දිනවීම වෙනුවෙනි. මොවුන්ගෙන් වැඩි දෙනෙකු, විශේෂයෙන්ම එහි නායකයන්, මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම යහපාලනය යන වචනයටද වෛර කරති. ඔවුන් කිසිවෙකු හදවතින් තම නායකයා ලෙස මෛත්‍රීව පිලි නොගනිති. තමන් නායකත්වය දරණ පක්ෂය මෙවැන්නක් බව මෛත්‍රීට වැටහෙනු ඇතැයි මගේ හැගීමයි. එසේ නොවැටහෙනවානම් ඔහුගේ හතලිස් පස් වසර දේශපාලනයෙන් ඔහු ඉගෙන ගත් යමක් නැති තරම්ය. මෛත්‍රීට පකත්ෂ ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ගේ සැබෑ ස්වභාවය එලිදරව් වන්නේ කතා කරන විට මතුවන වචන තුලිනි. එයත් හරියට සුනඛයන් මුත්‍රා කිරීමට නොදැනුවත්වම කකුල ඔසවන්නා මෙනි. බොහෝ දෙනෙකු කරන සම්මුඛ සාකච්ඡාවකදී හෝ කතාවකදී තාමත් ඔවුන් ‘අපේ ජනාධිපති මහින්... කියා ඉබේම කියවෙතත් නැවත මෛත්‍රීපාල සිරිසේන’ කියා හරවති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය මහින්ද රාජපක්ෂලාගේ ප්‍රවේණීදාසයින්ය යන දාස මානසිකයට පත්ව ඇති සැටියි. Read more...

කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය – ‘කතිකා’ අධ්‍යයන කවය

ery qw324

 

කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය – ධවල පත්‍රිකාව සඳහා යෝජනා සහ නිර්දේශ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය ප්‍රකාශය පිළිබඳ යි.(එම ප්‍රකාශය සඳහා සුනිල් විජේසිරිවරධන ගේ මුහුණු පොත බලන්න.)ධවල පත්‍රිකාව ක් යනු සාමාන්‍ය යෙන් රජයක ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා පෙර ගමන් කරුවෙකු ලෙස ඉදිරිපත් කරන අධිකාරවාදී බලයක් කියා පාන ලියවිල්ලකි, යෝජනාවලියකි. මෙම ධවල පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ ස්වේච්ඡාවෙන් බව කියැවෙයි.

Read more...

ස්ත‍්‍රී දූෂණය: එය අපට අමතක වූ ගානයි - එම්. ඒ. සුමන්දිරන්

rape 06 06‘‘පොලිසිවලටයි, යාපනේ උසාවිවලටයි ගල් ගැහැව්වා. එල්.ටී.ටී.ඊ. සංවිධානේ මුලින් පටන් ගත්තෙත් ඔහොම තමයි. මේක ඉතා භයානක තත්වයක්.’’ - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ Read more...

ආණ්ඩුව උත්තර නොදුන්නොත් මම ජිනීවා ගිහින් ගිනි තියා ගන්නවා – ආනන්දී ශෂිධරන්

 

Ananthi-sasitharanමගේ ස්වාමිපුරුෂයා හමුදාවට භාරදුන්නේ කරුණානිධිගේ දුව කනිමොනි කිව්වට පස්සේ
උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරියක වන ආනන්දී ශෂිධරන් විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් තමන්ට සහ තම සහෝදර ජනතාවට සිදු වූ අපරාධ වලට නිසි ප්‍රතිචාර වහාම ලබා නොදෙන්නේ නම් තමන් ජිනීවා නුවරට ගොස් තම සිරුරට ගිනි තබා ගන්නා බවයි. මේ මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් සැසියට මෙන්ම ඉදිරියේදී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සැසි සඳහා ඇය සහභාගී වීමට නියමිතය.

Read more...

‘‘විශ්වාස භංගත්වයට’’ පත් පාර්ලිමේන්තුවේ සිටින ‘‘මඬේ ලගින තාරාවන් නාවන්නද දැන්?’’ - ගාමිණී වියන්ගොඩ

 

parl inside20 වැනි සංශෝධනය හරහා පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස් කර ගැනීම පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී දුන් එක් ප‍්‍රධාන පොරොන්දුවකි. ඒ පොරොන්දුව නොතිබුණත්, පවතින මැතිවරණ ක‍්‍රමය විසින් ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියක් බිහි කොට ඇති නිසා, එම ක‍්‍රමය වෙනස් කිරීම ගැන යහපාලනය වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුට විරුද්ධ විය නොහේ. එහෙත්, යම් ව්‍යවස්ථා සංශෝධනයක ඇති සමාජ අවශ්‍යතාව සහ එය සම්මත කර ගැනීම වෙනුවෙන් කෙරෙන පෙළගැසීම්වල ඇති අභිප‍්‍රාය අතර සාධනීය සම්බන්ධතාවක් ඇතැයි අනිවාර්යයෙන් ගැනීම නියාළු කල්පනාවකි.

Read more...

 

 

විශේෂාංග