17 December 2018
RSS Facebook Twitter   

උභතෝකෝටිකය : මහින්ද වෙනුවෙන් මෛත්‍රී - නිලන්ත ඉලංගමුව

maithripala mahinda 07 09 2දැනට එකඟ වී ඇති කාරණා අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලැබෙනු ඇත. එය කොන්දේසි සහිත නාමයෝජනා දීමක් ලෙස දේශීය මාධ්‍ය වාර්තා කොට තිබීමට මූලික හේතුව සමාජීය වශයෙන් ඇතිවන ගැටුම්කාරී තත්වය සමනය කිරීම සඳහාය. දේශපාලනයේදී එය සාමාන්‍යයෙන් අත් විඳීමට සිදුවන ක්‍රියාවලියකි. වෛරකළ යුතු නැත. මහින්දට අවශ්‍යවූයේ නාමයෝජනා ලබාගැනීමටය. එය ඉටුවී ඇත. තත්වය අතිශය සංවේදී වුවද, මෙහිදී වැදගත් වන්නේ කාරණය හරිහැටි අවබෝධ කර ගැනීමය. එවැනි අවබෝධයකින් පසු, මීළඟ  තීරණය ගත හැකි සේම අනතුරුදායක තත්වයක් සඳහා සූදානම් විය හැකිය.

Read more...

ප‍්‍රභාකරන් සහ රාජපක්ෂ පිළිබඳ සමාන්තර ප‍්‍රහේළිකා - මුතුක‍්‍රිෂ්ණා සර්වානන්දන්

mr prabakaran 08 07 2015දකුණේ දේශපාලනික ප‍්‍රජාව නියෝජනය කරන කටහැකර රොත්තක්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරීමට කැසකැවීම සහ උතුරේ දේශපාලනික ප‍්‍රජාවගේ තව කටහැකර රොත්තක් වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ගුප්ත නාමය යළි නැගිටුවීමට කැසකැවීම අතර ඇත්තේ සමානත්වයකි. Read more...

ජාතිවාදය හා සංහිඳියාව

warවත්මන් ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ජාතික විජයග‍්‍රාහි දිනය යුධ සැමරුමකින් ඔබ්බට ගිය සංහිඳියාවේ වැදගත්කම මතුකළේය. යුද්ධයකින් විරුද්ධවාදීන් නිරායුධ කළද, යුද්ධයකට හේතු පාදක වූ කරුණු අරභයා ජාතික සංහිඳියාව කි‍්‍රයාක්මක කළ යුතු බවද අනාවරණය කළේය. ජාතීන් අතර සුහදත්වය, උතුරේ ජනතාවට යුද්ධය පැවති සමයේ අහිමි වූ ඉඩම් යළි ඔවුනට ලබාදීම තවදුරටත් කි‍්‍රයාත්මක කළ යුතුව තිබේ. උතුරේ දෙමළ ජනතාව හා දකුණේ ජනතාව සහජීවනයෙන් ජීවත්වීම ශ‍්‍රී ලංකාවේ ආර්ථික, සමාජයීය වර්ධනයට හේතුපාදක වන්නේය. ලෙයින් නැහැවූ අතීතයට වඩා යුද ජයග‍්‍රහණයකින් පසුව ජාතීන් අතර, සංහිඳියාව කි‍්‍රයාත්මක කිරීම ලෝකය පිළිගත් උසස් ධර්මතාවයකි. Read more...

යහපාලනය සහ ජඩ පාලනය

mr speakingහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජන බුද්ධියට නොව ගැලරියට කතාකරන නායකයෙකි. ඔහු කිසිදිනක බුද්ධිමත්, ව්‍යක්ත සහ චතුර කථිකයෙක් නොවීය. පහත් භාෂා ශෛලියකින් හා අධම විවේචනයන් සහිතව ජනතාව ඇමතූ නායකයෙක්ම විය. ඉඳහිට හොඳයැයි කතාවක් කළේ නම් ඒ මහින්ද ඉලේපෙරුම නම් තම මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානියා ලියා දුන් දෙයක්ය. ‘ටෙලි ප්‍රොම්ටරය ’ නැතිව කතාවක් පවත්වන්ට බැරිවිය. ‘ටෙලි ප්‍රොම්ප්ටරය’ යනු රූපවාහිනී නාලිකාවන් හි ප‍්‍රවෘත්ති නිවේදක/නිවේදිකාවන් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සඳහා භාවිත කරනු ලබන තාක්‍ෂණික මෙවලමකි. Read more...

කිරි කළයයි ගොම හැළියයි යා කිරීමේ මැදමුලන මෙහෙයුම - ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

milkපෙරහන්කඩ
 
කිරි කළයක් මුළුමණින්ම ගොම හැළියකට දමා හොඳින් මිශ්‍ර කළද ඉන් ගොම හැළියට අදාළව ධනාත්මක ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. එහෙත් එක් ගොම බිඳක් පමණක් මිශ්‍ර වීමෙන් වුවද කිරි කළයක් සම්පූර්ණයෙන්ම විනාශ වන්නේය. මෙම අතිශය සරල සත්‍යය නොදන්නා කෙනෙකු අද සමාජයේ නැති තරම්ය.

Read more...

යාල විනාශයට එරෙහි නොවන්නේ වගකිවයුත්තන් සිංහල දේශපාලනඥයන් නිසාද ?

yala national parkයාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක හතරේ වනාන්තර ඉඩම් කොටස් කිහිපයක් සමාගම් හතරකට මේ වනවිට පවරා ඇත. 2012 පෙබරවාරි 07 වන දින මෙම ඉඩම් ලබාදීම සඳහා පසුගිය ආණ්ඩු සමයේ යෝජනා වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස
Read more...

විල්පත්තුව බදුර්දීන්ට - යාල මහින්දට

yala 1එක් රටක පරිසර පද්ධතියක් යනු පෘථිවියේ කොටසක් මිස එකී රටට පමණක් අයත් බූදලයක් නොවේ යන්න ලෝකයේ පිළිගැනීමයි. පරිසරය අයිති කාටද යන්න පිළිබඳ එක් පරිසර හිතකාමියකු මෙසේ සඳහන් කර තිබිණි. ‘බොහෝ දෙනෙක් මියගියා
Read more...

පලාත් පාලන ආයතන ඡන්දය හරහා 20 වැනි සංශෝධනය තිරිහන් කෙරෙනු ඇත - සුජාතා ගමගේ

 

eleමිශ‍්‍ර ක‍්‍රමයක් හරහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීමක් හඳුන්වා දීමට 20 වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වුණි. දැනටමත් එවැනි ක‍්‍රමයක් පලාත් පාලන මැතිවරණ සඳහා තිබෙන බව දන්නේ ඉතා ස්වල්ප දෙනෙකි.

Read more...

ප්‍රභාකරන්ගෙන් මහින්ද රාජපක්‍ෂට විවෘත ලිපියක් - ( දෙවන කොටස) - නිලන්ත ඉලංගමුව

mr prabaඔබට ඔබේ මව්පියන් දායාද කළ නිවහනේදී එනම් මැදමුලනේදී සඳහන් කළ කාරණා සහ ඔබ මුහුණ දී සිටින වත්මන් උභතෝකෝටිකය ගැන සලකා, මළගිය ඇත්තෙක් ලෙස ඔබ දෙස බලා ලිවීමට තීරණය කළෙමි. එම නිවස ඔබගේ පරම්පරාව කෙසේ ලබා ගත්තේද? යන කාරණා ගැන මෙහිදී කතා කිරීම නොවටිනා නමුත් එම නිවසේ මේ දක්වා පවත්වනු ලැබූ යන්ත්‍ර මන්ත්‍ර යාග-හෝම ප්‍රමාණය ගැන ඔබට වඩා පරලොව සිටින බොහෝ දෙනෙකු දන්නා බවා මා අසා ඇත. එවැනි කාරණා ඔබ විසින් කවදා හෝ “ගාන්ධි” යැයි සිතා ලියන ස්වයං-ලිඛිත චරිතාපදානයක ලියනු ඇතැයි බොහෝ දෙනකු තුළ මෝඩ විශ්වාසයක් ඇත. ඒ කිසිවෙක්, ඔබට ලිවීමට කෞශල්‍යයක් තැනැත්තෙක් බව නොදනිති. Read more...

චම්පික, සුජීව චින්තනය සහ යහ පාලනය

champika sugeewaසාමය ඇති කළ යුද්ධය දිනා දුන් කිසිවෙකුට දඬුවම් කිරීමට ඉඩ නොදෙන බවට අමාත්‍ය පාඨලී චම්පික දිවුරා කියා ඇත. නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනාසිංහත් ඒ කතාවම කී බවක් මාධ්‍ය වාර්තා කරයි. මේ ප‍්‍රකාශ දෙකම දේශපාලන ප‍්‍රතිඥා වෙති. එහෙත් රටේ නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහතික කර ඇති රටේ පුරවැසියාගේ ආරක්‍ෂාව මේ ප‍්‍රතිඥාවෙන් අහෝසි වේ. ඒ ටික චම්පික දන්නේ නැත. එහෙත් නීතිඥ සුජීව සේනාසිංහ දන්නවාය. Read more...

මහින්ද සහ ඉස්සා

mr salute 02

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ගැන මහින්ද රාජපක්‍ෂ කියන්නේ ඒ ඒකකය පිහිටුවා ඇත්තේ පොලිසියේ සුභ සාධනය විනය ගැන කි‍්‍රයා කිරිමට පනතේ ඇති රෙගුලාසි උපයෝගි කරගෙන බවය. Read more...

 

 

විශේෂාංග