17 December 2018
RSS Facebook Twitter   

මෛති‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රකාශය නැවත කියවීමක්

m3 12 18ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයෙන් ජනවාරි ජයග‍්‍රහණයට ඉන් සිදුවන සාධාරණයක් නැත. ඒ හරහා ඔහු තම අතපය සෝදා ගත්තා පමණකි. නොහොත් ඒ ප‍්‍රකාශය නිසා ජනාධීපති වරයාට හෝ සිදුවූ සුගතියක් නැත. පසුගිය දිනවල මාධ්‍ය තමා සම්බන්දව කළ කී දේ ගැන ඔහු සිනාසිණ. එසේම ඒ සිනාසිම තුල යම් තරවට්ටුවක්ද තිබිණ. ඒ ප‍්‍රකාශය කරනු අසා සිටි බිරියක් සිය මාධ්‍යවේදි සැමියාට කිවේ තමුසෙලාට තවත් මහින්ද කෙනෙක් සිටින බවය. ඔහු ඒ හරහා ඒත්තු ගැන්වූයේ කුමක්ද?

Read more...

රාජපක්ෂවරු විනාශ කරන්නේ කෙසේද? - මොහොට්ටි ආරච්චි

rajapaksasපවතින දේශපාලන දෝලනාත්මක වාතාවරණය දෙස මෑත ඉතිහාසයේ සිදු වූ සාහසික බලපෑම් සමඟ සංසංදනාත්මකව නිරීක්ෂණය කළ හොත්, ශ‍්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ සියලූම රාජ්‍ය නායකයින් අතරින් මව් බිමට ආදරය කළ නියම ආකාරයේ සිංහල බෞද්ධ නායකයින් ලෙස හදුනාගත හැකි වන්නේ දෙදෙනෙකු පමණි. ඒ අන් කවරකුවත් නොව සාහසික ත‍්‍රස්ත ඝාතනයට ලක් වූ රණසිංහ පේ‍්‍රමදාස මහතා සහ එවැනිම ඉලක්කයක කුරුමාණමක්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් පමණි. තවද එවකට අගමැතිව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිතුමාත් මේ පරාසය තුල හදුනාගත හැක. උපතින් ක‍්‍රිස්තියානි භක්තිකයෙකු වුවද විදේශයෙන් ලද උසස් අධ්‍යාපනයෙන් පසු හෙළබිමට පැමිණ පවුල් පසුබිම මත පදනම්ව සක‍්‍රීය දේශපාලනයට යොමු විමත් සමඟම බෞද්ධාගම වැළඳ, සිංහල බෞද්ධයෙක් ලෙස ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය ඇරඹීය.

Read more...

ඒ කියන්නේ ඩලස් හොරෙක්......? - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

dalas allahapperumaමෙවර රාවය පත‍්‍රයට ඩලස් අලහප්පෙරුම ලබාදී තිබුණ සම්මුඛ සාකච්ඡුාවේ මාතෘකාව ‘‘චෞරයෝ නැති දේශපාලන පක්‍ෂය මොකක්ද?’’ යන්නය. ඒ කියන්නේ ඩලස්ද හොරෙකි. දේශපාලන ආගම වැනි විෂයන් සම්බන්ධ විවේචනවලදී කෙරෙන විග‍්‍රහ බරපතල ය. ඒ ගැන සැකයත් නැත. එවැනි අවස්ථාවන්හී දෙන උත්තර විචාර ශීලි නොවුනොත් වැඬේ හබක්ය. එහෙම විචාර ශීලි නොවන විචාර විග‍්‍රහ ඉස්මතුවන්නේ මතවාදිව බංකොලොත්වූ විටය. අන්දරේගේ සමහර කවි කියවන විට අන්දරේද ප‍්‍රාඥයෙකු ලෙස දැනෙන්නනට පු`ථවන. එහෙත් අන්දරේ ගැන නොදන්නා බුද්ධිමත් කියවන්නෙකු අන්දරේ කවුදැයි සොයා බලයි. ඒ සොයා බැලිම තුල ඉස්මතු වන්නේ සැමුවෙල් රුද්‍රිගුලාගේ ඇනස්ලි ඩයස්ලාගේ වැඩ සටහනක වින්දනය පමණි. රාවය ලිපිය කියවා අවසාන වනවිට ඩලස් දි ඇති උත්තර සියල්ලට ලැබෙන වටිනාකම ගැන කියන්න ඇත්තේද එපමණකි.

Read more...

ශ්‍රී.ල.නි.ප. අර්බුධය : මහින්ද ද​..?, ජ​.වි.පෙ. ද​..?,එල්.ටී.ටී.ඊ.ය ද​..? - ඥානසිරි කොත්තිගොඩ​

slfp'සමහරු අලුත් දේශපාලන සංස්කෘතියක් ගැනකතා කරනවා.මොකක්ද අපේ දේශපාලන සංස්කෘතිය.අපේ දේශපාලන සංස්කෘතිය තමයි යූ ඇන් පී යට විරුද්ධවීම​''.- රත්නසිරි වික්‍රමනායක​. Read more...

පානම මිනිසුන්ගේ නොසිදුනු ධෛර්යය

panama 1‘‘මේවා අපේ ඉඩම්. අපි පරම්පරා ගානක් ජීවත් උනේ මේ ඉඩම්වල, අපිව මේ ඉඩම්වලින් පන්නා දැම්මේ අපිට ගහලා. දැන් අපි අවුරැදු 5ක් බලා හිටියා. අපිට මේ නිළධාරින් විශ්වාස නෑ. මේ ඉඩම් අපිට දෙන් ආණ්ඩුව තීරණයකරලා මාස 5කට වැඩියි. තාමත් අපිට ලැබුනේ නෑ. අද අපිට විසදුමක් දෙනකං අපි යන්නේ නෑ.‘‘ – පානම මිනිසුන් Read more...

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ ‘ව්‍යාකරණය’ වටහා ගැනීම

maithree in speechපසුගිය දා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජාතිය ඇමතීම, ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් කියවන්නේ, අන්ධයා විසින් අලියාව හඳුනා ගත් ආකාරයටයි. එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශ්වය එය දකින්නේ, මහින්දට දුන් කනේ පාරක් ලෙසයි. මන්ද යත්, මහින්දට නාම යෝජනා දීමට තමන් විරුද්ධ බවත්, මහින්ද දෙවැනි වරටත් පරාජය වනු ඇතැයි ඔහු කීමත් නිසා ය. තවද, විශ්වාස භංගයක් හරහා මහින්ද රාජපක්ෂව අගමැති තනතුරට ගෙන ඒමේ වෑයමක්ද තමා පරාජය කළ බව ඔහු කීවේය.
Read more...

වයිෆ්’ අද්මිරාල්ගේ විශ්‍රාම යෑම සහ සැබෑ වයිස් අද්මිරාල්වරයෙකුගේ ආගමනය - නිලන්ත ඉලංගමුව

wise admiralඅවසානයේදී ඔහු විශ්‍රාම ගියේය. එය සැබවින්ම දීර්ඝ අරගලයක ප්‍රතිඵලයක් වූ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම වගකීම එහිදී මනාව ඉටු කරනු ලැබීම භාග්‍යයට කාරණයකි. අද්මිරාල් ( විශ්‍රාමික) ජයන්ත පෙරේරා දීර්ඝ කාලීන “සේවයකින්” පසු විශ්‍රාම ගනු ලැබුවේ මෙරට නාවික හමුදා ක්ෂේත්‍රයේ සේවා දිගු ලබා ගැනීම් අතින් අමුතුම ආකාරයේ දේශීය වාර්තාවක් තබමිනි. තම වෘත්තීය ගරුත්වය රැකගෙන සේවය කළ නිලධාරීන්ට ‘කොකා’ පෙන්වා බලය ඇත්තා හමුවේ ආවතේවකරුවෙකු වී තමන්ට අවශ්‍ය අභිමතාර්ථයන් කරා ළඟාවීම සහ ඒවා අත්පත්කරගැනීම නමැති අප්‍රසන්න ඉතිහාසයේ තවත් එක් කතුවරයෙකු වූ හිටපු නාවික හමුදාපතිවරයා නික්ම යෑම නාවික හමුදාවේ උන්නතිය වෙනුවෙන් තීරණාත්මක වූ කාරණයක් විය. Read more...

ජනාධිපති සිරිසේන, ඔබට ස්තුතියි, ඒත්...... - සුනන්ද දේශප්‍රිය

maithripala sirisenaපසුගිය 14වනදා ජනමාධ්‍ය හමුවෙහි ප්‍රකාශයක් කරමින් රාජපක්ෂ සහ සනුහරට එලඹෙන මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය පැහැදිළි කිරීම ගැන ස්තුති වන්ත වෙමි. රාජපක්ෂ මෙරට අගමැතිවීමට නුසුදුසු බවට ඔබ කළ දිරිමත් ප්‍රකාශය නිසැකයෙන්ම අද දවසට අවශ්‍ය තීරණාත්මක දේශපාලන නිගමනය වේ. ජනාධිපති වන ඔබ රාජපක්ෂ දූෂණ සහ භිෂණය සමඟ මුහුන් නොවන බව රටට පැවැසීම අපට ශක්තියකි. Read more...

'මහින්ද දෘෂ්ටිවාදය' පරාජය කළ යුත්තේ ඇයි?

mr familytreeඑළඹෙන මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමෙන් ඔබ්බට ගිය සමාජ-සංස්කෘතික වගකීමක් බහුතර ශ්‍රී ලාංකියන් අභිමුව තිබේ. එනම්, 'මහින්ද දෘෂ්ටිවාදය' තුරන් කිරීමයි. ඇත්තෙන්ම, මහින්ද රාජපක්ෂ යනු තනි පුද්ගලයෙකු වුවද සාමාන්‍යයෙන් අප සමාජයේ සුලභව දැකිය හැකි සංස්කෘතික පසුගාමීත්වයෙහි තරම පසුගිය කාලය පුරාවටම අත්දැක ඇති,
Read more...

(අ) කාලෝචිත ගී සහ පිළිකුල් ශෘංගාරය

lssp carloලංකා සමසමාජ පක්ෂය තරම් දේශපාලන කොන්ෆිව්සියස්ලා බිහි කළ තවත් පක්ෂයක් ලෝකයේම නැති තරම්ය. පකක් කරටගත් වාසු  පමණක් නොවී  සිංහල වර්ගවාදී ෆිලිප්, දෙමළ වර්ගවාදී බාහු වලව් බෑයාත්, නීතිඥ කමටත් පක්ෂයටත් ව්‍යවස්ථා  සම්පාදනයටත් වෙන වෙනම ප්‍රතිපත්ති ගෙනගිය කොල්වින් සහෝදරයාත්, කොකා කෝලා කොම්පැණිය  පරිපාලනය කළ හෙක්ටර් සහෝදරයාත් නින්දට යන්නට පෙර හතරවැනි ජාත්‍යන්තරය ගැනත් ඉඳ හිට හිතා බැලු බව ලියොන් ට්‍රොට්ස්කි වත් නොදනී.

Read more...

දෙල්කඳ හංදියේ සිට......

delkadaඅරූගේ අඩවිය තුල මම අවුල් වෙන්නට පෙර නමින් මගේ ජීවිත කතාවේ මුල් කොටස් පනහක් පමන ලියා ඇත්තෙමි. ඒ තුල ඇත්තේ මා ගැන පමනක් නොව, හැත්තැව සිට අසූව දශකය හා බැඳුනු සමාජ, සංස්කෘතික, දේශපාලන, ආර්ථික සහ සම්බන්ධතා යැයි මම සිතමි. මම එසේ කියන්නේ වෙන කිසිවක් නිසා නොව, ඒ කතාව තුල මා හා සම්බන්ධව එකතුවූ පාඨක අදහස් නිසාවෙන්ය. මගේ කතාව තුල, ඒ හා බද්ධව අදහස් දැක්වූ පිරිස අති මහත්ය. ගණන් හිලව් අවශ්‍ය නැත. දිරි ගැන්වු සහ ව්‍යාකරණ දෝෂ ඉගැන්වූ අයද බොහෝය. ඒ සියල්ලටම මගේ ස්තූතිය!!

Read more...

 

 

විශේෂාංග