18 August 2018
RSS Facebook Twitter   

නීතිය රමණයේ.............

 

law1

 

උඹේ කන්‍යාභාවය ගැන
අපි හොදට දන්නව
ඇස් බැදන් මක්කරනවද
පිස්සු කෙළින් නැතුව
කඩුවත් අමෝරන්
කඩා පැනපිය
අවනීතිය මතට...............

( රිවිහාර පින්නදුව )

 

 

http://rivharapinnaduwa.blogspot.co.uk/2015/03/blog-post_9.html

 

ඒත් මේ ගිනි පිඹින මකරට හිතක් පපුවක් නෑ පුතේ .............-තුෂාර විතාරණ

 

childහිනා වෙන වත වහං කරනවා වේදනාවන් බෝමයක්
අැල කරං ඔය මූණ කියනවා දරා ගන්නට බැරි දෙයක්
ගතේ වැරහැලි හිතේ දුක් ගිනි කුසේ ගින්දර මහ ගොඩක්
පුතේ ඔය නෙත පුංචි කරලා කියනවාදෝ මට කුමක්

කොහෙන් අහුලා ගත් දෙයක් දෝ දරාගෙන ඔය කිහිල්ලේ
වතුර බෝතල් එවන උන්මයි ගිනි ගැහුවෙ උඹෙ කැදැල්ලේ
මටත් ගෙවලා මාව එවලා අැත්තෙ පෙන්නන්නට බලේ
කොහොම කරමිද මගේ පැටියත් උඹ වගේමයි හුරතලේ

අාවෙ අැයි දැයි අහයි නම් උඹ කුමක් කියමිද මං පුතේ
උඹේ අම්මා අප්පා මරනට තිබුණේ නෑ තරහක් හිතේ
ඒත් මේ ගිනි පිඹින මකරට හිතක් පපුවක් නං නැතේ
මූට අණදෙන මාමලා ගැන කියන්නං දවසක පුතේ

පුංචි අත් පා කන්න මොකවත් අහනවා නම් මං වෙතිං
කුසේ අැතිවත් අරං දෙන්නම් නිවන්නට කුස ගිනි උඹෙං
ඒත් උඹගේ හෙට දවස ගැන අහයි නම් දැනෙනා සැකෙං
කියන්නට දේ බොහෝමැයි මට නොතේරේ අරඹනු කොහෙං ..............


තුෂාර විතාරණ

-http://kurutugegeepawra.blogspot.co.uk/2015/03/blog-post_7.html

 

පිරිනිවන --රසික සූරියආරච්චි

 

ICU

ඇදෙත දුම්රිය ගොරතර
අවට දර්ශන බොඳකර
දිවෙන තුරු හිස මුදුනත
රැඳුණු සියොතුන් කොයි අද?

සතුට සැනසුම සිසිලස
මුවට නැගි ඒ මදහස
පැහැර ගත්තේ කවුරුද?
සසර හැටි මේ අයුරුද?

දුරු නුදුරු මතු දවසක
ලොවම නිදියන මොහොතක
කෙඩෙත්තුව ගත කකියන
සදහටම නිම වේවිද?

රැගෙන අවසර ක්‍ෂණයක
බලන කල තරණිත මග
රැගෙන යන්නට කිසිවක්
නොමැති බව වැටහෙනු ඇත

-රසික සූරියආරච්චි (මාර්තු 2015)

 

-http://rasikalogy.blogspot.co.uk/2015/03/eternal-truth.html

 

කන්ද උඩින් පායන සඳ

moon-at-night-over-mountain
මිහිදුම් සළු සේල ඉරමින් වත.......... පාන
කඳුකර කොමලියේ ඔබෙ රුව.... අසමාන
නුබකුස සිප ගන්න නුඹ බලනා....... මාන
සොඳුරියෙ ඔබ මෙන්ම මම දකිනෙමි හීන

සැඩ හිරු රැසින් හෙම්බත් වූ.. හඳ පලුව
පසෙකට දමා ඇත ඉඟවට.... ඇඳි සළුව
තුන් තිස් පැයේ තරු සමඟින් ඉඟි නළුව
දහවල පුරා ඇයි සඳවතියේ...... ගොළුව

අමාවකේ යෞවනයන්...... සොයා යන
ඝනඳුර ඉරා රෑ මැදියම........ ජනිත වන
හිරු පෑයූ කලට ඔබටය.... දෙවන තැන
සබැඳිය බැරි ඇයිද ඉන්නට එකම තැන

- කේඒ(එම්)එස්


සොරකම් කිරීම- තිස් වසරකට එපිටින් ලියා තිබූ අම්මාගේ කවි පොතක පිටුවකිනි..
The moon is a friend for the lonesome to talk to.
-Carl Sandburg
මහපොළොවේ ඉපදී ඔප නොදමා දිස්න දෙමින් මහ පොළොවටම අයිතිව වෙසෙන ඒ සුන්දර කිවිඳියට උපහාරයක් වනු පිණිස සද් චේතනාවෙන් ලියා තැබූ වගයි.

-http://kalahitha.blogspot.co.uk/2015/02/moon-friend.html

කව්රුද මට මා අහිමි කලේ ????- දිලිණි නිමන්තිකා

 

kum pottuහිමින් සීරුවේ මනියෙන් නොමිදුනු
සිනිඳු පියාපත් කුමුදු මලේ......
සහස් ගව් දුරක් ඇවිද ඇවිත් නැත
දිවියම ලපටියි තවම සිතේ......


මනියෙන් මුක්තව සිනහ සලන විට
කව්රුද වනනා දෑත දිගේ.........
පෙම් කඳ අරගෙන ඇයි දැයි නොදනිමි
සළු එලු යහනේ නෙතු වැසුනේ.......

kum2

 

 

 

 

 

වැව් තාවුල්ලට වැටී ඉපිර මල්
රැයක් පහන් වන හෝරාවේ....
ඔබට දයාබර නෙළුම් පතක් මත
පිණි බිඳු වැකුණයි සිහින් සැරේ....

4to wtr drops

 

 

 

 

ගත රස සොයමින් සිත දිවගෙන
පින්මද සෙනෙහස ලැබුනු වෙලේ.....
හදාගන්න හිතකියාදෙන්න මට
කව්රුද මට මා අහිමි කලේ.....

නිමන්තිකා

http://dilagelokaya.blogspot.co.uk/2015/02/blog-post_26.html

 

සිනා සෙන්නට අයිති නැත නුඹට පුත - සංඛ රඹුක්වැල්ල

 

eknaligodasonගුලි වේවී වැටෙන උණු කඳුලට
නොවේ අවසර ගිලිහෙන්න පුත
බැදගනින් මුව තදින් මෙලෙසට
සිනාසෙන්නට අයිති නෑ උබට මට

හොරු අරන් ගිය හීනයට
ලතවෙනා හැම නිමේෂයකම
කකියනා හදවතේ වැලපුම
නෑසුණේ ඇයි මේ තරමට උන්ට

තුරුල්ලේ උබ තොදොල් වදනින්
සැනසුවා අපි දෙන්නා සතුටින්
පිටියේ බට ගොන් රගර් කෙළියෙන්
තු‍ටු වුණා උන් වියරු විලසින්

හීන ඇත්තේ උන්ට විතරයි
දුක තියෙන්නේ අපිට විතරයි
ලබන්නේ හෙට අලුත් දිනයයි
බලාපොරොත්තුව පමණක්ම ඉතිරියි

උදාවන හෙට දිනයේ එළියෙන්
දකිමු හීනය අපි දෙන්නා සතුටින්
මියැදුනේ නැති බලාපොරොත්තුවකින්
එනවා යළි ඔහු පුරුදු විලසින්.
-සංඛ රඹුක්වැල්ල

 

ඔයා දන්නව නේද?.................රිවිහාර පින්නදුව

flying love heartපොද වැස්ස වැටෙනකොට
කුඩය යට ඉන් නැතුව
වැහි දියට ඉඩදෙන්න
හෙම්බිරිස්සාව හැදිල කැහැ කැහැ
අඩුවට කොත්තමල්ලි බොන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
පාරෙ වම් පැත්තෙන් ඇවිදින්න
කහඉරි නැති තැන් බලල පාර පනින්න
රෑට උදේට කාල
හවසට දවල්ට කන්න
තේ බීල අත හෝදන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
රෑට හීතළේ මිදුලට යන්න
තණ බිස්ස උඩ නිදාගෙන තරු ගණින්න
මුහුදු වෙරළට යන්න
වැල්ලෙ ලොකුවට අපේ නම් ලියන්න
මුහුද රැළි ගහල
ඉවරවෙනක්න් බලන් ඉන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
මල් අතුුල මාවත ළගදි
කටු අකුල් මග දෙසට යන්නට
කළුගල් මත ඉදන්
පිච්ච මල් කවි පබදින්න
කුරුළු ගීයක තානමට
සමනළ පියාපතක් මත රගදෙන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
සටන් පාට මෘදු ස්වරයට
අව්කට්ට සීතළයි
කදුළු ගෑස් පෙම්බරයි
වෘක්කයින් එක්කල
තේ හැන්දක් අරන් සටනට යන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
කුණු ගොඩක් උන ලෝකයක
නිළ මැස්සෙක් නොවී ඉන්න
මහා ගිරිශිඛරයට
අතකැඩී ලේ ගැලුවත්
එක කුළුගෙඩි පාරක් හරි ගහන්න
මද පවනෙ සැදෑවක
නුඔ දෑත් අල්ලන්
අවරදිග අහසෙ පියඔන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?

( රිවිහාර පින්නදුව )

-http://rivharapinnaduwa.blogspot.co.uk/2015/02/blog-post_21.html

ඔය අත ගන්න එළියට - මංජුල වෙඩිවර්ධන

 

manjula poem Read more...

සල්ලිත් නැති සනීපත් නැති කැද වගතුවක් නැති

 

All hope is lost by KiraUsagi

සල්ලිත් නැති
සනීපත් නැති
කැද වගතුවක් නැති
කිසිම ලකයක් නැති

ලකයට මලක නම් ඇති
අතේ පිච්චියක් නැති
හොයන තැන් ලැබී ඇති
හිතට වාවන්නේ නැති

නොකරපු දෙයක් නැති
කරපු ලබ්බකුත් නැති
නිකං ඉන්නෙමත් නැති
කරපු මගුලකුත් නැති

නොහොද කරලාම නැති
කරන හොද යලි හැරෙති
අතගහන රන් ඇති
පහුවදා අගුරු වෙති

සමාජෙන් හොදක් නැති
ගෙදරිනුත් ප්‍රශ්න ඇති
ගොඩ යන්ඩ මගක් නැති
ඇයිද මං උනේ ඇති

මැරෙන්ඩත් හිත ඇති
ඒකටත් වරං නැති
මැරිලවත් ඉවර නැති
අපවාද එමට ඇති

දුක ඉවර කරල ඇති
බුදු රජුන් කියල ඇති
ඒ මගත් යන්නේ නැති
අවුල් තැං ටිකක් ඇති

 

--අටම්පහුර 

--http://atampahura.blogspot.co.uk/2015/02/blog-post_24.html

 

අග මුලක් පේන්නැති ..
ජීවිත ගමනක ඇති ....
අනිත්‍ය මෙතන ඇති...
අනේ ඒකෙත් හැටි ..

කියන්නට හිතේ ඇති ..
සිතුම් විසිකරපු හැටි..
අපූරුයි කියන්නැති ..
මේ දෑස මක්කටයි ...

-- ඔමායා

 

පෝලිමද? පාලමද?

the white bridge
ගඟ දියෙන් පිපී විත්
ඇග දවන සීතලක
හිමිදිරිය බව දැනම
පෝලිමේ කෙළවරක

අත් තටු ගසා විත්
විහග කැල එබෙනවා
සීරුවේ එක දිගට
සුදු පීත්ත පේනවා
ඒ මැදින් හරි ලකට
කඩ ඉරක් දුවනවා
පාලමේ දිලිසීම
ඉර නැතත් තියෙනවා

කළු පාට සුදු පාට
සැප කාර් එක දෙකක්
සුදු පාට එළි දමා
සැරවැරෙන් ඉගිලුනා

ඇස් දෙකට වාරු නැති
අත පයට හයිය නැති
කඩමාලු අත් දෙකට
වෙව්ලුමක් දැනෙනවා

නිදි නොමැති රෑ යමෙක
බඩගින්න ඉවසගෙන
පෝලිමේ කෙළවරක
පරඩැලක් වැනෙනවා

හව් හරණ උදව්වක්
නැතිම වී ගිය විටදී
තව ටිකෙන් වැටෙන්නට
ඉඩ උනත් තියෙනවා

ඇස් දෙකින් ගිනියම්ව
ඇග පුරා සීතලව
කුසගින්න බලවත්ව
නිදි යහන පෙනෙනවා

පරඩැල්ද සුලග සේ
බිම කරා දුවද්දි
තවත් එක් පරඩැලක්
වැටෙන පරඩැල් අගට
යහනාව තනනවා

තිබුනනං මට ඉඩක්
පාලමේ සුදු යකඩ
ගලවගෙන මෙහි ඇවිත්
අත් වාරු හදනවා

නිමිත්ත - පාන්දර යාමයේ ආණ්ඩුවේ ඉස්පිරිතාල පෝලිමක මහ පාර වෙන්නටම කෙළවරේ ගත වාරු නැතිව වැටෙන්න ගිය ලෙඩෙක් අල්ලාගත් තවත් එවැනිම ලෙඩෙක් දැකීම... පෝලිමට අඩි කිහිපයක් එහායින් කෝටි ගානක් වැය කොට සකස් කළ කිරිම කිරි පාටින් බැබලෙන සුදු යකඩ පාලමකි....

 

--http://deshakaya.blogspot.co.uk/2015/02/blog-post.html

තාත්තා....

katusu3මෙච්චර සැලකිල්ලක් මට....
ඇයි.....කවුද මම නුඹේ
අහිමි පසු ගිරිදඹේ අත් වාරුව
වූවා නුඹ අත්වැල.... කිසිදිනක අත් නොහැරෙන
මා සිරුරත උණුසුම් කරමින් දිව යන්නේ
රුහිරු නොවේ නුඹගේ.....
ඒ රුහිරුයි වෙනකෙකුගේ.....

මෙච්චර කැපකිරීමක් කොහොමද....
තමන්ගේ නොවන පිට කෙනෙකුන්ට
තමන්ගේ'යැයි සිතූ සෑම කෙනෙකුන්ම
අහක බලද්දී.....
නොගොස් ඒ අත ඔබ කෙරූ වික්‍රමය
ඇත්තමයි ශ්‍රේෂ්ඨයි....

සිතන්නේ කෙලසින්ද
ඔබ මගේ නොවෙයි කියා
දැනෙන්නේ නැතුව ඇති
මට වගේම නුඹටත්.... අපි දෙන්නා
පිටවුන්'යැයි කියා
සිතන්නේ නැතුව ඇති
මම වගේම නුඹත්
අපි අපේ නොවේ කියා....
කරන්නම් සියළු දෙය නුඹ සිතේ සතුට එන
හැබැයි මට අවැසිමයි
අවසරය නුඹ සිතින් මයිලනුවණි
තාත්තාටත් වැඩිය තාත්තෙකු වූ නුඹට
අමතන්න වරක් හෝ
තාත්තේ'යැයි කියා.....


කටුස්සා...

විශේෂ ස්තූතිය -"අවන්හලේ" මහේශ් සහෝට.

--http://katusuhadawatha.blogspot.co.uk/2015/02/blog-post_19.html

 

 

සයිබර් පවුර