16 October 2018
RSS Facebook Twitter   

"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර අගනා- දිලිනි නිමන්තිකා

 

"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර අගනා
සියපත අගක රැඳි මුතු පිනි බිඳු සේම
නෙතු අග රැඳුනි තුටු කඳුළැල් රැලි බෝම
හමුවී දොඩා සොයුරන් මිතුදම් රෑන
මම සැනසුනා බ්ලොග් අඹරේදි මුළු රෑම

පොඩි බස්සියෙක් ඇවිදින් මා වෙත හනික
නුඹ දිලිනිදැයි ඇසුවා හිනැහී විගස
දැනුනේ වෙන කිසිත් නොව නුඹ වත සේම
හරි ලස්සනයි හදවත සඳ තරු සේම

ඉවාන් මාතෙ කලණ මිතුරු ප්‍රා දසයා
කරමින් විහිළු තහළුද සැම සිහි කරලා
මනා තත් වයා සැම කන්කළු කරලා
අපි තුටු උනේ සැමගේ දස්කම් දැකලා

අතිනත පටලවා සුභ පතලා දොඩලා
උණුසුම් හාදුවක් දී දෙකොපුල හැඩකරලා
මේ මල් යාය විකසිත කරනට බබලා
"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර අගනා

-දිලිනි නිමන්තිකාNelum-Yaya-02-1

-http://dilagelokaya.blogspot.com/2015/03/blog-post.html

 

යායට පායනා...

 

නෙළුම්  යාය  සහෘද සමුහයේ තේමා  ගීතය 

Dila1

යායට පායනා...

නෙළුම් විමානෙක
හෙල්මැලි වැහැලා
සුවඳ ගසාගෙන
එයි වතුරේ

එකට එකතුවී
සුවඳ නෙලාගමු
මේ මල් හෙටටයි
අද පිපුනේ

රංචු ගැසීලා
කුසුම් නෙලාලා
හෙල්මැලි මාලය
ගොනුගැනුනේ

මලට වතුර ගොනුකළ
නිල් විලටයි
ඒ මල්මාලයෙ
පෙති සැදුනේ

යායට යායම සිරස නමාගෙන
පවනට මුසුවී දඟ මැව්වේ
මහබෝ වන්නම ලැජ්ජා හිතිලද
නටුවෙන් බෝපත් අත් මිදුණේ...

 

--http://dilagelokaya.blogspot.co.uk/2015/01/blog-post.html

 

 

 

මම තොප නොහඳුනමි - මංජුල වෙඩිවර්ධන

pasan kodikara 123

Read more...

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2014

 

Nelum-Yaya-02-1
පුරවැසි ජනමාධ්‍ය භාවිතාව  ප්‍රචලිත කිරීමටත් , බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් බ්ලොග් ලෝකයේ නුදුටු සීමා අතික්‍රමණය කිරීමට නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන බ්ලොග් සම්මාන උළෙල මේ මස 26 වනදා සවස 2.00 සිට සවස 6.00 දක්වා පැවැත්වෙයි.
Read more...

මාෂා සහ වලස්සු - සඳුන් ප්‍රියංකර

girl

Read more...

සිහිනයක්. - මනොෂ් සඳරුවන්

childrenඅඬගසයි මට අඬගසයි.. ගිම්හානයක සිට අඬගසයි...

ගිනි හුලන් හමා යන
මද්දහන ගිනි ගහන..
සියඹලා මැයි මාර
වදුලකින් සෙවන උන..
තක්සලා මාවතක්
සිහිනයක ඇඳ තිබේ..

දුෂ්කරම පාසලක
අහිංසක මල් කැකුලු..
පංතියක කොට බිත්තියෙන්
එබි එබී බලනයුරු..
නොදුටු ලෝකයක අරුමැසි..
මැවි මැවී නෙත් පුරා
පුබුදවයි මගේ හද..
දිනක් එනු ඇත
මමද එහි යන..

ගඩා ගෙඩි සියඹලා
අඹ දිවුල් වැල වරකා..
දහදියට එකතු වූ
ඒ කැලෑ මල් වලින්..
හමා එන සුවඳකැන්..
හද පුරා විඳගන්න
පාරමී පුරමි මම..

බොර පාට කමිසයයි
ඉරුණු නිල් කලිසමයි..
ගොවි බිමේ උදැල්ලෙන්
තිලිණ ලද කරගැටයි..
මහ පොලොවෙ පය ගැටී
ගල් තැලුණු පා යුගයි..
හා එක්ව එකට යන
අව්‍යාජ නුඹෙ සිතයි..
අඬගසයි මට අඬගසයි..
ගිම්හානයක සිට අඬගසයි...


ඉඩ හසර ලද ඉසිඹුවක.. කඩිසර ජංගමයෙන් අසීරුවෙන්.. නුහුරු කවි බසක පෙරහුරුව..

-http://masandumal.blogspot.co.uk/2015/03/blog-post.html

මනොෂ් සඳරුවන් 

ඉඳින් ප්‍රිය සබඳ නුඹත් දැන් සතුටින්ද.- සුභාෂිනී චතුරිකා

 

chathurikaසඳ අරක් ගත් අහසට
කැමති නැහැ ඔහු
හිරුත් එනවට,
හිරු නොමැති අඳුරත්
තරු පිරිවරත් නම්
ඔහුගේ ලෝකය...
එකී නොවෙනස් නීතිය
අමතක උනාද මොහොතකට
අපි පෙම් කරමු යැයි
ගිවිස ගත් ඇසිල්ලේම
ලෝ දහම එයනම්
දුකක් නැහැ සිතට
හිරුත් දැන් සතුටෙන් ....
හිරු නොමැති අහසක
නුඹට රජ වෙන්න
හිරු තවමත් එලිය දෙනවා අඳුරේම…
ඉඳින් ප්‍රිය සබඳ...
හිරු කිසි දිනෙක නොනැගෙන..
අඳුරු අහසේ
තරු පිරිවරද සමගින්..
නුඹත් දැන් සතුටෙන්ද...


-සුභාෂිනී චතුරිකා 

 

හීන ඔතන්නී- සංජුල ඕෂනී

girl making ciga Read more...

ඔබ.... - දිමුතු සොම්නස්

 

love
තෙත වැදී පුස්කාපූ නෙතු අගට නොකියාම
ඉරි තැලී වියළි ගිය දෙතොල පෑ සිනහ බිඳ
ඇළුම්කල මා සිතින් සුරකින්න හැමදාම
ලඟ ඉන්න දුර නොයා විඳ විඳම මා සුවඳ

මල් පිපී සිනාසුන නිමේශෙක හමුනොවුන
වියළිබිම මත ඇදුන සිසිල් දිය මගකි නුඹ
ලන්නොවී විඳගන්න සිතුවමුත් දෙනෙත් මග
අනේ පුදුමයි මටම දියට බට මා ගැනම

සන්සුන්ය දිවි පෙවෙත නොමැති කිසි දඟ තාල
රැවටුනෙමි පෙර එදා ඇගේ ලග නිසල සිත
දඟකාර නුඹේ හද පතුලෙ රැඳි මිනිස්කම
සුවඳ විදි මගෙ සිතින් කෙසේනම් හැරයම්ද

සුරකිම්ය නුබව මම මගේ මුළු දිවිය ලෙස
හැරදමමි මගේ සිත් රැදුන හැම සෙවනැලිම
දුක් නොදෙමි කිසි දිනක ඔය නෙතට කඳුළු එන
ඉපදුනෙමි නැවත මම නුඹලගදි සෙනෙහෙ විඳ

කටුස්සා....

 http://katusuhadawatha.blogspot.co.uk/2015/03/blog-post_9.html

ලිබියානුවන්ට... - ආර්.එම්.එම්.බී. රඹුක්වැල්ල


gadaFi Read more...

කලඹන්න පුළුවන්ද පොකුණු දිය - අමාලි මුණසිංහ

 

amaly1කහ ගැහුණු ධෝතියක් හැඳ
බොකුටු වූ කැරළි කෙසින් යුතුව
ඔබ හිඳ සිටියේය
රඹ පැහැ ගත් ගල් තලාවලින් වට
පොකුණු ගැට්ටක
සන්ධ්‍යාව එළඹෙද්දී
එකම එක වදනක් ඇසුවේය ඔබ මගෙන්
"කැමතිද?"

අහෝ පෙම්වත
සිය දහස් වසර දුර ඈත
බැඳුමකිය ඔබේ ඇස
ශීත සෘතුවක පවා
උණුසුම ගෙනෙයි මතකය

බැල තණ නටුවකින්
කලඹන්න පුළුවන්ද
ඔබට ආයෙම පොකුණු දිය?

Picture - Anastasov Oleg

-http://amaleymunasinghe.blogspot.co.uk/2015/03/blog-post_7.html

 

 

 

සයිබර් පවුර