22 May 2018
RSS Facebook Twitter   

පාරමිතා.......! - සමන් ජයතිලක

dream

Read more...

කාලෝ අයන්තේ

 

kalo

 

 

 

 

 

 

කාලෝ අයන්තේ
කාලෝ
කරපු හොඳක් ඇත්නම් අරගෙන
චුත වෙන්ට

 

 

 

 

 

 

 

-http://bitternight.blogspot.co.uk/2015/06/blog-post_18.html

 

මරභිය චක්‍රය-cycle of fear for your life to continue if you are not vigilant?

marabiya cycleඋපුල්වන් දෙවියන්

හා ගල් පෝරියල්

අමු සමග ඩිනාර්, ඩොලර්

ඇල්කොහොල් සමග කක්කා?

මග එනවා

ඇහැරිලා බලපන්?

ප්‍රොෆ් සරත් විජේසූරිය

රඟන්නේ

එකල කාලෝ රැඟු චරිතයයි.

කාලෝ

ඔබට මක්ක වෙලාද?
පුදුමයි!

හොඳ සිහියෙන්ද?

http://dayal-bathee.blogspot.co.uk/2015/06/cycle-of-fear-for-your-life-to-continue.html

බල්ලෝ සහ මිනිස්සු

 

fgggජීවත්වෙන මිනිස්සුන්ගේ
පාලනයට තෝර ගත්තු
බල්ලන් රෑණට දැන් හරි
වැඩක් වෙලානේ

හැම එකාම නැට්ට හපං
ගහන ගහන හැම ගේමම
උඩින් ඉන්න බල්ලෙක් ලඟ
නතර වෙලානේ

මහ බල්ලගේ මොලේ ලගදි
බලුවී යන අනිත් බල්ලෝ
තැන තැන රැස්වී හොරාට
කෙඳිරි ගාන්නේ

ඇල්සේසොන් කියා හිතන්
වල්බල්ලෙක් ලොකු කරගන
කටුකන බල්ලෝ පොදියක්
සැරින් බුරන්නේ

වල් බල්ලත් පන්සල් ගොස්
පර පෙනුමත් වසන් කරන්
සාදු කියා මහ හයියෙන්
උඩු බුරලන්නේ

ඒ බල්ලා වටේ ඉදපු
වල් බල්ලන් සමහරක්ට
ලොකු බල්ලා මස්කටු දී
තුරුලට ගන්නේ

මේ බලුපොර අස්සෙන් ගොස්
වැඩි කලබල නැති බල්ලෙක්
මස් කට්ටත් කටින් අරන්
පැත්තට වන්නේ

මේ බව දුටු බලු රෑණක්
ඒ බල්ලා වටේ ඉදන්
ලෙව කන්නට කට්ට ටිකක්
බලා හිඳින්නේ

අවුරුදු විස්සටත් වැඩිය
සද්ද නැතිව හුන් බල්ලත්
වටේ ඉන්න බල්ලන් දැක
දැන් බුරලන්නේ

චන්ඩි කියා හිතා සිටින
තව වල් බලු රෑණක් ලොකු
කතා කිය කියා තැන තැන
දේශන දෙන්නේ

පාලනයට උන් තරමට
තවත් බල්ලෝ නෑ කිය කිය
අතලොස්සක් එකතුකරන්
සිහින මවන්නේ

කොළඹ යන්න මග පණ නැති
නාකි බල්ලෝ දෙතුන් දෙනෙක්
පකය නෙලා ගන්න මුවින්
කෙල බේරන්නේ

උන් නටනා වන්නමකට
බෙරේ ගහන්නට සැරසී
බඩ පපුවට ඇළුන ජනයා
බලා හිදින්නේ


කටුස්සා....

-http://katusuhadawatha.blogspot.co.uk/2015/06/02.html

 

කවි ගලන සමවාරයක්*

samovargirlහිම සූරයි වීදුරු කවුළු පත් වැළපෙන වලාකුළු හිම කෙත්
තිරිඟු අහුරක් විසි කරන කුඩා කෙල්ලන් පේළියක්
ක්ලෝඩ්ගේ ඇස් ළඟ ඉර වුණත් පළිඟුවක්
ඔබ ඉරා දැමු කල හදවත කවි ගලන සමවාරයක්* 

-http://amaleymunasinghe.blogspot.co.uk/2015/06/blog-post_6.html 

මං රාහුල, සිදුහත්ගේ පුතා... ඔව් එකම පුතා

Prince Rahula and Buddhaහැමෝම ..

මුලු ලෝකයාම

දැන් දැන් සිදුහත් ගෞතමයානන්ට ආදරේ කරන්න

පටන් අරගෙන

ලොකු පොඩි පිළිම

කඳු උඩ

හංදි ගානේ

බස් නැවතුම් ගානේ

අහස සිඹින

දා ගැප්

වෙහෙර විහාර

හ්ම් .....
දාන මාන
පිරිකර,,
මගේ පියාගේ නාමෙන්....

ඒත්..

මට ඉරිසියාවක් නෑ ඒ ගැන

සිදුහත් ගෞතම කියන්නේ මගේ පියා

ඔහු මට කළ

මගේ මවට කළ

අසාධාරණේ

ගැන කතාකරන්න

ඔව් මහා අසාධාරණේ ගැන

වසර ගනනාවක් මුලුල්ලේ අපි වින්ද වේදනාව ගැන කතා කරන්න

එක උපාසකයෙක්වත්

එක උපාසිකාවත්වක්

රහත් පලය මග පල ලැබූ උතුමෙක්වත් හිටියේ නෑ

තවමත් නෑ

මගේ යාලුවෙක් යාලුවෙක් හිටිය එඩ්වර්ඩ් කියල

එඩ්වර්ඩ්ගෙ පියාගෙ නම කාර්ල් මාක්ස්

මගේ යාලුව කියන්නේත් ඒ ටිකමයි

මගේ පියාටවත් මෙය තේරුනාද

අනේ මන්ද?

මොන පිටකයේද අපි ගැන තියෙන්නේ

අපි වින්ද වේදනාව ගැන තියෙන්නේ?

මගේ පියා කොහොම හරි නිවන් ගියා

එතකොට මං

මගේ දුක් වින්ඳ ආදරණීය අම්ම??

-http://dayal-bathee.blogspot.co.uk/2015/06/blog-post.html

ළමා කෝමල පෙතී - සුනිල් ගාමිණී

somaකුලුණු තෙපුළින් දොවපු ඇත්තී........

අග්‍රගන්‍ය කලාකාරිනියක වූ සෝමලතා සුභසිංහ පැරීසියේ පදිංචිව සිටියේ ලයනල් ප්‍රනාන්දු මහතා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අවදියේය. ඒ කාලය තුළ ප්‍රංශයේ පිහිටි කෝ. ආනන්ද හිමියන් වැඩවාසය කරන පැරිස් බෞද්ධ විහාරයේ ධම්ම චක්ඛ දහම් පාසලේ දරු දැරියන් සහභාගි කර ගෙන, නිර්මාණය කළ ළමා නාට්‍ය දෙකක් ප්‍රසිද්ධ වේදිකාවට ගෙන ආ ඇය, සැමියාගේ සේවා කාලය නිමාවීමෙන් පසු නැවතත් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට සූදානම් විය. මේ කව ලියැවුනේ ඇගේ ඒ සමුගැන්ම වෙනුවෙනි. Read more...

ඉතින් අහිමිද අපිට කවි කම්?

 

basukavi1පැසුණු හිස් – රන් උපැස්
දිග රැවුල් – ඇදවුනු තොල්
අවැසිමද කවියකට ඉසියුම්?

මත් – විරිත් – අකුරෙන් අකුර ගැලපුම්
යවහන් දොසැර අත් බැඳ දිමුතු-මුතු යදමින්
එතකොටද කැප කවිකම්?
කැපවෙන්න නංගි කවිකමට දිවිහිමියෙන්!
ගුරුකුලයකින් ලැබෙත් ඇරයුම්…

හතරේ කණිසමට පිබිදෙන
හොදි උයන – බත් මුල් බඳින
හෑන්ඩ් බෑගය බදා බසයෙක එල්ලෙන
ගැස්සි ගැස්සී යන’තර අකුරු අමුණන
අළු දැරියෙක්මි මම නම්
ඉතින් අහිමිද අපිට කවි කම්?

http://basukavi.blogspot.com/2015/05/56.html

 

මොණර ගීතය

upeksha1කඩදාසි රුවකි මා
ගිනිගොඩක් මුරකරන
පොඟන අත්දෙකෙන් යලි
දර කැබලි ලංකරන....

විතකි මීවිත කැවුණු
රෝසකටුවෙන් අනින
බරැති තටු පිරිමදිමි
ඔබේ පිහියට කැපුන.....

http://upekshad.blogspot.com/2015/05/blog-post_29.html

 

 

සයිබර් පවුර