18 August 2018
RSS Facebook Twitter   

පේරාදෙණි මතකය.. - සමන් ජයතිලක

 

couple peradeniya හමායන සුලන්  රැළි
වලාවක සුපිපි
සිනහවක පෙති මත රැදුණු
ඉනාවක් වුනා  නුඹ මට

කලාවක් ලෙස දුටු ඒ
නිබඳ  කඳු මුදුන මත දිලෙන
පාට පීදුණු හිරු රැස්
මතකද හන්තාන මත .......

වෙලාවක් තිබුනේ නැති මුත්
සරාගී හිතකට සිතන්නට
කෙතරම් සුන්දර ද
කටු අකුල් මත ඇවිද ගිය මාවත

නිසල් ගොඩනැගිලි වල
සෙවනැලි යටින් ගලාගිය
නොලියුවු  කල්පනා
සිංහයා ගිලගෙනද ?

විසිරුණු මල්  මාවතෙන්
සෙමෙන් පියමන් කරන
සෙවනැලි තවත් නම්
ඇතිද පෙරදා මෙන් ...

ලිව්වට කමක් නෑ
එපා දමන්නට ගගට ..
මතකය මහවැලියට...
සුන්දර ..පේරාදෙණි!



 

 

සයිබර් පවුර