22 May 2018
RSS Facebook Twitter   

පාරමිතා.......! - සමන් ජයතිලක

dream පවස නිවනු
සවසක විත්
වගේ මිහිරි
විතක් විලස

වී එමි ගත
සිත සනසන
මද පවනක්
වෙලා ළඟට

කොහෙන් ඇවිත්
යන්නද මේ
ඉක්මන් ඇයි
සුළග විලස

ආවෙමි මම
යාම පිණිස
නික්ම යාම
එකම තැනට

කෝල බැලුම්
මාල බැඳුම්
වී නැත සිත්
සිහින රැගුම්

කාල වෙලා
ඇත්නම් ඉමු
පතා සොඳුරු
සිහින පැතුම්!

 

 

සයිබර් පවුර