16 October 2018
RSS Facebook Twitter   

අතීතයෙන් අහුලා ගත් කවියක්‌ - ජයතිලක කම්මැල්ලවීර

 

doughter

මිදුලේ වැලිබත් උයන
මගේ පොඩි දූ
හදිසියේ යමක්‌ මතක්‌ වී
දිව එයි ලෙඩ ඇඳේ සිටින මා වෙත

 


ඇවිත් ළං වී විමසයි
'ඔයාට තනි නෑ නේ ද තාත්තේ?"
දිව යයි යළිත්
මිදුලේ සෙල්ලම් ගෙයට


නැවතත් මොහොතකින්
දිව අවුත් මා වෙත
විමසයි
'ඔයාට තනි නෑ නේ ද තාත්තේ
චුට්‌ටක්‌වත් තනි නෑ නේද තාත්තේ?"


මිදුලේ සිට මා වෙත
දිව ආ හැකිය මොහොතකින් අද


එහෙත්
අනාගතේ යම් දවසක
කොතැනක හෝ දුර බැහැරක
දරු පැටවුන් සමඟ
ජීවිතේ ගැට ගසා ගන්නට
දත විකා බර අදින විට


වහා දිව එනු නොහැකි ව මා වෙත
දුකෙන් විමසනු ඇත සිතෙන්
'ඔයාට තනි නෑ නේ ද තාත්තේ
චුට්‌ටක්‌වත් තනි නෑ නේ ද තාත්තේ?"

දිවයින - වටමඩල උපුටා ගැනීමකි .

 

 

 

සයිබර් පවුර