20 February 2018
RSS Facebook Twitter   

ළමා කෝමල පෙතී - සුනිල් ගාමිණී

somaකුලුණු තෙපුළින් දොවපු ඇත්තී........

අග්‍රගන්‍ය කලාකාරිනියක වූ සෝමලතා සුභසිංහ පැරීසියේ පදිංචිව සිටියේ ලයනල් ප්‍රනාන්දු මහතා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අවදියේය. ඒ කාලය තුළ ප්‍රංශයේ පිහිටි කෝ. ආනන්ද හිමියන් වැඩවාසය කරන පැරිස් බෞද්ධ විහාරයේ ධම්ම චක්ඛ දහම් පාසලේ දරු දැරියන් සහභාගි කර ගෙන, නිර්මාණය කළ ළමා නාට්‍ය දෙකක් ප්‍රසිද්ධ වේදිකාවට ගෙන ආ ඇය, සැමියාගේ සේවා කාලය නිමාවීමෙන් පසු නැවතත් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට සූදානම් විය. මේ කව ලියැවුනේ ඇගේ ඒ සමුගැන්ම වෙනුවෙනි.

මේ වන විට ඇය මෙලොවෙන්ද සමුගෙන ගොස් හමාරය. උතුම් වූ නිවන් සුව ලබා ගන්නා තුරු ශ්‍රී ලංකාද්වීපයේම නැවත උත්පත්තිය ලබත්වායි අප ප්‍රාර්ථනා කරමු!

ආයු බෝ වේවා !
රැඟුම මෙන් ගැයුම ගැන
හසරක් නොදත් පොඩි උන් ටික
මුතු දිමුතු සේ ගෙන
අපූරුයි නුඹ පෑව පෙළහර

දෙපා පොඩි නංවා
රන් රසු දැල් ද බන්ඳා
සබාවට කැන්ඳා
නුඹයි නව නළු පෙවූ අම්මා


ළමා කෝමල පෙතී
කුළුණු තෙපළින් දොවපු හැටි නිති
දැකුමෙන් උපන් පෙම් බැති
දිනිඳු ඇති තෙක් මිලින වනු නැති

සරසවියගෙන් නුඹ ලද වරම්
දනට ගත් අපෙ පොඩි එවුන්
හෙට දිනේ ලොව දිනන්නේ නම්......
ඒ.. නුඹ තැනූ හිණි දඬු මතින්

පරමණ්ඩල සේවේ
නිම විය හිමි සඳ ගෙ කාලේ
නුඹෙ විපිළිසර රාවේ
තුෂර ගිණි ගති හේමන්ත කාලේ

නෙතු අග පිපුණි කඳුලක්
දෙ අරුතක් තිබුණි ඊටත්
එකකි දියණියගෙ නැඟුමත්
අනෙක නුඹගේ වියෝවීමත්

නුඹේ සිප් සිඳු මැදුරට
කැඳවා පොවා පිණි කැට
තරසර කළෙන් දෝණිව
පතන්නෙමි බෝ ආයු ලැබුමට

සුනිල් ගාමිණී

 

 

සයිබර් පවුර