22 April 2019
RSS Facebook Twitter   

විතියා දුවේ විතියා ඔබේ

vidyaනපුරු බියකරු තිරිසනුන් වෙද
එලොව මෙලොවේ  භූතයින් වෙද
මලක් පොඩිකර තලා පණ බිඳ 
ලොවක් නැත  මෙතරම් සසළ හද 
 
විතියා දුවේ...විතියා නගේ..
විතියා මගේ.. විතියා ඔබේ..
 
යුධයකින් පසු අස්වැන්න  ලැබුනා
මිනිස්කම් මළ හිත් හැඟුම් පිරුනා
කුරිරුකම් කුර ගගා බිම සරනා
මල් කැකුළු පෙති මිළින වී වැටුනා
 
විතියා දුවේ...විතියා නගේ..
විතියා මගේ.. විතියා ඔබේ..
 
ඉම කොනක් නැති අනන්තයදෝ
නිදහසක් නැති තුන් බියක් දෝ
කරටි ගිලිහුණු තල් අරඹ දෝ
උතුරු හදවත කඳුළු කොහෙදෝ
 
විතියා දුවේ...විතියා නගේ..
විතියා මගේ.. විතියා ඔබේ..
 
උදය ආර්. තෙන්නකෝන්

 

 

සයිබර් පවුර