22 April 2019
RSS Facebook Twitter   

මඩකලපුවෙන් යලි සීගිරි යන්න එපා - අනුර හෑගොඩ

 

 

sigiriya

දින ගැන ගැන නොනිඳා සිටිනෙමි රෑම (night)
සිත හඬවයි මදහස ඔබගේ පේම
කැටපත් පවුරෙ ලියවුනෙ ඒ නම කෝම
ආදරයක් තිබුනයි සිත තුල බෝම

 

මඩකලපුවෙන් සීගිරි ගල නගිනු නියා
මවටත් හොරෙන් ඔබ අතගෙන ඉවත නොයා
තුති පුදදෙනු පිණිස උදයන් නමම ලියා
අත ගන්නටත් කලින් හිර ගෙදර ගියා

සිරගෙයි බිත්ති මුදු කැටපත් වෙන්න එපා
ලිවුනත් ඔබේ නම එය අහු වෙන්න එපා
මඩකලපුවෙන් යලි සීගිරි යන්න එපා
කවියක් ලියන්නට හදවත දෙන්න එපා

 

 

 

 

සයිබර් පවුර