22 April 2019
RSS Facebook Twitter   

කරනව නම් ලොකු හොරකම් - උදය ආර්. තෙන්නකෝන්

basil 12 හොරකමේ තරමට
තරවිය හැකිය හරහට
මාංචු දැම්මා ද දෑතට
අභරණ සේය උන්හට

කැමරා කෝණ අභියස
ඔසවා දෑත ඉහළට
සංඥා ගෙනෙයි රටකට
කරන හොරකම ලොකුවට

බන්ධනාගාර බස්එක
සලකයි ගාඩ් වට කොට
රෝහලක් ඇඳක් වෙන් කොට
නීතිය සැමට එක ලෙස

වසා ගන්නට විලි
ඇන්දාට සළු පිළි
මේ හොරුන් හෙට යළි
පාවඩ ඇතිව කොළ එළි

නීතිය ද නීචය
වෙදකමද නීචය
ආයතන නීචය
උපදින හෙටත් නීචය

 

 

සයිබර් පවුර