22 April 2019
RSS Facebook Twitter   

පසන් කොඩිකාර - ප්‍රියාත් ලියනගේ

pasan kodikara

ආයුබෝවන් කියා සමුගතනොහැක
ආයු නිමකළ ඔබගෙන් ..........
නිවන් සුව පතන්නට
නොහැක්කේ
යළි පැමිණ නිම කළ යුතු
කටයුතු කතාබහ කප්පරක් ඇති හෙයින් ........
හමුවී ඉදිරි දිනෙක
මධු විතක්‌ රැගෙන .......... තර්ක මිටියක් කර තියාගන
දශක තුනකට ඉහත සිට සියල්ල දත් අපි ......... කල අයුරින් .
පළන්නට කෙස් ගස්
බුලර්ස් පාරේ මාර ගහක් යට හමුවෙමු .....
ජිවිතයට තුති පුදා .......... කියමු ආයුබෝවන්!
......... ලබන සැරේට
පසන් සිතින් .........

 

 

සයිබර් පවුර