20 November 2018
RSS Facebook Twitter   

හීන ඔතන්නී- සංජුල ඕෂනී

girl making ciga නිමිත්ත- මම ඇගේ සොයුරාට උගන්වන අතර අට සමත් මගේ මිතුරිය බීඩි ඔතන්නී ය.

දෙස්පලු හරඹ මැද
වාරු වී කපරාරු බිත්තියට
මුනිවතින් හනි හනික
හීන ගැට ගසන්නී

දුම්කුඩු අතුරා පෙළට
නොබලාම ගෙන නිසි හැඩට
කරකවා නූල් කොන
පාට නියඟින් කඩන්නී

යටැසින් බලා වටපිට
එබී ජංගමයට නිතර
ඇද කළ ඇහිබැම සලා
පෙම් හිනා ගිලින්නී

බොලඳ පත්තර කතා
සෙනෙහසින් රකින්නී
මසකට වරක්
"සැලුං යනව"යි දුවන්නී

සොයුරු පතපොත ගෙන
ආදරෙන් සිඹින්නී
තාත්තා සිහිකර
කඳුළු හොරැහින් පිසින්නී

"හාරසීයයි දහකට
හස්සීයක් පුලුවන් මට"
දවසට ගණන් තබා
ජීවිතේ සොයන්නී...........

 

 

සයිබර් පවුර