22 April 2019
RSS Facebook Twitter   

සිනා සෙන්නට අයිති නැත නුඹට පුත - සංඛ රඹුක්වැල්ල

 

eknaligodasonගුලි වේවී වැටෙන උණු කඳුලට
නොවේ අවසර ගිලිහෙන්න පුත
බැදගනින් මුව තදින් මෙලෙසට
සිනාසෙන්නට අයිති නෑ උබට මට

හොරු අරන් ගිය හීනයට
ලතවෙනා හැම නිමේෂයකම
කකියනා හදවතේ වැලපුම
නෑසුණේ ඇයි මේ තරමට උන්ට

තුරුල්ලේ උබ තොදොල් වදනින්
සැනසුවා අපි දෙන්නා සතුටින්
පිටියේ බට ගොන් රගර් කෙළියෙන්
තු‍ටු වුණා උන් වියරු විලසින්

හීන ඇත්තේ උන්ට විතරයි
දුක තියෙන්නේ අපිට විතරයි
ලබන්නේ හෙට අලුත් දිනයයි
බලාපොරොත්තුව පමණක්ම ඉතිරියි

උදාවන හෙට දිනයේ එළියෙන්
දකිමු හීනය අපි දෙන්නා සතුටින්
මියැදුනේ නැති බලාපොරොත්තුවකින්
එනවා යළි ඔහු පුරුදු විලසින්.
-සංඛ රඹුක්වැල්ල

 

 

 

සයිබර් පවුර