22 April 2019
RSS Facebook Twitter   

සමමිතික

 

katusuසරත් සඳ උදාවුන
නිහඬ රෑ කළුවරක
ඇවිද ගිය පෙරදාක
තියපු පා ළකුණු මතු
හමුවන්න නොසිතාම
බිම නොබල ඇවිද යන
යුගය දැන් උදාවිය.....

නළල් තල මත වැටුන
දඟකාර කෙස් රොදක
සුවඳ විඳි මේ බිමේ
සිඹිමි මම ඇගෙ කොපුළ....
දැනුනහොත් ඔබෙ සුවඳ
සිඹින කළ ඇගෙ නළල
සොයයි මම ඇය තුලින්
මට අහිමි ඔබෙ සුවඳ
බයයි තව එයට මම.....

සඳට මත් බඹරුන්ට
කවි ලියපු පන්හිඳට
වෙර කරන මගෙ සිතට
ටිකක් සන්සුන් වෙන්න
අණ දෙන්න නොහැක අද....
එම සිතින් නුඹ ගැනම
සහස් කවි පද මතුව
ඇයට නොව අතීතෙට
පෙම් කළොත් දුකයි මට

අතරමන් වී හඬන
මගේ සිතුවිළි සරණ
මේඝයට කියමි මම
එපා යළි නුඹ එන්න....
ඒ සුළන් සර සමග
නුඹේ හඬ ඇසුනාම
ඇගේ හඬ නොඇසුනොත්
මහ පවකි මට පිරෙන
නොහැක ඇය රිදවන්න....


කටුස්සා....

--http://katusuhadawatha.blogspot.co.uk/2015/01/blog-post_30.html

 

 

 

සයිබර් පවුර