22 April 2019
RSS Facebook Twitter   

පියෙකුගෙ සිර කළ නොහැකි මතක !

jail 1


සොයා යුක්තිය ගත් අවිය
සිර කළ ද අප්පච්චිව
පලා ගොස් නැත
අදත් එසෙමයි ඒ පැතුම

පුත,
නුඹ එයි අප්පච්චි සිර කල කඳවුර වෙත..

තුන් වැනි වසර ඉගෙනුම ලබයි පුත
උඹ එදවස
අදටත් මතක් වෙයි නුඹ මා හට පැවසු
වචන පෙළ

"අප්පච්චි....
දැන් මම ඉස්කොලේ හරිම ජනප්‍රියයි."

අඬන්න ද? සිනාසෙන්න ද? කියා
පසුතැවෙමි මම.
ගොළු වුණි මා මුව එකවර ම
පුතේ..උඹ දන්නෑ
ඉස්කොලේම උඹට විරුද්ධ බව

අට අවුරුද්දකට මා සිරුර
කො‍ටු වුණි බිත්ති සතරකට
අයුක්තියට එරෙහි සටන් කල මා
'වැරදිකරුවෙක්' වුණි මුළු සමාජෙට

ලහිරු මධුසංඛ ලියනආරච්චි.

 

 

සයිබර් පවුර