22 April 2019
RSS Facebook Twitter   

සුනාමියට අසුනොවූ ඇහි පිහාටුව .........!

 

sonal family 1

දස වසකට ඉහත
උදම් රළ පහරින්
සිහසුන්ව ගිය මා
සිව් වසරකට පසු
මතකයේ දොරටුව ඇරන්
නැවත ලන්ඩනයට ආ දා .........

 

සුනාමියෙන් කැඩී බිඳුණු
අපේ පුංචි කැදැල්ලේ
අතීතයේ අප සැතපුණු
සුධා ධවල නිදි යහනේ
හිස සැතපූ කොට්ටය මත
ඔබ මා වෙත තබා ගිහින්
ආදර ඇහි පිහාටුවක්.......

කඳුලින් බොඳවූ දෙනෙතින්
දෝතින් ගෙන ඔබෙ තිලිණය
කැඩුණු කැදැල්ලෙන් පිටවී
ලන්ඩන් මතකය වළදා
ආවෙමි මම නව තුඩුවට .........

ඈත ඈත ආකාසේ
නිල්ල නිලන මහ දියඹේ
නිල් තල්මහ බලා ගන්න
පුතු වික්‍රම් නික්ම ගිහින්
පියා සමග මල්ලි කැටුව .......

මා තනිවී නව තුඩුවේ
සුරැකිව රැකගෙන තිලිණය
ඈත දියඹ දෙස බලනෙමි
උදම් රළක් නැවත පැමිණ
ගෙන යන තුරු මා ඔබ වෙත
පුංචි පුතුන් හා එක්වී 
නිල් තල්මහ බලා ගන්න .......................!!


සුනාමියේ දස වසර නිමිත්තෙන් ආදරණීය සොනාලිට සෙනෙහසිනි

 

 

 

 

සයිබර් පවුර