22 April 2019
RSS Facebook Twitter   

කාලය එළඹ ඇත! කාලෝ අයං තෙ - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

 

maithripala1 06

 

ජන වාර්ගික ආරවුල්
71 කැරැල්ල මැඩලිමට ද,
පේ‍්‍රමවතී මනම්පේරි දූෂණය කර
මරා දැමූ හමුදා භටයන්ට දඬුවම් කිරිමට ද,
පාර්ලිමේන්තු ක‍්‍රමය සමත් විය.
83 කළු ජූලිය මැඩලීමට
පිරිසිදු වතුර ඉල්ලා පෙළපාලි ගිය
රතුපස්වල ජනතාවට වෙඩි තබා මරා දැමූ
හමුදා නිලධාරීන්ට දඬුවම් කිරිමට
විධායක ජනාධීපති ක‍්‍රමය අසමත් විය.
පාර්ලිමේන්තු පාලනය සාධාරණය බලවත්ය විශ්වාසවන්තය

 

ගරුතර මහා සංඝයා වහන්ස
කතිර කොඩිය බිම හෙලූ
වාරියපොල සුමංගල හිමියන් සිහිකොට
විධායක ජනාධීපතිට අභියෝග කළ
මාදුළුවාවේ අතුරලියේ හාමුදුරුවරු සමග පෙළ ගැසෙන්න.

උන්වහන්සේලා උජුපටිපන්න වෙති
බලයට කඩේ නො වඩිති.
අටපිරිකරට නිකාය සංඝ සාසනය
බුද්ධාගම ශ‍්‍රමන සාරුප්‍ය නො විකුණති.

රජරට ගොවි පුත‍්‍ර
මෛති‍්‍රපාල සිරිසේනට ඇති හයිය
පිලිප් ගුණවර්ධනගේ පුත‍්‍ර
දිනේෂ් ගුණවර්ධනට නැත.
ටී. බී. තෙන්නකෝන්ගේ දරු මුණුපුරන්ට නැත.
ඇන්.ඇම්.පෙරේරාට දොස්තර වික‍්‍රමසිංහට ඇති හයිය
තිස්ස විතාරණට ඩිව් ගුණසේකරට නැත.
බොරු කාරයන්ට හොරුන්ට තක්කඩියන්ට
පරම්පරාවේ නම්බුව ජනතාගේ අයිතිය
රැකිය නොහැකිය.

ලංකාවේ ඡන්ද යනු අපායට ඉන්ටවල්ය.
බඩු අඩුවෙයි සහන ලැබෙයි ඡන්දෙට පසුදා යළි බඩු වැඩිවෙයි

 

 

 

සයිබර් පවුර