22 April 2019
RSS Facebook Twitter   

සැලළිහිණියෝ උඹට කොහොම සතුටක්‌ ඇත්ද? - රුවන් බන්දුජීව

 

salalihiniya "උලකුඩය දේවියට
පුතෙක්‌ ලැබිලලු අන්න
සැලළිහිණියෝ උඹට
කොහොම සතුටක්‌ ඇත්ද?

දැන් ඉතින් රජතුමා උඹට සලකයි හොඳට
පොත ලියූ හිමි නමට බොහොම ගරු සත්කාර
අද ඉඳන් දින හතක්‌ කෝට්‌ටේ හැමතැනම
මහා සැණකෙළි රැසක්‌ පැවැත්වෙයි එක දිගට"

"කවි පොතේ ඇති තරම් සොඳුරු නැත ඒ ගමන
කන්න නෑ බොන්න නෑ නිදියන්න තැනක්‌ නෑ
ඔය කියන කිසි දෙයක්‌ මගදි මං දැක්‌කෙ නෑ
රාජකාරිය නිසා ඉටු නොකර බැරිකමට

පණිවිඩේ දුන්නා මම විභීෂණ දෙයියන්ට
මේ අසාපන් මිතුර මං ගෙදර නැති අතර
ගැරඬි පතයෙක්‌ ඇවිත් වනසලා මගෙ ගෙදර
පොඩි දුවගෙ පියාපත් බිම තිබුණි ද හැමතැනම
ඒ දුකට ළය පැලී මියගිහින් මගෙ සොඳුර

උලකුඩය දේවියත්- රජතුමත් - හිමි නමත්
සෝක, පණිවුඩ තුනක්‌ ඒවා තිබුණා මිසක
මගේ හිත හැදෙන්නට පුංචියට හරි යමක්‌
කියා යන්නට කියා ආවෙ නෑ මළ ගෙදර..."

උපුටා ගැනීම - දිවයින වටමඩල

 

 

සයිබර් පවුර