22 April 2019
RSS Facebook Twitter   

චන්ද කවි

 

100410 mahe pic 001

මරාගේ මහ පුටුව​ සිරිසේනට හිමි වේවා
ඩඩ්ලි සිරිසේන බැරාම වේවා
වැලි රාජුට ගෝටාගේ බල හිමි වේවා
මාලකයාගේ ඉතිරි වැඩ දහම් සිරිසේනට සෙට් වේවා  

 

රාජපක්‍ෂ පවුල්  ගස කණාටු වේවා
ඒ වෙනුවට සිරිසේන පවුල් ගස  දළුලත්වා
පොලොන්නරුවෙත් වරාය ඉදි වේවා
චීනට මේරට උගසට දෙත්වා

 බොදු බල රාවණ සිරිසේනට සෙට් වේවා
මරාගෙ දෙපතුල සිටි මීයන් ආපසු එත්වා
මරාල නැති තැන සිරිසේනලම වැ‍ඩෙත්වා
විමලෙගෙ කුණු කට නැවත ඇසේවා

 වික්ටර අයිවන්ට වැඩ වැඩි වේවා  
චෞර රජා ගැන පොත් ලියවේවා
විස්කි මැඩම්ගේ කෙරුවාවල් අමතක වේවා
තුන් සින්හලයට අබ සරණම වේවා

 

 

 

සයිබර් පවුර