22 April 2019
RSS Facebook Twitter   

අසම්මත පෙම්කව - සෞම්‍ය සඳරුවන් ලියනගේ

 

romantic couple සඳ නිවා
ළඟට'විත් ඇලවෙන්න
රාත්‍රිය පිපෙන'යුරු දැකගන්න
තරු එළිය දිගේ පිය මැන එන්න
මෘදු හාදු මල්වැසි ද වස්‌සන්න
නමුදු කිසි සලකුණක්‌
නො තබාම නුඹ යන්න.....
රැයේ මැදියම පවා
ගෙවී නොමැතිය තවම

හිඳී අප වෙත ලියා
ලොව
සින්නක්‌කරව
ඉදින් මා සුපෙම්වත,
හෙමි හෙමින් අඩි තබා පැමිණෙන්න
කිසිවෙකුට නො පෙනෙන්න
කිසිවකුට නෑසෙන්න
භෘංගාර සිහිනයක
නුඹ සමඟ තනි වෙන්න
ඉඩ දෙන්න.....

හිස තියා ඇලවෙන්න
නුඹේ උරහිස දෙන්න
හැකි තරම් සෙනෙහසින්
මා නුඹේ කරගන්න.
නමුදු මා සුපෙම්වත,
සලකුණක්‌ නොතබන්න.

සියොළඟම රිදුම් දෙන,
රිදුම් දී කිතිකවන,
මන නන්දනීය වූ
පරම ආනන්දයක
මෘදු පහස,

විඩාපත් මදහසක
සතපවා විඳගන්න ඉඩ දෙන්න
වෙහෙසකර චලනයන්
රිසි පරිදි අවුල් කළ
සිනිඳු කෙහෙරැල් අතර,
නුඹේ අතැ'ඟිලි සෙමෙන් ගෙනයන්න
ඩහදියෙන් තෙත් වැ ගිය
සියොළඟම කිතිකවා
නුඹේ දෙතොල'ග පහස තවරන්න

මෘදු සැපුම් පහරවල්
නිය'ග වැද සීරීම්
දෙන මිහිරි වේදනා
නිබඳ උසුලනු රිසිය

නමුදු මා සුපෙම්වත
කිසි තැනෙක සලකුණක්‌
නොතබන්න....

උපුටා ගැනීම - දිවයින, වටමඬල

 

 

සයිබර් පවුර