22 April 2019
RSS Facebook Twitter   

ගාන්ධි ගෙනා ඇට්න්බරා

 

atony edinberoගාන්ධි චරිතය රිදී තිරයට එක් කරමින් සිනමා ලෝකයේ දැවැන්තම නිර්මාණයක් සිනමා ලෝලීන්ට දායාද කළ සිනමාවේදී රිචර්ඩ් ඇට්න්බරා පසුගිය සතියේ මෙලොවින් සමු ගත්තේය.

 

සිනමා අධ්‍යක්ෂවරයෙක්, රංගධරයෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සහ ව්‍යවසායකයෙක් වූ ඔහු මිය ගියේ අනූ වැනි වියට එළඹීමට දින කිහිපයක් තිබියදී.

1942 දී රංගන දිවියට එළඹුණු රිචර්ඩ් ඇට්න්බරා වසර 2002 වනතුරු අවුරුදු හැටකට අධික කාලයක් රංගනයේ යෙදුණි.


ජුරාසික් පාක් චිත්‍රපටයේ රංගනයේ යෙදෙන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑවකි
1969 දී සිනමා අධ්‍යක්ෂණයට සිය පළමු පියවර තැබූ රිචර්ඩ් ඇට්න්බරා විශේෂත්වය වන්නේ ඉන් අනතුරුව රංගනයෙන් ඉවත් නොවීමයි.

ජුරාසික් පාක්
ජුරාසික් පාක් චිත්‍රපටයේ රඟපාමින් ඔහු තරුණ සිනමා ලෝලීන් අතරත් ප්‍රසාදයට පාත්‍ර වූ මහා සිනමාවේදියෙක්.

රිචර්ඩ් ඇට්න්බරා අධ්‍යක්ෂණය කළ මුළු චිත්‍රපට ගණන නවයක් වන අතර ජුරාසික් පාක් චිත්‍රපටයේ රංගනයේ යෙදෙන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑවකි.

ඉර පානෙන් රැස් දෝතක් මෙවර යොමු වන්නේ රිචර්ඩ් ඇට්න්බරා සිනමාවේදියා ගේ කළා ජීවිතය දෙසට.

හඬ පටයට මෙතැනින් සවන් දෙන්න

උපුටා ගැනීම - බීබීසී සංදේශය

පෙර සටහන්

ලෙස්ටර්ගේ සිනමා සිහිනය

 

 

 

සයිබර් පවුර