22 April 2019
RSS Facebook Twitter   

ශිෂ්ටාචාරයේ වධක භූමිය - සුනිල් රණසිංහ

 

alone-1 දැදුරු කොට බිම්පළස මුදූ
නගා පවුරු පදනම් කඳු
පුරවැදි දනෝ හිස් මනසින් හුදූ
විඳවත් සකලවිධ වධ දඬු,

දද බැඳ නොයෙක පැහැයෙන්
විරසකව විකල් මනසින්
සොහොන්බිම් මත නගා සන්නම්
බෙදී වෙන්විය සියලු මළවුන්,

නොරැක එක දිය බිඳුවකදූ
වනසා දැමී කඳුරු කඳු
කෑදරව ගිල දමා කෙත් වතු
ඉතිරි කර ඇත වාලුකා මළු,

නොතබා බිමි පණුවකුදූ
විසුරවා වස විස නිරතුරු
වනසා වනස්පති ගරු
රැස්කරත් දනෝ කහවනු,

වළා මත රටා සිත්තම් කළ
වවුළුව සැඟවුනේ කොයි ඉම?
මෝසමට පෙර නගා අඬහැර
මැඩියන් නිකමිණ බලා මොක්පුර,

ගැයූ පෙම් ගී සුපුන් මාලා වට
නිමා කොට බිඟුන් කිම ගොළුවුන?
මවා දේදුනු නෙතඟ අභියස
සමනලුන් මියැදින උරා වස විස,

මින් රළ විත් මළ ඉවුරට
පුදත් දිවි අම්ල සියොළඟ
වියරුව ගජිඳු වැදී ඉම් ගම
බිඳ දමත් භුමි සීමා මාලක,

නැහැවටක් එරී කිමිදුන
පුහුදුන් දනෝ අයා නෙතු යුග
යදී මළවුන් දස දහස්වර
වල්මත්ව පූජකාරාම තුළ,

අනාවැකි ගෙන මේඝදූතය
වියරුව හැපී හිමවත
ඇද වැටී දිය සුළි හෙණ
බිඳ දමයි ශිෂ්ටාචාරයේ වධ බිම.

© © sunil ranasinghe

 

 

සයිබර් පවුර