22 April 2019
RSS Facebook Twitter   

අම්මාවරු එනතුරු - බණ්ඩාර ඇහැලියගොඩ

 

rubber සොයා ගෙනා නෙක පලවැල    රහසේම
කවා පොවා අප හැදුවයි          සිතුසේම
සරා සඳය නිවුනේ හිටි           හැටියේම
අමාවකය මට ඉන්පසු             හැමදාම

උදේ නැගිට තේ ටික    සකසන්නාය
උයා පිහා කිරි කැපුමට       යන්නාය
අනේ රබර් ගස් නිසලව       උන්නාය
ගහේ කඳුළු කිරිකර දන්       දුන්නාය

සැපයිය සිතා හුරුවී හැම         දුකකටම
මැසිවිලි නැතුව ජීවත් විය        හැමවිටම
දරුවන් වදන්නට හැකිවුණු       පළියටම
අම්මා වෙන්න බෑ හැම    ගැහැණියකටම

 

 

 

සයිබර් පවුර