22 April 2019
RSS Facebook Twitter   

දැන් වැඩිය කොළඹ එන්නෙ නෑ මචං - ඥානසිරි කොත්තිගොඩ​

alcohol අඩ්..ඩෝ.....කොහොමද​..
වරදක් නෑ....මචං....ඔහේ ඉන්නව​

කාලෙකින් අපි හමුවුනේ නේද​
ඔව් මචං...මම දැන් වැඩිය කොළඹ එන්නෙ නෑ..

මොනව හරි කරමුද​.....
කරනවනම්... කරමු.....

අපට... ගල්භාගයයි..සෝඩා එකයි...සිගරට් පහයි....ගේන්න​
හොඳටම ඇති මචං........

නෑ බං...අද මගේ අතේ....සල්ලි හිඟයි..
මගේ ළඟත් තියෙන්නෙ.බස් ගාස්තුව විතරයි මචං.....

චියර්ස්......
චියර්ස් මචං........

පවුලෙ අය කොහොමද....හොඳින් ඉන්නව​...
ඔව් මචං....කිසි අවුලක් නෑ....

මේක අන්තිම ෂොට් එක...ප්‍රෙන්‍ෂිප් එකක් ගහමු..
ඕ..කේ..මචං.....

මේ...උඹට...මදි නේද​..තව සීයක් ගෙනත් දෙන්නම්...
සීයක් නෙමෙයි...තව භාගයක් ගෙනෙන් මචං.....ඉඳා...පන්සීයක්

 

 

සයිබර් පවුර