19 August 2017
RSS Facebook Twitter   

තහනම්..! - අනුරසිරි හෙට්ටිගේ

mr 34 27 2

Read more...

අනාගත ගුරුවරුන්.. සිරගතව හිඳියි අද...

Mul Dina Mathakaහැමතැනම අයියලා
නමුත් ඒ මල්ලිලා
ඔවුන්ගේ ගර්ජන,
රැවුම් එරවුම් හමුවේ
බිම බලා සිටිනා
අනාගත ගුරු පැටවු...
සර්ලා මෙහෙමද?
ටීචර්ලා මෙහෙමද?
ඉස්කෝලවල මොවුන්
බකතපස් රකිනවද..?

පරිප්පු හා සම්බෝල
සම්බෝල හා පරිප්පු
කලණ මිතුරන් වෙලා
තුන් වේල ලඟ හිඳියි..

මදුරු රජදහනක් අසල
ගලා යන කුණු ඇලක් අසබඩ
"ඩෝම්" යැයි කියාගත්
බිං ගෙයකි හිසට වහලට..

කියන දේ අහන
ඇහෙන දේ කරන
අණ ලැබෙන තුරු කල් මරන
දැන්ම පිට කොඳු බිඳූ
අනාගත ගුරුවරුන්
සිරගතව හිඳියි අද...

http://masandumal.blogspot.co.uk/2015/07/blog-post.html

උගත් මැවිසුරු බළලුන්

Cat reading1අඹ ගහේ කොළ ගණින
හඳේ මුහුණත මනින
බරැති හිස පහත් කර
උපැස උඩහින් බලන

සමනළෙක් තටු ගහණ
වේගයත් කෝණයත්
බළල් නැටි අගිස්සෙන්
සමීකරණෙක ලියන

ක්ලියෝපැට්රාවගෙත්
දිගු නහය හකුලුවන
මේ උගත් බළල්ලුන්
මාලිගාවට එපාමයි කියන

අති වියත් හිසැති බළලුන්
රූපවාහිනි අසල නිදි කිරන
පාපිස්න උඩ ගොරව ගොරවා නිදන

පිරමීඩ තනන්නත්
උමං සැලසුම් අඳින්නත්
මිසරයට හෝ වෙන ඈතකට
නැවක පටවා යැවිය යුතු වන

නිදන කාමරයෙන්
“චිප්” කියා එලවීම සුදුසු වන
මුස්න පහරක් දෙකක්
වැදුන මුත් කිසි දුකක් නොදැනෙන

http://bassigenawathana.blogspot.co.uk/2015/07/blog-post_17.html

කුවේණිට - වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

kuweni Read more...

පාරුවට පවා සැනසුම දැනේ!

kaviතෙරක් නොපෙනෙන විසල් වැව් මත පාරු පැද යමි සීරුවේ
ඇතත් සිත තුළ හැඟුම් රොද බැඳ උහුල ගෙන ඉමි පාළුවේ
නුඹත් සිහිවිය තනිව සිටි කල නිසල වැව මත පාරුවේ
ඉමක් දුටු විට සතුට ගෙන දේ වෙහෙස හෙමිහිට මාරුවේ

 

තෙරක් නොපෙනෙන නිසළ විල් මත පැද ගියත් නුඹ යාළුවේ
ආතොරක් නැති සිතුම් වෑහෙන පෙමක් රැඳි සිත සීරුවේ
ඉමක් කොනකුත් නොපෙනෙනා දිවි කතර බෝ දුක් සෑදුවේ
පහන් සිලමය සුළඟ අභිමුව නොපවතින ප්‍රේමේ ලොවේ

  • මාර ලස්සන වචන නොවැ ගළපා දමා ඇත්තේ නගේ
    පිස්සු කොර වෙයි මේව දැක්කම බොරු නෙමේ ඇත්තයි අනේ
    කොහොමැ නුඹ මේ වචන ගළපා ගත්තෙ කියලා මට සිතේ
    නුඹගෙ කවි හරි ලස්සනයි කියවන්නෙ ආසාවෙන් හිතේ

     

    -http://managepintharuwa.blogspot.co.uk/2015/07/sanasuma.html

මටත් ආසයි තනිවෙන්න...

diliniහුදකලාව මා දුටු හොඳම කලාවයි.
මන්ද මට මා පිලිබඳ මෙන්ම
අවට ලෝකය පිළිබඳවද මගහැරුණු
සියළු කරුණු කාරනා සිහිපත්වන නිසාවෙනි.

ඉතිං මටත් ආසයි තනි වෙන්න
පාළු අඳුරු කුටියක හුස්මකටත් රහසින්ම
ඔබේ නෙත් කිරණ මවා රස විඳින්නට
කිසිවෙකුගේ බැළුම් පහරකට වත් යටත් නොවී
ඔබ හා සිහින ගඟුලක කිමිදෙන්න..
වස්සානය අභිමුව ගිමන්කලක විඳින
කටුක දුක්බර සිතැඟි මුමුණන්න..

පැරණි රතු වයින් තොල් පහසකට නතුව
පාළු කාන්සියට ඔච්චම් කරන්නට
අවට ලෝකය සමඟ මුහුවුණ
සියළු පීඩන මුදාහරිනට

සිහින හොරෙක් ලෙස නුඹ සපැමිණි කල
සිහින සිත්තම් වැළඳ ගන්නට
හැරවුමක් නැති ඇරඹුමක් තුල
ගිලී කිමිදී සිහින දකිනට
මටම ඉපදුන මට අහිමි උන
පෙමක් පිලිබඳ තැවුල් පිසිනට....

ඉතින් ආසයි මටත් ආයෙම
හුදකලාවේ සුව විඳින්නට...

නිමන්තිකා 

-

පේරාදෙණි මතකය.. - සමන් ජයතිලක

 

couple peradeniya Read more...

මං මුලාව

brd3මාල බැන්ද ගෙල හැඩ කර
සොයාගෙන පැසුනු මී අඹ
උණ,ඹ ගැට ඇහිඳ ඇයි ඔබ
මාල ගිරවියේ...............

කැදැල්ලක රසය ගුණ විඳ
උදුල සඳමඩල සේ හිඳ
සුළි සුලං වවුලෙකුට හද පිදු
මාල ගිරවියේ.................

ගයා පෙම් ගීත මනහර
ලොවෙන් නෙතු වැසුන මොහොතක
ගැලෙවුවද නුඹේ අත්තටු
ස්වර්ණ හංසියේ...................

දියෙන් කිරි ගන්න බැරුවම
පියාපත් සවිය නැතිවම
කැකුළු මල් තුඩින් බිඳ දැමු
හංස රැජිනියේ....................

කැඩුනු තටු තදින් පිරිමැද
සනසන්න වරම් නැතිවම
මගේ කඳුළු කවි ඇසුනද
බිහිරි කෙවිලියේ............

පස් මහා බැළුම් බලමින්
මතු භවේ සොයා එන්නම්
එතෙක් දරාගෙන ඉනු මැන
කඳුළු සමනලී...........

අසා මගේ රණ ගී
වෙන් කරන් දියෙන් කිරි බිඳු
පරවියෙක් එවනවද මට

පවන් රැල් අතේ...........

http://wkwijeratna.blogspot.co.uk/2015/07/blog-post_12.html

ග්‍රේරෝ..

police dogපොලිස් සුනඛ ග්‍රේරෝ පිට පිටම පස්වෙනි සොරකමත් අල්ලයි -පුවතක්.

ග්‍රේරෝ...ග්‍රේරෝ...ගර්....ගර්...
කොහෙද යකෝ හිටියේ උඹ
මෙච්චර හොරකම් උන රට.......?
ලොකු එකාගේ ගුරු හොරුන්ට ටියුශන් කාසිය ගෙවන්න
පොඩි දෝනිගේ අසනීපෙට දොස්තර දොළ ඇන්න යන්න
බඩ තඩි කලු මුදළාලිගේ ගෙදරට පැන්නට හොරාට
ගොරව ගොරව මගේ ලඟට ඇවිත් මාව කොටු කලාට
මොනවද හම්බුනේ බොට අද.......?
මස් කට්ටක්වත් දුන්නද වැඩිපුර උන් උඹේ බතට.....?

අපේ එවුන් බුරුතු පිටින් ගහගන ගිය සුනාමියට
ආධාරෙට ඒරොප්පෙන් දුන්න සල්ලි උගේ ඡන්දෙට
වියදම්කල හැටි දැක දැක හිටියද උඹ උඩ බලාන.....?
පොඩි පුතාගේ තංතෝසෙට ලංකාවේ පළවෙනියට
උඩ යවාපු රොකට් එකට අපේ සල්ලි පුච්චනකොට
හැමිණුනාද උඹ එතකොට පොලිස්පතිගේ බැල්ලි එක්ක.....?

දස්කොන් ප්‍රමිලා නාටක මද්දුමයා රඟන විටක
අඟුරු ගොඩක් වෙන දවසේ දස්කොන් තම රිය ඇතුලෙම
මොකද කලේ උඹ එතකොට බිරුවද හාවට හඳ මත....?
අපේ උන්ගේ අසනීපෙට සල්ලි දුන්න අරමුදලට
කෙළිනා විට තරුණ හෙටක් ලොකු පුතාගේ අණ දීමට
වල්ල තියන් සිමෙන්තියට නිදාගත්තේ ඇයි බං උඹ....?

අපේ කොල්ලෝ මැරෙනා විට ලේකම්'යැයි මහ ලොකුවට
ගෙනා අහස් යන්තරයෙන් කෝටි ගණන් උස්සන විට
ඉව තිබුනේ නැතිද උඹට ඒ හොරකම් අල්ලන්නට....?
සීගිරියට නොගිය එකා ඩිස්නිලන්තේ නටනා විට
උගෙ ගෑණිට උප්පැන්නෙත් චේතිය රජු සපයන විට
ඉව දැනුනේ මගෙ විතරද හොර සුවඳක් නැද්ද උන්ට....?

මහ දවාලේ මරනා විට පත්තරකාරයෝ මහමග
වතුර ඉල්ල අඬන උන්ට නෙලනාවිට මියයන්නම
උඹේ පොලිස් රැස්පොට් එක තිබුනෙ කොහෙද කියපන් මට....
මහනායක ඉල්ලීමට පෙන්නා පුක මුළු රටටම
රේස් පදින විටදි එවුන් මාළිගාව වටකරගන
කෙඳිරි ගගා හිටිය නේද කූඩුව ඇතුලෙම හිමිහිට....?

ග්‍රේරෝ....ග්‍රේරෝ...ගර්....ගර්...
කොහෙද යකෝ ඉන්නේ උඹ
මෙච්චර හොරකම් වෙන රට....?
දමා මොත්තේ අපි හැමටම දිනා ඡන්දේ පත්වුන විට
කෝටි ගණන් කෑවලු උන් මහ බැංකුව මුල්කරගන
උඹ හට අද කටුදෙන උන් ලෙවකනවිට උන් දෙපතුල
ඉවකරන්නේ කොහොමද උඹ හැම සුවඳම එක්වුනවිට....?
උඹත් අපි වගේමයි බං....
පැනල ගිහින් ඔතනින් හෙට දඩාවතේ පලයන් උඹ
හිත සංතෝශෙන්.....

කටුස්සා...
ඡායාරූපේ ඉස්සුවේ-මෙතනින්.

http://katusuhadawatha.blogspot.co.uk/2015/07/blog-post.html

නොනැවතෙන හුස්මකි පණ ගැහෙන සිරුරකි ...

nelummalaඅහසටත් අමතක ව
බිම වැටුණු තරුවකට
පණ දෙන්න බැරිවාද
මුඩුක්කුවෙ හුස්මකට...

වර නොමැති ප්‍රාණයට

 
ආදරේ ගිලිහෙන්න
අහස් මන්දිරයක කුමට
රාජ සැප ඉතිරුණිද...
 
මධු බඳුනක කැලතෙමින්
නිකොටින් දළුවකින් අළුවුණ
උදේ වෙන කොට තැලී පොඩි වුන
පණ ගැහෙන මළ කකි ප්‍රාණය...
 
දුරම ය දෙව්ලොව ඉදින
බොහෝ කටුක ය විමන
 
ඇසුවාට නොමැති නම් අහිතක්
අසන්නට ඇත පැනයක්
පිපෙන්නට තහනමක් නැත්තෙ ඇයි

නෙළුම් මල් මඩ වගුරු වල.

-http://awanhala.blogspot.co.uk/2015/06/blog-post_30.html

දෙවියො අල්ලස් ගන්නවා

riviharaහැමෝම යන හින්ද
හොරු අල්ලන්න
කොමිසමට අල්ලස්
මටත් හිතුන යන්න
පැමිණිල්ලකුත් අමුණන්
විභාග හොරට
පාස් කරල දෙනව ඇත්තමයි
වැඬේ කරන්න
කළින් ගාණයි
පස්සෙ ගාණයි
ලෙඩ හොදකරන්න
රස්සා ගන්න
කසාද හරියන්න
එච්චරක්නම් බැරියැ
අත පය කඩන්න
හැදිගෑවිලා යන්න
දහසකුත් දේ වෙනව
එකම වහළක් යටින
වැඬේට විතරක් නෙමෙයි
පස්සෙ එක එක දේට
ආයෙ ආයෙත්
ගෙවන්න වෙනව
සල්ලි විතරක් නෙමෙයි
පළතුරු වට්ටි මල් මාල
තවත් එක එක දේ
අල්ලසට ගන්නවා
ඇත්තමයි
මුළු ගමම සාක්කියි
දේවාලෙ කපුව
ඉස්සරහට දාලයි
වැඩ ඔක්කොම වෙන්නෙ
කොමසාරිස්තුමනි
ලියාගන්න මගෙ පැමිණිල්ල
අපේ ගමේ දේවාලෙ
දෙවියො අල්ලස් ගන්නවා
 
( රිවිහාර පින්නදුව )

 

 

සයිබර් පවුර