22 April 2019
RSS Facebook Twitter   

අමතක මතකය..

amathaka
අමතක කරලා දාල තියෙන, නැත්තන් අමතක වෙලා තියෙන , එහෙමත් නැත්තන් මතක් කරන්නට කැමති නැති, මතකයන් මේ ජීවිතය පුරාවටම තියෙනවා. ඇත්තටම ' මේ මොහොත' කියා දෙයක් නෑ. ඇත්තේ බලාපොරොත්තු හා මතකයන් පමණයි.

දෙදෙහස් අටේ ජුනි මාසයේ දවසක රොටියා පුරුදු පරිදි 255 බස් රියකට නැග්ගේ විශ්ව විද්‍යාලයේ දේශනයකට සහබාගි වෙන්නයි. රොටියා ගිය බසයට ඉදිරියෙන් ගිය 255 බසය විශ්ව විද්‍යාලය පසුවෙනාවත් සමගම පුපුරා ගොස් තිබුනා. මෙහිදී රොටියා බස් බෝම්බයකින් අනූ නවයෙන් බේරුනා යයි පම්පෝරි ගසන්නේ නැහැ, මොකද ඒ බස් රථයේ රොටියා උන්නත් බෝම්බය පුපුරන විට රොටියා බොහෝ විට බසයෙන් බැස තිබේවි..

නමුත් ජිවිතයේ දී අම්මා කෙනෙකුගේ මුවින් අසන්න නොලැබෙන තරමේ දුක්ඛිත විලාපයක් අමතක කරන්න රොටියාට නොහැකිවාක් මෙන්ම තමුන් බත් පාර්සලය බැඳ දී බස් රථයට ගොඩ කල තමන්ගේ දරුවා ඔලුවේ පැත්තක් නැතිව මහා මග වැටි උන් හැටි අමතක කරන්න ඒ අම්මාටත් බැරුව ඇති.. බස් රියේ දොර අසල අසුනේ වාඩි වී හුන් කාන්තාව හාස්කමකින් බේරී තිබුනත් ඈට තම යාබද අසුන් වල හිඳි මගීන් මැරී වැටි උන් හැටි තාමත් මතක ඇති..

එදා සිදුවූ සියල්ල මෙතන ලියන්න රොටියා කැමති නැහැ. නමුත් ඒ අවස්ථාවේ හමුදා නිලධාරින් ක්‍රියා කල ආකාරය නම් ප්‍රශංසනීයයි. එයත් කිසිදාක අමතක කරන්න බැහැ

**** **** ****

රොටියාට යන්තම් මතක ඇති කාලයේ , රොටියාගේ ගමේ එකම නම ඇති මිතුරන් දෙදෙනෙකු සිටියා. රොටියා ඔවුන්ව පහසුව තකා සුරංග කියා හඳුන්වන්නම්. ගමේ අය ඔවුන්ව හැඳින්වූවේ ලොකු සුරංග හා පොඩි සුරංග ලෙසයි. දෙදෙනාම හමුදාවට බැඳුනා. රොටියා හිතන විදියට නම් ඔවුන් හමුදාවට බැඳුනේ ජීවිකාව සරි කර ගන්නයි. දෙදෙනාම දුප්පත් පවුල් වල පිරිමි ළමයි..

අවුරුද්දක් විතර ගත වෙන්න ඇති. ලොකු සුරංග පෙට්ටියකින් ආපහු ආවා.පොඩි සුරංග හා ගමේ උදවිය හඬා වැටුනා. ලොකු සුරංගව වළලන්න මොහොතකට කලින් හමුදාවෙන් වෙඩි මුර ආචාරයක් පැවැත්වුනා. හොඳටම බය වුනු රොටියා දෙසවන් වසා ගෙන හඬා වැටුනා. එවකට රොටියාගේ වයසේ , ඊට ඉහල පහල වයස්වල සිංහල , දෙමල , මුස්ලිම් කුඩා ළමුන් කී දාහකට එම හඬ දිනපතා ඇහෙන සාමාන්‍ය හඬක් වෙලා තියෙන්න ඇතිද..

ලොකු සුරංග දිවි පුදා තිබුනේ වැදගත් ලියකියවිලි වගයක් රැක ගැනීමට උත්සහ කරන අතර තුරේදියි. මියගිය ඔහුගේ අත තිබු ලියකියවිලි ටික මුදා ගන්න සෑහෙන වෙහෙසක් දරන්නට සිද්ද උනාලු..

පොඩි සුරංග නැවතත් ගියා. මානුෂිය මෙහෙයුමටත් සහබාගි වී නිරුප්‍රදිතව ආපසු පැමිණි ඔහු අද හමුදාවේ උසස් නිලයක් දරනවා..

**** **** ****

රොටියාට විශ්වවිද්‍යාලයේ සිට ගෙදර යාම පිණිස පිටකොටුව බස් නැවතුමට එන්නට තිබු දවසක මිතුරෙකුගේ වැඩක් හේතුවෙන් මදක් ප්‍රමාද උනා. බෝ ගහ යට බෝම්බයක් පුපුරා ඇති බව මගදී ආරංචි උනා. එය විසාල විනාසයක් කර තිබුනේ නැහැ මතක විදියට. නමුත් හැමදාම රොටියා බසයෙන් බහින්නට පුරුදුව සිටියේ බෝ ගහ ළඟිනුයි..

**** **** ****

රොටියාගේ ගෑනු ළමයා කලක් කොළඹ ආශ්‍රිත තැනක නැවතී උන්නා. දිනක් රාත්‍රී එකොළහට පමණ දුරකථන ඇමතුමක් දුන් ඈ, ඔවුන් නැවතී ඉන්නා තැන විදුලිය නැති බවත් , වෙඩි හඩක් ඇසෙන බවත් , ගුවන් යානාවලින් පැමිණි ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කරන බවත් කොතනින් නවතිදැයි කියා සිතා ගත නොහැකි බවත් දැනුම් දුන්නා. රොටියාට මෙන්ම ගෑනු ළමයාගේ පවුලේ උදවියටද එය නිදි නැති රැයක් උනා.. ලංකාවේ හමුදා නිලධාරීන්ට ස්තුති වන්නට ඈ රොටියාගේ මනාලිය උනා

**** **** ****

හමුදාවේ බුද්ධි අංශය ඉතාමත් වැදගත්. රොටියාට තවකෙක් කියූ පරිදි බුද්ධි අංශයේ මුස්ලිම් ජාතිකයින් විශාල ප්‍රමාණයක් සේවය කර තිබෙනවා. මේජර් මුතාලිෆ් යනු මේ මාවතේ දිවි පිදු අමතක කරන්න බැරි චරිතයක්. යුද්ධය ඉවරයි. බිම් මට්ටමේ ජනතාව අතර ජාතිවාදයක දුමාරයක් පැතිරෙනවා. සමහරු එයට පිදුරු දමන්නට වලි කනවා. ප්‍රශ්නයක් ඇත්නම් එය විසදන්න ඕනෑ රාජ්‍ය පරිපාලන මට්ටමෙනුයි. ජනතාව ප්‍රකෝපව නීති හදන්නට හෝ අතට ගන්නට ගියොත් ලොකු අවුලක් වෙනවා. කළු ජූලියක් ආයෙත් උවමනා නැහැ

**** **** ****

යුද්දය ඇති දිනවල කොළඹ රැකියාව කල ගැහැණු උදවිය පිට ඇඳුමට වඩා සීරුවට යට සායවල් තේරුවාලු. හදිසියෙවත් බෝම්බයකට හසු වුනොත් උඩ ඇඳුම නැති උනත් පාරට පනින්න පුළුවන් තරමේ යට ඇඳුමක්වත් තියෙන්න... සමහරුන්ට මතක නැති යුද්ධයේ අමිහිරිම කාලය එයයි

**** **** ****

යුද්ධය නැවතුනා. රොටියාගේ අම්මා නැවතත් සැනසිල්ලේ හුස්ම ගත්තා. තමුන්ගේ ළමයි දෙදෙනෙක් උදේ හවස කොළඹ කරක් ගසන විට රොටියා ගේ දෙමාපියන් ඒ සා ගින්දරකින් උන්නා නම් හමුදාවේ සේවය කරන දූ පුතුන් ඇති මා පියන් කොහොම ගින්දරකින් ඉන්න ඇතිද

**** **** ****

යුද්දය විකිණුනා. අතපය, දෑස් අහිමි සෙබළුන් ගිනි ගහන අව්වේ පෙළපාලි ගියා..අප ඔවුන් දෙස රූපවාහිනියෙන් බලාගෙන දුක් වුනා

**** **** ****

මේ කුණු ඇවිස්සීමක් වත් , පිට කැසීමක් වත් , සුදු හුණු ගෑමක් වත් නෙමෙයි. අනෙක් අතට යුද්දයේ දේශපාලනික පසුබිම ගැන කරන විග්‍රහයකුත් නෙමෙයි. රොටියාට මෙය ලියන්නට සිත් වුයේ පසුගිය දිනවල ඇසු දුටු සිදුවීම් හා ලිපි නිසයි

විත්‍යා මරා දැමුනා. ඒ නරුමයින්ව උල හිඳුවිය යුතුයි. ඒ අස්සේ සමහරු විත්‍යාව ඉදිරියට දමාගෙන ඉසිප්‍රියාගේ මළසිරුර ගොඩ ගන්නට වෑයම් කළා. මිට කලකට පෙර නිදි ඇඳේදී සිය බිරිඳ හා දරු දෙදෙනා ඝාතනය කල සැමියා ඉදිරියට ඔවුන් ඉසිප්‍රියා ව ගෙනගියේ නෑ. කහවත්තේ ඝාතන ඉදිරියට ඉසිප්‍රියාව ගෙනාවේ නැහැ. එතකොට ජාතිවාදයක් එපා එපා කියමින් ඔවුන් විද්‍යා ඉදිරියට ඉසිප්‍රියාව ගෙනයන්නේ විත්‍යා දෙමල ජාතිකයෙක් වීම නිසා නොවේද? ඔවුන් දෙදෙනාගේ චායාරූප නැවත නැවත පෙන්වමින් ජාතිවාදයක් ඇති කරන්නේ ඔය ඇත්තන්ම නොවේද?

විත්යාට , ඉසිප්‍රියාට , කහවත්තේ ගොදුරු වූ ගැහැනුන්ට , නිදි ඇඳේ මරා දැමු ඇයට හා දරු දෙදෙනාට එකසේම යුක්තිය සාධාරණය ඉටුවිය යුතුයි. ඒ ලෙසම මායිම් ගම්වල හිඳ මරා දැමුණු කාන්තාවන් , නුපන් ළදරුවන්, කුඩා ළමුන්, පිරිමින් ඇතුළු සියලු දෙනාටම සාධාරණය ඉටුවිය යුතුයි. අරන්තලාවේ පොඩි හාමුදුරුවන්ට සාදාරණයක් ඉටුවිය යුතුයි. කොටුව දුම්රිය පොලේදී මියගිය ඩි එස් සිසුන්ට සාදාරණයක් සිදුවිය යුතුයි.

හිස් අහස මේ ලිපියත් කියවා බලන්න

චැනල් ෆෝ වලට හසු වන්නට ඇත්තේ සීමිත සිදුවීම් පෙළක් පමණයි. ලංකාවේ ජිවත් වූ අපට චැනල් ෆෝ නැතුවාට ඕනෑ තරම් මතකයන් ඇත. ජාති , ආගම් , කුල බේදයක් නැතුව අප සියල්ලෝ ම කොපමණ මරණ බියකින් ජිවත් වීමුද?

ඒ මතකයන් අතර අමතක කරන්නට නොහැකිම මතකය අපේ රණවිරුවන් පිළිබඳව වූ මතකයයි. ඔවුන් සිද්ද කලේ රස්සාව යයි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන ඇත්තන්ව ඊශ්‍රායලයේ මෙන් අනිවාර්ය යුධ පුහුණුවකට යැවිය යුතුය. එවිට ඒ ඇත්තන්ටත් රස්සාවේ තරම බලා ගත හැක්කේය. ඒත් මදි නම් යුද්දය තවමත් සිදුකෙරෙන රටක ස්වෙච්චා බලකායට යැවිය යුතුය.(ලංකාවට නම් හීනෙන්වත් ආයේ යුද්දයක් එපාය. මුළු ලෝකෙන්ම යුධ ගැටුම් තොලොංචි වී යා යුතුය)

ත්‍රිවිධ හමුදාව නිසා අද අප බියෙන් සැකෙන් තොරව ජිවත් වන්නෙමු. නිදහසේ හුස්ම ගන්නෙමු......

-http://rotiyababa.blogspot.co.uk/2015/06/blog-post.html

පාදෙණිය, පැණිදෙණිය, පේරාදෙණිය

The-Dictator-අපේ කාලේ පැණිදෙනියේ කම්මලේ ඉගෙනගත්තු පාදෙණිය හරි ප්‍රසිද්ධ මිනිහා. එය නුවර වටේ පිටේ කෙල්ලන්ට ඇඩ්‍රස් එක දූන්නේ පාදෙණිය ,පැණිදෙනිය ,පේරාදෙණිය කියලා.

මට මේ ඇඩ්‍රස් කතාව මතක් මතක් වුනේ මේ දවස් වල තියෙන රජයේ වෛද්‍ය නිලධාරි සංගමේ නිලවරණේ නිසා.

මේ චන්දෙට එක් පැත්තකින් ඉල්ලන්නේ වාර ගණනාවක්ම සභාපති විදියට හිටි අනුරුද්ධ පාදෙණිය. මිනිහා අර මම මුලින් කිව් පාදෙණියගේ නෑයෙක්ද දන්නේ නැහැ.

ඒත් මිනිහා වැඩ කරන්නේ නම් මහින්ද රාජපක්ෂගේ ලඟම නෑයෙක් වගේ. මහින්දත් වාරදෙකක් මදි වෙලා තුන් වැනි සැරේටත් ඉල්ලලා කෙලවා ගත්තනේ.

පාදෙණිය නොහොත් අපේ පොඩි මහින්දත් ඒ මහින්දට ලඟින්ම ඉඳගෙන උදව් කරා.ඒ දවස් වල අරලිය මන්දිරේමයි හිටියේ.

ඕනේ නම් මිනිහගේ ඇඩ්‍රස් එක ඒ දවස් වල ලියන්න තිබ්බා
" පාදෙණිය, අරලිය ගහ , කොල්ලුපිටිය " කියලා.

ලොකු මහින්ද ජනාධිපති චන්දෙට සකල රාජ්‍ය බලය යොදා ගෙන මහජන දේපල හිතු මනාපෙට පාවිච්චි කලේ මැද මූලනෙන් ගෙනාව වගේනේ.

මතකනේ ඒ දවස් වලරාජ මාධ්‍ය ද, සිල් රෙදිද, සමෘද්ධි ද ,බයිසිකල් ද, මෝටර් බයිසිකල් ද, අරලිය දන්සැල් ද ,මතක් වෙනකොටත් ආශාවේ බැහැ.

අපේ පොඩි මහින්ද නොහොත් දොස්තර පාදෙණියත් චන්දේ කරන්නේ ලොකු මහින්ද වගේමයි.

මිනිහා චන්දෙට පාවිච්චි කරන්නේ සංගමේ සම්පත්. ඇරපු අතක් නෑ අයියා වගේමයි.

චන්දේ සංවිධානය කරන්නේ පාදෙණිය.

තැපල් චන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ පාදෙණිය.

ඒවා යවන්නේ කාටද කියලා තීරණය කරන්නේ පාදෙණිය.

ඒවා තැපැල් කරන්නේ පාදෙණිය.

ඒවා ලකුණු කරන්නේත් පාදෙණිය.

ඒවා ගණන් කරන්නේ ත් පාදෙණිය

ප්‍රථිපල දෙන්නෙත් පාදෙණිය.

අඩු ගානේ මිනිහාගේ විරුද්ධවාදින්ට තැපල් චන්ද ලැයිස්තුවවත් දෙන්නේ නැහැ.

කොටින්ම කිව්වොත් මහින්දම තමා.

හැබැයි ඉතින් ඔය විදියටම චන්දේ කොරපු මහින්දත් පැරදුනා.
http://bitternight.blogspot.co.uk/2015/06/blog-post.html

ගල් ගසා පොලිස් නිලධාරීන් මරන ලංකාවක් වෙනුවෙන් මහින්ද අගමැති කරමු!

D.V. Upul
මෙන්න මහින්දගේ ගෝලයන් මහින්ද අගමැති කරගෙන කරන්න බලාපොරොත්තු වන දේවල්.

මේ වීඩියෝවේ කතා කරන්නේ පසුගිය පළාත් සභා මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ සහයෝගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කර තේරී පත් වූ ඩී.වී. උපුල් ය. ඔහු මේ වෛරී ප්‍රකාශය කරන්නේ නාමල් රාජපක්ෂ වේදිකාවේ තබාගෙන ය.

මෙම වෛරී ප්‍රකාශය ඉතා පැහැදිලිව ම රාජ්‍ය විරෝධී ප්‍රකාශයක් වන අතර, රාජ්‍ය සේවකයන් පිරිසකට එල්ල කරන ලද මරණ තර්ජනයක් ද වේ. එසේම, එය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදය වැනි ප්‍රචණ්ඩත්වයක් ප්‍රවර්ධනය කරන ත්‍රස්තවාදී ප්‍රකාශයක් ද වේ.

ඔහු ගල් ගසා මරා දමන බව කියන්නේ රාජ්‍ය නිලධාරීන් පිරිසකි. එම නිලධාරීන් විසින් කර තිබෙන එක ම දෙය නීතිය ක්‍රියාත්මක කරමින් පැමිණිලි විභාග කිරීමයි.

මහින්ද රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ හිතවතුන් මෙය හඳුන්වන්නේ පලිගැනීමක් ලෙසයි. එහෙත්, ඇත්ත වශයෙන් ම පසුගිය කාලයේ දේශපාලකයන් රාජ්‍ය බලය පාවිච්චි කරමින් කරන ලද දූෂණ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීමට තවමත් රජය සමත් වී නැත.

දූෂණවලට සම්බන්ධ වූවන්ට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමන් සොරකම් කළ රාජ්‍ය ධනය හා දේපල ආපසු භාර දී පුනරුත්ථාපනය වී සමාජගත වීමට අවස්ථාවක් ලබා දිය යුතු බව අපි කලින් ද යෝජනා කළෙමු.

එහෙත්, විමර්ශන කරන නිලධාරීන්ට මේ අන්දමින් තර්ජනය කරන පුද්ගලයන්ට නම් කිසිදු බුරුලක් නො දිය යුතු ය

-https://www.youtube.com/watch?v=r5FoblIWUBI

http://www.w3lanka.com/2015/06/blog-post.html

පොකුණු දිය බොර කල පට්ට වේ*******ගේ කථාවක්

gothami1
අනුව දශකයේ මුල්ම හරියේ ලංකාවේ දකුණේ කලබල කෙමෙන් සිඳී යමින් පැවති සමයේ කිසියම් කරුණකට ලංකාවේ සිටියෙමි. ඒ අතර මගේ හිතවතෙකුගේ අවශ්‍යතාවයකට එවකටපැවති රජයේ ඇමති මට්ටමේ ප්‍රබලයෙකු හමුවීමි. (ඔහු දැන්
ජිවතුන් අතර නැත) ඔහු සමග ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හලකට ගියේ මගේ හිතවතාට එම කම්හලේ නිපදවන භාණ්ඩ අපනයන කිරීමට අවශ්‍ය වූ බැවිනි. ඇමති මට්ටමේ ප්‍රබලයාට ඒ පැත්තේ කම්හල් හිමියෝ ඉමහත් ගරු කළහ. පිට රටින් ගෙන්වන නිමි ද්‍රව්‍ය අඩු බදු මුදලකට පාස් කර ගැනීම වැනිදේ ඔහු ලවා කරවා ගත හැකි වුනු අතර, රජය සම්බන්ධ ප්‍රශ්න හා ඕඩර් ලබා ගැනීම් සඳහාත් ඔහු ඔවුන්ට උදව් කළේය. මට අවශ්‍ය කාර්යයට එම කම්හලට ගිය පසු ඔහු තමන්ගේ "කට් " එක ගැනීම සඳහා වෙනත් ගාමන්ට් එකකට ඇතුළු විය. එහි අයිති කරුද ඔහු හඳුනයි. "කට් " එක සමග තවත් "කට් " එකක් ද ඔහු පැජරෝවට රැගෙන ආවේය. ඒ සත්‍යජිත් මාඉටිපේ ගේ "බොරදිය පොකුණ" හි මංගලා මෙන් එහෙත් එතරම් උස නැති අවුරුදු දහහතක දහඅටක ඉතා පියකරු යුවතියකි. ඔහු කීවේ "ඇයට ලිෆ්ට් එකක්" දෙන බවකි. නමුත් කලාපයේ සිට කොළඹ පැමිණි පසු ඔහු තරු 5 හෝටලයක් ළඟ රිය නැවැත්වීමට අණ දුනි. රියදුරුට මා පෙන්වා "මේ මහත්තයාගේ ගේ ගාවින් බස්සන්න " යයි පවසා, පියකරු යුවතියව පැජරෝවෙන් බස්සවා ගත්තේය. ඇය මදෙස බැලූ බියමුසු විලාසයත් ඇගේ අතේ ඇඟිලි වෙව්ලු ආකාරයත් පැහැදිලිව දුටිමි. ඉන් පසු එන ගමනේදී ජීප් රථයේ සිටි ඔහුගේ ආරක්ෂකයන් සමග කතාවට වැටුනෙමි.
"මහත්තයාට ගාමන්ට් පැත්තේ ගියාම ඒවල ලොක්කෝ හොඳට සලකනවා, අලුතෙන් හොඳ කෑල්ලක් ආවොත් මහත්තයට එන්නත් කියනවා." එතකොට මේ එහෙම ළමයෙක්ද යයි විමසීමි. වඩාත් දොඩමලු වූ ඔහුත් අනිත් අරක්ෂකයාත් පැවසුවේ ඔහු මාස දෙක තුනකට වතාවක් අලුතෙන් එන යුවතියක රැගෙන හෝටලයකට යන බවයි. ඒ යුවතියන් යන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් නොවේ. ඔවුන්ට බල කරන නිසාවෙනි.
නැතහොත් ලැබුන රස්සාව දමා ගෙදර යා හැකිය. ඉන්පසු ආරක්ෂා අංශ සමාජිකයා පැවසුවේ "එහෙම කෑලි මහත්තය ගෙන් පස්සේ අපටත් සෙට් වෙනව (හෙවත් තර්ජනය කර සෙට් කර ගන්නවා යනුවෙනි)" පස්සේ උන් කොල්ලෝ සෙට් කර ගත්තත් කොල්ලට කියනවා කියල බය කලහම එනවා පට්ට වේ***යෝ. ඔවුන් පට්ට වේ**** වන්නේ කෙසේ දැයි මම නොඇසුවෙමි. නමුත් මගෙත් ඒ දේශපාලනයට සම්බන්ධ තැනැත්තා ගේත් සම්බන්ධය එතනින් අවසන් කලෙමි.
ලන්ඩනයේ අගෝරා කලා කවය සංවිධානය කල බොරදිය පොකුණ නැරඹීමට පසුගියදා ගියෙමි. එහි ගෝතමී (කෞශල්‍යා ප්‍රනාන්දු) තමන් රහසේ ආදරය කරන විපුල (දුමින්ද ඩි සිල්වා) ලබා ගැනීමට ඔහුගේ පෙම්වතිය මංගලා (දිලානි අබේවර්ධන ) දෙන පෙම් ලිපි නොදී ඔවුන් විරසකයකට යොමු කරයි. ඉන්පසු ඒ පිලිබඳ දුකින් ගොළු හදවතේ මෙන් බි වෙරිවී සිටින බොළඳ පෙම්වතා වන විපුල හමුවීමට ගොස් ඔහු සමග ලිංගිකව හැසිරෙයි. ඔහු නොලැබෙන අවස්ථාවල රැයේ ස්වයං වින්දනය සඳහා රහසේ යොමු වෙයි.මේ අවස්ථාවේ මා ළඟ හිඳගෙන සිටි චිත්‍රපටිය පටන් ගත් තැන සිට නිතර තම බිරිඳ සමග විස්තර ප්‍රචාරය කරමින් සිටි සැමියෙක් මෙසේ කියනු අසා සිටියෙමි. "පට්ට වේසි, ඌම (විපුලව) අල්ල ගන්න ඕනෙද? පව් අර අහිංසක කෙල්ල මංගලා, අර ගෙදර ඉන්න අනිත් කොල්ලට (සුරන්ජිත් - ගයන් ලක්රුවන් ) කියල කර ගත්ත නම් මොකද ". විවේකයෙන් පසු චිත්‍රපටියේ දෙවන භාගයේ සත්‍යජිත් මාඉටිපේ ඉතා සුක්ෂම ලෙස මංගලා රහසේ සුරන්ජිත් සමග ඇති කරගත් සම්බන්ධය හෙළි කරයි. අර සැමියා හා බිරිඳ නිහඬ වුනේ එතැන් සිටය.
දීප්ති ගුණරත්න විසින් සංස්කරණය කල "හිස්ටීරියාව" පොතේ මෙසේ දැක්වෙයි.
"ෆ්‍රොයිඩ් මෙසේ පැවසුවේය. 'තමා ආදරය කරන්නා අහිමි වීම නිසා තමාට අහිමි වුනේ
කවුදැයි යන්න වැළපෙන්නා විසින් දන්නා මුත්, එසේ වීමෙන් තමාට අහිමි වුයේ කුමක්ද යන්න ඔහු නොදනී.' ෆ්‍රොයිඩ් විසින් 'කුමක්ද' යන්නෙන් සලකුණු කළේ ඉහත අභිරහස මානසික ඒජන්සියක් බවයි. ආදරයට ලක් වන්නා යනු පුද්ගලයෙක් බව ඇත්ත මුත්, ඊට ප්‍රථමව ඒ අපේ අවිඥානයේ ම 'කොටසකි'."

මෙම විශ්මිත 'කොටස', මෙම අහිරහස් 'වස්තුව' පිලිබඳ ගැටලුව ලැකාන් විසින් නොවිසඳූ අතර, ඔහු එයට "object a " ලෙස සලකුණක් යෙදුවේ ය. මෙහි විශ්මිත, අභිරහස්මය ස්වභාවය යනු අන් කිසිවක් නොව සංකේතනයේ අසමත්වීමට පසුව මුණ ගැසෙන, යථ තුල ස්ථාන ගත කෙරෙන අතිරික්ත ප්‍රමෝදයයි; යථට අදාලව සංකේතනයේ ප්‍රමෝදයයි; යථට අදාලව සංකේතනයේ ශේෂයයි, මෙය ආදරය කරන්නාට, එනම් විෂයට හෝ අනෙකා -A ට අයිති දෙයක් නොවේ. මෙය සරලව කියන්නේ නම් ආදරය කරන්නාගේ ශරීරයේ ශෘංගාර කලාපයක් ප්‍රමෝදයට පත් වන විට එම ශෘංගාරයේ ශරීර කොටස ප්‍රමෝදයට පත්වෙමින් ආදරය ලබන්නාගේ 'කොටසක්' හා බැඳේ, එනම් අනෙක් අතට කීවොත් මගේ ආදරයට පාත්‍ර වන්නා විසින් මගේ ශරීරයේ කොටසක් මට අහිමි කරයි; එය මගේ ආදරයට පාත්‍රවෙන, යථාර්ථය තුල සිටින පුද්ගලයාට අයිති නොවන අතර මටද අයිති නැත. එම පුද්ගලයා යනු විෂයේ ෆැන්ටසිය තුලින් විෂය කරා එන හුදු ආධාරකයක් පමණි.
-හිස්ටිරියාව පිටුව 374

ගෝතමිගේ ජිවිතයේ යථාර්තය දිග හැරෙන මේ චිත්‍රපටිය දිග වැඩි බවක්ද පැවසිනි. අනවශ්‍ය දර්ශන කීපයක්ම සත්යජිත්ට කපා හැරීමට අවකාශ තිබිණි. බටහිර රටවල
පැය එකහමාරේ චිත්‍රපටිය නරඹන සිනමා ලෝලීන් ඉන් අනතුරුව අවන්හලකට රාත්‍රී ආහාරයට ගොඩ වැදීම සුලභ දෙයකි. දිග චිත්‍රපටියක් වෙළඳ පලට නිකුත් කිරීම ඒ නිසා අවාසිදායකය. නමුත් පැය දෙක පසුකරයන චිත්‍රපටි නැතුවා නොවේ. "ෆිලිපිනෝ පවුලේ විකාශනය "නමැති චිත්‍රපටිය පැය 10 කි. "දස පනත " චිත්‍රපටිය පැය තුනකුත් විනාඩි 40කි. සත්යජිත්ට අවශ්‍ය වී ඇත්තේ ගෝතමී රැකියාව පටන් ගත් දා පටන් ඇය මුහුණ දෙන සිද්ධීන් ගේ විශ්ලේෂණයක් කිරීමට පාඨකයාට අවස්ථාව ලබා දීමට යයි සිතෙන බැවින් මේ මහා දිග කතාවට එකඟ විය හැකිය.
එය එසේ බව ද සත්‍යජිත් පහදා දෙයි. මංගලා හා විපුල ගේ ආදරයට සහය වන ගමන් ගෝතමී විපුලට රහසේ ආදරය කරන දීර්ඝ රූප මාලා විපුල හා ගෝතමී ගේ අතර ඇතිවන ලිංගික සම්බන්ධයෙන් හා ගෝතමී ස්වයං වින්දනය කිරීම පෙන්වන රූප මාලාවෙන් සාධාරණය වෙයි. එසේම ඉන්දියන් චිත්‍රපටියක මෙන් සුභ අවසානයක් කිරීමට මෙන් යන දීර්ඝ රූප මාලා - එනම් ගෝතමී හා සැමියා ඩෙස්මන්ඩ් (ධර්මසිරි බණ්ඩාරනායක) ගේ ආදර කතාව, ඔවුන් හදා ගැනීමට දරුවෙක් සෙවීම, දරුවා රැගෙන වාහනයකින් නැවත ඒම - කෙළවර වන්නේ ගෝතමී වැනිම වූ තවත් ගාමන්ට් කෙල්ලක් රථයේ හැපීමට ගොස් බේරී ඔවුන්ට බනින දර්ශනයකිනි. කදුළු වැගිරෙමින් ඈ දෙස බලා සිටින ගෝතමී ප්‍රේක්ෂකයාට, ගෝතමී මුහුණ දුන් විෂම චක්‍රය ඒ ආකාරයෙන්ම ඉදිරියටත් වෙනත් ගැහැණියකටත් මුහුණ දීමට සිදු වෙන බව දන්වයි.

gothami
චිත්‍රපටයේ ඇතැම් තැනක ග්‍රාම්‍ය වදන් භාවිතය ඒ ආකාරයෙන්ම දැකිය හැකිය. සම්භාව්‍ය සිනමා හෝ වෙනත් කෘතියක එසේ නොවිය යුතුයිද භාෂාව හැසිරවීම වඩාත් කලාත්මක විය යුතුයිද විවේචනයක් පවතී. සම්භාව්‍ය යයි කියා ගන්න දේශපාලකයන් සම්භාව්‍ය හා උගත් ජනතා නියෝජිතයන් සිටිය යුතු ව්‍යවස්ථා නීති රීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවක ප*** ඇතුළු ග්‍රාම්‍ය වදන් භාවිතා කරන්නේ නම් යථාර්තවාදී රීතියෙන් බැහැර නොයමින් සත්‍යජිත් තම සිනමා කෘතියට එවදන් එක් කිරීමේ පාපයක් මම නොදකිමි. ඇරත් අතිශය ලෙස උද්වේගකාරී අවස්ථාවක ස්ව හැඟීම් අමු අමුවේ තලා දමනා වෙලාවක අපේ වචන භාවිතය මෙසේ වේ යැයි කිව හැකිද? මා දන්නා පරිදි විශ්වවිද්‍යාල උපාධිධාරී යුවලවල් කුණුහරපෙන් බැන ගන්නා සමයක, හාමුදුරුවරුන්, දේශපාලකයන්, පුජකයන් කුණුහරප කරනා සමයක, ගෝතමිලා කෝපය හා වේදනාව ග්‍රාමය භාෂාවකින් පිට වීම වැළැක්විය හැකිද?

ගෝතමිගේ ෆැන්ටසිය විපුලයි. ඇගේ ෆැන්ටසියේ යථාර්තය දරුවකු ලැබී අනාථ වීමයි. නමුත් ඒ යථාර්තයට ඇය යට වුයේ නැත. මවකට කෙතරම් අපහසු වුවත් දරුවා හදා ගන්නට දී ඇය නැවත ජීවිතය සොයා ගියාය.


"ෆැන්ටසි සවිඥානික හෝ පුර්ව විඥානික (එනම් අපි ඒ කෙරේ අවධානය යොදවන්නේ නම් දැනුවත් විය හැකි ෆැන්ටසි ) ලෙස පැවතිය හැකි අතර ම ඒවා අවිඥානකවත් පවතියි. උදාහරණයක් ලෙස ෆ්‍රොයිඩියානු, "ළමයෙක් පහර කමින් සිටියි" යනුවෙන් වන සවිඥානිකෆැන්ටසියේ අවරෝධිත, දෙවන ස්වරුපය වන "මම මගේ පියාගෙන් පහර කමින් සිටිමි" යන්න පහරදීමේ-ෆැන්ටසියේ අවිඥානික ස්වරූපයයි.නිරන්තරයෙන් මෙවැනි අවිඥානික ෆැන්ටසි කරා අපට ලඟා විය හැක්කේ 'අවිඥානය කරා ඇති " ෆ්‍රොයිඩියානු 'රාජකීය මාවත' වන සිහින හරහායි."
අනෙකාගේ ආශාවේ ප්‍රහෙලිකාවට පිළිතුරක් - හිස්ටිරියාව පිටුව 375

බෞද්ධ හැදියාව නමැති ෆැන්ටසිය විනාශ වෙන නගරයේ සිට දරු ගැබ සහිත කාන්තාව (ගෝතමී) සහල් පිරි නමන ශාන්ත භික්ෂුව නිරූපනය කරන්නේ දරුවා අවජාතක නොකරන ඇගේ සහෝදරියගේ හා සැමියාගේ අව්‍යාජත්වයද?

gothamai3jpg
විපුල සමග එක්වීමෙන් දරුවකු පිළිසිඳ ගෙන ඔහුගේ යහළුවන්ගෙන් පට්ට වේ... නම් ගරු නාමය රැගෙන දරුවා බිහි කිරීමට ගමට යන ඇය නැවත පැමිණ මැද පෙරදිග යයි. එහිදී කතෝලික ඩෙස්මන්ඩ් සමග යහළුවී නැවත ලංකාවේදී විවාහ වෙයි. කතෝලික නම් දික්කසාද විය නොහැකි අතර දෙවන කසාදයක් කිරීමද කල නොහැක්කකි. නමුත් ඩෙස්මන්ඩ් මෙහිදී සම්ප්‍රදායට විරුද්ධව යයි? ඇය බැලීමට ඩෙස්මන්ඩ් ගේ පළමු කසාදයේ බිරිඳ ඩොරින් (වීනා ජයකොඩි?) පැමිණෙයි. ගෝතමී සිටින නිවසට දරුවාගේ නඩත්තු මුදල් සොයා පැමිණෙන ඩොරීන් දැකීමෙන් ප්‍රලය වන ඩෙස්මන්ඩ් ගේ මව (චන්ද්‍රා කළු ආරච්චි ) ඇයට "එක එකා සමග යන එකී" හෙවත් "පට්ට වේ***" සම්මානය ලබා දෙයි. ඇගේ අලුත ලැබුන සුපිරිසිදු ලේලියගේ (ගෝතමී) ෆැන්ටසිය ආරක්ෂා කිරීමට මන්නයද රැගෙන සටනට යයි. අවාසනාවන්ත ලෙස මේ අවුලේ ගොදුර වන තම මිනිපිරිය පිලිබඳ දුකට වඩා ඇගේ සමාජ තත්වය වැදගත්ය.
කතාවේ මුල් හරියේ වේ...ගේ සිට සුපිරිසිදු ලේලිය බවට පත් වීමේ දයලේක්තික ප්‍රතිවිරෝධයේ සින්තසිය ගෝතමී නමැති පරිණත කාන්තාවයි.
මංගලා හා විපුලගේ නිවසට යන ගෝතමී ඉන්පසු මුහුණ දෙන්නේ පියකරු යුවතිය හා කඩවසම් තරුණයා අතර සිදුවිය යුතු පරිපුර්ණ සාමය සතුට පිරි කසාදය හා මෙරිගෝ රවුමේ යමින් දරුවෙකු සමග සතුටු වන ලස්සන පුංචි පවුල් කැදැල්ලේ ෆැන්ටසිය
නොවේ. විපුල සමග යහළුවී සිටිමින්ම බෝඩිමේ මල්ලි සමග ද පෙම් සුව විඳ දරුවකුද ගබ්සා කර ගත් මංගලා ගේ හා ඇය පිලිබඳ සත්‍ය දැනගත් විපුල අතර විවාහය නමැති ඛේදවාචකයයි.

චිත්‍රපටිය අවසාන වන්නේ තවත් ගෝතමීලා හා මංගලා ලා මේ ක්‍රමය තුල බිහි වන්නට වන්නට නියමිත බව පසක් කර දෙමිනි.

චිත්‍රපටියේ කෞශල්‍ය ප්‍රනාන්දුගේ ප්‍රතිභාපුර්ණ රංගනය අති විශිෂ්ටය. දුමින්ද ඩි සිල්වා හා දිලිනි අබේසුන්දර ද ඉතාමත් දක්ෂ ලෙස තම හැකියාවන්ගෙන් සහය දෙයි. ධර්මසිරි, වීනා, ගයාන්, ප්‍රියංකා, චන්ද්‍රා , ලියෝනි චාන්දනී, මෙන්ම බෝඩිමේ ඇන්ටි රත්නාවලිද මේ දිගු චිත්‍රපටියේ සාර්ථක රංගනයක යෙදෙයි.
කාලයකට පෙර ප්‍රසන්න විතානගේ ගේ "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටියේ යුද්ධයේ දරුණු පිඩාව විඳ ජිවිතයෙන් පලා යන අහිංසක යුවතියගේකථාව නැරඹුවෙමි. ඉන්පසු මලිත් හෑගොඩ ගේ "දැකල පුරුදු කෙනෙක් " චිත්‍රපටියේ සිය දිවි නසා ගැනීම පිළිතුරක් ලෙස නොගෙන දරුවා සමග සැමියා හැර යන කාන්තාව ගේ කතාව දුටුවෙමි. ඒ දෙකම අගනා සිනමා කෘතීන්ය. පියකරු නොවීම නිසා ළමා කාලයේම කොන්වන, ප්‍රශ්න ඉදිරියේ පීඩා විදිමින් ජිවිතයට මුහුණ දෙන දිරිය ගැහැනියක ගෝතමී තුලින් දුටුවෙමි. සත්‍යජිත් මාඉටිපේ තම මුල් සිනමා කෘතියෙන්ම සම්භාව්‍ය සිංහල සිනමා කලාවේ තවත් පියවරක් තබමින් සාර්ථක සිනමා කෘතියක් නිර්මාණය කර ඇත. මේ පරම්පරාව සිංහල සිනමාව වඩාත් උසස් තලයකට ගෙන යනු ඇත. අපේ වාසනාවට අගතිගාමී මන්දබුද්ධික කපන මණ්ඩලයක් දැන් නැත.

මේ චිත්‍රපටිය ලන්ඩනයේ පෙන්වූ අගෝරා කලා කවයට ස්තූතියි.

-http://kolambagamaya.blogspot.co.uk/2015/05/blog-post_23.html

මේ ඇහුනද හාමිනේ, දරුවව කොහොමහරි ඉන්ටර්නැෂනල් කොලීජියකට දාගම්මුද?

senior-survey
එංගලන්තයේ ගැහැණු ළමයි මහා ඉස්ලාම් රාජ්‍යය ගොඩ නගන්න යන හැටි ගැන පොඩි වැඩසටහනක් පසුගිය සතියක මා බැලුවා. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ වල ජිවත් වන, හැත්තෑවේ දශකයේ පකිස්තනානයෙන් සංක්‍රමණය වූ එක මධ්‍යම පාංතික පවුලක ගැහැණු දරුවෙක්, දැන් සිරියාවේ සිට එයාලගේ කෝස් එකට ගැහැණු දරුවන් බඳවා ගැනීමට අන්තර්ජාලයේ කරන ප්‍රචාර ගැනයි එහි කතා කෙරුවේ.

මේ ගෑල් ළමයාගේ මවුපියන් ඉහල මධ්‍යම පන්තික ජිවිත ගත කරන්නන්. ඔවුන් ආන්තික ආගම් වාදීන් නොව, ලිබරල් මත දරණ, දරුවන්ට ආගම කරට නොදාපු පිරිස් වශයෙනුත් හඳුන්වා දුන්නා. දැන් අර ගෑල් ළමයව යවල තියෙන්නෙත්, පළාතේ උසස් පෞද්ගලික පාසලකට. ඇය ප්‍රීතිමත් හා බුද්ධිමත් තරුණියක්ව සිටියා යයි කියවුණා. ඉස්ලාමික රාජ්‍යයේ පූර්ණකාලීන සටන් කරුවෙක් වන (ඇත්තටම සටන් කරුවෙකුගේ/කරුවන්ගේ බිරිඳ) ඇයගේ දැන් වයස අවුරුදු විස්සයි. පැන යන විට ඇය වෛද්‍ය විද්‍යා පාඨමාලා වක් හදාරමින් සිටියා (මේ CNN වල ගිය ඇගේ කතාව.

සාමාන්‍ය නව යොවුන් වියේ යුවතියක් මෙන් බ්ලොග් කට්ටකුත් අටවාගෙන, ඔය වල් පල් ටිකක් ලියමින් ඉන්නාතුර තමා ඇය රැඩිකලයිස් වී තියෙන්නේ. ඉන්පසු දෙමාපියන්ට හොරෙන් ඇය සිරියාවට ගිහින්. එහි සිට අන්වර්ථ නාම වලින් ලියන ඇයගේ ප්‍රචාරක වෙබ් අඩවි හා බ්ලොග් පස්සේ ගිය තවත් යුවතියක් තමා, මේ කවුද කියා සොයාගෙන තියෙන්නේ. අර දෙමාපියන් ප්‍රවුර්ති සාකච්ඡාවක් තියා, ඔවුනගේ කනගාටුව කියුවා. ඔවුන් කියන්නේ දුවණියට විශාල වැරදීමක් සිදුවී ඇති වග.

මෙතැනදී මා මතක් කරන්නම්. අද සිරියාව මූලිකව සටන් කරන ඉස්ලාමික රාජ්‍ය සටන් කරුවන් අතර බටහිර කාන්තාවන්/යුවතියන් 500 කට අධික පිරිසක් ඉන්නවා යයි ගණන් බලා තිබෙනවා. මෙයින් එංගලන්තයෙන් පැන ගිය අවුරුදු 17 ක් වන හලෙන් නිවුන්නුන්ගේ කතාවත් ප්‍රධාන තැනක් ගන්නවා. සෝමාලියානු සංක්‍රමණිකයන්ගේ පවුල් වලට අයත් මේ දෙන්න පාසලේ ගණිතය ඇතුළු අනෙක් විෂයන්ගෙන් ද දක්ෂතා දක්වපු, කථිකත්වයට විශේෂ හැකියාවක් තිබුණ, අනාගතේ දොස්තරුන් වෙන්න අපේක්ෂා කරපු, යුවතියන් දෙදෙනෙක්.

මොවුන් සියල්ලන්ම මහා විප්ලවවාදීන් වී තියෙන්නේ, ඔවුනගේ නිදන කාමරයේ. එනම් අන්තර් ජාලයෙන්. ඉස්ලාමික සටන් කරුවන්ගේ මැනිෆෙස්ටෝ එකේම කියවෙන විදිහට ගැහැණු දරුවෙක් වයස 9 පිරුණු විට කසාද බඳින්න හැකි වගත්, එක පිරිමියෙකුට කාන්තාවන් එක අයෙකුට වඩා කසාද බඳින්න පුළුවන් වගත් කියනවා.

ඒ විතරක් නොවේ, මේ දරුවන් ඇත්තටම ඔවුන් වෙළඳ භාණ්ඩ ලෙස සලකන වග ඔවුන්ගේ ප්‍රචාරක යු ටියුබ් වලින්ම පෙන්වා දෙනවා. දැන් අර ග්ලාස්ගෝ තරුණිය ඉරාකයේ සිට ලියන බ්ලොගේ කියන්නේ, ඉගෙනගෙන, බිරියක් වී, දරුවන් හදා, ඔවුන්ට ද උගන්වා, සැමියන් රැක බලාගෙන, උයා පිහාගෙන ගෙවන “බටහිර” ජිවිතයෙන් පලා ඇවිත්, කාන්තා විමුක්තිය ලබා ගන්න ඉස්ලාමික රාජ්‍යයක් පිහිටුවීමට එකතු වෙන්නය කියා.

මොවුන්ගේ සැමියන් සටන් කරන්නේ වෙන කිසිවෙකු සමග නොවේ, තමන්ගේම ආගමේ තවත් නිකායක් අදහන කට්ටියක් සමගයි. ම්ලේච්චකම් විතරක් නොවේ, පිටාර ගලන නූගතත්වයත් පසුගිය කාලයේ ඔවුනගේ ක්‍රියා කලාපය පෙන්වා දුන්නා. දැන් මෙහෙම කාණ්ඩයකට එකතු වන්නට, මේ තරුණ යුවතියන් යන්නේ ඇයි? එහි වරද මේ දෙමාපියන්ට පවරන්නට හැකිද?

මේ තරුණියන් ඇත්තටම අර “වික්ටිම්ස් ඔෆ් දෙයා පේරන්ට්ස් සක්සෙස්” කියලත් කියුවහැකි. විශේෂයෙන් සෝමාලියාව වැනි රටක කාන්තාවන්ට විශේෂයෙනුත්, දරුවනට හා සාමාන්‍ය මිනිසුනට තියන ප්‍රශ්න අර පැන ගිය නිවුන්නුන් දෙදෙනාට එක්කෝ අවබෝධයක් නැහැ. නැත්නම් අන්තර්ජාලයේ තියන වෛරී කතාවන්ට මුලාවී, මෙවැනි ගමනක් යතැයි සිතන්නට අමාරුයි.

මෙතැනදී තියන විකුර්තිය තමා, බටහිර හා ඇමෙරිකානු ව්‍යාප්තවාදයයකට එරෙහිව සටන් කරනවා කියමින් මොවුන් මරා ගන්නේ තමන්ගේ සහෝදර ජනතාව, විනාශ කර ගන්නේ තමන්ගේ ම දේපොළ. අන්තිමට කැකුණ තලා දෙන්නේ ඔවුන් එරෙහි යයි කියන බටහිරටමයි.

මෙහෙම සටන් කරන්නට ගිය ඕස්ට්‍රේලියානු කට්ටිය ගෙන් කිහිප දෙනෙකු (දරුවන් ද සමග) ආපසු එන්නට අවසර ඉල්ලනවා යයි පසුගියදා වාර්තා වුණා.

පලි
අද ලෝක දෙමාපිය දිනයයි. දරුවන්ගේ කුඩා කාලයේ ඔවුනගේ ක්‍රියා වලට දෙමාපියන්ගේ බලපෑමක් තිබුණත්, වැඩිහිටියන් වූ විට ඔවුන් ස්වාධින මිනිසුන් හා ගැහැණුන්. මේ දෙමාපියන්, ඔවුනගේ දරුවනට කුඩා කාලයේ ලබා දෙන්න පුළුවන් හොඳම දෙය එනම් අධ්‍යාපනය ලබා දීමට ඔවුනට කරන්න පුළුවන් හොඳම අන්දමට කටයුතු කර තිබෙන වග පෙනෙනවා. මෙතැනදී අමතක කරන්න එපා මා ඉහත කියුව පිරිස, ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණිකයන් ගේ දරුවන් අතරින් ඉතාම කුඩා පිරිසක්.

සමහර දරුවනට, දෙමාපියන්ගේ තේරීම් හා ඔවුනට වෙනස් කරන්නට බැරි සමාජ ආර්ථික වටපිටාව නිසා කොහොමත් අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. එතැනදී දරුවන්ට කළ හැකි දෙයක් නැහැ.මේ සටහන පටන් ගත්තේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය ගැන යාමක් ලියන්න. එය තමා ඊළඟට ලියන්නේ. ගොඩක් වෙලාවට ලබන මේ සිකුරාදා.

ඉහත ප්‍රස්තාරයේ තියෙන්නේ ටයිම්ස් සරසවි ශ්‍රේණි ගත කිරීමට අනුව අංක එකට ආපු ඇමෙරිකානු හාවර්ඩ් සරසවියේ මේ වසරේ උපාධි අවසන් කරපු පිරිස සමග කරපු සමීක්ෂණයක දත්ත කොටසක්. හාවර්ඩ් යන්න අදහසක් නැති වුවත්, එයත් කියවන්නට වටිනාකමක් තියන සමීක්ෂණයක්.

-https://raigamahandiya.wordpress.com

සියල්ලන්ටම සුබ අනාගතයක්! How am I supposed to carry on…………

ras donation main
ජීවිතය අනපේක්ෂිත දේවල් වලින් අනූනයි. හදිසි අනතුරු කියන ඒවා අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. පසුගිය දිනෙක මා වැඩට යන විට, මගේ රථය, සිඩ්නි වලින් ආපු එක නෝනා මහත්මියක් විසින් හප්පනු ලැබුවා. අනතුරක මොන වාසනාවක් ද? නමුත් වාසනාවකට වගේ භෞතික හානි මිසක් මගේ හෝ ඇයගේ ශරීර වලට හානියක් වුනේ නැහැ. ඇය ටිකක් ආඩම්බරකාර කාන්තාවක් වුවත්, රථයෙන් බැස්සේ මට සමාවන්න කියමින් නිසා, මා වැඩි දෙයක් කියුවේ නැහැ. මෙවැනි අනතුරු වෙන්න තියන හැකියාව නැති කරන්න නොහැකි වුවත්, ඇයගේ සමාවට කරුණ වුණේ, ඇය සිඩ්නි වලින් ආපු අයෙක් නිසා, “කැන්බරා මාර්ග නීති” හරියට නොදන්නවා කියන එකයි.

දැන් මෙහෙම අනතුරකින් ශරීරයට හානියක් වුණොත් මොකද වෙන්නේ කියා ඔබ හිතුවද? එය ඔබ ඉන්න රට විතරක් නොවේ, සමහරවිට රටක් ඇතුලේ ප්‍රාන්ත අනුවත් වෙනස් වෙනවා. ඉන්නේ කැන්බරා වල නම් තත්වය ටිකක් හොඳයි. අප මෝටර් රථය පාරට දාන්න අවුරුදු පතා එහි අංකය අලුතින් ලියාපදිංචි කරන්න ඕනෙනේ. මෙන්න මේ ලියාපදිංචිය කරන දෙපාර්තමේන්තුව එවන කොලේ බැලුවොත් ඔබට පෙනේවි, එහි මහම මුදල යන්නේ CTP කියන රක්ෂණය වෙනුවෙන්.

මෙයට කලින් CTP රක්ෂණයට අපට විකල්ප තිබුනේ නැහැ. එකම එක සමාගමකින් තමා එය ගන්න තිබුණේ. දැනට අවුරුද්දකට පමණ උඩදී එයට තව සමාගම් එකතු කර, තෝරා ගැනීමේ අවස්ථාව රථවාහන හිමියන්ට ලබා දී තිබුණා. කොම්පල්සරි තර්ඩ් පාර්ටි නැත්නම් අනිවාර්ය තෙවන පාර්ශව රක්ෂණය නමැති මේකෙන් කෙරෙන්නේ, යම් රියදුරෙක් විසින් පාරේ ඉන්න මගියන්ට හෝ අනෙක් රථයක ගමන් ගන්න, එලවන හා තමන්ගේ රථයේම ඉන්න අයට පාරේදී සිදුකරපු අනතුරකදී වන තුවාල වලට ප්‍රතිකාර වලට අවශ්‍ය වන රක්ෂණ ආවරණය ලබා දීම.

දැන් අපත් රථයක් පාරට දාන්න කලින් ලියාපදිංචි කිරීමට අමතරව, (බොහෝ විට) තව රක්ෂණයකුත් ගන්නවනේ. මේකත් තෙවන පාර්ශව හෝ සම්පුර්ණ (තර්ඩ් පාර්ටි හෝ කම්ප්රිහෙන්සිව්) වන්න පුළුවන්. ඒ දෙකෙන් මොක වුනත්, ඒවායින් ආවරණය වන්නේ දේපොළ විතරයි. ශාරීරික හානි වලට ඒවා වන්දි ගෙවන්නේ නැහැ. අන්න ඒකයි CTP රක්ෂණය, ලියාපදිංචි කරන විට අනිවාර්ය වන්නේ.

දැන් කැන්බරා වල ජිවත් වන අප, මේ CTP රක්ෂණය වෙනුවෙන් මහා ගාණක් ගෙවනවා. මෙම රක්ෂණ අනෙක් ප්‍රාන්ත වලත් තියනවා. නිව් සවුත් වේල්සයේ මේක CTP ග්‍රීන් ස්ලිප් කියලයි හඳුන්වන්නේ. ඔවුන් හැබැයි මෙතරම් ගාණක් ගෙවන්නේ නැහැ. මෙහි වෙනස තමා කැන්බරා රක්ෂණය කම්ප්රිහෙන්සිව්. අනෙක් ප්‍රාන්ත වල ගණන අඩු, ඒවාට තිය ආවරණයේ ඇති සිමීතකම් නිසා. ඇත්තටම මේක ගෙවන කොට අප බැණ බැණ ගෙවන්නේ. හැබැයි අනතුරක් වුණහම තමා දෙවියන් සිහි වන්නේ.

පාරේ ගොඩක් පිරිස් වාහන එලෙව්වත්, අනතුරු කර ගන්නා සංඛ්‍යාව සාපේක්ෂව කුඩා නිසා, මෙවැනි රක්ෂණ සේවා සපයන සමාගම් හොඳට ලාභ ගන්නවා. නමුත් අප රක්ෂණයට මුදල් ගෙවනවා කියා, එයින් වාසි අනතුරු කර ගන්නා අරමුණෙන් වාහන එළවන්නේ නැහැ. මෙවැනි රක්ෂණ අප මිලදී ගන්නේ, හදිසි අවස්ථා වෙනුවෙන්. එනම් බලාපොරොත්තු නොවන අනපේක්ෂිත අවස්ථා සඳහා.

ඕස්ට්‍රේලියාවේ තියන මෙඩිකෙයා කියන සර්ව සෞඛ්‍ය සේවාවත්, මෙවැනි රක්ෂණයක්. වැඩක් කර ආදායමක් ගන්න සියලුම දෙනා, තමන්ගේ ආදායමෙන්, මේඩිකෙයා බද්ද කියා එකක් ගෙවනවා. මේකෙන් තමා හෙම්බිරිස්සාවට දොස්තර කෙනෙක් හම්බ වෙන්න යන කොටත්, අනෙක් හැදෙන ලෙඩ රෝග වලට රෝහලට ගිහින් ප්‍රතිකාර ගන්නෙත්, හදිසි අනතුරු වලදී කෙලින්ම රෝහලට ගෙනගොස් ප්‍රතිකාර කරන්නෙත් (අර CTP නැතත් ඔබට ප්‍රතිකාර නොකර ඉන්නේ නැහැ. එහිදී ඔබ ගේ ආදායම, හමේ පාට, ගැහැණු පිරිමි වග යනාදී මොකුත් බලන්නේ නැහැ. මොකද මෙඩිකෙයා මගින් කොහොමත් ඔබ ආවරණය වී ඇති නිසා). මෙතැනදී කියන්න අවශ්‍යයි, ඔබට ප්‍රතිකාර/වියදම් ආරම්භ වන්නේ අර ඇම්බියුලන්ස් රථය, රථ ගාලෙන් පිටත් වූ වෙලාවේ සිට. මෙඩිකෙයා මේ සියල්ල ආවරණය කරන්නේ නැහැ.

දැන් අපේ පඩියෙන් ගාණක් ගෙවනවා කියා, එයින් “නියම ප්‍රයෝජන ගන්න” අප ලෙඩ වෙන්න බලාගෙන ජිවත් වන්නේ නැහැ. මා නම් පෞද්ගලිකව සෞඛ්‍ය සම්පන්න ජිවන විලාසිතාවක් ගත කරන්න වෙහෙසෙනවා. අර කාරය රක්ෂණය කර, පරිස්සමින් පදවනවා වගේ, සැමවිටම ලෙඩක් හදා ගන්නේ නැතුව ජිවත් වෙන්න උත්සහ කරනවා. නිදහස් සේවා ඇප්රිශියෙට් කරන අතරදීම, ඒවාට මුදල් එන්නේ කොහෙන් ද කියා ත් අප සිතන්න ඕනේ. සමාජවාදයේ (එවැනි දෙයක් තිබුනා නම්, හෝ ඇති කරන්න හැකි නම්) ප්‍රධාන ප්‍රශ්නයත් මෙය තේරුම් ගන්න පිරිස් අඩු වීමයි.

මා හැම විටම ලියන දෙයක් තමා. අපේ ජිවන විලාසිතා තෝරා ගත යුත්තේ සෞඛ්‍ය සම්පන්න දිවියක අදාළ වන විදිහට. දැන් අප මේඩිකෙයා වලට ගෙවන ගාණින්, “නොමිලේ” සපයන සෞඛ්‍ය සේවාවන් සියල්ල ආවරණය කර ගන්න නොහැකි වෙමින් පවතිනවා. එනම් ලෙඩ වෙන ගණන වැඩි වෙමින් පවතිනවා. වියපත් ජනගහණයත් වැඩිවීමත් එහි එක අංගයක්. වලක්වා ගන්න පුළුවන් ලෙඩ මිනිසුන් හදා ගැනීමත් එහිම එක අංගයක්. නමුත් මේ රටේ තියන මේඩිකෙයා සර්ව රක්ෂණය නුතන මානව සමාජ වල තියන හොඳම සේවාවලින් එකක්. එහි නොයෙක් දුර්වලතා තියනවා. නමුත් එක පුද්ගලයෙකුට සෞඛ්‍යය සඳහා, අපට වඩා වැඩියෙන් වියදම් කරන ඇමෙරිකාවට වඩා, මෙහෙ සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂමයි, වඩාත් මානුෂිකයි කියාත් නම් කරන්න පුළුවන්.

සමාජයක ජිවත් වන විට මේවා සිතන්න ඕනේ. වැඩක් කර යමක් උපයන්න, සැම විටම සෞඛ්‍යසම්පන්න ජීවන විලාසිතා තෝරා ගන්න, සමාජයේ ඉන්න අනෙක් අය ගැන යන්තමින් හෝ සිතන්න යනාදී දේවල්. එතකොට තමා අර කලින් කියපු සාර්වර්ත්‍ර සේවා තිරසාරව අපට පවත්වාගෙන යා හැක්කේ. අධ්‍යාපනය පවා එයටම අදාලයි. ලෙඩ නොවී ඉන්න හැම උත්සහයන්ම ගන්න විට, හදිසි අනතුරු හා නොවැලැක්විය හැකි හේතුන් නිසා ලෙඩ වන අයට ප්‍රතිකාර සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන්.

ගිය වසරේ මා හොඳින් දන්නා කෙනෙක් බරපතල රිය අනතුරකට මුහුණ දුන්නා. ඔහුගේ අනතුරින් විනාඩි දහයකට පසු, ඇම්බියුලන්ස් රථය එතනට ආව. එයින් පසු රෝහලට ගෙනගිහින් කරපු ප්‍රතිකාර නිසා, ඔහු ජීවිතය ගලවා ගත්තා විතරක් නොවේ, මාස 8කට පමණ පසු 95% ක පමණ සුවපත් වීමක් ලබා ගත්තා. එහිදී ඔහුට මෙහෙ තියන නිදහස් සෞඛ්‍ය සේවාවත්, රක්ෂණයනුත් උදවු වූවා. එයිටත් වඩා යළිත් පෙර පරිදි ජීවිතය ගත කරන්න, එනම් තමන්ගේ මහන්සියෙන් වැඩ කරන්න, අනුන්ට කරදරක් නොකරන්න ඔහුගේ තියන කැමැත්තත්, සහකාරියගේ ආදරබර උපස්ථානත් හේතු වුණා යයි මට සිතෙනවා.

මෙයා හරිම සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කරපු කෙනෙක්. එය සනාථ කරන දෙයක් මා කියන්නම්. මේ අනතුරට මුහුණ දුන් විට ඔහුගේ ලෙඩ නිවාඩු වලින් ඉතිරි වී ඇති දින ගණන දවස් හාරසියයකට කිට්ටුයි. ඒ කියන්නේ මුළු රක්ෂා දිවිය තුල එකතු වෙලා තිබුණ/අරගෙන නැති ලෙඩ නිවාඩු වල ගණන අවුරුද්දකට වැඩියි. රජයේ නිවාඩු දින හා සති අන්ත අත හැරියොත්, මෙයාට අවුරුදු දෙකක් පමණ නිකම් ගෙදර ඉන්න පුළුවන් කම තිබුණා. නමුත් යන්තමින් සුවය ලබන විට, ඔහුට යලිත් වැඩට එන්න අවශ්‍ය වුණා.

අප සමාජයේ සමහරුන් ඉන්නවා, හොර ලෙඩ අරන් ඉන්න. විශේෂයෙන් සුබසාධන වැඩසටහන් තියන රටවල් වල. මේ සුබසාධන වැඩසටහන් වලින් ඇත්තම ප්‍රයෝජනය අවශ්‍ය මිනිසුන්ටත් එය නොලැබී යන්නේ මෙන්න මේ අපත සීතල හොරුන් ඉන්නා නිසා. අප දකිනවා ලෝකයේ අත-පය නැතුව උපන් මිනිසුන් අනුන්ට බරක් නොවී ජිවත් වන්න උත්සහ කරන හැටි . ඇත්තටම මෙවැනි මිනිසුන් දකින විට වත් අර සීතල හොරුන් ලජ්ජා විය යුතුයි.

මා නිතර ලියන අනික කරුණ තමා, සමාජයේ වල්නරබල් පිරිස් බලා ගැනීමේ යුතුකම මහා සමාජයට තියන වග. මා පවා අද යන්තමින් හෝ නිදහස් ජිවිතයක් ගත කරන්නේ එවැනි අත දීම් අප සමාජයේ තිබුන්න නිසා වගත් මා අමතක කරන්නේ නැහැ.

මේ සියල්ලම ලියුවේ වෙන කිසිවක් නිසා නොවේ. මගේ මිතුරෙකු මගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා. එය ඔහුට නොවේ. ඔහුත් නොදන්නා තවත් මනුෂ්‍යන් තිදෙනෙකු වෙනුවෙන්. ඔහු මගෙන් ඉල්ලුවේ ටිකක් දීර්ඝ කාලීන මැදිහත් වීමක්. මට බොරු කියන්න අවශ්‍ය නැහැ. එවැනි දීර්ඝ කාලින දෙයක් මට කරන්න හැකියාවක් නැහැ. මොකද කියනවා නම් අනාගතයේ කිසිවෙකුට අත නොපා ජිවත් වීමට ගත යුතු ක්‍රියා මාර්ග මා තවම සම්පුර්ණ කර නැහැ. එයත් දීර්ග කාලින පොර බැදීමක්.

මා පින් හෝ පව් විශ්වාස කරන්නේ නැහැ. නමුත් චැරිටි නැත්නම් ස්වෙච්චා සේවා සඳහා මා හා බිරිඳ අපට හැකි අයුරින් උදව් කරණවා. ලොකු ගණන් නොවේ, පොඩියට. එයින් බලාපොරොත්තු වන්නේ මේවයින් සපයන සේවා සඳහා යම් දායකත්වයක් දීම. ගිය සතියේ ගෙදරට ආපු මෙවැනි ඉල්ලීමක් වුණේ අපේ ප්‍රදේශයේ හදිසි අනතුරු වලට යැවෙන හෙලිකොප්ටර් සේවාව සඳහා යම් දායකත්වයක්. මේවා ලොකු මෙහෙවරක් කරනවා. යම් දිනෙක ඒ සේවාව ලබා ගන්නා මා වේවි.

හැබැයි අන්තරජාලයේ හෝ පුවත්පතක දකින උදව් ඉල්ලීමක් අපගේ අවධානයට එතරම් ලක් වන්නේ නැහැ. මෙවැනි දෙයකට අවධයන යොමු වන්නට නම්, එහි කොණක අපට සමීප කෙනෙකු සිටිය යුතුයි. මා කියන පුවතත් අන්න ඒ වගේ.

මිනිසුන් විපතක වැටුන විට, දාර්ශනික මතවාද වලින් වැඩක් නැහැ. ඔවුන්ට ගෙවන එක දවසත් තීරණාත්මකයි. පහතින් කියවෙන පුවතට අදාල තරුණයා, ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගනිමින් සිටියදී සිදුවූ (මා ඇසූ පරිදි), අනතුරක් නිසා ජිවිතයම උඩු යටිකුරු වූ අයෙක්. ඔහු විතරක් නොවේ, ඔහුගේ දෙමාපියන්ගේත්. අනතුර සිදු වී ටික කලක් වුණත්, තාමත් මේ තිදෙනා අනතුරින් සිදුවූ ආබාධයන් සමග පොර බදනවා යයි මට කියුවේ මෙය මට එවූ හිතවතා.

ඔබට එය අවශ්‍ය නම් අදාළ අංක වලට කතා කර සනාථ කර ගන්න හැකියි. මොවුන් කිසිවෙකු මා දන්නේ නැහැ. ඔවුන් මිනිසුන් වීම පමණයි, මට තියන ඥාතිත්වය. දීර්ග කාලීනව දායකත්වයක් මට දෙන්න නොහැකි වුවත්, මා මට හැකි විදිහට උපකාර කරන්නට කටයුතු කරන වගට මෙය එවූ මිතුරාට කියුවා. එයට ක්‍රියා මාර්ගයක් මා දැනටම අරගත්තා. මෙතනදීත් මගෙන් උදව්ව ඉල්ලු කෙනා, එනම් හිතවතා නිසාම තමා මා යම් පියවරක් ගත්තෙත්, මෙය ලියන්නෙත්. ඔවුන් වැනි මිනිසුන් අපටත් ආදර්ශයක්. ඔවුන්ව අනුගමනය කරන්න නොහැකි වුවත්, එයිට අඩු දායකත්වයක්, එනම් පසුපසින්වත් අප ගමන් කරන්නේ, ඔවුන් ලෝකයේ ඉන්නා නිසා.

සමූහයක් වශයෙන් අප මුහුණ දෙන ප්‍රශ්න වලට විසඳුම් සෙවීම අපගේ මනුෂ්‍යත්වයයි. එහිදී සමහර විට අප දායකයන් වුවත්, කෙලින්ම ප්‍රතිලාභ ලබන්නන් නොවන්නට ඉඩ තියනවා. හැබැයි, පොදුවේ සියලුම මිනිසුන්ට, මිනිසුන් වශයෙන් ජිවත් වීමට ඉඩ සැලසීම අප සියල්ලන්ම ලබන ප්‍රතිලාභයක් නොවේද?

අනුන්ට කරදරයක් නොවී, රැකියාවක් කරමින්, දරුවාට උගන්වමින්, අන්තිමට ඒ දරුවාගේ දක්ෂතා (ඇත්තටම කියුවොත් ලංකාවේ මධ්‍යම පාංතික සිහිනය සැබෑ කර ගැනීමේ අද්දර සිටිය) දෑසින් දකිමින් සිටිය මේ යුවල, ඔබ හෝ මා වෙන්න පුළුවන් නේද? උන්නතිකාමී, මධ්‍යම පාංතික දිවියක් ගත කරපු කෙනෙක්, උදව්වක් ඉල්ලන්නේ බැරිම තැන කියා මා දන්නවා. අනික ඔවුන්ගේ උත්සාහය දරුවා නැවත ස්වාධින ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය වටපිටාව සලසා දීම. දරුවන්ට ස්වාධින ජිවිතයක් ගත කරන්න වටපිටාව සලසා දීම නේද අප සැමගේ බලාපොරොත්තුව.

පුළුවන් නම් උදව්වක් කරන්න.

තරුණ ජිවිතයකට නැගිටින්නට වාරුවක්….

http://www.piliyandalasami.com/advertisements/donation/
(මේ ලින්කු දෙකම වැඩ කරන්නේ නැත්නම් මට ලියන්න)!

https://www.youtube.com/watch?v=UohtEs-NSOI

-https://raigamahandiya.wordpress.com

පලි
මගේ බ්ලොගය සති අන්ත බ්ලොගක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. මේ සටහන පමණට වඩා දික් වුණා. මේ පලියත් වෙනස් කරන්නට සිතුනේ නැවත කියවා බැලීමෙන්. යමකට දායකත්වය දෙන්න කියන විට, ගොඩක් වෙලාවට අපට කියන දෙයක් තමා, කෝපි එකක් බොන සල්ලිනේ අනේ, ඒක දෙන්න, නැත්නම් ඔයාල බොන්න ඔච්චර වියදම් කරන එකේ, මේකට ඒ මුදල දාන්න. මෙය මා අකමැතිම දෙයක්. එහෙනම් එයාල කියන්න කලින් අප මේ ජිවිතයේ කරන සේරම නවත්වල, ණය ටික ගෙවල දානවනේ. විකාර නේද? එහෙම නොවේ, හැකි නම් යම් උපකාරයක් කරන්න, නැත්නම් ඒත් කමක් නැහැ, කියුවොත් මා නම් දෙපාරක් හිතනවා.

පන්සල් පල්ලි හදන්න මුදල් පරිත්‍යාග කිරීම මා කරන්නේ නැහැ. පල්ලි කෙසේ වෙතත්, පන්සල් වල නම් අවුරුද්දේ තුන්සිය හැටපස් දවසම කරන්නේ නව දෙයක් ඒ කියන්නේ ගොඩනැගිල්ලක්, නැත්නම් ගොඩනැගිලි ඇතුලේ කෙරෙන විසිතුරු, එසේත් නැත්නම් තියන දේවල් කඩල හරි අලුතින් දෙයක් හදන එක. මේක කිසිදා ඉවර වෙන කෙලියකුත් නොවේ. මොනවා හරි හදන්න කියා මුදල් එකතු කිරීමත් නතර වෙන කෙලියකුත් නොවේ.

මෙතැනදී අමතක කරන දෙයක් තමා මනස් ගොඩ නැගීම. එය අභිබවා භෞතික ගොඩනැගිලි ඉදිරියට එනවා. මේ පැය ගණන් දිවෙන බණ දේශනා කියන්නේ කිසිම වැඩකට නැති දේවල්. ඔය කියන දේවල් වලට මිනිසුන්ගේ සිත යොමු වෙනවා යයි කියා මා නම් සිතන්නේ නැහැ. මොන දේශනාව වුනත් විනාඩි 20 කින් පමණ නිම කළ යුතුයි. ඉන්පසු කියන දේවල් කිසිවෙකුගේ මනසට යන්නෙත් නැහැ, ඇති වැඩකුත් නැහැ.

ඇත්තටම පන්සල් වලට අවශ්‍ය වන්නේ විසිතුරු ගොඩනැගිලි හා ඒවා සරසන චිත්‍රකර්ම, පිළිම හා වෙනත් භාණ්ඩ නොවේ. මිනිසුන්ට නිදහසේ ඉන්න පුළුවන් ගස් වැල් පිරි පරිසරයක්. ඒ ඉතින් මා සිතන හැටිනේ. පන්සල් නොයන මා සිතන හැටියෙන් වැඩක් නැහැ.

මේ ටික එකතු කෙරුවේ මා මේ සතියේ නරඹපු අපූරු වාර්තා වැඩසටහනක් මතක් වීමෙන්. එයට පදනම් වුනේ අපේ මනස. එහි හරය වූයේ, අපේ මනස වෙනස් කර ගන්නත්, කිසිදා අප පමා නැහැ කියන එක. සතිය නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියන දෙය හරය වන ඉගැන්වීමක් “අදහනවා” කියන පිරිස්, භෞතික සම්පත් වන්දනා කිරීම ඇත්තටම දයිවයේ සරදමකටත් වඩා එහාට යන දෙයක්. එයත් ලියන්නට තරම් වටින කරුණක්.

ධිවර සංස්ථාව සුනේ සුං

fishingවර්තමාන යහපාලනය යටතේ පවතින ලංකාවේ “ධිවර සංස්ථාව” මේ වනවිට ගිය මස වැටුප පවා ගෙවා නැත.
ගැටලූව වන්නේ ධිවර සංස්ථාවට වැටුප් ගෙවා ගත නොහැකි වුයේ කුමන යහ පාලකයෙක් එම ආයතනය පාලනය කළාදැයි වර්තමාන යහපාලන ආන්ඩුව ප‍්‍රස්න නොකරන නිසාය.
සාමාන්‍යයෙන් සැලකෙන්නේ , පසුගිය මහින්ද රාජපක්ෂ සමයේදී රජයේ වැඩියෙන්ම දුෂනයට ලක්වු සංස්ථාව ධිවර සංස්ථාව බවයි. මෙම දුෂන වංචා වල අවසාන පලය භුක්ති විදින්න සිදු වුයේ එහි සේවක සේවිකාවන්ටය.


අප ඔවුන්ට යොජනා කරන්නේ ඔවුන් දන්නා තොරතුරු ජනාධිපති කාර්යලයේ සිටින දුෂන වංචා සහමුලින්ම අතුගා දමන “මාස්ටර් කොස්ස” වන ශිරාල් ලක්තිලක මහතාට පැමිණිලි කරන ලෙසයි.
මේ වන විට අප දන්නා පරිදී මෙම ආයතනය පවත්වාගෙන යන්නේ මහා භාන්ඩාගාරයේ අරමුදල් වලිනි.
1815 වෙල්ලස්ස කැරැුල්ල මතවාදිව මෙහෙයවූ කුඩාපොල හාමුදුරුවන් පවා මේ ගැන දැඩි නිහඩතාවයක යෙදෙන්නේ ඇයි?
රනිල් වික‍්‍රමසිංහ මහතා ධිවර සංස්ථාවට සිදුවූ නස්පැත්තිය දන්නේ නැද්ද.
අවුරුදු 6 ක ළමා ස්ත‍්‍රි-දුෂන නඩුවක් ගැන කතා කිරීමට [ගම ගැන නාගරිකයාගේ අශ්ලීල ෆැන්ටසිය – Bora Diya Pokuna] වඩා මෙවැනි ජාතික වැදගත් කමක් ඇති ප‍්‍රස්නයක් ගැන කතා කිරීමට ජනමාධ්‍ය පැකිලෙන්නේ ඇයි ?
ඕනැම කුනුගොඩක් දෙසට CCTV කැමරාව එල්ලකර සිටින E-News සදරුවන්ටත් මෙය මගහැරී ඇත.
ධිවර සංස්ථාවෙ විශාල සෙවක පිරිසකගේ දරු පවුල් වලට කන්න දෙන්නේ කවුද ?

3mana.com

සිවුමංසල කොලූගැටයා : අධ්‍යාපන ක‍්‍රමයෙන් විකෘති වන අපේ දරුවෝ- නාලක ගුණවර්ධන

 

1994-january-10In this week’s Ravaya column (in Sinhala), I discuss the brutal, almost inhuman pressures the formal education system — schools, teachers and most parents — exert on our children.

I explored similar ground in an English essay written 10 years ago, titled Let’s Restore the Joy of Learning!

My daughter was six at the time, and I was hoping she would be spared the worst of the Lankan educational system as she grew up. Alas, things have only become worse in that decade. I’ve tried to buffer her from the worst excesses: while she does not have parental pressure to ‘get ahead at any cost’, she is being driven by her school to ‘perform’ so as to ‘maintain the school’s glory’!

See also my June 2010 blog post: Why isn’t school very cool? Have we asked our kids yet?


A hapless school kid being primed for the Great Rat Race - cartoon by W R Wijesoma, 1994
කලක් මගේ සහෘදයකු වූ ජ්‍යෙෂ්ඨ කාටූන් ශිල්පී ඩබ්ලිව්. ආර්. විජේසෝම සූරීන් කාලීන දේශපාලන හා සමාජයීය ප‍්‍රවණතා ගැන විනිවිද දකින සියුම් දැක්මක් තිබූ කෙනෙක්. ඔහු සිය කාටූන් හරහා විටින් විට මතු කළ තේමාවක් වූයේ විධිමත් අධ්‍යාපන ක‍්‍රමයේ අධික විෂයානුබද්ධ දැනුම හා අසංවේදී ක‍්‍රියා නිසා පීඩාවට පත් වන අපේ දරුවන් ගැනයි. ඔහු එය සංකේතාත්මකව නිරූපනය කළේ සිරුරේ ප‍්‍රමාණයටත් වඩා විශාල වූ පොත් කර ගසා ගෙන ආයාසයෙන් ගමන් කරන පාසල් දරුවකුගේ රූපයකින්.

සැබෑ ජීවිතය විප‍්‍රරූපණය කිරීමට (caricaturise) කාටූන් ශිල්පීන්ට නිර්මාණාත්මක නිදහසක් තිබෙනවා. එහෙත් මීට වසර 15කට 20කට පෙර විජේසෝමයන් කී දේ ඇත්තට ම සිදු වනවා. මහ පොත් ගොන්නක් ගෙන යාම නිසා ශාරීරික ආබාධවලට පත් දරුවන් ගැන වෛද්‍යවරුන් වාර්තා කරන්නේ වසර ගණනාවක සිට. මේ නිසා වඩාත් ශ‍්‍රමක්ෂතා විද්‍යානුකූලව (ergonomically) සැකසූ බෑගයක් දරුවන්ට දීමේ උත්සාහයක් තිබෙනවා. එය හොඳ ප‍්‍රතිචාරයක් වුවත් ප‍්‍රශ්නයේ මුල එතැන නොවෙයි.

මෙතරම් පෙළ පොත් කන්දරාවක ඇති දැනුම් සම්භාරයක් නිසි සේ උකහා ගන්නට අපේ දරුවන්ට ස්වාභාවික හා සාධාරණ ධාරිතාවක් තිබේ ද? නැත්නම් නිල අධ්‍යාපන තන්ත‍්‍රයත්, දෙමවුපියනුත්, ජන සමාජයත් නිර්දය ලෙසින් මේ බර දරුවන්ගේ සිරුරට හා මනසට පටවන්නේ ඇයි?

විධිමත් අධ්‍යාපන ක‍්‍රමයේ හොඳ මෙන් ම නරක ද තිබෙනවා. අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට අවංකව උද්ඝෝෂණය කරන අය පවා ක‍්‍රමීය මට්ටමින් පාසල් හා සරසවි ක‍්‍රමයේ දුර්වලතා ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ.

මා මේ දැවැන්ත සමාජ ප‍්‍රශ්නය ගැන කථා කරන්නේ සෙද්ධාන්තිකව නොවෙයි. නුදුරු දිනයක තරගකාරී ප‍්‍රසිද්ධ විභාගයකට පෙනී සිටින දියණියක් මටත් සිටිනවා. උවමනාවට වඩා අතිශයින් පුම්බන ලද විෂයය මාලාවන් ගණනාවක බර කර ගසා ගෙන දැනුම් කන්දක් නගින්නට ඇය හා ඇගේ මිතුරියන් ගන්නා මහත් වූ ආයාසය මා බලා සිටින්නේ කම්පාවෙන් හා වේදනාවෙන්.

ගෙවී යන සෑම සතියක ම මට සිහි වන්නේ මා පාසල් යන කාලයේ නැරඹූ සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ නාට්‍යයයි. පාසලත්, ටියුෂන් පන්තියත් යන දෙකෙන් එහාට හරිහැටි නිදා ගන්නවත්, හුස්ම ගන්නවත් ඉස්පාසුවක් නැති, අතිශය පීඩාකාරී තත්ත්වයක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසු සිසුවියන් කල් ගත කරනවා. දැන් දැන් මේ තත්වය පහේ ශිෂ්‍යත්වයටත් අදාල වන බව වාර්තා වනවා.

දශක කිහිපයක් තිස්සේ අප බොහෝ දෙනෙකු (කැමති වුවත් නැති වුවත්) යෙදී සිටින්නේ මහා ලාංකික මූසික තරගය (Great Lankan Rat Race) නම් නොනවතින තරග දිවීමකයි. එයට කුඩා කල සිට ම දෙමවුපියන්, ගුරුවරුන් හා පාසල් විසින් දරුවන් සූදානම් කරන්නේ මහත් ඕනෑකමින්.

අවසාන විනිශ්චයේදී හොදින් උගෙන, විභාග ඉහළින් සමත්වී රටට ලෝකයට වැඩ දායක කෙනෙකු වීම උතුම් අරමුණක්. එහෙත් බෙහෙවින් පටු හා ඒකාකාරී ලෙසින් සකස් වූ අධ්‍යාපන ක‍්‍රමයක සීමිත අවස්ථා සඳහා අතිශය තරගකාරීව එකිනෙකා සමග කුලල් කා ගන්නට දරුවන්ට සිදුව තිබෙනවා. මෙබඳු නිර්දය පොර බැදීමකදී වඩාත් සංවේදී, ස්වාභාවයෙන් ආක‍්‍රමණශීලී හෝ තරගකාරී නොවන, තමන්ගේ ම පරිකල්පන ලෝකයට නිමග්න වූ දරුවන් මුළු ගැන්වෙනවා.

ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලූපුල් පෙරේරා මේ පිළිබඳව විවෘතව අදහස් දක්වන විද්වතෙක්. කය, මනස හා පෞරුෂත්වය යන සියල්ල වර්ධනය කරන සමබර ඉගැනුමක් වෙනුවට ඉතා විශාල තොරතුරු ප‍්‍රමාණයක් ආයාසයෙන් ස්මරණය කිරීමට ළමයින්ට බල කරන අපේ අධ්‍යාපන ක‍්‍රමය ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට දැඩි අහිතකර බලපෑම් කරන බව ඔහු නිතර පෙන්වා දෙනවා.

ඔහුගේ ම වචන වලින් මෙය කෙටියෙන් කියන්නේ ‘පොත නැමැති උගුලේ පැටලිලා – පීඩනයට පත් වෙලා’ යනුවෙන්.

සමාජයට හා රටට අවශ්‍ය වන්නේත්, අධ්‍යාපනයේ අවසන් අරමුණ වන්නේත් ඇවිදින දැනුම් කෝෂ්ඨාගාර බිහි කරන්නට නොව, දැනුම, බුද්ධිය හා සමාජයීය කුසලතා යන සියල්ල මනාව තුලනය කරගත් පුද්ගලයන් බවට පාසල් දරුවන් පත් කරන්නටයි. එහෙත් වත්මන් ක‍්‍රමයේ යාන්ත‍්‍රික ලෙස කරුණු උගැනීමටත්, අතිශය තරගකාරී විභාගවලදී එය වැමෑරීමටත් දෙන විශාල ප‍්‍රමුඛතාවය නිසා පූර්ණ පෞරුෂයක් දියුණු කිරීමට තිබෙන අවස්ථා මග හැරී යන බව ඔහු කියනවා.

මෙබඳු තොරතුරු සමුදායක් මතක තබා ගැනීමට තැත් කිරීම අද වැනි තොරතුරු සමාජය ඉදිරියට ගිය කාලයක තව දුරටත් අවශ්‍ය හෝ ප‍්‍රයෝජනවත් හෝ වේද?

තොරතුරු මහ ගොඩක් ධාරණය කරගත් පමණට එය දැනුම බවට පත් වන්නේ නැහැ. දැනුම යනු අවබෝධය හා අදාලත්වය අනුව මනස තුළ සකසා ගත් තොරතුරුයි.

අපේ මොළය තොරතුරු දැනුම ලෙස ගබඩා කර ගන්නා ක‍්‍රම දෙකක් ඇති බව වෛද්‍ය පෙරේරා කියනවා. එකක් කෙටි කාලීන මතකයයි. අනෙක දිගු කාලීන මතකයයි. අප දිනපතා ලබන බොහෝ අත්දැකීම් හා අපට හමුවන තොරතුරු කෙටි කාලීන මතකයේ තාවකාලිකව රැඳුනත් දිගු කාලීන මතකයට ඒවා බහුතරයක් කිඳා බසින්නේ නැහැ.

තොරතුරක් එසේ කිඳා බසින්නට නම් අප යමක් විමර්ෂණය කොට, මනසින් කිරා මැන බලා ඕනෑකමින් ග‍්‍රහණය කළ යුතුයි. එය කාලය හා ශ‍්‍රමය වැය වන, සෙමෙන් හා ඉවසීමෙන් කළ යුතු ක‍්‍රියාවක්. දුවන ගමන් කළ හැකි දෙයක් නොවේ.

කලා, විද්‍යා, වාණිජ කෙෂ්ත‍්‍රවල ඕනෑ ම විෂයයක් උගැනීමේදී එය ක‍්‍රමානුකූලව, ආසාවෙන් කිරීම වඩාත් ප‍්‍රතිඵලදායක ක‍්‍රමයයි. එහෙත් අති විශාල ලෙස පුළුල් කරන ලද විෂයමාලාවන් සීමිත පාසල් කාලයක් තුළ උගැනීමේ අභියෝගයට මුහුණ දෙන විට මේ ප‍්‍රශස්ත ක‍්‍රමවේදයන්ට ඉඩක් ඉතිරි වන්නේ නැහැ.

සරල උපමාවකින් මොළය කළයකටත්, දැනුම ජලයටත් සමාන කරමින් වෛද්‍ය පෙරේරා කියන්නේ කළයකට ජලය පිරවිය යුතු රටාවක් හා සංයමයක් ඇති බවයි. අධිවේගීව කළයක් පුරවන්නට තැත් කළොත් එහි ස්වාභාවික ධාරිතාව දක්වා හෝ හරිහැටි පිරෙන්නේ නැහැ. ඊටත් කලින් පිටාර ගලන්නට පටන් ගන්නවා.

මිනිස් මොළය මීට වඩා අතිශයින් සංකීර්ණ වුවත් මේ උපමාව ක‍්‍රියාවලිය තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත්. අද අධ්‍යාපන ක‍්‍රමය අධිවේගීව යන ගමනෙන් දරුවන්ටත්, රටටත් ප‍්‍රශස්ත ප‍්‍රතිඵල ලබා ගන්නට නොහැකි වී තිබෙනවා. හෙමින් හෙමින් සීමිත පරාසයක් වුව හොදින් ප‍්‍රගුණ කිරීම මීට වඩා ප‍්‍රයෝජනවත්.

දැනුම ඉතා ඉක්මනින් පුළුල් වන අද කාලයේ අපේ දරුවන්ට ඒ නව ලොවත් සමග පෙරට යන්නට නම් මෙකී අධිවේගී ධාවනය අත්‍යවශ්‍ය බවට සමහරුන් තර්ක කරනවා. විෂයය මාලාවන් සංශෝධනය වන හැම විටෙක ම ඒවා තව තවත් විශාල කිරීමට හේතුව ලෙස දක්වන්නේ මෙයයි.

එහෙත් මෙය තව දුරටත් පිළිගත හැකි තර්කයක් නොවේ. අද අපට අවශ්‍යව ඇත්තේ ඇවිදින දත්ත ගබඩා බිහි කිරීම නොව තොරතුරු සාගරයේ නිසි ලෙස සැරිසරමින් යාමේ කුසලතාවයත්, සොයා ගත් තොරතුරු දැනුම ලෙස අදාල කර ගෙන ගැටළු විසදීමේ හැකියාවත් ඇති පුද්ගලයන් බිහි කිරීමයි.

ලේඛකයකු, කවියකු, සාහිත්‍ය විචාරකයෙකු හා 18 වන සියවසේ ප‍්‍රාඥයකු ලෙස පිළි ගැනෙන ඉංග‍්‍රීසි ජාතික සැමුවෙල් ජොන්සන් (1709 – 1784) ඉංග‍්‍රීසි භාෂාවේ මුල් ම ශබ්දකෝෂය සම්පාදනය කළා. ඔහුගේ කාලයේ ලොව පැවති දැනුම් ප‍්‍රමාණය අදට වඩා බෙහෙවින් සීමිත වුවත් එවකට පවා හැම තොරතුරක් ම යාන්ති‍්‍රක ලෙස ධාරණය කිරීමේ තේරුමක් නැති බව ඔහු දැන සිටියා.

දැනුම පිළිබඳව හොඳ ම උපදේශයක් ඔහු දී තිබෙනවා: ”දැනුම (knowledge) දෙයාකාරයි. එක්කෝ යම් විෂයයක් ගැන අප හොඳින් දන්නවා. නැතිනම් ඒ ගැන තොරතුරු සොයා ගත හැකි ක‍්‍රමවේදයන් හා මූලාශ‍්‍රයන් අප දන්නවා. පුස්තකාලයකට පිවිසෙන අප මුලින් කළ යුත්තේ එහි සූචිය පරිශීලනය කරන සැටි දැන සිටීමයි.”

ලේඛකයකු වීම ගර්වයක් හැටියට සැළකූ මගේ පාසල් මිතුරකු සිටියා. ලේඛන කලාවට ලැදියාවක් තිබූ අප ඒ සඳහා නිර්මාණශීලී අත්හදා බැලීම් කරමින් ශිල්පීය ක‍්‍රම ප‍්‍රගුණ කර ගන්නා අතර ඔහු කළේ ශබ්දකෝෂ කටපාඩම් කිරීම පමණයි. පසු කලෙක ඔහු බර වචන දහස් ගණනක් දත්, එහෙත් හරිහැටි එක් රසවත් වැකියක් හෝ ඡ්දයක් හෝ ලියා ගන්නට නොහැකි අවසනාවන්ත තත්ත්වයට පත් වුණා.

තොරතුරු ගබඩා කිරීමේ පටු අරමුණින් කරන උගැනීමේ අවසන් ප‍්‍රතිඵලයත් මීට සමාන්තරයි. (ලේඛකයකු ලෙස මා යොදා ගත්තේ එදිනෙදා වචන සීමිත සංඛ්‍යාවක්. සංකීර්ණ සංකල්ප පවා සරල එදිනෙදා බසින් ප‍්‍රකාශ කිරීම තමයි සන්නිවේදනයේ අභියෝගය!)

දැනුම් කන්ද තරණය කිරීමේ දුෂ්කර කි‍්‍රයාවේ කිසිදු දොසක් නොදකින බොහෝ දෙමවුපියන්, ගුරුවරුන් හා පාසල් ප‍්‍රධානීන් සිටිනවා. ඔවුන් ඇතැම් දෙනාගේ මතය නම් අද කාලයේ ළමුන් සහජයෙන් “අලස” බවත්, මෙබඳු දරදඩු විනයකට යටත් නොකළොත් ඔවුන් කිසි දිනෙක සිය උත්සාහයෙන් විෂයයන් උගෙන විභාග සමත් නොවනු ඇති බවත්. ඉඳහිට ඇතැම් දරුවන් ගැන මෙය අදාල විය හැකි වුවත්, මානසික හිංසනයක් පොදුවේ සාධරණීකරණය කරන්නට මෙය තර්කයක් ලෙස යොදා ගැනීම බිහිසුණුයි.

තරග විභාග ආසන්න වන විට ඇතැම් දරුවන් මානසික රෝගවලට ගොදුරු වන්නේත්, ආන්තික අවස්ථාවල සිය දිවි නසා ගන්නේත් මේ දැඩි පීඩනය දරා ගත නොහැකි වූ විටයි. කලකට ඉහත ඉඳහිට වාර්තා වූ මෙබඳු අවාසනාවන්ත සිදුවීම් දැන් හැම තරග විභාගයක් ගැන ම වාර්ෂිකව අසන්නට ලැබෙනවා.

2002දී ඉංග‍්‍රීසි ලිපියක් ලියමින් මා තර්ක කළේ මේ කුරිරු අධ්‍යාපන ක‍්‍රමය අපේ රටේ ඉතා පුළුල්ව හා ආයතනගතව සිදු වන ළමා අපයෝජනයක් බවයි. දශකයක් ගත වීමෙන් පසු ඒ තත්ත්වය උග‍්‍ර වී ඇතත් විසඳුමක් පෙනෙන්නට නැහැ.

විජේසෝමගේ කාටූන් හා සෝමලතා සුබසිංහගේ නාට්‍ය හරහා කලක් තිස්සේ ලක් සමාජයට කියන දෙය තව දුරටත් නොසළකා සිටීමට බැරි මට්ටමට ප‍්‍රශ්නය උඩු දුවා ඇති බව පෙනෙනවා. කුහකකම්, පටු මානසිකත්වයන් හා බොරු මානයන් පසෙක දමා අපේ දරුවන් බිහිසුණු අධ්‍යාපන ක‍්‍රමයෙන් බේරා ගත යුතුව තිබෙනවා.

උගත්කම ඉහළින් අගය කරන සමාජයක් මේ ආකාරයට දැනුම හඹා යන්නට හා එය ඊළඟ පරපුරට කාවද්දන්නට තැත් කිරීම තේරුම් ගත හැකියි. එහෙත් අප කරන දෙයින් හොඳට වඩා නරකක් සිදු වේ නම් ඒ ගැන යළිත් සිතා බැලිය යුතුයි නේද?

-Nalaka Gunawardhana 

 

සෝමලතා සුභසිංහ, විකෘතී හා ටියුෂන්. - Somalatha Subasinghe, Vikurthi & Tuition

 

Somalatha-Subasinghe
ටියුෂ.....න්, ටියුෂන් //
ටියුෂන් පියෝ...
ටියුෂන් බයෝ...
කෙමෙස්ට්‍රි, ෆිස්ක්ස්,
ජීව විද්‍යා, රසයන විද්‍යා, භෞතික විද්‍යා...
ගණිත මිනිත ක්‍රම ඕන එකක් ඇත..
අහන්න අපගෙන්, මොනවද ඕනෑ..
 
 
 
අමරදාස සෑර්
ඔය සින්දුව තමයි ඒ කාළේ පුංචි මාතලන්ගේ කටේම තියෙන්නේ. ඕක තියෙන්නේ "සෝමලතා සුභසිංහගේ", "විකෘති" නාට්ටියේ. මතලන්ගේ මතකය ෆුල් කචල් නේ. ඒත් මේ සිද්දිය නම් මට හොඳටම මතකයි. එතකොට මාතලන් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ අටේ පන්තියේ. පොඩි පොරක් හෙම නෙමෙයි රෝයල් කොලීජියේ ජූනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක්. ඒ කාළේ මාතලන් හෙන බ්‍රයිටා. ක්ලාස් ටීචර්, රෝයල් එකේ ඕන එකෙක් දන්න "අමරදාස සෑර්". එයා ඇල්පිටියෙද කොහෙද. උන්නැහේගෙන් වේවල් කසායත් හම්බ වෙලා තියෙනවා ඕන තරම්. අපි කොරන රජවරුන්ට නොගැලපෙන නස්කූනි වැඩ වලට, ඒවා වලින් සංග්‍රහ නොලැබුනා නම් තමයි පුදුමේ.
 
එතකොට ජූනියර් එකේ ලොකු සෑර් මතු බුදු වෙන්න පෙරුම් පුරපු "විජේ වීරසිංහ" සෑර්. අපිට ජූනියර් ඉස්කෝලේ ඉන්න හම්බ උනේ එක අවුරුද්දයි. ඒ අවුරුද්දෙදි තමයි, "නවරඟහල" හෝල් එකේ විකෘති නාට්ටිය පෙන්නුවේ. ඔය නාට්ටිය දකින්න කලින්, මාතලන් ආදරේ කොලේ ඔය නාට්ටියේ පෝස්ටරේට.
 
එදා, අද වගේ බැසියර් විතරක් ඇඳගෙන ඉන්න නෝනලයි, බෑග් එකකට මරා ගන්න සුද්දියොයි, මහා පතංගර ටෙලිවිසොනුයි හංදියක් හංදියක් ගානේ තිබුනේ නෑ. තාප්පවල හිටියේ, ගීතා, මාලනි, විජේ, ගාමිනි වගේ කස්ටිය. ඉඳලා හිටලා නාට්ටි පෝස්ටර් එකක් තිබුනා. සුභ සහ යස, මනමේ, සිංහභාහූ, කැළණි පාළම, වැනීසියේ වෙළෙන්දා  වගේම, 77 බලයට පත් වෙච්චි ආන්ඩුවෙන් අළුතින් හදාපු ටවර් හෝල් එකේ පරණ නාට්ටිත් පෙන්නුවා.
 
පස්සේ කාළේක ඔය විකෘති නාට්ටියේ කතා කරපු ටියුෂන් කාරයන්ගේ පෝස්ටර් වලින් තාප්ප වැහිලා ගියා. ඒ කාළේ නම් නමයි පන්ති පැවැත්වෙන මඩුව තියෙන තැනයි තිබුනේ. අද කාලේ නම් ඒ සෑර්ලා අස්ටෝන් ගෙදරක යන ගමන් ගත්ත පොටෝ එකකුත් තියෙනවා. ඒක දැක්කම කෙල්ලෝ එන්නේ ඉගෙන ගන්න නෙමෙයි, සෑර්ව කොහොම හරි සැට් කොර ගන්න. ඇයි ඉතින් අන්තීමට නවතින්නේ දියවන්නාවේ පිස්සන් කොටුවේ පකයලා ඉන්න තැන නේ.
 
විකෘති නාට්ටියේ පෝස්ටර් එක අනෙක් නාට්ටිවල පෝස්ටරේට වඩා ගොඩක් වෙනස් උනා. ඒකේ අකුරුත් වෙනස්. එතකොට මාතලන් ආදරේ කොරන අකුරු තමයි, "ජනක රත්නායකගේ" චිත්‍රකතාවල නම් වලට තිබුනු අකුරු. ඊට පස්සේ "විනී හෙට්ටිගොඩගේ" අකුරු. කොහොම හරි නාට්ටිය බැලුවයින් පස්සේ, ඔය නාට්ටියට වගේම, නාට්ටියේ උන්නු අක්කලා දෙන්නෙක් එක්ක, මාතලන් ප්‍රේමෙන් බැඳුනා. එක්කෙනෙක් නිල්මිනි සිගේරා. අනික් කෙනා චාන්දනී සෙනෙවිරත්න. ඉතින් ප්‍රිෆෙක්ට්ලත් නිසා, නාට්ටිය ඉවර උන ගමන් නවරඟහල පිටිපස්සට දිව්වේ නිල්මිනි අක්කව බලන්න. අපරාදේ කියන්නේ, ඔය දෙන්නම ඇහුවා මොකෝ මල්ලි කට ඇරගෙන බලාගෙන ඉන්නේ කියලා. මම ගත්ත කටටම කිව්වේ ඔයාලා හරි ලස්සනයි අක්කේ කියලා.
 
 

ඊට පස්සේ, මාතලන් ගෙදරට මාර වනයක් උනා ,මේ නාට්ටිය බලන්න එක්ක යන්න කියලා. මට මතක විදියට හතර පස් වතාවක්ම බැලුවා. දැන් නම් ඒ චරිතවලට ඉන්නේ වෙන අය. නිල්මිනී සිගේරා නම් ෂුවර් එකට හෙට අනිද්දම් පිපිරෙනවා. චාන්දනී නම් තාමත් කෙල්ල වගේ ඉන්නවා.

 Stage play Vikurthi poster
නාට්ටියෙන් කතා කොළේ එවකට අළුතෙන් සමාජයට එක් වෙච්චි ටියුෂන් හා කාළකන්නි අධ්‍යාපන ක්‍රමය නිසා දරුවන්ට තියෙන පීඩනය ගැන. නාට්ටිය අවසානයේ, නිලිමිනි සිගේරට පිස්සු හැදෙනවා. අද මේ සමාජයට සිද්ද වෙලා තියෙන දේ, එදා සෝමලතා නෝනා කලින්ම දැක්කා. නියම කළා කාරයෙක් කියන්නේ ඒකයි. අනාගතය දකින්න පුළුවන් වීමයි.
 
නිල්මිනි සිගේරා

සෝමලතා එදා කතා කලේ ඒ ලෙවල් (A/L) ගැන. අද ඕ ලැවල් (O/L) විතරක් නෙමෙයි, මොන්ටිසෝරියේ ඉන්න එකාටත් තියෙන්නේ මාර පීඩනයක්. සම හරක් ගොබ්බ දෙමව්පියො වගේ හරක් ඊටත් කලින් ඉඳලා දරුවව මරාගෙන කනවා. ඔක්කෝමලා, දොස්තරලා ඉන්ජිනේරුවෝ කොරන්න දඟලන්නේ. එදා නගරේ තිබුන දේ අද මුළු රටේම වසංගතයක් වගේ පැතිරිලා. එදා නාට්ටියේ පිස්සු හැදුනේ, පීඩනය එල්ල වෙච්චි දරුවන්ට විතරයි. කරුමේ කියන්නේ ඒ නාට්ටිය බලපු උන්ගේ පරම්පරාව, ඊට වඩා පීඩනයක් දරුවන්ට දෙනවා. ඒ නිසා අද සමාජයටම පිස්සු.

 
උගතෙක් උනත් උන්ගේ සාරධර්ම කියන දේ නෑ. මනුස්සකම කියන දේ නෑ, කලාත්මක වින්දනාත්මක සිතුවිලි නෑ. මැරනකන් මහා මැරතන් රේස් එකක් දුවන පිස්සෝ රැලක්. මහා ලොක්කෙක් කරලා, අපි දිහා බලන්නෙ වත් නෑ කිය කියා, ඊට පස්සේ අඬනවා. ඒ කියන්නේ මුන් මේ පැන්ෂන් ගියාම ආතල් එකේ ඉන්න තමයි, දරුවා බඩෙන් එලියට ආපු දවසෙ ඉඳලම ට්‍රයි කරන්නේ. දෙමව්පියන් එක්ක මාර වෛරයකින් ඉන්න ඒ වගේ උන්, දැණුම් තේරුම් අරගත්ත ගමන් නිදහස සොයා ඉගිලිලා යනවා. අර වධකයන්ගේ සිහිණේ කුඩු වෙලා යනවා. දරුවන්ට සාප කරනවා. එක්කෝ උන් පිට රටවල, එහෙම නැත්නම් ගම් දොර හැර ගිහින්, පිට පලාතක. දරු සෙනෙහස කියන දේ හදවතේ තිබුනා නම් ඒ දේ වෙන්නේ නෑ.
 
 ලයනල් ප්‍රනාන්දු

අද පොඩි උන්ට ළමා කාළයක් කියලා දෙයක් නෑ. උදේ හතරේ ඉඳන් මහ රෑ නමය වෙනකන් ගෙදරින් එලියේ. සෙනසුරාදා කියලා නෑ, එදාටත් එහෙමයි. ඊළඟට දහම් පාසල්. ආයේත් හවස පන්ති. මේ රටේ පිස්සෝ ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකටද මේ? වෙන මොකටවත් නෙමෙයි සල්ලි හොයන්න. ඉතින් මේ විදියට කර ගන්න බැරි උනාම, වෙන පහසු ක්‍රම හොයනවා. රටේ දූෂණය, හොරකම වංචාව වැඩිවෙන්න තව හේතු ඕන නෑ. මොකෝ බහ තෝරන කාළේ ඉඳන් මනී මේකින් මැෂින් එකක් කරලා ඉවරයි.

 
ඇත්තටම අපේ රටේ උන්ට වඩා පිටරට සුද්දෝ ළඟ මනුස්ස කම කියන දේ තියෙනවා. මොකෝ උන්ට මිනිසත් කමට ගරු කරන්න උගන්වනවා. මානව හිමිකම් කියන දේ කියා දෙනවා. නීතීයට ගරු කරන්න කියා දෙනවා. නීතියට බිය විය යුතු බව කියා දෙනවා.
 
එදා බොහොම සුළුවෙන් තිබුන ටියුෂන්, අද වසංගතයක් වෙලා. ඒ මදිවට සෝමලතා මිස් ඒ කාළේ කතාකරපු ටියුෂන් මාස්ටර්ලා, අජ්ජාපනෙත් කාලා, රටත් කාලා, දැන් භාෂාවත් කන ජෝකර්ලා වෙලා. උන් කෙල්ලෝ කොල්ලෝ අල්ලා ගත්තේ පන්තිවල කුණුහබ්බ වපුරලා. ඉස්කෝලේ නැති දේවල් හොයාගෙන කොල්ලෝ කෙල්ලෝ පන්තිවලට ගියා. උන්ගේ ළෝකවල වීරයෝ උනේ පාසල් ගුරුවරු නෙමෙයි. ටියුෂන් මාසටර්ලා.
 
කෞෂ්‍යල්‍යා සහ අනාගතය

ඒ කාළකන්නි ඊළඟට දේශපාලනේට රිංගුවා. අජ්ජාපන ඇමතිකමුත් කරා. අජ්ජාපනේ ඉතුරු වෙලා තියෙන ටිකත් කෑවා. දැන් භාෂාවත් කනවා. හොරා කන්න විදියක් නැතිව, පිස්සෝ වගේ මේ රටේ බිහිවෙච්ච දූෂිතම පාළකයා පස්සෙ වැටිලා. තව සෙට් එකක් රනිල් එක්ක පෙල ගැහිලා. අපි නම් ඒ කාළේම කිව්වා මුන්ට පිස්සු කියලා. ඒ නිසා උන් අපිට පිස්සු කියලා පන්ති වලින් එලෙව්වා.

 
එතුමියගේ අනාවැකි තම ජීවිත කාළය තුලම සිද්ද වෙනවා දැක්කාම, ඇය හදවතින් හිනා වෙන්න ඇති. එතුමිය මේ රටට කල සේවයට ඒ නාට්ටියම ඇති. එතුමියගේ මහත්තයත් බොහෝම වැදගත් රාජ්‍ය නිළදාරියෙක් වන ලයනල් ප්‍රනාන්දු. ඒ වගේම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් බිහි කරපු මේ මව තම කුසින් තවත් අග්‍රගන්‍ය කළාකාරිනියක් වන කෞශ්‍යල්‍යා ප්‍රනාන්දුත් තම මව් භූමියට පූජා කලා. දැන් ඒ දියණියට වගකීමක් තියෙනවා අම්මා කළ දෙයට වඩා යමක් මේ රටට කිරීමට.
 
ඔබ තුමියට සුභ ගමන්....!!!
 
පුළුවන්නම්, මේ පිස්සෝ ටික බලලා යන්න, ආයේත් පාරක් එන්න.
 
විශේෂ -
 
මේ වීඩියෝව දැක්කේ ළිපිය ලියලා ඉවර උනයින් පස්සේ. මාතලන් මුළු පෝස්ට් එකෙන්ම කියපු දේ බොහෝම අපූරුවට ඔප්පු වෙන වීඩියෝවක් මේක. පුදුමෙකට වගේ සෝමලතා සුභසිංහ මාතාවත් මේකේ ඉන්නවා. 
 
 

http://maathalan.blogspot.com/2015/05/somalatha-subasinghe-vikurthi-tution.html

 

බයි බයි බයි, බයියෝ පැටව්...! - Good Bye MR...

 


maramatha1ඉස්සර අපේ පැත්තේ කළු කඩ මුදලාලි කෙනෙක් උන්නේය. පොර අහල පහල ටවුන් වල තියෙන බිසිනොස් වලටත් ගේම දුන්නේය. එව්වාට දැම්මේ එයාගේ සහෝදර සමාගමේ පොරවල්ය. දැන් බිසිනොස් එක යන්නේ අහවල් සහෝදරයෝ සහ සමාගම කියලාය. උන් සෙට් එක, අර යකාටත් එහා වාහෙලාය. ටිකෙන් ටික පැත්ත පලාතම අල්ලාගෙන හත් මුතු පරම්පරාවම ගොඩ ගියේය.

නැව් ගනන් සල්ලි තිබුනත්, ඕන වෙලාවක කියන්නේ, "අනේ..., සතේ අතේ නෑ අපේ හාන්දුරුවනේ.." කියලාය. "අපි මේ එදා වේල කාලා ඉන්නෙත් බොහෝම අමාරුවෙන්.." කියලාය. එහෙම කිව්වාට රටේ තොටේ මොළේ කලඳක් තියෙන උන් නම් කිව්වේ, ඉච්චියා, මළ පෙරේතයා, කම්බ හොරා කියලාය. බිසිනොස් එක සරුවටම ගියේය. ඔහොම යන අතරේ දුවෙක් බන්දලා දුන්න උපාසක මහත්තයෙක් වගේ පොළොන්නරුව පැත්තේ පොරක් පවුලට එකතු උනත්, උන්නැහේව බිසිනොස් වලට වැද්ද ගත්තේ නැතිය. මුදලාලිගේ ත්‍රිවිධ රත්නේ වගේ පුත්තු තුන් දෙනයි, සහෝදර සමාගමයි ගේම ඇදගෙන ගියේය.

ඊට පස්සේ එක්තරා තැනකදී පොර ලොස් වෙන සයිස් එකක් ආවත්, ඩිංගිරි බන්ඩා කියන ලියන මහත්තයා ණය අරගෙන ගේම ගෙනියන මෙතඩ් එක කියලා දුන්නේය. හතර වරම් ණයට අරගෙන බිසිනොස් එක ගෙනිච්චත්, ටවුන් අල්ලන ගේමේ මළ පෙරේත කම තඹ දොයිතුවකින් වත් අඩු උනේ නැතිය. නාකි වෙලත් පැන්සොන් යන්නෙත් නැතිව ගේම ගෙනියන පොරට, අර බෑනන්ඩියා ගේමක් දුන්නේය. පොර බිස්නොස් ටික ඔක්කෝම අල්ලගෙන. මුදලාලිට ගෙදරට වෙලා ඉන්න කිව්වේය. "හා හොඥයි එහෙම කොරඤ්ඤං.." කියලා ගියාට, ඒ මුදලාලි දැන් පන්සල් ගානේ දේවාල ගානේ පලි ගගහා යන්නේ, කොහොම හරි බිසිනොස් ටික ආයෙත් අර යකාගෙන් අල්ලා ගන්නටය.

අපේ මහින්ද මහත්තයාට වෙලා තියෙන්නේත් ඔය සන්තෑසියමය. උන්නැහේට බලය ඕනේ නැතත්, උන්නැහේ වටේ උන්න නීල කාස හොරු ටිකට ආයෙත් රට කන්නට උවමනාය. ඊටත් වඩා තියෙන්නේ, හිරේ විලංගුවේ වැටෙන්නට යන එක නවත්තා ගන්නය.

කේසර සිංහයෝ වගේ, "මේකද යකෝ යහ පාළණේ..." කියලා අහන උන්ට, FCID එකට එන්න කිවාම කලිසමේ ගූ යනවාය. එහෙම නැත්නම් අසනීම වෙනවාය. ලංකවම හොල්ලා ගෙන උන්න බැසිල් ලොක්කා දකින එක, දන්ත ධාතු දකිනවාටත් වඩා අමාරු ගේමක්ය. ධාතුන් වඩම්මනවා වගේ පොර එන්නේ ඇම්බියුලන්ස් එකේය. අඩු ගානේ බයියන්ට අත වනන්න, ජොනියා වගේ බස් එකේවත් එන්නේ නැතිය. එහෙම වෙලා තියෙන්නේ, ආර්නෝල්ඩ් සුභසිංහ වගේ FCID එකට ආපු එකාටය.

ඊයේ පෙරේදා, රාජපක්ෂ වහලුන්ගේ සිහිනය යහ පාලනයේ කොන්දක් නැති සිරිසේන උන්නැහේ කුඩු පට්ටම් කොරලාම දැම්මේය. දැන් ඉතින් මහින්ද එක්ක නැගිටින්න හිටපු උන්ට වෙන්නේ එයත් එක්කම වැලලෙන්නය. මහින්දට නොමිනේසොන් දුන්නේ නෑ වගේම, අනෙක් නීල කාස හොරු සෙට් එකටත් නොමිනේසොන් හම්බ වෙන එකක් නැතිය. දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ, වෙන අටම්පහුරක් හරි අටවා ගෙන, කොහොම හරි මහින්ද මහත්තයා "පකයා" (පකයා යනු කුණු හබ්බයක් නොවේ, අගමැතිවරායට තවත් නමකි.) කොර ගන්න එකය.

මහින්ද උන්නැහේට එහෙම නොපනත්කම් කොරනා අතරේ, අපේ ශිරන්ති මැඩම්ටත් එකට එන්නෙයි කියලාය. නාමල් හාමුලාට අම්මාවරු මතක් වෙලා තියෙන්නේ දැන්ය. අපේ අම්මට තොපි කෙලින කොට, තොපිට ඔය අමාරුව තිබ්බේ නැද්ද කියා, හිටපු චීප් ජස්ටිස් නෝනාගේ පුත්‍රයා අහලා තිබුනාය. මට දුක තියෙන්නේ පන්සලේ පිළිමේ වගේ කිසිඳු අපල උපද්‍රවයක් නැතිව, කිරි ටොයියා වගේ උන්නූ මැඩම්ටත් මොකක් හෝ ලෙඩක් හැදෙයිය කියලාය.

බලේ තිඹුන කාලේ මහින්ද මහත්තයාගේ අධෝ මාර්ගයේ කෙලවරක ඇති මයිලක හෝ හිච්චික්කිතර පුංචි මොළ කෑල්ලක් එල්ලිලා වැනි වැනි තිබුනා නම්, තේ කඩයක්වත් නැති අන්ත අසරණ අහිංසක උපාසකවරුන් වාගේ පවුලකට මෙහෙම නව නිග්ගරහයක් වෙන්නේ නැතිය. මේ උන්නැහෙලා කිච වෙන කිච විල්ලට අපට නම් බොහෝම හිතට අමාරුය. මොකෝ මහින්ද මහත්තයා එහෙම කිච වෙන්න ඕන පොරක් නෙමෙයි නිසාය.Mahinda-Nugegoda

ඊටත් වඩා දුක හිතෙන්නේ මහින්ද මහත්තයා "පකයා" කොරන්නට වලි කාපු, සයිබර් බයියෝ සෙට් එක ගැනය. ඒ වහලුන්ට අපට කියන්න තියෙන්නේ, ගේම නම් අත අරින්න එපා මචංලා කියලාය. මොකෝ උඹලා වගේම නොම්මර එකේ බයි වහල්ලු ඕන තරම් ලංකාවේ ඉන්නා නිසාය. ඒ නිසා මහින්ද මහත්තයා එක්ක නැගිටින්න පුක ඉරාගෙන හරි ට්‍රයි කොරහල්ලාය.

-http://maathalan.blogspot.co.uk/2015/05/good-bye-mr.html

 

විත්‍යා නම් වූ ප්‍රශ්න තුන , වාසු නම් වූ පිළිතුර හා මහින්ද නම් වූ විහිලුව

wijayakalaඊයේ,  මම මේ සතියේ විකාශනය වූ සටන වැඩසටහනක් නැරඹුවෙමි.  (සිරසේ න්‍යායපත්‍රය ගැන ද වෙන වෙන අදහස් මතු වුනත් ) එහිදී කියවූ යමක් ඔස්සේ මා සිතුවිලි  විවිධ දිශාවන් හි දුවන්නට විය . මේ ගැන සටහනක් ලිවීමට සිත බල කළේය . මම එය  සති  අන්තයට කල් තැබීමි . අද වනවිට මේ වැඩසටහනේ කියවූ බොහෝ දේ වයිරල් වී ඇත . නමුත් සිතා ගත් පරිදි සටහන තබමි .

විත්‍යා නම් වූ ප්‍රශ්න තුන 

කයිට්ස් හි විත්‍යා කවුදැයි නොදන්නෝ දැන් අල්පය. ජීවත් වෙද්දී සාමන්‍ය කෙල්ලක් වූ ඇය, ඉතාමත් අවාසනාවත් ලෙස මරා දැමු පසු , දේශපාලනමය වාසියක් , රාජ්‍යයේ අසමත් බවේ ප්‍රතිමුර්තියක් , ත්‍රස්තවාදය නැවත නැගිටීමට නිමිත්තක් වී ඇති බවක් කියවේ . මට හැඟෙන පරිදි නම් විත්‍යා යනුවෙන් ප්‍රශ්නයක් මතුවී ඇත . එකක් නොව පැණ ත්‍රිත්වයක්ම....

විත්‍යා  නිමිත්තක් වී, දැන් සැවොම අවධානය යොමු කරන්නේ ,   ලිංගික අපචාර වැලැක්වීම ගැනය...  අපචාරයක් සිදුවූ වොත්, චුදිතයන්ට දඬුවම් දීම ගැනය .
එනමුදු දුෂණය හා ලිංගික අපචාරය යනු දෙකකි . දුෂණය තුළ අපචාරයේ ඇති ලිංගික, සාමාජීය ප්‍රශ්නයට , අසහනයට එහා ගිය සංස්කෘතික , සමාජීය ප්‍රශ්ණයක් ඇත . එය බලහත්කාරකමට වඩා භීෂණය  පිලිබඳ ප්‍රශ්නයකි . එය මෝල් කලන්තයට වඩා තග පිලිබඳ ප්‍රශ්නයකි . විත්‍යා  තුලින් පළමුව මතුවන්නේ මේ ගැන ප්‍රශ්නයකි .
දෙවැනි පැනය බලය පිලිබඳවය. ප්‍රභා තම ත්‍රස්ත හමුදාව යොදා ඒ පෙදෙස පාලනය කරද්දී . උතුරටම එක චණ්ඩියෙකි . (ජීවිතයේ  වැඩි කාලයක් යුද්දයක් සමගම ජිවත් වූ මට , අනුරාධපුරයෙන් ඔබ්බට සියල්ල උතුරය . ඒ අපි සිතු සැටිය). ඒ කාලයේ, එක්කෝ කෙල්ලන්ගේ අයිතිය කැමා සූට්  එකක් අන්දා ප්‍රභාට බාර දිය යුතුය, නැතිනම් විත්‍යාගේ අම්මා මෙන් පෙට්ටගමක දමා රැක ගත යුතුය .
(ඒ ද අපි සිතු හැටිය . )

මේ චන්ඩියා නැතිවූ කළ  රික්තකයක් මතුවේ . ඒ අඩුවට ,2009න් පසු කෙලින්ම ආදේශ වුයේ දකුණේ චන්ඩියා ය . නමුත් ඔහු තම පාලනය කලේ විවිධ පුංචි චණ්ඩි ඒජන්ට් ලා ඔස්සේය . ඔවුහු තම තග ස්ථාපිත කිරීමේ උපක්‍රමයක්  ලෙස හින්දු සමාජයේ මර්මස්ථාන වලටම දැනෙන නිලයක් ඇල්ලීමට ස්ත්‍රී දුෂණය පාවිච්චි කල බව පෙනේ .  හිටපු එකාගේ හැටියට මුන් හූනු  බෙටි සයිස් චන්ඩින්ය. කිඹුලා කනවා උහුලා සිටි උන් , කොහිල කටු ඇනෙන කල ,  "LTTE කාලේ මීට  වඩා හොඳයි" කියා කියන්නේ (අයෙකුට කියවෙන්නේ ) , මේ පීඩනය නිසා වෙන්නට හැකිය . (අනෙක් අතට ඒ මන්ත්‍රීවරිය දේශපාලනය කරන්නියකි , ඈ ජාතිවාදී ටිකට් එකෙන් තම චන්ද ගොඩ සදා ගන්නටද තනන්නී ය . ඒ බව කිසි විටෙක අමතක නොකළ යුතුය . ඈ ද්‍රවිඩ වූ පමණින් ඈගේ හඬ , ජන හද ගැස්ම 100% නියෝජනය කරතැයි සිතීම අමනෝඥ ය . මෙය ඇත්තක්ද , නැත්තක්ද  කියා මම නොදනිමි .නමුත් එකම බොරුව පුනා පුනා කියද්දී එය ඇත්තක්  වේ . මෙය භයානකය . බලයට ලොල් වුවෝ මෙය කිරීමට නොපැකිළෙති )

අනෙක් අතට  "යාපනේ නම් එහෙම වුනේ නෑ" ( කොටි ඉන්න කල්හි  කාන්තාවන්ට පාන්දර 2ට 3ටත් බියක් සැකක්  නැතිව මග සරන්නට හැකි වුනි යයි  ඈ  කියන්නීය )  කියන්නේ ඇත්තක් නම් , කයිට්ස් හි එහෙම වෙන්නත් යාපනේ එහෙම නොවෙන්නත් ඇතැයි අපට සිතා ගත හැකිය  . අපට අනුරාධපුරෙන් උඩ ඔක්කොම උතුර උනාට, යාපනේට කිරි දෙද්දී හැමදාම කැකිරි ලැබුණු පෙදෙස්ද (සැමදා ම ) ඇත .

තෙවැනි ප්‍රශ්නය නීතිය පිලිබඳ වය . නීතියේ ආධිපත්‍ය පවතින්නේ , එය ගැන විශ්වාසය හෝ  එහි බලයට ඇති බය හෝ ඇති කල ය .  පළමුවැන්න ක්ෂය වීම කලෙක සිට ආරම්භ වී ඇත , දෙවැනි හේතුවද ක්ෂය වෙමින් පවතී . තග දමා මේ සිස්ටම් එක පවත්වා ගැනීම අසීරුය , අධික පිරිවැයක් දැරිය යුතුවේ ( හැම අතින්ම ). සමාජය , සංස්කෘතිය , රාජ්‍යය යන කොඩි ලෙල දිය හැක්කේ මේ රැහැන්  පට තදින් බැඳ තිබෙන තෙක් පමණි . එහි පොට එකින් එක ලිහෙමින් පවතී. මෙවර උසාවියට ගල් ගැසුහ. ගල් ගසා සැඟවුනහ . ඊළඟ වර මෙය යාපනේ පමණක් නොව සැම  තැනම වනු ඇත . එවර ඔවුන් සැඟ නොවෙනු ඇත.

වාසු නම් වූ පිළිතුර 

වාසු ගේ සුබස්, දැන් හෝටලයක මස් හොද්දේ රබර් බීෆ් කෑල්ලක් මෙන් , එපා වෙනකන් විකුණු මාතෘකාවකි  . නමුත් රනිල් යනු දස සිල් උපාසක මහතෙකු නොවේ . ප්‍රජාතන්ත්‍රවාදියෙකුට වඩා ඔහු එකාධිපතියෙකි . ඔහුගේ කතා හොඳින් අසන්නෙකුට , ඔහු කතාවල ඇති අවඥා සහගත බව , අනෙකුන් සියල්ල මෝඩයින් ලෙස සැලකීම මනාව නිරීක්ෂණය කර හැක . ඔහු ගේම් කාරයෙකි . හරි දෙයට පාවිච්චි කලොත් එහි වැරැද්දක්  නැතැයි  විටෙක අයෙක් කියන්නට හැක . නමුත් එයට ගැරන්ටියක් දිය හැක්කේ කෙසේද . පාර්ලිමේන්තුවේ විරුද්ධ මතයක් ප්‍රකාශ කරන්නට නැගී සිටින්නෙකුට මෙසේ කතා කරත් නම් ,  රතුපස්වලක් නැවත ඇති වුවහොත් කෙසේ හැසිරෙයිද ( ඒ ගැන ඉඟියක් , ඇතැම් නියෝජ්‍ය ඇමති වරුන් රූපවාහිනී සංවාදයක අමාරූ ප්‍රශ්නයක් අසන නිවේදකයෙකුට පිළිතුරු දෙන අයුරින්ම ලබා ගත හැක ) එවැන්නෙකු "කට වහ ගෙන ඉඳ ගන්නවා "කිව්වොත් .. දිය යුතු උචිතම පිළිතුර , "උඹ කව්ද ප# , මට ඉඳ ගන්න කියන්න " ම නොවන්නේද ?

මහින්ද නම් වූ විහිලුව 

ජෝක්ස්  ඇත . ගොන් ජෝක්ස් ද ඇත. පට්ට ගැසූ පරණ ජෝක්ස් ද ඇත . මීට අමතරව භයානක විහිලුද  ඇත...
 

 

 

නෙළුම් යාය සහෘද සමුහය