22 April 2019
RSS Facebook Twitter   

අපි ණය ගන්නේ ගිණි පොලියටද? ස ර ස ට පිළිතුරක්

dollarloansනෙළුම්යායේ නැවත පළකෙරුණු "යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය"යන සරස ලියූ සටහන දැක යම් පැහැදිලි කිරීමක් කිරීමට සිත් විය. සටහනේ ඇති කරුණු නිවැරදි හා පැහැදිලි වුවත් එහි අවසාන විග්‍රහය සමඟ ඉකොනොමට්ටාට මුළුමනින්ම එකඟ විය නොහැක. මගේ අරමුණ වෙනත් අවසන් විග්‍රහයක් ඉදිරිපත් කිරීම නොවේ. අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය පරිදි විග්‍රහ කර ගැනීමට හැකි වන පරිදි තාක්ෂණික කරුණු කිහිපයක් එක් කිරීමයි.

මෙහි සඳහන් කර ඇති බැඳුම්කර එකතුව පිලිබඳ වැඩි විස්තර (සංයුතිය) මහ බැංකු වෙබ් අඩවියෙන් බලා ගත හැකිය.

http://www.cbsl.gov.lk/pics_n_docs/latest_news/press_20150529e.pdf

මේ අනුව 5.26% ක පොලියකට ඩොලර් මිලියන 988ක ණය ගෙන ඇති බව සැබෑවකි.

සරස සඳහන් කර ඇති පරිදිම "ලන්ඩොන් එකේ මූල්ය වෙලඳපොලේ අන්තර් බැන්කු ඉල්ලාගනීම් අනුපාතය හෙවත් LIBOR එක US $ borrowings සඳහා වසරකට අනුපාතය වන්නේ 0.75295% පමනක් ය." මූලාශ්‍රයක් අවශ්‍යනම් මෙහි තිබේ.

http://online.wsj.com/mdc/public/page/2_3020-libor.html

ගිණි පොලියට ණය ගෙන ඇති බව බැලූ බැල්මට යමෙකුට ඇති වන අදහසයි.

කෙසේ වුවද මහා බැංකු මාධ්‍ය නිවේදනයේ තවත් තොරතුරු තිබේ. මේ අනුව ඩොලර් මිලියන 988ක් ලබා ගෙන ඇත්තේ පහත සඳහන් පරිදිය.

- ඩොලර් මිලියන 650ක වටිනාකමකින් යුත් ස්වෛරිත්ව බැඳුම්කර වසර 10ක කාලයකින් ආපසු ගෙවීමට 6.125% ක වෙනස් නොවන පොලියකට
- ඩොලර් මිලියන 329ක සංවර්ධන බැඳුම්කර මාස 13ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 3.1669% ක් වැඩි LIBOR අනුපාතය අනුව වෙනස් වන පොලියකට. (දැනට සමස් LIBOR අනුපාතය 0.42315% කි.)
-ඩොලර් මිලියන 9ක සංවර්ධන බැඳුම්කර මාස 35ක කාලයකට සයමස් LIBOR අනුපාතයට වඩා 3.5389% ක් වැඩි LIBOR අනුපාතය අනුව වෙනස් වන පොලියකට.

ණය පොලී අනුපාතික වෙළඳපලේ ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන අතර ඉල්ලුම හා සැපයුම බොහෝ බාහිර කරුණු මත විචලනය වේ. (සටහන ඕනෑවට වඩා දිගු වන නිසා මෙහි සාකච්ඡා නොකරමි.) කෙසේ වුවද ණය ආපසු ගෙවන කාලය අනුව පොලී අනුපාතිකය ඉහළ යාම බොහෝදෙනෙකු දන්නා සරල කරුණකි. සතියක කාලයක් සඳහා LIBOR අනුපාතිකය 0.12300% වන විට වසරක කාලයක් සඳහා එයම 0.75295% වන්නේ ඒ නිසාය.

මේ අනුව අප වසරක LIBOR අනුපාතිකය වන 0.75295% සැසඳිය යුත්තේ වසරක කාලයකට ලබා ගන්නා ණයක් සඳහා ගෙවන පොලියකටය.

ශ්‍රී ලංකා රජය විසින් මාස 13ක කාලයකට නිකුත් කර ඇති සංවර්ධන බැඳුම්කර සඳහා ගෙවන්නේ සයමස් LIBOR අනුපාතයට වඩා 3.1669% ක් වැඩි පොලියකි. දැනට සමස් LIBOR අනුපාතය 0.42315% ක් හා වසරක් සඳහා LIBOR අනුපාතය 0.75295% වන නිසා දළ වශයෙන් අපි වසරක කාලයකදී LIBOR අනුපාතයට වඩා 2.83% ක පමණ පොලියක් ගෙවමු. එනම් 3.59% පමණ වූ පොලියකි.

දැන් අපේ ප්‍රශ්නය තරමක් සරලය. 2.83% ක අධිභාරයක් ගෙවීමෙහි අවුලක් තිබේද?

LIBOR අනුපාතය යනු ප්‍රමුඛ බැංකු ඔවුනොවුන් අතර මුදල් ගණුදෙනු කරන අනුපාතයයි. බාහිර ණය ලබා දෙන්නේ ඒ මත අවදානම අනුව අධි භාරයක් එකතු කිරීමෙන් පසුවය. ප්‍රමුඛ ණය දීමේ අනුපාතය යනු විශාලම බැංකු ඔවුන්ගේ අවදානම අඩුම හොඳම පාරිභෝගිකයන්ට ණය දෙන අනුපාතයයි. ඇමරිකන් ඩොලර් සඳහා මේ අනුපාතය දැනට 3.25% පමණ වේ. මූලාශ්‍රය පහත ඇත.

http://www.wsj.com/mdc/public/page/2_3020-moneyrate.html

මේ අනුව අපි ප්‍රමුඛ බැංකු ඔවුන්ගේ හොඳම පාරිභෝගිකයන්ට (විශාල සමාගම් වලට) ණය දෙන අනුපාතයට වඩා ආසන්න වශයෙන් 0.34% කින් වැඩි පොලියක් ගෙවමු.

මේ අවදානම් අධිභාරය අඩුද වැඩිද යන්න මට තීරණය කළ නොහැක. එය ඔබේ තීරණයකි. මගේ පෞද්ගලික අදහසනම් මෙහි අසාමාන්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම මෙවැනි ණය නිකුතුවකදී කිසිවකු කොමිස් මුදලක් ලබා ගන්නා බව හෝ එසේ ලබා නොගන්නා බව මේ කරුණු වලින් තහවුරු නොවේ.

අනෙක් සියලුම සාධක නොවෙනස්ව ඇති තත්ත්වයක් තුලදී වුවත් යම් ණයක් ලබාගැනීමේදී ශ්‍රී ලාංකිකයෙකු ගෙවිය යුතු අධිභාරය ඇමරිකානුවෙකු ගෙවිය යුතු අධි භාරයට වඩා ඉතා විශාලය. ඒ ලංකාව (ආණ්ඩු මාරු කවරක් සිදු වුවත්) වැඩි අවදානමක් සහිත රටක් ලෙස හඳුනා ගැනෙන බැවිනි.

වසරක ස්ථිර තැන්පතුවක් සඳහා ඇමරිකාවේදී ලැබෙන පොලිය 0.05% තරමේ සුළු එකකි.

https://www.bankofamerica.com/deposits/bank-account-interest-rates.go

එහෙත් ලංකාවේදී ඇමරිකන් ඩොලර් ස්ථිර තැන්පතුවක් සඳහා 3.5% ක පමණ පොලියක් ලැබේ.

http://www.combank.net/newweb/rates-tariffs/fc-accounts

මේ අනුව ආයෝජකයෙකුට සිය අරමුදල් ලංකාවට ගෙන ඒමෙන් (අනෙත් සියලුම අවදානම් සමාන වන තත්ත්වයකදී) 70 ගුණයකින් වැඩි ආදායමක් ලැබිය හැකිය. එහෙත් එවැන්නක් සිදු නොවේ. ඒ මේ අවදානම් අධිභාරය නිසාය. එය කිසිවකු විසින් තීරණය කරණ දෙයක් නොවේ. අසන දකින දේ අනුව ආයෝජකයෙකුට නිසගයෙන් දැනෙන දෙයකි.

මේ අධිභාරය අඩු හෝ වැඩි කිරීමට ආණ්ඩු කරවන ඇත්තන්ට අමතරව ඔබේත් මගේත් දායකත්වයක් තිබේ.

ණය සඳහා ගෙවන පොලී අනුපාතික වත්මන් හා පසුගිය රජයන්හි කටයුතු සැසඳීමට යොදා ගැනීමද හිතන තරම්ම පහසු නැත. සරස සඳහන් කරන පසුගිය රජය ලබා ගත් ණය මුදලෙහි සංයුතිය නොදන්නා බැවින් ඉකොනොමැට්ටාට සැසඳීමක් කිරීමේ හැකියාවක් නැත. ඒ සඳහා අදාල කාලයේ අනෙකුත් දත්තද අවශ්‍යය. එසේ කිරීමෙන් පසු අවදානම් අධිභාරය ඉහළ ගොස් ඇති බව පෙනේනම් එයින් පෙනීයන්නේ නව රජය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට අසමත්ව ඇති බව, ණය ගැනීම් ඉහළ දමා ඇති බව හෝ මේ දෙකේ එකතුවකි. කොමිස් සම්බන්ධයක්ද තිබිය හැකිය. එහෙත් එය තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රමාණවත් සාධක මෙහි නැත.

http://economatta.blogspot.com/2015/05/blog-post_31.html

යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය

dollarඊයේ රවී ඇමති මුදල් තුමා මාජ්ජයට කී පරිදි අලුතින් බැඳුම්කර ආයෙත් විකුනලාය..   නයට ගත්තු ඩොලර් මිලියන් නවසීය අරගෙන තියෙන්නේ 5.26% පොලියට....

මේක කලුකඩ ගිනිකන පොලියක් බව dollar borrowing rates ගැන දන්නෝ දනිති.

අත්මේස් ගලවලා අතට අත් දුන්නු මහරැජින ගේ රටේ අගනුවර වන ලන්ඩොන් එකේ මූල්ය වෙලඳපොලේ අන්තර් බැන්කු ඉල්ලාගනීම් අනුපාතය හෙවත් LIBOR එක US $ borrowings සඳහා වසරකට අනුපාතය වන්නේ 0.75295% පමනක් ය.

ස ර ස තුමා නොදන්නවා වුනාට සියලුම dollar borrowings වල පොලී අනුපාත ගනනය වන්නේ LIBOR එකට බැන්කුවට අදාල වියහියදම් එකතු කර ය. සියල්ලේ එකතුව වාර්ශික පොලිය 2.5% අඩුවෙන් ය.

හැබැයි ඉතින් අපේ රවී ඇමති මුදල් තුමා ඩොලර් මිලියන් නවසීයක් ම අරන් තියෙන්නේ 5.26% ට ය...

යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය. කොමිස් කාක්කෝ සමාව දෙත්වා...

http://mallepol.blogspot.com/2015/05/blog-post_29.html

යහපාලනේ, මළ යකා සහ මළ පෙරේතයෝ - Yaha Paalanaya, Evils & The Parliment

yahapalane
අම්මට සිරි ලංකාවේ හැම මළදානෙට වගේම, මළ මගුලටත් තාමත් තියෙන්නේ ගෝත්‍රික ලක්සොනමය. "අනේ අපිවත් අරගෙන පලෝ...." කියා, පෙට්ටියට නැගලා, එරොප්පෙ යන්න පුක ඉරාගෙන කෑ ගැහුව්වාට, වලට පස් ටික දාන්නෙත් ඒකට වැටෙයිදෝ කියලා බයේය. මැරිච්ච එකාට ගිනි තියලා හෝ පස් දාලා ගෙදර ඇවිත්, එක්කෝ මාරි බිස්කට් ආතල් එකක් ගන්නවාය. එහෙම නැතිනම් කරවල වට්ටක්කා ඩාන්ස් එක දානවාය. මේ ඔක්කෝම සෙල්ලම් දාන්නේ මැරිච්ච එකා ආයෙත් එයි කියලාය.

සම හරක් කියන්නේ මැරුණයින් පස්සේ දවස් හතක් යනකන්, මළ ගිය එකා, ගේ වටේ කැරකෙනවා කියාය. ඒ නිසා හත් දවසේ දානයක් දීලා, දෙයියන්ටත් පින් දීලා මරිසි පාරක් දාල, එයාලාට කියන්නේ අනේ අපේ එකා එහේ අරගෙන පලෝ කියලාය. බහුතරය දිවිය ළෝකේ යන්නේ නැති නිසා, මළ පෙරේතයෝ ටික ෂේප් කොර ගන්න පාන් පැලක් අටවා, උන්ටත් ජරාවක් දෙනවාය. ඒ දීලාත් බලාපොරොත්තු වන්නේ අනේ අපේ එකා තොපිවත් අරගෙන පල යකෝ කියලාය.

බඩු ෂුවර් නැති නිසා දෙගොල්ලටම තුන් මාසෙත් දෙනවාය. කොයිකටත් කියා අවුරුද්ද ගානෙත් දෙනවාය. ඒ මොන මළ දාන දුන්නත් යන්නේ නැති මළ පෙරේතයොත් ඉන්නවාය. උන් කරන්නේ හොඳින් ජීවත් වෙලා ඉන්න එකාට, ගේම අදිනා එකය. එකට උන් කරන්නේ එකෙක්ගේ ඇඟට වැහෙනා එකය. වැහෙනා කිව්වාට, කවර් වෙනවා නෙමේය, ඇන්ටර් වෙනවාය.

අපේ මුලු රටටම දැන් වෙලා තියෙන්නේ එහෙම කරුමයක්ය. අප්පච්චි මළේය. මරණ සහතිකේ දුන්නේ විජිතමුනි සොයිසා කොරොනල් රාළහාමිය. අප්පච්චිගෙ අවතාරේ ඉන්නේ අභයාරාමයේය. අප්පච්චි වැහිච්ච උන් බොහෝය. ඉස්සෙල්ලාම අප්පච්චි අවතාරේ වැහුනේ මැදමුලනේ එකෙකුටය. ඌ කිව්වේ, "අනේ යකෝ, අරූ මරලා හරි තොට ඉන්න තිබුනා නේද යකෝ..." කියලාය. ඊට පස්සේ වැහුනේ රජගෙදර රිලවාටය. ඌට වැහුන වැහිල්ලට සෙකන්ඩ් වෙන්න අකමැති නිසාදෝ, වාසුත් අවතාරේ බලෙන්ම අඟේ දාගත්තේය. ඊට පස්සේ මර හූ තියනා දිනේෂ් යකාට වැහුනේය. එයිටත් පස්සේ රුපියල් සීයේ හිඟන්නාටත් වැහුනේය.

මුන් හතර දෙනා දිෂ්ඨිය ආරූඩ වෙලා පරල උනු වෙලාවට, ලංකාවේ හතර දිග් බාගේම පිස්සු කෙලිනවාය. මුන්ගේ යක් ඩානස් බලන්න අප්පච්චි අවතාරේට ලව් කරනා කුම්බාන්ඩයෝ සහ කැනහිලුත් එනවාය. එකෙක් කියපු විදියට නම් බලෙන් බස් වල දාගෙන එනවාය. අප්පච්චි පිල්ලිය පන්සල් ගානේ සැරිසරනවාය. වැලේ වැල් නැතිව ඉන්න පන්සල් වල පිංගුත්තර ඝනයෝත් ආරුඩ වෙලා නටනවාය.

මේ ළඟදි "ඩී වී උපුල්" කියනා මාළු මුදලාලිටත් අප්පච්චි වැහුනේය. ඌට වැහිච්ච පාර ඌ කිව්වේ FCID එකේ DIG ඉඳන් කොස්තාපල් පුන්නසෝමේ දක්වා ඉන්න උන් ඔක්කෝම, ගල් ගහලා මරණවා කියලාය. මේ කතා කොරන්නේ ඩී වී උපුල් නෙමේය. අප්පච්චිය. වාසුදේව පකයා වෙන්නේ, අප්පච්චි වැහිලා ආරුඩේ හොඳම එකෙන් ආවාමය. දිනේෂ් කියන, එළොවටත් මෙළොවටත් නැති සංධානේ පිහිටෙන් දියවන්නාවේ පිස්සන් කොටුවේ උගුර යටින් කෑ ගහන පිස්සාට වෙලා තියෙන්නෙත් ඒකමය. ඒ තියා සුසිල් ප්‍රේමජයන්තයාට වෙලා තියෙන්නෙත් ඒකමය. ප්‍රවුත්ති සාකච්ඡාවේ උගේ මූන දැක්කා නම් ඌට පිස්සු ත්ද වෙලා කියා කෙනෙකුට හෙතෙනවා නම් ඒක බොහෝම වැරදිය. ඒ, ඒ යකාගේ මූනට අප්පච්චි ආරුඪ උන නිසාය.

මේ රටේ සාමයෙන් සමාදානෙන් ජීවත් වෙලා ඉන්න කැමති උන්ට, මෑත ඉතිහාසේ ජයග්‍රහණ දෙකක් හම්බ උනේය. එකක් 30 ස් වසරක යුද්දේ දිනාපු එකය. අනික පිස්සු හුටං එකාධිපති පවුලක් බලයෙන් එලවලා දැමීමය. මේ ජයග්‍රහණ දෙකම ලැබුනා කියා ජනතාවට ලැබිච්චි සුගතියක් නම් නැත්තේමය.

යුද්දෙ දිණපු එකෙන් ආතල් ගත්තේ පොඩි සෙට් එකක්ය. අද ඔය අප්පච්චි අවතාරේ වැහිලා දඟලන්නේ ඒ උන් ටිකය. උන් එලවලා යහපාලන සිරිසේන ළොක්කා පත් කොර ගත්තද, ඒ උන්නැහේට යහපාලනේ තියා හිතේ හැටියට රෙන්න හුලිජ්ජ කොරන්නවත් දෙන්නේ නැතිය. විවස්ථා සභාවට නියෝජිතයෝ පත් කර ගන්න පාර්ලිමේන්තුව කැඳෙව්වාම, දිනේෂ් කියන පිස්සු වාගේ අහන්නේ, අර්ජුන මහේන්දෙන්ගේ සිටිසොන් සිප් එක ගැනය. ඒ කාළකන්නි හැත්ත, ඇමරිකන් සිටිසොන්ලා දෙන්නේක්ගෙන්ම කිච වෙවි, ගූ බල්ලෝ වගේ දෙන දෙයක් කා, වෙන දෙයක් බලාගෙන, නැට්ට පුකේ ගහගෙන හිටියා කියලා ඌට අමතක වෙලාය.

විධායකේ දින්නාට, විවස්තාදායකේ දිනා ගන්නේ නැතිව යහපාලන තියා, නිවි සැනසිල්ලේ යහනේ සැතපෙන්නවත් මේ කාළකන්නින් ටික ඉන්නා තෙක් නම් හම්බ වෙන්නේ නැතිය. මේ කාළකන්නි ටික මෙහෙම පිස්සු කෙලින කොට කිච වෙන්නේ ලෙනින් මොරායස් නොව මෛත්‍රිපාල සිරිසේන උන්නැහේය. මේ පිස්සු වාහෙලා ඉන්න මේ පාර්ලිමේන්තුවත් එක්ක තව පිස්සු කෙලින්න ගියොතින් වෙන්නේ මුලු ළෝකෙන්ම නෝන්ඩි වෙන එකය. මෙහෙම වැනෙන ආන්ඩුවලට වඩා යකෙක් ඉන්නා එකාධිපති පාළණයකට කැමති රටවලුත් ඉන්නවාය. ඒ නිසා එහෙම රටවල් එකසිය ගානට ෆන්ඩ් කරනවා ඇත්තේ මළ කඳ ආයෙත් පුටුවේ ඉන්දන්නය.

ගමේ එකෙකුට මළ පෙරේතයෙක් වැහුනොත් එලවන්නේ තොවිලයක් නටලාය. මේ මළ මූසලයෝ ටික එලවන්න වෙන්නේත් එහෙම කේස් එකක් කොරලාය. ඒ සඳහා කොරන්න තියෙන්නේ 19 විවස්ථාව වගේ සෙප්පඩ විජ්ජා නොපෙන්නා, පාර්ලිමේන්තුව විසුරුවලා, ඡන්ද තොවිලේ තියනා එකය. මහ එකා එලෙව්වාට පොඩි උන් හිතාගෙන ඉන්නේ, උන් තාමත් ප්‍රතික්සේප වෙලා නැතෙයි කියලාය. සම හරක් විට එහෙමම වෙන්නත් පුළුවන්ය.

මහ ඡන්දයකට ගියොත් මේ පිස්සු හුටංලා එක්ක ඉන්න මල පෙරෙතයෝ සෙට් එක කීයද කියලා, නියමෙටම බලා ගන්න පුළුවන්ය. මළ පෙරේතයන්ට පිස්සු කෙලින්න දුන්නොත් වෙන්නේ, අප්පච්චි අවතාරේ වැහෙන උන් තව තවත් වැඩි වෙන එකය. එහෙම උනොත් ආයෙත් මේක මළ යකාටම යන රටක් වෙනවාය. ඒ නිසා මුන් එක්ක හැමිනෙන්න ගිහින් ඉල්ලාගෙන කන්නේ නැතිව, ඇති වෙන්න හෝ නැති වෙන්න මහ ඡන්දයකට යන එක කොයි කාගෙත් ශරීර සවුක්කියට බොහෝම හොඳය.

ඒ වගත් මෙසේය...

-http://maathalan.blogspot.co.uk/2015/06/yaha-paalanaya-evils-parliment.html

වේයන්ගොඩ බණ්ඩාරනායක ම.ම.වි, පරිසර දිනයක් සැමරුවානම් එය ලැජ්ජාවට කරුණකි.

weyangodaschool
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය එදා කොල්ලෝ විහිලුවට කිව්වේ වදුරව කැම්පස් කියාය. වෙනත් පාසල් සිසුන් මෙම විද්‍යාලයට කියන්නේ වන මැද සැන්ට්‍රල් කියාය. එදා ඒ තරමටම පාසල හරිතාකරයකි. බස්නාහිර පලාතේ වඩිම ගස් කොලං ප්‍රමාණයකට උරුම කම් කියූ මෙම විද්‍යාලයට වෙනත් පාසැල් සිසුන් පවා "අනේ අපිටත් මෙහෙම පරිසරයක් ඇත්නම්" යැයි වර්ණානා ලැබූ පරිසරයක් එහි තිබූ බව කිව යුතුය. මෙහිදී ඩඩ්ලි සර් ගැනද කිව යුතුය. ඔහු එම පරිසර වාදියාය. සිසුන් ඔහුට "පැලයා" යැයි ඇමතුවේ එබවිනි. එකල සිසුන් පරිසර වේදීන් කලේ ඔහුය. 2002 පාසලට ඇතුලු වූවෝ ඔහුගැන දන්නා අවසන් සිසුන් නොවුනත් ඩඩ්ලි සර් ව හොදින් හදුනා ගත්තේ ඔව්න් පමනි.
මෙපමණ කාලයක් සිටි විදුහල්පතිවරු එම පරිසරය ‍රැකීමේ මහඟු මෙහෙවරේ උරුමක්කාරයෝ වූහ. නමුත් වත්මන් විදුහල්පති, "ඇස්.ඒ.ඇල්.බී.සිරිමාන්න" මහතාගේ ආගමනය එය වෙනස් කල, අපූරු වන හතුරා ගැන කිව යුතුය. පලමුවෙන් ඔහු කපාදැමුවේ ප්‍රධාන ශාලාව ලඟ තිබූ අඹ ගසය. එදා සිටි සිසුන්ට එය මතක ඇති යැයි විශ්වාශ කරමි. එදා සිසුන් ඊට විරුද්ධ වීමේදී ඔහු පවසා සිටියේ ඒ ගස ඉතාම පැරණි හා දිරා ගිය බැවින් සිසු ආරක්ශාව පතා එසේ සිදුකල වගයි. ඊට පසු ඇකේශියා ගස් පමණක් කපන බවට ඔහු සිසුන්ට පොරොන්දු විය. මන්ද ඇකේශියා නම් ගස් ලංකා පොලවට හානියක් බැවිනි. සිසුන් පරිසර අරගලය නවතා දැමූ අතර 2011 උසස් පෙල සිසුන් පරිසරය වෙනුවෙන් හඬ නැගූ අවසන් පුරුකද වන්නේය. ඔවුන් පාසැල අතහැර දමා ගොස් වසරකට පසුව දකින්නට හැකිවුනේ ප්‍රදාන ශාලාව ඉදිරිපිට ඉතිරි අඹ ගස්ද කපා කිසිදු හෙවනක් නැති තාල වර්ගයේ ගස් වර්ගයක් සි‍ටුවා ඇති අතර ගෘහවිද්‍යා කාමරය අසල තිබූ විශාල සියබලා ගස් කපා කන්තාරයක් කර ඇති අයුරුය. අද වන උයනක් පාසලට නැත. ජපානෙන් පැමින සැදු ජපන් කැලය අද නැත.


දැන් සිටිනා සිසුන්ට පරිසරය ගැන වෙටහීමක් නැති අතර. ගසකට අත තබනා විට ඒගැන විචාරන්න තරම් කොන්ද පන නැත. එකල ආදි සිසුන්ටත් ඒ කක්කුම ගිලිහී ගොසිනි. ඩඩ්ලි සර් වලලපු තන් වල දැන් ගසුත් පැලවෙලාය. විදුහල්පති භීතිකාවෙන් ගුරුවරුද නිහඩය. සිසු ඉහමොල රත් වී ඇත ලඟකදී සිසුවියක් සියදිවි නසාගත්තේ එබැවිනි. පරිසර දිනයක් සැමරුවානම් එය ලැජ්ජාවට කරුණකි. හැබැයි විල්පත්තුව ‍රැකීමට පෙලගැසෙන්නෝ බොහෝය.
Posted by හීලෑ නැති එකා Wijitharathna

-http://hithaheelaena.blogspot.co.uk/2015/06/blog-post.html

මාවනැල්ලේ තරුණයා, දෙමාපියන් හා හරක්! The pinnacle of Anaathakaranaya!

prasannaමිත්‍යා විස්වාස, වත්-පිළිවෙත් වලට මුල් තැන දෙමින්, මනුෂ්‍යකම පසෙකට, දමමින් කරණ ලාමක ආගම් ඇදහිල්ල වැනි දේවල් නතර වන්නේ ඛේදවාචක වලින්. මාවනැල්ලෙන් ඇසුණු මේ මේ පුවත එයට හොඳ උදාහරණයක්. ප්‍රධාන ජනමාධ්‍ය විසින් කාලයක් තිස්සේ කරගෙන ආ නාථකරණයත් මේ වගේ ඛේදවාචක වලට වග කියන්න ඕනේ.

අපේ දරුවන්ට දවල්ට ඔතල දෙන පාන් කෑල්ල හෝ ඇපල් ගෙඩිය කාල තිබුනේ නැත්නම්, අපේ සිතට ටිකක් අමාරුයි. සමහර විට එයාලගේ උත්තරේ තමා, කන්න වෙලාවක් තිබුනේ නැතිය කියන එක. වැඩෙන දරුවන්ට සමබල පෝෂණයක් අවශ්‍යයි. දැන් ලංකාවේ වගේ රටක චීස් බටර් අවශ්‍යම දේවල් නොවේ. හැම් බේකන් වැනි ප්‍රොසෙස් කරපු නැත්නම් කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යොදා පිළියෙළ කරපු මස් වර්ග කෑම කොහොමත් අඩු කළ යුතුයි කියා නූතන සොයා ගැනීම් වලින් පෙන්වා දෙනවා. කිරි ලබා දීමේ වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ.

මොනවා වුවත්, ප්‍රෝටීන අපේ ආහාරයේ එක ප්‍රධාන සංඝටකයක්. විශේෂයෙන් හැදෙන දරුවන්ට අවශ්‍ය පමණට ප්‍රෝටීන ඇඟට වැටෙන්න ඕනේ. එය ලබා දෙන ප්‍රභවයන් ද වැදගත්. අපට අවශ්‍ය ප්‍රෝටීන, ශාක ප්‍රභවයන්ගෙන් ම සපුරා ගැනීමට සමහර විට යොදන්න ඕනේ මුදල වැඩියි. අපට පවා එවැනි දෙයකට යොමු වීම ප්‍රශ්නයක්.

මිනිසා ලෝකයේ පරිසරයට, ගහකොළ වලට හා සතුන්ට කර තිබෙන අනර්ථයන් ගැන විවාද කිරීම නිෂ්ඵලයි. නමුත් සිතන්නට පුළුවන් අප, අපවම බිල්ලට දීලා, අනෙක් දේවල් බේරා ගන්නවා කියා දිවි නහගන්න අවශ්‍ය නැහැ. මේ සියල්ලන්ම බේරා ගැනීමට මුලින් මිනිසා ජිවත් වීමත් අත්‍යවශ්‍ය දෙයක්. මොකද මේකෙන් ගැලවෙන්නට නම්, සිතිවිලි වලින් පාලනය නොවන ස්වභාවික ක්‍රියාවලියට බැහැ.

මෙතැනදී සතුන් මැරීම සම්පුර්ණයෙන් වලක්වා ගැනීමේ පියවර සොයා ගන්න තෙක්, වධ වලට භාජනය නොකර, ඒ දෙය කළ හැකියි. දියුණු සත්ව පාලන ක්‍රම අනුගමනය කරන සියලු රටවල් වල, මේ සඳහා නීති හා වෙනත් විධි විධාන පනවා තියනවා. අප බිත්තර මිලදී ගන්න විට, සත කිහිපයක් අඩුවට තියන කූඩු කරපු කිකිලියන්ගේ බිත්තර නොගෙන, “නිදහස්” කියන කිකිලියන්ගේ බිත්තර ගැනීමත් මෙවැනි එක ක්‍රියා මාර්ගයක්. මේ එකකින් වත් සතුන්ගේ “අයිතිවාසිකම්” රැකෙන්නේ නැහැ. නමුත් සතුන්, තව සතෙකු මරාගෙන කෑමේදී ඉදිරියට එන සහජ ඥානයට වඩා ඉදිරි පියවරක් මෙතන තියනවා.

ඇත්තම කියනවා නම් සිතන්නට නොහැකි සතුන්, තමාගේ දරුවන්ට අනතුරක් කරන්නේ විශේෂ අවස්ථා වල පමණයි. එවැනි විශේෂ අවස්ථා කියන්නෙත්, පරිසරයෙන් උරුම කර දුන් නොනැසී පැවතීමේ සහජ ඥානය නිසා, ඇතිවන තත්වයන්. හැබැයි පොදුවේ ගත්තහම ඔවුන් සමහර දෙනා තමන්ගේ දිවි පරදුවට තබල, දරුවන්ව රැක ගෙන, පරම්පරාව ඉදිරියට ගෙන යාමට පියවර ගන්නවා. මෙවැනි සමහර පියවරයන්, එය සිතන්නට පුළුවන් මිනිසුන්ට පවා ආදර්ශයට ගන්න හැකියි.

නීතිමය කරුණු පාසෙකට දමමු. කුඩා කාලයේ අධ්‍යාපනය ලබන්නට අවස්ථාව සලසා තියන, ලෙඩ වුනහම ප්‍රතිකාර ගන්න විධි-විධාන (අඩුපාඩු සහිතව හෝ) සලසා තියන පරිසරයකදී වුවත්, සිතන්නට හැකි මිනිසුන්, සිතන්නට බැරි සතුන්ට වඩා පහල වැටෙන්නේ ඇයි? දරුවන්ට තියන ආදරයට වඩා, කපුවන්ගේ වචන හෝ දෙවියන් ඉස්සරහට එන්නේ කොහොමද? ඇත්තටම සමහර මිනිසුන්ගේ කොමන්සෙන්ස් අතුරුදහන් වීම ජාතික චින්තනයේ උච්ච අවස්ථාවද?

පලි
ගොඩක් වෙලාවට අපට ඇහෙන දෙයක් තමා, මා නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ, හැබැයි බිරිඳ නැත්නම් සැමියා, නැත්නම් අම්ම-තාත්තාගේ කීම අහක දන්නා බැරි හින්දා මාත් කරනවා කියල. පෞද්ගලික ජිවිතයේ වත්, වැඩිහිටියෙකු වූ පසු, විශ්වාස කරන නොකරන දේ වෙනුවෙන් පෙනී හිටින්න නොහැකි කොට, සමාජයක් ලෙස මේවායින් ගැලවෙන්නේ කොහොමද.

https://raigamahandiya.wordpress.com/

Picture: From Gossip Lanka Website -http://www.gossiplankanews.com/2015/06/unfortunate-death-of-youth-at-mawanella.html#more

ජිජැක් ගේ කතාවේ විසංයෝජනය

Pioneers Mobile Store 6-thumbජිජැක් ලංකාවට ගෙනාවේ X -කණ්ඩායම බවත් ඔබ ඔවුන් ගැන සඳහන් කලේ නැත්නම් ජිජැක් ගැන කිසිවක් ලිවිය නොහැකි බවත් කියා කවුදෝ මට අවවාදයක් දුනි.  ජිජැක් ට සිජැක් කියා ලීවේ කවුරු හරි වලියක් අදීද බලන්නටය. ඇද්ද කෙනෙක් නැත.  මුල් ලිපිය බලන්න මෙතනට යන්න.  මා මුල් උපාධිය කලේ සෝවියට් දේශයේ නිසා ස්ලාවික් නම් මා උච්චාරණය කරන්නේ වෙනස් අයුරිනි. ඇමෙරිකානුවන් ජිජැක් හඳුන්වන්නේ ෂිෂෙක් යනුවෙනි. ස්ලාවික් වරු ඒ නම උච්චාරණය කරන්නේත්  එලෙසම ය.මගේ නමේ ධ අකුර රුසියානුවන්  ලිව්වේ ද යන්න ෂ හා ජ එකට උච්චාරණය වන අකුරක් හැටියටය.   කෙසේ වතුදු ඉහත ලිපිය කියවූ සැවොම හඳ  දෙස නෙත් යොමු කලා මිස ඇඟිල්ල දෙස බැලුම් හෙළුවේ නැත. හෙවත් ජිජැක් ට මොන නමින් කතා කලත් ඔවුන්ට එය වැදගත් වුයේ නැත. 

 

දැන් අපි අර ජිජැක් ගේ කතාව සාකච්චා  කරමු. 

කෝපි  කඩයට ඇතුළුවූ මිනිසා ඉල්ලන්නේ  කළු , ක්‍රීම් නැති කෝපි කෝප්පයක් ය. 


කෝපි කඩයේ සේවයේ නියුතු බැරිස්ටා කියන්නේ ඔවුන්  ළඟ කෝපි වලට දාන ක්‍රීම් ඉවර බවයි. ඒ වෙනුවට ඔහු පාරිභෝගිකයාට  සීනි  නැති කෝපි  කෝප්පයක් මිලදී ගන්නට යෝජනා කරයි. 

 

සිජැක් විශ්වාස කරන්නේ නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීම සඳහා  මේ විහිළු කතාව ඉතාමත් ප්‍රයෝජනවත් වන බවයි.


ඔහු එසේ කියන්නේ ඇයි?  එක්කෝ කෝපි  කඩේ සීනි  සහ ක්‍රීම්  දෙකම නැත.  එසේ නැතිනම් කෝපි කඩේ බැරිස්ටා පාරිභෝගියකයාට වෙනත් නව විසඳුමක් යෝජනා කරයි. එනම් ක්‍රීම් නැති නිසා ඔහුට සිනි නැති කෝපි එකක් යෝජනා කිරීමයි. දැන් අපි සාමාන්‍ය වෙළඳ හලකට ගොඩ වැදී හෙම්බිරිස්සාව හැදී එන නිසා  සමහන් පැකට් එකක් ඉල්ලු විට කඩයේ සමහන් නැතැයි සිතමු. ඒ වෙනුවට කඩ හිමියා  කටුවැල් බටු පැකට් ඇත්නම් එය යෝජනා කරන නොඅනුමානය. එසේ නැත්නම් "අපි ළඟ  හොඳ තේ කොළ පැකට් වගයක් ඇවිත් තියෙනවා". "ආ මේ අලුත් බිස්කට් පැකට් ජාතියක් (හෝ තව මොනවා හරි)  කඩ හිමියා  හෝ සේවකයා විසින්  යෝජනා කරනු ලබයි. මා  ජිවත් වන එන්ෆිල්ඩ් වලාට් නුදුරු  එඩ්මන්ටන් වල ඇති දෙමල ජාතිකයන් විසින් පවත්වා ගෙන යන වෙළඳ හලට ලංකාවේ කෑම මිලදී ගැනීමට මසකට දෙවතාවක්  පමණ යමි.  සමහර විට රතු හාල් සහ ලංකාවෙන් එවන කිතුල් පැණි  බෝතලයක් රැගෙන ඒමට  යන මම  අන්තිමට එන්නේ , ගෙදර උයන්නේ නැති වුනත් මුකුණුවැන්නා  මිටියක්, ගොටු කොළ මිටියක්, මාළු, කෙහෙල් මුව, දිවුල්  කිරි බෝතලයක්, රොටී සහ තව නොයකුත් දෑ මට නොදැනිම මිලිදී ගෙනය. මින් භාගයක්ම දේවල් යෝජනා කරන්නේ සේවකයා හෝ කඩ හිමියාය. ඔවුන්ගේ ලාභය ඇත්තේ ම අප සොයා ගොස් ගන්නා  එක භාණ්ඩයෙන් නොව තව මොනවා හරි අපට වැඩිපුර විකුණා ගැනීමෙන්ය.  සමහරවිට අදාල භාණ්ඩය නැත්නම් නැහැයි නොකියා තව මොකක් හරි දෙයක් විකිණිය යුතු මය. නැත්නම් පාරිභෝගිකයා වෙනත් ස්ථානයකට යනු ඇත.  ඔවුන් ගේ ලාභය අහිමි වනු ඇත.

අප විශාල සුපර්මාර්කට් එකකට ගිය විට සිදු වන්නේ කුමක්ද?  අද මම කිරි කාට්න් එකක් (බෝතලයක්) ගැනීමට කෑම පැයේදී ගොස් රයිස් පුඩින් එකකුත් , කඩල  ටින් එකකුත්, චොකලට්  බනිස් පැකට් එකකුත් රැගෙන ආවෙමි. අනිත් ජාති තුනම මම ඇලුම් කරන දේ නිසා හදිසි  අවශ්‍යතාවයක් නැති වුවත් මිලදී ගතිමි. අද දවස තුල මම ඒවා නොකෑමට හොඳටම ඉඩ තිබේ.

බොහෝ අයගේ මේ භාණ්ඩ වලට ඇති ඇල්ම මිට වඩා බොහෝ දුර ගොස් තිබේ. භාණ්ඩ නිසා ජිවත් වන තරමට අපි ඒ දේට ඇලුම් කරමු. ඒවායේ ලාභය කාටද ලැබෙන්නේ කියන එක අපට ප්‍රශ්නයක් නොවේ. කාල් මාක්ස් "භාණ්ඩ වලට ඇති ඇලුම" ගැන පවසා ඉන් ලබන ලාභය ධනවාදය රැක ගැනීමේ මුලික පදනම බව පැවසුවේ බොහෝ කලකට පෙරය. නුතන ධනවාදයේ ප්‍රධානම සලකුණක් වන්නේ අපට අවශ්‍ය වුනත් නැතත් ඒ දේ අපට අවශ්‍ය බව ඔත්තු ගැන්විමය. ක්‍රීම්  නැති කෝපි කෝප්පයක් වෙනුවට සිනි නැති කෝපි කෝප්පයක් වුවද ඔබට (පරිභෝගියකයාට) ලබා දීමට අප (වෙළෙන්දා) සුදානම්යමේ භාණ්ඩ වලට ඇති ඇල්ම ගැන බොහෝ කලකට පෙර ලියු ලිපියට මේ යොමුවෙන් යන්න. 

දැන් නැවත අර පරණ කතාවට යමු. මෙයට ෆේස්බුක් එකේ පිළිතුරක් සපයන  ඇන්ඩි බෙස්ට් පරණ සෝවියට්  විහිළු කතාවක්  සිහි ගන්වයි.

සෝවියට් කාන්තාවක් ආහාර (මස්) විකුණන වෙළඳ හලකට ගොඩ වැදී ඔවුන් ළඟ මස් විකුනන්නට  තිබේදැයි අසන්නිය. ඔවුන් "නැහැ අපි ළඟ නැහැ " යනුවෙන් පිළිතුරු දෙන අතර ඇගේ  දෙවන ප්‍රශ්නය එනම් "එහෙනම් කිරි තිබෙනවද ?" යන්නට කියන්නේ  "අපි විකුනන්නේ මස් විතරයි. පාරෙන් එහා පැත්තේ කඩේ තමා කිරි විකුනන්නේ. නමුත් ඒ ගොල්ල ගාව  කිරි නැහැ. "

ඇන්ඩි බෙස්ට් නමැති එංගලන්ත ජාතිකයා සෝවියට්  දේශය ගැන සිතන්නේද එසේමය. ඔවුන්ට කෑම සහ අනිකුත් භාණ්ඩවල දැඩි හිඟයක් ඇති අතර බොහොමයක් සෝවියට් වැසියන් සිට ඇත්තේ බඩගින්නේය. ඒ නිසා ධනවාදී රටවල සමාජවාදය පිහිටුවීමේ තේරුමක් නැත.

මගේ අත්දැකීම ලෙස මා  ලිව්වේ බඩ  ගින්නේ පෙලෙන රුසියානුවෙක් හෝ කෙට්ටු රුසියා නුවෙක් මවිසින්  කිසිදා නොදුටු බවයි.

තවත් අත්දැකීමක් නම් මිතුරෙකු සමග මොස්කව් අසල පුංචි නගරයකට ගිය විටදී එහි තිබු අහර වෙළඳ සලේ බටර් හා හාල්  වර්ග කීපයක් , විස්කෝතු ඇරෙන්න වෙන මුකුත් තිබුනේ නැති බව නිරීක්ෂණය කිරීමයි.  ඔවුන් කන්නේ මොනවාදැයි එහි සිටි රුසියන් මිතුරන්  ගෙන් ඇසූ  විට පිළිතුර වුයේ කඩේ වැඩ කරන හොඳ ගැහැනියක වන මහත ගාල්යා  කඩේට  මස් මාළු  සහ අලුත් භාණ්ඩ පැමිණි විට හැමෝටම පණිවිඩ එවන බවයි. ඉන්පසු පස්සා දොරින් හොඳම අත්‍යවශ්‍ය භාණ්ඩ විකුනන බවයි.මේ නිසාම ඔවුන්ගේ ගෙවල් වල අග හිඟයක් නැත. මා  කිවේ මේ දුෂිත සමාජවාදය බවයි.

මෙහිදී  මිනිසුන් නිසා සමාජවාදය දුෂිත විනිද? සමාජවාදය නිසා මිනිසුන් දුෂිත විනිද ? ධනවාදය දුෂිත නැත්ද ? යන ප්‍රශ්නයන් නැගුවෙමි. සෝවියට්  දේශයේ විනිට්සා නගරයේ ඉගෙනීම ලැබූ අපේ සහෘද බ්ලොග් ලියන්නකු වන වෛ ද්‍ය රුවන් එම් ජයතුංග විසින් සෝවියට් මිනිසුන් භාණ්ඩ සපයා ගන්න ආකාරය ගැන හොඳ ලිපියක් ලියා තිබුණි. මැක්සිම් ඉවානවිච්  නම් මේ ලිපිය හැකිනම් නැවත කියවන්න. සෝවියට් පන්නයේ  සමාජවාදී සමාජයේදී "නැති" පැට්‍රොල් සොයා

දෙන තැනැත්තා ගැන කියවන්න.

ලාභය අහෝසි කල විට වෙළඳ ආයතනයේ ළඳුන්ට තම දේවල් පරිභෝගිකයාට විකිනීමට අවශ්‍ය තාවයක් නැත. කඩ හිමියා  සෝවියට් රජය හෝ ප්‍රාදේශීය රජයයි. හෝ නගර සභාවයි. ඉතින් වෙන්නේ හැමෝම තියෙන දේවල් ටික උස්සගෙන යාමයි. කාටවත් විකිනීමට අවශ්‍යතාවයක් නැති මේ  රජයේ දේපල වලින් සොරකම් කිරීම සාමාන්‍යකරණය වීමක් සිදුවී තිබේ. එසේ උදව් කරන අය  හොඳ ගාල්යා සහ කරුණාවන්ත මැක්සිම් ඉවානවිච්ය.  සෝවියට් දේශය බිඳ වැටුනු  විට මේ සුපර්මාකට් සහ අනිකුත් විශාල කර්මාන්ත  ශාලා කුණු කොල්ලයට ඒ භාණ්ඩ පිට දොරින් විකුණු අයටම ලැබුණි. දැන් රුසියාව පාලනය කරන්නේ ඔවුන්ගේ නියෝජිතයාය.
දැන් ජිජක් නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන පැවසුවේ කුමක්ද?

 

ත්‍රිමාණ පිළිතුරක්:

අජිත් , මෙතන ජිජැක් අවධාරනය කරන්නෙ “ධනවාදය”[capitalism] ගැන නෙවි , ඕනෑම සංකල්පයකට ස්වයං-නිශේධනයක් [Self -Negation] නැතිව පවතින්න බැහැ යන අදහසයි. [0/-1] ඒ අදහස මත තමයි ධනවාදයේ බාහිර දෘෂ්ටිය [reality] රදා පවතින්නෙ .[capital as a suject]

http://kolambagamaya.blogspot.co.uk/2015/06/blog-post.html

වට වංදනාව නොහොත් Circle Pilgrimage

anuradhapur
කොහොමිං හරි මදැයි කොලා. එක කොටහිං අවසන් කරන්න හිටපු සිරීපාදෙ ගමන කොටස් පහක් දක්වා ඇදෙන්න වැඩ සිද්දඋනා. ඒ මදිවට බොහොමයක් පස්සෙං එළවන්නො එකතු වුනා. පුරාම අදහස් දැක්වීම් ලැබුන. එව්වට උත්තර දෙන්න උනා. දුන්නු උත්තර හරියට “යන්නෙ කොහෙද පොල්ලෙ මල්“ ආකාරයේ එව්ව උනා. හෙන ගාමිභීර විදිහට පටං ගන්න හිටපු බ්ලොග් එක කොමඩියක් වුනා. කොහොමිං කොහොමිං හරි වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මේක “යාංහෑල්ලක්“ බවට පත්වුනා. ආං එහෙමයි ගණ පිහිටුවල මහප්‍රාණ නැතුව නමක් දැම්මම වැඩේ කිරිබෝතලේ බිම වැහ්න වගේ.

ඔය අතරෙ සමහරු කිව්ව ආච්චම්මත් එක්ක ගිය තවත් ගමං ගැන ලියහං කියල. කඩේ ගිය එකක් හරි කමක්නෑ ලියහං කිව්ව. අංතිමට මං පැත්තක ඉඳිද්දි ආච්චම්ම ඉස්ටාර් කෙනෙක් බවට පත්තුනා.

ආච්චම්මත් එක්ක වට වන්දනාවෙ ගිය එව්ව තිබ්බට ඒවයෙ සංවිධායක කං කොලේ අපේ දෙවැනි පුංචම්ම කසාද බැඳල උන්නු, ඩිපෝවෙ වැඩකල බාප්ප. අපිට පොඩිකාලෙ කියාදීල තිවුනෙ එයා ඩිපෝ එකේ ලොක්ක කියල. බස් කොන්දොස්තරල, ඩැයිබරල එහෙමත් එයාට මහත්තෙය කියල තමයි කතා කෙරුවෙ. එයා තමයි ඩිපෝ එකේ ටිප් යන ගමං ලැහැත්ති කෙරුවෙ. ඒ හිංද එයාට පුළුවංකම තිබ්බ සිය හත්මුතු පරංපරාවෙම එවුං ඒ ගමං එක්ක යන්න. ඔය බාප්පගෙ නම උසුරුවන්න බැරි විදිහට මගෙ දිවයි දක්කුට්ටමයි හැදිල තිවුන හිංද මං එයාව හඳුන්වන්න ගත්තෙ මං හොඳින් හඳුනන වැල් ජාතියක නමක්. ඒ වැල් ජාතිය තමයි ‘ලෝකපාලු‘. ඉතිං හිතාගල්ල බාප්පයෙ නම. එයාට විසාල බඩ ගෙඩියකුත් තිවුන නිසා බරසාර පෙනුමක් ගන්නත් එයාට පුළුවං. පවුලෙ හිටපු කන්තෝරුවක වැඩ කරන එකම කෙනා හිංද අපෙ ආච්චම්මත් ආතත් සිය බෑනාවරුන් අතරිං වැඩියෙංම සැලකුවෙත් ඔය බෑනට තමා. ඒ වුනාට එයා පුංචම්ම එක්ක ‘පැනල ගිය‘ කාලෙ ආත කිව්වය කියන්නෙ මේං මෙහෙම.

“ඕකුං තට්ටු පිට තට්ටු හතක් උස මාලිගාවක් හදාල පයට පාවඩ උඩට උඩුවියං ඇතුව රන්තැටියෙ කනව කිව්වත් මං තියා මයෙ බ්.භල්..ලවත් යන්නෑ ඕකුං ඉන්න තැනකට“

මේක කියද්දි ආත ඉදිරියෙ හිටපු ප්‍රේක්ෂකයගෙ නහයට ඉතාමත් කිට්ටුවෙන්, විටට හුණු ගන්න ඇඟිල්ල වේගයෙං වනන ගමං මූනත් ඉතාමත් කිට්ටු කරනව. එතකොට හදිසියෙ බලන කෙනෙකුට හිතෙන්නෙ ආත අර ප්‍රේක්ෂකයට බයිනව කියලයි. ඕං ඒගමන මතක් වෙනව ආතගෙ කෙබර ඇදබාන ආකාරය. ඒක කියන්න ගියොත් මේ වැඩේ කෙරෙන්නෑ. කට්ටිය කියයි ඔන්න රවියගෙ මලය පටං අරං කියල.

ඉතිං ඔය කියන ලෝකපාලු බාප්ප ටිප් එකක් ලැහැත්ති කරද්දි අපිටත් කියනව. පුරුදු විදිහටම ඒ ගමනට මාමත්, පුංචිත් යන්න ‘බෑ‘ කියනව. මාමට ඒ දවස්වලට ‘අසුවල් ගුරුපුහුණු පාටමාලාව තියෙන බවත් නැත්තං කීයටවත් නෑහිල්ල ඉන්නැති වගත්‘ කියනව. පුංචම්මට යන්න බෑ ‘ගෙදර උයන්න කවුරුවක් නෑ. කඩේ ඉන්නත් කවුරුවක් නෑ‘. අපේ ගෙදර අයට සල්ලි නෑ. ඔය ගමනට අපේ ආච්චම්මට මාව ඕනි වෙන්නෑ. මොකද බඩුමලු උස්සං යන්න එකෙක් ඕන්නෑනෙ. ඒ උනාට මටත් ඔය ගමන යන්න පුලුවං වෙනව. ඒක වෙන්නෙ දැංම නෙවෙයි. අග හරියෙදි. ඒ ගැන පස්සෙ කියමුකො.

චාරිත්‍රානුකූලව ඔය ගමන සඳහා ආරාධනා කරන්න දෙවැනි පුංචම්ම මහගෙදර එනව. සබං, සීනි, දුංකොළ ආදී තෑගි බෝග ආතටත්, ආච්චම්මටත් අරගෙන උන්දැ එනව. ඇහිල්ල හැමෝමත් එක්ක කතා කරල අඬනව.

ඕං අමතක උනා, ඒ අපේ දෙවෙනි පුංචම්ම හරිම ආසයි අඬන්න. එයා ගෙදර ප්‍රශ්න ගැන කියල අඬනව(මහ ලොකු ප්‍රශ්න නෙවෙයි ගෙදර මාරු සල්ලි නැතිවීම, කඩේ ගියාට බිත්තර ගේන්න අමතක වීම, ගඟේ නාද්දි සබං කැටේ ගහගෙන යාම, මිදුලෙ තිවිච්ච සෙරෙප්පුවක් බල්ලෙක් අරං යාම, සීනි බෝතලේට කූඹි රිංගීම, අක්කට ගනං ඔලට ගිය පාරට වඩා ලකුණු තුනක් මදිවීම, බාප්පගෙ කොණ්ඩෙ ගහක් ඉදීම වගේ ඒව), අනුංගෙ ප්‍රශ්න ගැන කියල අඩනව, කැඩිච්ච පිඟන් කෝප්ප ගැන කියල අඬනව, ගහක ඉඳං බට්ටිච්චෙක් දං ගෙඩියක් කෑවත් අඬනව, පාරෙ බස්සෙකක් ගියත් අඬනව.

ඉතිං එයා ඇහිල්ල ආතත් එක්ක කතා කරල ආතට ටිප්පෙක යන්න කතා කරනව. අපේ ආත කීයටවත් ඒ ගමන යන්නෑ. ඒ දවස් ටිකේ ආච්චම්ම ගෙදර නැති උනහම ‘ගුණවර්ධන මාම‘ එක්ක ඕන හැටියෙ කෙබර කියවන්න පුළුවං හින්ද? ඒ හිංද ආත මෙහෙම කියනව.

“අනේ චූටියෙ මට යන්න හැටියක් නෑ. මට දැං ඉස්සර වගේ ගමං බිමං යෑම අමාරුයි. දැං ඉතිං මං කොයිවෙලේද නෑ. මාරය යන්න අඩගහපු හැටියෙ යන්න ඕනි“

ඕං ඔය වැකි තුන හොඳටම ඇති පුංචම්මට අඬන්න.

“අනේ තාත්තේ, එහෙම කියන්නෙපා........ ඉහි .. ඉහි.. ඉහි... තාත්ත දැංම මැරෙන්නෑ තාත්තේ...... ඉහි... ඉහි.... ඉහීඊඊඊඊඊහ්....

ආදී වසයෙං පුංචම්ම අඬනව. ආතගෙ ඔය මැරෙන කතාව මං අවුරුදු විස්සක් තිස්සෙ අහල තියෙනව. මට කතාබහ තේරුං යන කාලෙ ඉඳල ඔය කතාව කියල කියල අංතිමට උන්දැ මලේ මං කසාද බැන්දටත් පස්සෙයි.

ආතත් ලේසියෙං අරින්නෑ. එයත් එකහෙලාම කියනව තමුං දැං උනත් මැරෙන්න පුළුවං බව. ඉතිං දෙවෙනි පුංචම්ම ඕක අහගෙන අඬාගෙන ගිහිං අපි එක එක්කෙනාට වෙං වෙං වසයෙනුත් කියල අඬනව. ආතව ‘ගලේ ගැහුවත් මැරෙන්නැති වගත් පෙරේදත් ජයකොඩි මාමගෙ මලෙං රා බීල ඇහිල්ල ආච්චම්මට බැන්න‘ බවත් මං කියනව. සිය ඇඬීම නතර කිරීමට තරම් වන ඒ කතාව නිසා සිය ඇඬීමට හානි වේයැයි බියගත් පුංචම්මා “තෝ පලයං යන්න“ කියා මාව එලවනව.

ඉං පස්සෙ පිළිවෙලිං ගෙදර ඉන්න පුංචම්මත්, මාමත් හමුවෙලා

“වරෙං මැණිකෙ අපිත් එක්ක යන්න, වරෙං මල්ලියෙ අපිත් එක්ක යන්න“

ආදී වසයෙං ටිප්පෙක යන්න ආරාධනා කරනව.

“ඔය ඉන්නෙ අනික් අයට කියහංකො චූටි අක්කෙ මටනං බෑ“

ගෙදර ඉන්න පුංචම්ම කියනව. ඒ දවස් ටිකට එයා යාළුවෙලා ඉන්න බාප්ප එක්ක ‘ලව් කොරන්න යන්න‘ එයා හිතං ඉන්නව ඇති.

“මටනං එන්න බෑ. අම්මව එකක පලෙයං. මං සල්ලි දෙන්නං.“

මාමත් කියනව. එයත් ඒ දවස් ටික හෝටෙලේකිං බත් කාල කොහෙහරි යාලුවෙක්ගෙ ගෙදර යයි.

ඔය මදැයි. දෙවෙනි පුංචම්ම ආයිත් අඩනව.

“අනේ බලන්නකො තාත්තේ මුං දෙන්නට මං අඩගැහුවං එන්න බැයිලු. මං දුප්පත් හිංදද තාත්තෙ මුං මේ හැටි මට වෙනස්කං කොරන්නෙ තාත්තේ. ඉහි ... ඉහි..... ඉහි.... ඊඊඊඊඊඊහ්“

ඒ ගමන ආත සිය තුංවැනි දෝනියංදැව නලෝගන්න හිතං

“උඹ ගනංගන්නෙපා චූටි. ඕකුංට ඔව්වයෙ යන්න ඌමනා කමක් නෑ. ආයි ගමනක් යනකොට උං එන්නැතෑ. අම්මව එක්කං පලෙයංකො“

ආදී වසයෙං සැනසිලි බස් කියනව. සැනසිලි බස් තියා සැනසිලි කෝච්චි කිව්වත් නැලෙය්යැහැකි ඇඬිල්ලක් නෙමෙයි ඒක. ඉතිං ආයිමත් මං ඉදිරිපත් වෙලා ‘ඊයෙත් පුංචිට හොර ලියමනක් ආපු‘ බවත් ‘සුවර් එකට බාප්ප එක්ක හොරෙං ලවු කරන්න යන්න හිතං ඇති ‘ බවත් කියනව. ඒකට ආයිමත් මට බැනල, ‘මූනං හැදිල ඉවර‘ බවත් ‘මූ අනාගතේදි මහා පෝරිසාදයෙක් වෙන‘ බවත් කියන පුංචම්ම මගෙ අනාගතේ සිහිපත් කරල ආයිමත් අඬනව.

ඔය ඇඬුං අතරෙම දවල්ට කෑමත් කාල. ආයිමත් ගෙදර විස්තර කියල අඬල හවස බස්සෙකේ නැගල අඬ අඬා ආපහු යන්නෙ ටිප්පෙක යන දවස් ගැන අපිට කියල. අද වගේ දුරකතන නොතිබුණු ඒ කාලෙ පණිවිඩෙයක් කියන්න ගිහිං හම්බු වෙන්නම ඕනි.

නිල වසයෙං දැනුංදීම ලැබුනයිං පස්සෙ ආච්චම්ම සිය වැඩ කොටස පටං ගන්නව. පළමුවෙංම හැන්දෑවට දළු දෙන ගමනුත්, අතර මගදිත් ආදීකොට සෑම තැනකදීම හම්බුවෙන අයට වෙනද කියන ඕපදූප ප්‍රමාණය අඩුවෙං කියල සිය බෑනා සමග යන ටිප්පෙක ගැන වැඩියෙං කියනව. ගම්මානයකුත්, තේ වත්තකුත් හරහා ගමං කරන ‘බස් වැඩ නොකරන‘ සහ ‘දළු ලොරි‘ පමණක් යන බැවින් මිනිස්සු පයිං ගමන් කරන පාරක් තාර පාරට එකතු වෙන හංදියක මහගෙදර පිහිටීම නිසා ආච්චම්මට ප්‍රේක්ෂකයො හිඟ නෑ. අනික කලවාන - මතුගම පාරෙ යන බසුත් එතැන නවත්තනවනෙ.

“අපෙ යෝකපාල වන්දනා ගමනක් එක්කහු කොරනව මේ ගමනත්. ඩිපෝ එකේ බස්සෙහෙක යන්නෙ. කන්න බොන්න ඉඳුං හිටුං හැමදේම හම්බෙනව. දවස් පහක් ගමන. අනුරාජපුරෙ, පොලොන්නරු, සිගිරි, දඹුලු, මහියංගන, තිස්සමහරාම එක්කොගෙම යනව. ආයි ලේසි පාසුවට හම්බෙන්නෑ ඒ වගෙ ගමනක්. එක්කොම විස්සරාම සාලා ඔල නවාතැං ගන්නෙ. යෝකපාල මුළු රටේම පාරවල් දන්නවනෙ. ඕනි තැනක බය නැතුව ගියැහැකි.“

“නඩේ හුඟක් ඈය ඉන්නවද නැංදම්මෙ?“

ප්‍රශ්නයක් නො ඇසීම නොමනා යැයි සිතන අයෙක් එසේ විමසනව. ආච්චම්ම එයිං වහා තෘප්තියට පැමිණෙනව. උන්දැ ‘ම්චප්‘ කියල වරක් තලුගහල හෙම පටං ගන්නව.

“උඹල බන කතා කොරනව. ඩිපෝ එකෙං බාගෙකට වැඩියෙ කට්ටිය යනව. අර පිටිගලකංදෙ බස්සෙකේ පියසේනයි ගෙදර එක්කොමයි යනව. තව යෝකපාලලගෙ ගෙට එහාපැත්තෙ ගෙදර එක්කොම යනව. ඒ ගෙදරත් බස් ඩැයිබර කෙනෙක් ඉන්නවනෙ. තව අයගං පාරෙ බස්සෙකේ වැඩ කොරන ලොකු අප්පොගෙ නැංදම්මයි, මල්ලි බැඳපු පවුලගෙ බාප්පයි යනව. කහංතැන්නෙ ආනංද කොලුවයි, උගෙ ගෑනියි යනව, කොඩිප්පිලිකංදෙ ඉඳං ඔය හැමදාම උදේට බයිසිකලෙයක් පැදගෙන ඩිපෝ එකේ වැඩට යන මහත රතු හාදෙයයි, ඒ ගෙදර මහ දෙන්නයි යනව(අපේ ගමේ මිනිස්සුංගෙ පාට කියන්නෙ කලු, එහෙම නැත්තං හම ටිකක් සුදු අයට කියන්නෙ රතු) ...........“

ඔය ආදී වසයෙං ප්‍රස්නෙ අහපු එකාට පස්ස විකං මැරෙන්න වෙන තරං දිගට නං හෑල්ල කියාගෙන යන ආච්චම්ම කලිං වතාවෙ ගිය ගමං ගැනත් රෙද්දෙ ගැටේ එහෙම තද කොරගෙන විස්තර කරද්දි තවදුරටත් අහං ඉන්න බැරි තරං වෙනකොට එතන ඉන්න අය ‘හදිස්සි වැඩක්‘, ‘ගෙදර උන්දැ ගේන්න කියපු දෙයක්‘ ආදිය මතක් වෙලා එතනිං හිමීට මාරුවෙනව. අංතිමට ඉතුරු වෙච්ච එකාට හරි සිය දේසනාව කියල අවසන් කරන්න ආච්චම්ම සමත් වෙනව.

ඒ අතරෙම ගමනට සති තුනකටවත් කලිං ආච්චම්ම මහා මෙහෙයුමක් පටං ගන්නව. එදාට ටිප්පෙක සංවිධානය කරන බාප්ප සිය ළමයි දෙන්නත්, වැළපෙන භාරියාවත් එක්කං මහ ගෙදරට එනව. ඒ දර කපන්න. ඔය ටිප්පෙක ගියං උයාගෙන කන්න බඩු මුට්ටු, සාස්පාං, හාල්, පොල් ආදී සියලුම දේ අරං යනව. ඒ අතර දරත් ඕනි වෙනව. අපෙ ආච්චම්ම තමයි දර සම්පාදක.

යොදාගත් දවසෙ පාංදරම මහ ගෙදෙට්ට එන බාප්ප ඇතුළු පිරිස ආච්චම්මත්, මාවත් එක්කගෙන මහ ගෙදර ඉඳං හැත්ක්මක් විතර දුරිං තියෙන ‘රබර් කෑල්ල‘ බලා පිටත් වෙනව. ‘රබර් කෑල්ල‘ කියන්නෙ රබර් ඉඩම කියන එක. ‘රබර් කෑල්ල‘, ‘තේ කෑල්ල‘, ‘පොල් කෑල්ල‘ ආදී වශයෙං භෝගය අනුව ඉඩං හඳුන්වනව. මේ ‘දර කැපීමේ‘ පෙරහැරට ලණු ගෝනි, පොරව, කඹ, පිහිය ආදිය පැටවූ විල්බැරැක්කය ධාවනය කරන ‘ලෝකපාලු බාප්පත්‘, ඒ පස්සෙන් අඬන්න හේතුවක් හොයමින් යන‘අඬන පුංචම්මත්‘, ඒ දෙන්නගෙ දරු දෙදෙනා වන නිතරම “අම්මි පැටියෝ“, “තාත්ති පැටියෝ“ කියමින් කියෝන කන්දොස්කිරියාකාර අක්කත්, පුබ්බයිසිකලේ පැදගෙන යන අයියත්, වතුර පෝච්චිය සහ අඩුම කුඩුම රැගත් මල්ල රැගෙන යන ආච්චම්මත්, බණ්ඩි කියත කරේ තියාගෙන කියත පැද්දෙන තාලෙට උඩ විසිවෙවී යන මමත්, අයිති වෙනව. පාරෙ අද්දර තියෙන දං පඳුරකිං දං ගෙඩියක් කඩාගන්න මං නැවතුනත් බණ්ඩි කියත දුන්නක් වගේ උඩ පනිනව. අපි කුකුළේගඟ අද්දරිං ඇති අඩිපාර දිගේ ‘චව් චව්‘ ගගා කියෝ කියෝ යනව.

“ආං අරක තමයි දිමුතු පුතේ පිචොක් ගහ කියන්නෙ. ඕවයෙ ගෙඩි කනව ළමයි එහෙම“

“අනී... අම්ම කොහොමද මෙච්චර දුරක් පයිං යන්නෙ අම්මේ. මට නං දුකේ බෑ අම්ම ගැන.“

“අක්කෙ, අක්කෙ, පාරෙං අහකට වෙනවකො මට තමුසෙ යන වේගෙං බයිසිකලේ පදින්න බෑ“

“තාත්ති පැටියො, තාත්ති පැටියො, අර බලන්නකො අර හරක් පැටිය දුවන හැටි“

“සුරංග... සුරංග.... උඹලෑ තාත්ත ඊයෙත් බීලද ආවෙ?“

“ආච්චම්මෙ. ඕං ඔතන මුලක් තියෙනව බලාගෙන කකුල හැපෙයි. ඊයෙ මගෙත් කකුලෙ නියපොත්ත කල්ල ගියා ඕකෙ වැදිල“

ඔය ආදී වසයෙං තම තමන්ට ඕනි දේවල් කියමින්, කාටවත් ඇහුංකන්නොදී අපි රැලම පේලියට එකා පස්සෙ එකා යනව. ඒ අතරෙදි ගමේ අපි අඳුරන අයත් හම්බු වෙනව.

“ශ්‍රංග.. කොහෙදකට්යත්තෙක්කන්නෙ“

ඒ බණ්ඩර ආතගෙ බාල ලමය. ඒ ගෙදර අය තප්පරේට වචන බර ගානක් කියන්න දස්සයි. එව්ව තේරුං ගන්න පුළුවං අපේ ගමේ අයටම විතරයි. ඒ මාම මගෙං ඇහුවෙ ‘සුරංග කට්ටියත් එක්ක කොහෙද යන්නෙ‘ කියන එක කෙටියෙං.

“එබෝවිටේ රබර් කෑල්ලෙ යනව මාමෙ“

කතාවට වගේම ගමනටත් වේගවත් ඒ මාම ඒ වන විටත් අපෙං බඹ පනහකට වඩා දුරක් ගිහිං ඉවරයි.

කොහොමිං හරි ආච්චම්මගෙ කකුල ගලක වැදීමත්, අක්කගෙ කකුලෙ කූඩැල්ලෙක් එල්ලිලා එයා මරහඬ තැලීමත්, මද්දුම්මහත්තෙ ආතගෙ ‘අයින කොටිය‘(මේ කියන්නෙ අනින්න බලං ගත් ගමං ඉන්න අං දිග මී හරකෙක් ගැන) පාර අයිනෙ බැඳල තිවීමත් ඇරුණු කොට කිසියං අකරතැබ්බෙයක් නැතුව අපි ‘රබර් කෑල්ලට‘ කිට්ටු කොලා.

-http://yanhella.blogspot.co.uk/2015/06/circle-pilgrimage.html

ජනාධිපති සපත්තු කඩේ

president-in-shoe-shop
අප මෙම ඡායාරූපය පළ කරන්නේ හේතුවක් ඇතිව ය.

එය ප්‍රචාරණවාදී ඡායාරූපයක් නොවේ යයි අපි නො කියමු. එය නිකුත් කළේ ජනාධිපති මාධ්‍ය අංශයෙන් හෝ වෙනත් අංශයකින් වන්නට පුළුවන. එහි අරමුණ ජනාධිපතිවරයා සාමාන්‍ය මිනිසකු බව පෙන්වීම විය හැකි ය.

එහි වැදගත් දේශපාලනික සංඥාර්ථයක් තිබේ. ලංකාවේ දේශපාලකයන් අතරින් බහුතරයක් දෙනා සිතන්නේ තමන් සුවිශේෂ පුද්ගලයන් පිරිසක් ය. දෙවියන් හෝ සොබාදහම විසින් ඓතිහාසික කාර්යභාරයක් සඳහා තෝරා ගත් පිරිසක් ය කියා ය. එබැවින් ඔවුහු සුපිරි මිනිසුන් ලෙස හැසිරෙන්නට උත්සාහ කරති.

මේ කතාව ලංකාවේ දකුණේ මහින්දට ද, ඔහු අතින් පරාජය වූ ප්‍රභාකරන්ට ද පොදු ය. එසේම, ඔවුන්ගේ අනුගාමිකයන්ට ද අදාළ ය.

මෛත්‍රීපාල ද කරමින් සිටින්නේ ඓතිහාසික කාර්යයකි. ඒ වනාහි මේ මානසිකත්වය බිඳ දැමීමයි.

අපට අවශ්‍ය රජුන්, ඒකාධිපතියන් නොව සාමාන්‍ය මිනිසුන් වන නායකකයන් ය.

-http://www.w3lanka.com/2015/06/blog-post_98.html

ඇස් නැති කන් නැති නාසා නැති බඹ ලොව ජීවීන් වගේ අපේ ජීවිතේ මල්ලී!! A Bloody Hell on Earth Meethotamulla garbage dump: tense situation in Kolonnawa

water cannමෛත්‍රී - රනිල් මැතිඳුනි

කොළඹට ගලක් ගහන් දුරකිනි
මේ මහ විනාශය සිදුවී ඇත්තේ
අහස පොලොව නුහුලන අපරාධයකි
සිදුව ඇත්තේ

වී ඇති පරිසර විනාශය
වදන් මදිය විස්තර කරන්නට
හුස්මක් ගන්නට බෑ මිනිකුණු ගඳයි
ලෙඩ රෝග බෝවෙලා පවුල් නැතිවෙලා
ලින් වතුර බොන්නට බෑ විශ වෙලා
පාසල් වසලා ගන්දස්කාරේ ඉවසන්නට බෑ
පන ඇති මිනිහෙකුට ඉන්නට බෑ පලාතකවත්
මිහිපිට නිරයකිය

පසුගිය රජයේ ප්‍රතිපත්තියමද
ඔබලාගේ ප්‍රතිපත්තියත් ?


කවුරු හෝ බොරදියේ මාලු බානා හැඩයි
නැතිනම් සාධාරණ විරෝධතාකරුවන්ට
තුවාල කරන්නේ
දඬුවම් කරන්නේ කවුද?

නොපමාව පියවරක් නොගත හොත්
අබ සරණයි කාට කාටත්

-----------------
Meethotamulla garbage dump:Kolonnawa UC files action against CMC
Kolonnawa Urban Council Chairman, D.P. Ravindra Udayashantha and Councillor Saliya Wickremesinghe filed a complaint against Colombo Municipal Council Mayor A.J.M. Muzammil with the Human Rights Commission with regard to the Meethotamulla garbage dumps that worsen by the day due to the CMC dumping more than 1,500 tonnes of garbage daily.

-http://dayal-bathee.blogspot.co.uk/2015/05/blog-post_26.html

උඩඟු දොස්තර කබායකින් යටපත් කල නොහැකි වූ පන්හිඳක් හා කවි හිතක් ගැන අතරමැදි සටහනක් .. An ideation on 'Anithkona - a doctor's heart sutra'

anithkona 3
පුංචි බොරැල්ල බෝධියේ අළුත් තුරුපත් ලතාවකට නලවගෙන එන සිහිල් සුළඟක් රාජකාරී නිවස්නයේ බීරළු කවුලු අතරින් අපහසුවෙන් රිංගගෙන ඇවිත් මාව සිසිල් කරන්න අසීරු උත්සාහයක.. ඉඳල හිටල ඒ සුළඟම අරන් එන මහ ඉස්පිරිතාලේ වාට්ටුවක සැර බෙහෙත් සුවඳක් නැත්නම් අසල මල් ශාලාවකින් ඊට එකතු වෙච්චි ෆෝමලීන් සුවඳක් ඊට වඩා පහසුවෙන් මට සමහර 'පෙර නිමිති' සිහි කරනව.. පහු ගිය සතිය හරිම කලබලයි.. වැඩියෙන්ම හිතට.. යාපනයේ පුන්කුඩුතිවු අඳුරු දිවයිනේ නපුරු වන වදුලක වසන්තය එළබීමට මත්තෙන් තැලී පොඩිවී ගිය විත්‍යා පුංචි මල් කැකුල ඒ සතිය පුරාමත් තවමත් මගේ හිතේ බරට අඩි තිය තිය සක්මන් කරනවා ....

රිදුණු පෑරුණු හිත සනස ගන්න හොඳම ව්‍යායාමය එක්කෝ යමක් කියවන එක.. නැත්නම් ලියනෙක.. මගේ පුංචි පොත් ගුලට මෑතක එකතු වුනු පොත් කීපයක් අතරින් අනිච්ඡානුකවම මගේ අත නවතුනේ නන්දිකඩාල් කළපුවට එපිටින් රතු දුඹුරු පැහැගත් ක්ෂිතජයින් අපහසුවෙන් ඉල්පීමට උත්සාහ ගන්නා වෙහෙසකර ඉර සේයාවකින් සැරසූ අපූරු පොත් පොඩ්ඩක් ලඟ.. ඊට ඇතුලෙන් සායනික කඩදාසි ගොන්නක ලියැවුනත් ජීවිතය ගැනම ලියවුනු කතන්දර ගොන්නක්.. පොතේ නම ටිකක් විතර අමුතුයි.. 'අනිත් කොන- a doctor's heart sutra'.. කතුවරිය අපි කවුරුත් හඳුනන අපේ හිතවතිය 'බෝ' නැත්නම් වෛද්‍ය බෝධිනී සමරතුංග.


බෝධිනී ට තියෙන්නේ කවි හිතක්.. ඇගේ පෑන ඒ කවි හිත නොමසුරුව අතට අහුවෙන ඕනෙම කඩදාසියක් මත ලස්සනට සිත්තම් කරනව.. වෘත්තියෙන් වෛද්‍යවරියක් වූ ඇයට නිතර මුණ ගැනෙන විවිධ වූ චරිත ඈ ඇගේ පෑන් තුඩින් නැවත නැවත උපද්දවන්න දක්වන්නේ අමුතුම සමත්කමක්. රාජකාරී ජීවිතයේ මුල්ම වකවානුවේ හුරුපුරුදු අගනුවර පරිසරයෙන් මිදී දිවයිනේ අනිත් කොනෙහි පිහිටි රෝහලක දුෂ්කර සේවය කැමැත්තෙන්ම තෝරා ගන්නා ඇයගේ කොහොමත් ලිවීමට කියවීමට බර හිත එනයින්ම තව තවත් කුළුගැන්වෙනවා. වසර ගණනාවක සිට ඔබ මා ආසාවෙන් කියවූ 'අනිත් කොන' බ්ලොග් අඩවිය එහි ප්‍රථිපලයයි.

අනිත් කොන ලියූ සටහන් මට ගොඩාක්ම සමීපයි. මගේ වෘත්තීය ජීවිතයත් පටන් ගන්නේත් ඊයේ පෙරේද විත්‍යා දියණිය අවසන් ගමන් ගිය කයිට්ස්- පුන්කුඩුතිව් අනිත් කොනේ කුඩා දිවයින් සමූහය ආශ්‍රිත ප්‍රදේශයෙන්. යාපනය නගරයෙන් මෙකී දූපත් සමූහයට එළඹෙන විට පලමුවෙන්ම හමුවන අල්ලම්පිඩි නාවික හමුදා මාර්ග බාධකයේ අණභාර නිළධාරී ලෙස මා පත්වන විට විත්‍යා දැරිය වයස අවුරුදු තුනක පමණ පුංචි එකියක් විය යුතුයි.

හමුදා නිළධාරියෙක් හා වෛද්‍ය වෘත්තිකයෙක් යනු එකිනෙකට හාත්පසින්ම වෙනස් වූ වෘත්තීන් දෙකක්. හැබැයි, පහසුවෙන් දැකිය නොහැකි බොහෝ සමානතා ද මේ වෘත්තීන් දෙක අතර හිඟ නෑ. විශේෂයෙන්ම සාම්ප්‍රදායික වෘත්තියෙන් බැහැරව මෙවන් වූ දුෂ්කර සේවා නැත්නම් යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශයක ජනතාවගේ ගැළවුම්කරුවන් ලෙස කටයුතු කිරීමේදී මේ සමානතා බොහෝ දුරට ඉස්මතු වෙනවා.

සාධාරණ සේවයක් සඳහා මෙවන් අවස්ථාවල ඇතිවන ප්‍රධානම බාධකය තමයි භාශා ගැටළුව. මට අදටත් නිවැරදිව හසුරුවගත නොහැකි දෙමළ භාශාව කඩිනමින් ඉගෙන ගත් හැටි 'බෝ' ලියද්දී මට මං ගැනම දැනුනේ පුංචි විචිකිච්චාවක්. එදා ඒ සඳහා මා ගත් පියවර වූයේ දෙමළ භාශාව හොඳින් හැසරවිය හැකි ගෝලයෙකු නැත්නම් 'බඩියෙකු' ළංකරගැනීමයි. ඒ ගෝලයා සමඟම මගේ දෙමළ ඉගෙන ගැනීමට තිබූ වටිනා අවස්ථාවද එතනින් මාරුවී ඒමත් සමඟම අහිමි උනා.

අනිත්කොන පොත ගැන විද්වත් සාකච්ඡාවක් පහුගිය සැප්තැම්බර් මාසේ දවසක තියෙනව කියල බෝධිනී දැනුම් දීල තිබුනත් මොකක් හරි රාජකාරී වැඩක් නිසා ඒ අවස්ථාව මඟ හැරුණ. ඒ ගැන 'බෝ'ගේ මූණු පොතේ තිබුණු පින්තූර ටික දැක්කම තමයි මට හීල්ලුනේ. දශක දෙකකට පමණ පෙර හමුදාවට බැඳෙන්න කලින් මගේ හීනයක් වුනු ජනමාධ්‍යවේදියෙක් වෙන්න හිතාගෙන ගිය ගමනේදී මට හමුවූ ඒ සොඳුරු ගුරුතුමා මහැදුරු සුනන්ද මහෙන්ද්‍රයන් ඇතුළු බොහෝ විද්වතුන් හා සහෘදයින් රැසක් සමඟ ගෙවා දැමීමට තිබූ ඒ සොඳුරු හෝරා කීපයයි මා විසින් එසේ අතහැර දමා තිබුනේ.

අතීත මතකයන් හා සැරිසරන ගමන්ම මගේ ඇස් පොත දිගේ ඉස්සරහට ඇදෙනවා. හදිසියෙම වගේ මගේ ඇස් නතර උනේ ඇයට උණ ගැනී අසාධ්‍යව ඉන්න ගමන්ම කාර්ය භාර වෛද්‍යවරිය ලෙස රෝහලේ සේවය කරමින් ලැබූ තවත් සංවේදී අත්දැකීමක් ගැන කියැවෙන 'ජීවිතේ තිත්ත රස' සටහන ලඟයි.
"ඔයාට මොනවද තියෙන ප්‍රශ්ණ, අපටනේ ප්‍රශ්ණ තියෙන්නේ" නැත්නම් "මම තමයි ජීවිතේ වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ, මම තරම් පීඩිත වෙන කෙනෙක් නෑ" වගේ කතා අපි බොහෝ දෙනෙකුගෙන් අසා තිබෙනවා.. ඒ ගැන ඇය මෙන්ම මමත් ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබත් එසේ පැමිණිලි කර ඇත්නම් නැවත එක් වතාවක් හෝ මේ අනිත්කොන සටහන් කිහිපයක් කියවන ලෙසයි.

දහවල් කාලයේ අල්ලම්පිඩ්ඩි මාර්ග බාධකයේ කාර්යාලට වී සිටිනා මා බොහෝවිට රාත්‍රිය ගත කිරීමට ඊට කිලෝමීටර් දෙකක් පමණ නුදුරින් අල්ලම්පිඩ්ඩි ගමට මායිමේ පිහිටි කඳවුරේ මාගේ නිවස්නයට යනවා.. කයිට්ස් දූපතේ උතුරු කෙළවරේ වූ මේ ගම ඉදිරියෙන් වූ මණ්ඩතිවු දූපතට ඉහලින් මෝදුවන සඳ තල් අතු අතරින් රාත්‍රියට මනරම් රූප මවනවා.. දූවිලි හා කඳුළු සමඟ මුසුවූ දහවල මනසින් අතුගා දැමීමට සතුරු ප්‍රහරයකින් තොරවූ එවන් රාත්‍රියක් ඉතා අගනේයි. නමුත් ඒ විචිත්‍ර චිත්‍රයට බාදා කරමින් බොහෝ විට අල්ලම්පිඩි ගමේ කාන්තාවකගේ හෝ ළමා ලපටියෙකුගේ හඬින් උන් හිටි ගමන් කන් හිරි වැටී යනවා. බොහෝමත්ම විට ඒ හදිසි අසනීපයකින් අසාධ්‍යවූ අයෙකුගේ අවසන් මොහොත ඇඟවීමටයි. හිතෙන හිතෙන හැටියට උණට හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ඔවුන්ට රෝහල් හෝ ගෙවන වාට්ටු තිබුණේ නෑ. අසාධ්‍යම අසනීපයකට වුව බෙහෙතක් හේතක් ගැනීමට දහසක් හමුදා බාධක වලට ගතු කියමින් බොහෝ විට පයින් හෝ හමුදා වාහනයක නැගී යාපනේ රෝහලට යෑම හෝ කරෙයිනගර් නාවික හමුදා රෝහලට යාමට වඩා මරණයට මුහුණ දීම බොහෝ සෙයින් පහසු උනා. එවක අනිත්කොනට වෛද්‍යවරුන් යනු ඍශිවරුන්ටත් වඩා දේවදූතයින්ට සමාන දුර්ලභ අත් දැකීමක් වූවා යැයි කීම අතිශෝක්තියක් නොවෙයි.

දිදුල උඳුවප් සඳ යට එළිය නොවූ එවන් රාත්‍රියක වරක් ඒ මූසල නාදය කන් රිදවා ගෙන තල් කඳන් අතරින් හමුදා මුරපොළ වෙත ඇදී ආවා. ඒ සමඟම රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි භට කණ්ඩායමෙන් මා වෙත ලැබුණු රේඩියෝ සංඥාවකින් කියවුනේ ප්‍රමාණයෙන් කුඩාවූ චායාවන් තුනක් හෝ හතරක් ඔවුන් දෙසට දුවගෙන එමින් සිටින බවයි. මුවාවී හොඳින් නිරීක්ශණය කරන ලෙසත් අවසන් මොහොත වනතුරු වෙඩි නොතබන ලෙසත් ක්ෂණික උපදෙසක් දුන් මා අවිඥානිකවම කැළෑ නිල ඇඳුමට හා යතුරු පැදියට ගොඩ උනා. ඒ මරහඬ නැගී තිබුණේ ගමේ නිවසකින්. වයස අවුරුදු තිස් පහ නොඉක්මවූ ඒ කාන්තාව ගමේ ධීවර සමිතියේ හා නාවික හමුදා පොත්වල සටහන් වී තිබුණේ ගෘහ මූලිකාව ලෙසයි. ඈට අමතරව වයස අවුරුදු හැටක පමණ කාන්තාවක් ඇගේ මව ලෙසත් වයස අවුරුදු දොලහට අඩු ළමුන් හතර දෙනෙකුත් ඒ නිවාස අංකය යටතේ ලියාපදිංචි වී සිටියා.

පසුව දැන ගැනීමට ලැබුණු ආකාරයට දින කිහිපයක සිට ඈ අධික උණෙන් පෙළෙමින් සිට ඇති අතර කිහිප වරක් කඳවුරු භූමියෙන් පැනඩෝල් ඉල්ලාගෙන ගොස් තිබුණා. ඒ මාරක හෝරාවේ උණ රෝගය උත්සන්න වී වලිප්පුව ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හැඳින්වෙන සිහි විසඥ තත්වයෙන් මට දැක ගැනීමට ලැබෙද්දීත් ඈ ජීවිතය වෙනුවට මරණය තෝරා ගෙන අවසානයි. ඒත් ඊට මූලිකවූ හේතුව මට අදටත් දරා ගන්න බෑ. විත්‍යා දියණිය වෙනුවෙන් පහසුවෙන් නොසැලෙන මගේ කඳුලු නොකඩවා ඇද හැලුනේත් බොධිනී වැනි වූ හිපොක්‍රටිස් පරපුරේ අප්‍රතිහත වෙද දියණියන් වෙනුවෙන් මේ සටහන තැබනුයේත් ඒ සැලුනු හදවතින්මයි.

මවගේ දරදඬුවූ සිරුර ලඟ කිසිවක් කරකියාගත නොහැකිව හඬා වැටෙන කන් නොඇසෙන කළුවරට ඇස් නොපෙනෙන මහළු ආච්චි අම්මා නවතා පණිවුඩය ලබාදීමට කුඩා මල්ලිලා දෙදෙනා සහ නැගෙණිය සමඟ දිව ආ දොලොස් හැවිරිදි ඒ දියණිය එතෙක් මල්වර කිල්ලෙන් ගෙයි මුල්ලක රෙදි කඩකට ආවරණය වී සිට ඇති බවත් අධික උණ රෝගයෙන් පෙළෙද්දීත් ඇයව තනිකර යාමට හෝ වතුර ටිකක් වත්කර ගෙට ගැනීමට නොහැකිවම ඇගේ අම්මා ඈ අසලින් වැතිර තනි රැකූ බවත් කියවුණු කාගේදෝ වචන ෂෙල් වෙඩි ප්‍රහාර මෙන් මේ දැනුත් කන් සිදුරු අසබඩ පුපුරා යනු මට ඇසෙයි.

ඉදින් වෘත්තීය හා බැඳි සියලු යස ඉසුරු කීර්තිනාම ලාභ ප්‍රයෝජනාදිය පසෙකලා එවන් වූ කෲරතර සමාජ අසංයෝජනයක මුහුවෙමින් ගිලානෝපස්ථානය වෙනුවෙන් කැපවූ දහසක් වෛද්‍ය හා අනෙකුත් සෞඛ්‍යය වෘත්තීකයින් වෙනුවෙනුත් ඒ කඳුළු මල් දෝතින් ගෙන 'අනිත්කොන' හරහා මහ සමාජය වෙත වඩම්මවන හිතවත් වෛද්‍ය බෝධිනී සමරතුංග මහත්මිය වෙනුවෙනුත් මේ සටහන මෙසේ වෙන්කොට තබමි.

-http://kalahitha.blogspot.co.uk/2015/05/idea-on-anithkona-doctors-heart-sutra.html

පොසොන් සිතිවිල්ලක්

King Coconut
පෙනුමෙ හැටියට ධනවතෙකි ඔහු නුවර වීදියෙ සරන්නේ
නැගෙයි ඩා බිඳු ගිනි කාෂ්ඨක අව්ව ඔහු ගත පෙළන්නේ
පවස දැඩි සේ දැනේ තොල කට තෙමන මගකිය සොයන්නේ
තැඹිලි විකුණන වෙළෙන්දෙක් දැක ඔහු වෙතට පිය නගන්නේ


කීයදෑ මේ තැඹිලි ගෙඩියක් වෙළෙන්දාගෙන් අසන්නේ
අළුත් තැඹිලිය ගෙඩිය රුපියල් හතලිහක් බව කියන්නේ
අම්මපා මේ තැඹිලි තමුසේ ගස් වලින්මද කඩන්නේ
ඕනිනම් රුපියල් තිහක් දෙමි හොඳම ගෙඩියක් කපන්නේ

මහත්තයො මේ තැඹිලි විකුණා තමයි දරු කැළ රකින්නේ
උදේ ගස් නැග කපා බාගෙන කරත්තයකින් අදින්නේ
දවස තිස්සේ අව් රැසින් තැවි තැවී දුක් විඳ නහින්නේ
අඩු මිලට විකුණලා කොහොමද මහන්සිය මගෙ ලැබෙන්නේ

තමුසෙනම් මහ හොරෙක් මේ හැටි ගිනි ගණන් ඇයි කියන්නේ
දහය වැඩියෙන් අරං මාලිග හදාගන්නද හිතන්නේ
තමුසෙලා මේ හින්දමයි හැමදාම පාරේ ලගින්නේ
මිනිස්සුන්ගෙන් හොරා කාලා කොහෙද කවුරුද හැදෙන්නේ

ධනවතා තව මොහොතකින් ඇත ගිය මගේ ආපසු එමින්
සිසිල් පැන් බෝතලයකුත් ගෙන සෙමෙන් එය බටයෙන් බොමින්
වෙළෙන්දා මොහොතකට නවතයි ධනවතා අත අල්ලමින්
මොකද බූරුවො, කියා විමසයි යළිත් කෝපය උපදමින්

ඔබ අතේ ඇති බෝතලේ මිල කීයදැ'යි ඔහු අසන්නේ
හතලිහක් වේ ධනවතා එය උජාරුවකිනි කියන්නේ
තිහට ඉල්ලල බැලුවෙ නැතිදැ'යි වෙළෙන්දා යලි අසන්නේ
ධනවතා මල අතින් අරගෙන මෙන්න මෙහෙමලු කියන්නේ

මේව නියමිත මිලට විකුණන උසස් බඩු බව නොදන්නේ
තමුසෙ නම් මහ අමනයෙක් බව තමා එයිනුත් පෙනෙන්නේ
ගොනෝ මේවයෙ හොඳින් පෙනෙනට මිලක් ගහලා තියෙන්නේ
බූරුවෙක් නොව මෙමා මේවට හෙට්ටු කරනට නොයන්නේ

මහත්තයො ඔබ දුගී වෙළඳුන් වෙතට ඇවිදින් අසන්නේ
ඔහුගෙ ලාභය අතැර මිල අඩු කරල දෙන්නට කියන්නේ
නමුත් කොම්පැනිකාරයන් හට කියන මිලමය ගෙවන්නේ
රුපියලක්වත් හෙට්ටු කරනට සිහිනෙනුත් නොම සිතන්නේ

අපෙන් ගන්නට සිතනමුත් ඔබ දහයකුත් අඩුවෙන් ගෙවා
කොම්පැනියෙ ලොකු ලොක්කො විඳිනා සියලු සැප සම්පත් පවා
ඔවුන්ගේ බඩු විකුණගන්නට දමන දැන්වීමට පවා
ඔබේ මුදලින් රුපියලක්වත් අඩු නැතිව ඇත මිල ගෙවා

https://www.youtube.com/watch?v=uZcPtI7McjY

-http://madhumadhavi135.blogspot.co.uk/2015/06/blog-post.html

 

 

නෙළුම් යාය සහෘද සමුහය